කමිටුව එහෙම ම ඇත. නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

(2010 ජුලි 10, W3Lankaඑක්සත් ජාතීන්ගේ ලේකම් බෑන් කී මුන්ගේ කමිටුවට එරෙහි සටන අවසන් වන්නේ ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක්‌ බවත් ඉන් එපිට කිසිදු විසඳුමක්‌ අවශ්‍ය නැති බවත් ඊයේ කී විමල් අද උපවාසය අවසන් කළේ ය.


ඒ බෑන් කී මූන් කමිටුව ඉවත් කර ගත් නිසා නොවේ. රජයේ නිල පුවත් ඒජන්සිය වන ලංකා පුවත් පවසන පරිදි මෙයට හේතු වී ඇත්තේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට විමල්ගේ දුව ගැන ඇති වූ දාරක ස්නේහයයි.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(09) රාත්‍රියේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
මේ දුරකථන ඇමතුමට අඬමින් පිළිතුරු දුන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉල්ලා සිටියේ “විමල්ව කෙසේ හෝ බේරා දෙන්න‍” යනුවෙන්.


මඳ වේලාවක් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසය පිළිබඳ කතා කරමින් සිටි ජනාධිපතිතුමන්ට විමල් වීරවංශ මහතාගේ බිරිඳ පැවසුවේ “සර් දුවත් ඉන්නවා, දුවත් හොඳටම අඬනවා, තාත්තා කන්නේ නැති නිසා එයත් අද රෑ ඉදලා කන්නේ නැහැ කියන” බවයි.


ජනාධිපතිතුමා ඒ මොහො‍තේ විමල්ගේ දියණියටද දුරකථනය ඔස්සේ කතා කර තිබෙනවා.


එවිට දියණියද හඩා වැලපෙමින් “තාත්තිව හෙට දවල් කෑමට ගෙදර එක්කරගෙන එන්න” යනුවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා.


“දුව අද රෑට කෑවොත් මම හෙට දවල්ට තාත්තව කෑමට එක්කරගෙන එනවා, හොඳ දුව වගේ රෑට කන්න ඕනි” යනුවෙන් ජනාධිපතිතුමා වීරවංශ ඇමතිතුමාගේ දියණියට පොරොන්දුවක් ලබාදුන්නා.
අනතුරුව ජනපතිතුමා කතා කළේ විමල් විරවංශ මහතා අසල සිටින විශේෂඥ වෛද්‍යවරයාටයි.


“ඩොක්ටර් මම පොරොන්දු වුණා විමල්ගේ දුවට, හෙට දවල්ට තාත්තව කෑමට එක්කරගෙන එනවා කියල, මම කිව්ව හින්දයි දුව රෑට කෑවේ, විමල්ට දුවගේ තත්ත්වය කියන්න බැරිද?” ජනාධිපතිතුමා විමසා සිටියා.


වෛද්‍යවරයා බොහෝ හැඟුම්බරව කියා සිටියේ “සර් මටත් දුවෙක් ඉන්නවා, මට මේක තේරෙනවා” යනුවෙන්.


ඊට පස්සෙ බ්ලා-බ්ලා-බ්ලා ජනාධිපතිතුමා වතුර පොවා විමල්ගේ උපවාසය අවසන් විය.


එක්සත් ජාතින්ගේ සංවිධානය ද ‍පරණ නිවේදනයක් අලුත් දිනය දා දුන් අතර ගිලෙන්න ගිය උපවාස සංවිධායකයන් කාටත් එය වෙන කරන්න දෙයක් නැතිකමට ලැබුණ පිදුරු ගහක් විය. 


කමිටුව එහෙම ම ඇත. නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. රෝහනදීර සීයාJuly 10, 2010 at 8:44 PM

    කොලුවනේ, ඊයෙ රෑ තිස්සෙ උපවාස කොරල ඇවිල්ල හවස ඇහැ ටිකක් පියා ගත්තා විතරයි මං. වෙච්චි දේ බලාපල්ලකො. අර මන්කි බෑනාද මොකාද කියන වසුවර්තියා විමල් කොලූගෙ කකුල් අල්ලලා වැඳ වැටිල නෙව බොලං ලෙමන් පෆ් කකා කරන උපවාසෙ නතර කොරන්න කියලා. ඉතිං විමල් කොලූගේ හදවත වෙඬරු වගේ උණු වෙලා එක නතර කොල්ලා.

    හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ්

    හිනා වෙලා පන යනව බොලව් වෙන වැඩ වලට.

    ReplyDelete
  2. good post,lets stand aginst those who tarnish buddism , make a comment
    http://lanka1-answers.blogspot.com/
    බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

    ReplyDelete
  3. අපිටත් ඇඩෙනවා......

    ReplyDelete
  4. ඔහුගේ උත්සාහය ඇගයිය යුතුය. එය රග’පෑමක් වුවත් නැතත් අභියෝග කලේ අධිරාජ්‍යවාදයටය. ඔබත් මමත් ඒ කිසිවක් නොකර සිද්ධී විවේචනය කරන්නෝ පමණක් වෙමු. අපි කවුද? අපි මවු පොළොව වෙනුවේ කරන්නේ කුමක්ද?

    ReplyDelete
  5. janathava andana andillak, posters cut out valata giya viyadama , parisarayata ,rate prathi rupayata karapu haniya,api dannava velasaninma kohoma hari me natakaya illim dina nogenama avasan venava kiyala,mokoda vimalta thiyenne kate sddhe vitharai. rate inna bohodenek me katata andila inne,vimalge katin pitavena anik devaluth me vagema musaval kiyala andila inna janathavata therum ganna honda avasthavak,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා