සිඟන්නන් මරා දැමීම බුදු දහමට එකඟ ද? | Is killing beggars in line with Buddhism?

(2010 ජුලි 06, W3Lankaලංකාවේ අසංඛ්‍යයක් සමාජ විරෝධී ක්‍රියා සිදු වේ. දේශපාලකයෝ සහ නිලධාරීහු පගා ගනිති. ධනවත්තු බදු වංචා කරති. බලවත්තු පාතාලයට කොන්ත්‍රාත් දී සතුරන් මරවති. මත්කුඩු වැනි නීති විරෝධී ජවාරම්වල යෙදෙති.  පොලිස් නිලධාරීහු අසරණයන් මරා මුහුදට විසි කරති.  කොන්ත්‍රාත්කරුවෝ බාල අන්දමින් වැඩ නිමවා අසාධාරණ ලාභ ලබති. රජයේ සේවකයෝ වැඩ නො කර පඩි ගනිති.


‍සිඟන ව්‍යාපාරය ද මෙවැනි සමාජ විරෝධී ක්‍රියා අතරින් එකක් පමණි. එහෙත්, අද ඒ සම්බන්ධ වෙනසක් තිබේ. එනම්, සෙසු සමාජ විරෝධී ක්‍රියා පසෙක තිබියදී සිඟන්නන්ට එරෙහිව පමණක් කිසියම් අද්භූත සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වෙමින් තිබීමයි. 


මේ වන විට සිඟන්නන් දහයක් පමණ මහ මඟ මරා දමා තිබේ. ඒ අතරින් වැඩිදෙනෙකු මරා දමා තිබුණේ ම්ලේච්ඡ අන්දමින් කළු ගල්වලින් හිස තළා චප්ප කර දමා ය.


මෙම ක්‍රියා මෙහෙයවන ම්ලේච්ඡයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.  එහෙත් මේ බෞද්ධ රාජ්‍යයැයි වාහනවල පවා ස්ටිකර ඇලවෙන මේ රටේ මෙම ක්‍රියාවලට කැමැත්තක් දක්වන, අනුමත කරන අය සිටිති. ටයි පැළඳි මෙවැනි ම්ලේච්ඡයෝ බ්ලොග් සටහන් පිළිබඳ අදහස් දක්වති.


ඔවුන් පවසන්නේ සිඟාකෑම යනු කරදරකාරී ව්‍යාපාරයක් බවයි. එහෙත්, මේ කරදරකාරයන් අප ඉහත පළමුවන ඡේදයේ සඳහන් කළ කරදරකාරයන් තරම් සමාජ ප්‍රශ්නයක් වී නැත. සිඟන්නන් තිරශ්චීන අන්දමින් ඝාතනය කිරීම අනුමත කරන බොහෝ අය ඉහත කී වර්ගවල කරදරකාරයෝ ය. 


සිඟාකෑම ව්‍යාපාරයක් ද නැද්ද යන්න පිළිබඳ තර්ක කරන්නට අපට උවමනාවක් නැත. අප කියන්නේ එක් දෙයකි. මිනිසුන් සිඟමනට පොළඹවන නූගත්කම, දුප්පත්කම හා දූෂණය යන තත්වයන් එසේ ම පවතිද්දී ම්ලේච්ඡත්වයෙන් ‍මෙයට විසඳුම් යෙදීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් එය මහත් දුර්ජන ක්‍රියාවක් බවයි.


අවාසනාවන්ත ම තත්වය වන්නේ සුනීතලාට, සෝපාකලාට, රජ්ජුමාලාලාට, අංගුලිමාලලාට, ආලවකලාට පවා මෛත්‍රී කළ බුදු හිමියන් විසින් දෙසන ලද දහමේ සඟ සසුනට හිමි භික්ෂූන් ද දැන හෝ නො දැන මෙම ක්‍රියා සාධාරණීකරණය කිරීමෙහි ලා ඍජුව හෝ වක්‍රව හෝ දායක වීමයි.


ජුලි 05දා දිනමිණ පුවත්පතේ ධර්ම සභාව නම් විශේෂාංගයේ මාතෘකාව මෙසේයි:


"යාචකයන් අද ඉන්නේ ලක්ෂෙට කොඩි දාගෙන"


පහත පළ වන්නේ එහි පූර්විකාවයි.


"යාචකයන් අද සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. මෑතක දී ඔවුන් අතර ද ගැටුම් ඇති වූ ආකාරය මුළු රටට ම හෙළි විය. ඒ ගැටුම හරහා විශාල මුදල් ප්‍රමාණයක් ද ඔවුන් සතුව තිබූ බව හෙළි විය. මේ යාචක ව්‍යාපාරය උදුරාගන්නේ අහිංසක මිනිසුන්ගේ මුදල් පමණක් නොවෙයි. බෞද්ධ සාරධර්මත් ඒ අතර වෙයි. ඒ නිසා මේ පිළිබඳව ධර්ම සංවාදයකට අප ආරාධනා කළා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය, කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නාපාගොඩ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට."


ඒක නම් මාර ධර්ම සභාවකි. එහෙත්, මෙම හිමි නම පළ කරන අදහස් සමස්තයක් ලෙස මානව විරෝධී නොවේ. එහෙත්, ඒ අදහස් වර්තමානයේදී පාවිච්චි වන්නේ මානව විරෝධී අර්ථයකිනි. මක් නිසාද යත්, සිඟන ඝාතන සංස්කෘතිය අනුමත කරන්නන්ට එමගින් උත්තේජකයක් සැපයෙන බැවිනි.


මෙම ඝාතනාවලිය තුළ ගල්කිස්සේදී හා කොළඹ ගංගාරාමය අසලදී කළු ගල්වලින් හිස් තළා මරා දැමුණු දෙදෙනෙකු ම ආබාධිතයෝ ය. ගල්කිස්සේ ආබාධිතයා ස්වයං රැකියාවක යෙදුණු අයෙකි. 


 Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මොවුන් මරන්නෙ බෞද්ධයන් කියල කොහොමද කියන්නෙ? කතෝලිකයින් වෙන්න බැරිද?

    සිගන්නන් මරා දැමීම කතෝලික ආගමට එකගද කියල පෝස්ට් එකක් දාන්න පැරකුම්ට කොන්දක් හෝ ඇට දෙකක් නැති බව අපි දන්නවා

    ReplyDelete
  2. @Anonymous -
    මෙතැන ලියලා තියෙන්නේ සිඟන්නන් මරන්නේ බෞද්ධයන් යන්න නොවේ . විලි ලැජ්ජාවක් නැතිව සදාචාරය ගැන පොර ටෝක්ස් දෙන පිරිස් විසින්ම මෙම ම්ලේඡ ඝාතන රැල්ල සාධාරනීකරණය කිරීමට ගන්නා උත්සාහයයි . උන් බෞද්ධාගමට අයත් වීම, ඔබ වැනි බෞද්ධයින්ගේ කරුමය විනා, පැරකුම්ගේ ඇට දෙක සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ .

    ReplyDelete
  3. @Anonymous -
    මොන රෙද්දක්ද මේ කියන්නෙ? මේක ගෞතම බුද්ධ රාජ්‍යය කියලනේ පාරම් බාන්නෙ. මේක දෙවියන්ගේ රාජ්‍යය කියල කවුරුවත් කියන්නෙත් නෑ. කියපු එකාට ඉන්ඩ දෙන්නෙත් නෑනෙ.
    කොහොම උනත් ඔයාගෙ කමෙන්ට් එකෙන්ම පේනවා බුද්ධ රාජ්ජෙ අත්පත් කරගෙන ඉන්න ගෝත්‍රවාදී ඔලුවල තරම.

    ReplyDelete
  4. "ලංකාවේ අසංඛ්‍යයක් සමාජ විරෝධී ක්‍රියා සිදු වේ. දේශපාලකයෝ සහ නිලධාරීහු පගා ගනිති. ධනවත්තු බදු වංචා කරති. බලවත්තු පාතාලයට කොන්ත්‍රාත් දී සතුරන් මරවති. මත්කුඩු වැනි නීති විරෝධී ජවාරම්වල යෙදෙති. පොලිස් නිලධාරීහු අසරණයන් මරා මුහුදට විසි කරති. කොන්ත්‍රාත්කරුවෝ බාල අන්දමින් වැඩ නිමවා අසාධාරණ ලාභ ලබති. රජයේ සේවකයෝ වැඩ නො කර පඩි ගනිති."

    Let us start with Beggars. Then we can go to govt officers, then contractors etc. Lastly we can come to guys, who eat "Kiribath" for every national success/tragedy.

    ReplyDelete
  5. ado methana prashney agama nemai karanawade kauru karath balu wadak

    ReplyDelete
  6. "ලි ලැජ්ජාවක් නැතිව සදාචාරය ගැන පොර ටෝක්ස් දෙන පිරිස් විසින්ම මෙම ම්ලේඡ ඝාතන රැල්ල සාධාරනීකරණය කිරීමට ගන්නා උත්සාහයයි"

    ඒ වුනාට පෙන්න්නන්න හදන්නේ මේ සාධාරණීකරණය කරන පිරිස බෞද්ධයන් කියලයි. මීට කලිනුත් එන්.ජී.ඕ. ආධාර වලින් හතු පිපෙන විදියට උතුරේ හැදෙන පල්ලි ගැන ලියන්නේ නැත්තේ මොකද කියල ඇහුවම පැරකුම් මාරු වෙලා ගියා මතකයි.පැරකුම්ගේ හෙළුව පෙනේ!


    "මේක දෙවියන්ගේ රාජ්‍යය කියල කවුරුවත් කියන්නෙත් නෑ"
    ඔයගේ කොමෙන්ට් එකෙන්ම පේනවා කරන්න යනේ ඒක කියල

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා