රජයේ සේවකයා කම්කරුවෙක්ද?
(2010 ජුලි 21, W3Lanka) පසුගිය දිනෙක අප රජයේ සේවකයන්ගේ රු. 2500 වැටුප් සටන ගැන ලියන ලද 2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වෘත්තීය සමිති නම් ලිපිය පිළිබඳ උරණ වූ වෘත්තීය සමිති නායකයකු විසින් අසන ලද ප්‍රශ්නයක් නම් රජයේ සේවකයන් කම්කරුවන් නො වන්නේ ද යන්නයි.
අප මිත්‍ර වාමාංශික වෘත්තීය සමිති නායකයා සොයන මාක්ස් විසින් අනාගතය නිර්මානය කරන බලවේගය ලෙස දකින ලද කම්කරුවා යනු මේ රජයේ සේවකයා බඳු අයෙක් නොවේ.
"ධනපති ක්‍රමයට ගැති ආර්ථික විද්වතුන් කම්කරුවාගේ ශ්‍රම ශක්‌තිය සැලකුවේ, ශ්‍රමයට සමාන කරලයි. ධනපතියා කම්කරුවාට දිනක වැටුප් වශයෙන් ගෙවන්නේ, ඔහුට එදිනට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණයි. ඒත් කම්කරුවා තම දිනක ශ්‍රම කාලයකින් අඩක් ගතවනවිට භාණ්‌ඩය නිපදවා අවසන් වනවා. ඉතිරි ශ්‍රම කාලයෙන් නිපදවන වටිනාකම ධනපතියා සතු කරගන්නවා. මෙය කම්කරුවා විසින් නොදැනුවත්වම ධනපතියාට ලාභය ලබාදීමට ශ්‍රමය වැය කිරීමක්. මාක්‌ස් සොයාගත් වැදගත්ම දේ මේකයි. මාක්‌ස් ආර්ථික වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය වශයෙන් හැඳින්වූයේ එයයි."
ලංකාවේ වාමාංශිකයන් විප්ලව කරන්න බලාගෙන ඉන්නේ මේ රජයේ සේවක ස්ථරය සමගයි. එහෙත් සැබෑ කම්කරුවන්ට නම් මේ රජයේ සේවකයන් කියන්නේ පීඩක පංතියේ ම හස්තයක්. ආණ්ඩුවේ කන්තෝරුවකට, රජයේ රෝහලකට, පාසලකට ගිය විට ඔවුන් වඩාත් පීඩනයකට ලක් කරන මෙම සමාජ ස්ථරය සමග ඔවුන් සිටින්නේ වෛරයකින්.
මේ සමාජ ස්ථරයට අප මෙතරම් දැඩිව පහර දෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොවෙයි. මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ ඔවුන්ට වන්දනාමාන කරන නිසායි. මේ සමාජ ස්ථරයේ අවශ්‍යතා සහ වාමාංශිකයන්ගේ, මාක්ස්වාදීන්ගේ අරමුණු අතර සුවිසල් වෙනසක් තිබෙනවා.
ලංකාවේ මේ පංතිය ප්‍රබලයි. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා කම්කරු පංතිය විසිරිලා. දුර්වලයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කාලාන්තරයක් තිස්සේ මෙම මධ්‍යම පංතිය මත පදනම් වීමේ ප්‍රතිඵලයක් තමයි, ජාතිකවාදය වැනි සුව කිරීම අපහසු නිදන්ගත රෝගාබාධවලට වම ලක් වීම.
මේ රටේ වමක් ගොඩනඟන්න නම් මේ පංතිය වන්දනා කරන වත්මන් වාම දේශපාලන භාවිතාව පිටුදැකිය යුතුයි. තරහ වෙන්න එපා, ඒ නිසයි අපි හයියෙන් ගහන්නෙ.
You may also like to read our English blog Lanka Polity
කම්කරුවා යනු යම් මිළකට ශ්‍රමය විකුණන්නකු ලෙස නිර්වචනය කරන්නේ නම් ලංකාවේ රජයේ සේවකයෝ ද කම්කරුවෝ වෙති. එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින් ඔවුන් ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගන්නා කම්කරු පිරිසකි.
ඔවුන්ට මෙසේ සිය ශ්‍රමයට ඉහළ මිළක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඔවුන්ට වැටුප් ගෙවන රජය මහජනයාගෙන් සූරා කන බදු ආදායමින් සැලකිය යුතු පංගුවක් නිර්ලෝභී ලෙස ඔවුන් වෙනුවෙන් විසි කරන නිසා ය. රජය අසාධාරණ අන්දමින් අය කරන බදුවලින් ලබන ආදායමේ කටු ලෙවකන්නන් වන මෙම අතරමැදි පංතික පීඩක සමාජ ස්ථරය ඒ වෙනුවෙන් කටු කන බල්ලන් සේ මේ ධනේශ්වර රාජ්‍යය රැක ගනියි.
නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා පෙන්නමිනි.
නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා පෙන්නමිනි.
අප මිත්‍ර වාමාංශික වෘත්තීය සමිති නායකයා සොයන මාක්ස් විසින් අනාගතය නිර්මානය කරන බලවේගය ලෙස දකින ලද කම්කරුවා යනු මේ රජයේ සේවකයා බඳු අයෙක් නොවේ.
ඩාස් කැපිටාල් සිංහලට පරිවර්තනය කළ අත්දැකීම් සහිත වාමාංශිකයකු සහ දැන් දක්ෂිණාංශික ඩේලි නිව්ස් පුවත්පතේ කතුවරයා වන ජයතිලක ද සිල්වා කරන මේ විග්‍රහය කම්කරුවා තේරුම් ගැනීමට ඉවහල් කර ගත හැකි ය.
"ධනපති ක්‍රමයට ගැති ආර්ථික විද්වතුන් කම්කරුවාගේ ශ්‍රම ශක්‌තිය සැලකුවේ, ශ්‍රමයට සමාන කරලයි. ධනපතියා කම්කරුවාට දිනක වැටුප් වශයෙන් ගෙවන්නේ, ඔහුට එදිනට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණයි. ඒත් කම්කරුවා තම දිනක ශ්‍රම කාලයකින් අඩක් ගතවනවිට භාණ්‌ඩය නිපදවා අවසන් වනවා. ඉතිරි ශ්‍රම කාලයෙන් නිපදවන වටිනාකම ධනපතියා සතු කරගන්නවා. මෙය කම්කරුවා විසින් නොදැනුවත්වම ධනපතියාට ලාභය ලබාදීමට ශ්‍රමය වැය කිරීමක්. මාක්‌ස් සොයාගත් වැදගත්ම දේ මේකයි. මාක්‌ස් ආර්ථික වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය වශයෙන් හැඳින්වූයේ එයයි."
මාක්ස් පැහැදිලිව ම පවසන ආකාරයට පංති වෙනස්කම් ඇති වන්නේ නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුවයි.
ලංකාවේ රජයේ සේවකයා මෙම විග්‍රහයට අඩංගු වන්නේ නැහැ. ඒ ඔහු කම්කරුවකු නොවන නිසා. ඔහු අයත් වන්නේ හමුදා, පොලීසි වැනි සෙසු රාජ්‍ය මර්දන උපකරණවල සාමාජිකයන් අයත් වන සමාජයටයි. සමාජ වෙනසකදී ඔවුන් ද එයට දායක වනවා. එහෙත් විප්ලවයේ පෙරමුණු බලඇණිය ඔවුන් නොවෙයි. ලංකාවේ වාමාංශිකයන් විප්ලව කරන්න බලාගෙන ඉන්නේ මේ රජයේ සේවක ස්ථරය සමගයි. එහෙත් සැබෑ කම්කරුවන්ට නම් මේ රජයේ සේවකයන් කියන්නේ පීඩක පංතියේ ම හස්තයක්. ආණ්ඩුවේ කන්තෝරුවකට, රජයේ රෝහලකට, පාසලකට ගිය විට ඔවුන් වඩාත් පීඩනයකට ලක් කරන මෙම සමාජ ස්ථරය සමග ඔවුන් සිටින්නේ වෛරයකින්.
මේ සමාජ ස්ථරයට අප මෙතරම් දැඩිව පහර දෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොවෙයි. මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ ඔවුන්ට වන්දනාමාන කරන නිසායි. මේ සමාජ ස්ථරයේ අවශ්‍යතා සහ වාමාංශිකයන්ගේ, මාක්ස්වාදීන්ගේ අරමුණු අතර සුවිසල් වෙනසක් තිබෙනවා.
ලංකාවේ මේ පංතිය ප්‍රබලයි. ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් නැති නිසා කම්කරු පංතිය විසිරිලා. දුර්වලයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය කාලාන්තරයක් තිස්සේ මෙම මධ්‍යම පංතිය මත පදනම් වීමේ ප්‍රතිඵලයක් තමයි, ජාතිකවාදය වැනි සුව කිරීම අපහසු නිදන්ගත රෝගාබාධවලට වම ලක් වීම.
මේ රටේ වමක් ගොඩනඟන්න නම් මේ පංතිය වන්දනා කරන වත්මන් වාම දේශපාලන භාවිතාව පිටුදැකිය යුතුයි. තරහ වෙන්න එපා, ඒ නිසයි අපි හයියෙන් ගහන්නෙ.
You may also like to read our English blog Lanka Polity
තරහ වෙන්න අවශ්‍ය නැහැ හියයෙන් ගහන්න.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete// එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින්//
ReplyDeleteමේ generalisation එකට ඔබ එන්නෙ කොහොමද?අයිස් ගහන ගුරුවරු වගේම මහන්සි වෙලා වැඩකරන උපරිම කැපවීමෙන් තමන්ගෙ වැඩේ කරන ගුරුවරු ඕනෙ තරම් ඉන්නව.රජයේ සේවකයන්ගෙන් හරියට වැඩ ගන්නෙ නැති එක කලමනාකරනයේ අවුලක්.මොකද පුද්ගලික අංශයෙත් ඉන්නෙ ඔය මිනිස්සුම තමයි.හොද කලමනාකරනයක් සහ ආදර්ශයක් ලැබෙනවනම් රජයේ පුද්ගලික කියල වෙනසක් නැහැ කවුරුත් හරියට වැඩ කරයි.
අවම වැටුප 11 000 ක් වුන අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න කාර්යාලවල සුලු සේවක පිරිස් ඔබ කියන "පීඩක" පංතියේ උපකරණද?ඔබෙ විග්‍රහය රජයේ සේවයේ ඉහල හා වැඩිම වුනොත් මැද ස්ථර වලට හරියන්න පුලුවන් උනත් බහුතරය වන අනිත් පිරිසට කොතරම් අදාලද?හොදම උදාහරනය රෝහල් වල සුලු සේවක පිරිස්.මේ අය අයිස් ගහන නිකමුන් පිරිසක් කියල ලේබල් කරල ෆයිට් කරන්න අයිතියක් නැහැ කියල කියන්න පුලුවන්ද?රජයේ රෝහල්වල වෛද්‍ය වගේ ශ්‍රේණීන්ට ඔබේ කතාව අදාල විය හැකිවුනත් පහල අයට ඒක අදාල වෙන්නෙ නැහැ.ඒ අය ඉහල යන ජීවින වියදමෙන් කැත විදිහට බැටකනව.තමන්ට ලැබෙන වැටුප ජීවත්වෙන්න ප්‍රමානවත් නැත්තං ඒ අය සටන් ක්‍රියාමාර්ග වලට යන එක වැරදිද?ඒවට වමේ පක්ෂ නායකත්වය දෙන එක වැරදිද?
ලංකාවේ රාඡ්ය සේවකයින් කම්කරුවන්ද යන කාරණාව එක්තරා ආකාරයකට න්‍යා යික ප්‍රශ්නයකි. කාර්මික විප්ලවයේ මුල් අවධියේ මාක්ස් දුටු කම්කරුවන් අද ලෝකයේ නොමැති බව නොකිවමනාය. නූතන ලෝකයේ ප්‍රාග්ධනය කොටස් වෙළද පොළ හරහා ප්‍රඡාතන්ත්‍රීකරණය වී ඇති ආකාරයටම කැමති ස්ථානයක වැඩ කිරීම හෝ නො කිරීමට කිරීමට ඇති අයිතිය මගින් ශ්‍රමයද ප්‍රඡාතන්ත්‍රීකරණය වී ඇත. මෙම ලෝක තත්වයන්ට විරුද්ධව යමින් රජයේ කෙලින් මැදිහත්වීම තුලින් රාජ්‍ය අංශය පුළුල් කිරීම නිසා ධනවාදයේ විකෘතියක් ලංකාවේ ඇති වී ඇත. ලංකාවේ රාඡ්‍ය සේවකයින්ගේ තත්වය විමසිය යුත්තේ මෙම සංදර්භය මත පිහිටාය.
ReplyDeleteරටේ බහුතරයකගේ පරම අභිලාශය කෙසේ හෝ රාජ්ය සේවයට රිංගා ගැනීමයි. ඒ මන්ද, කාරණය පැහැදිළියි. හරි හමන් වැඩක් නොකර වැටුපක්ද, නිවාඩු ඇතුළුව සියළු වෘත්තිය අයිතීන් සමග රැකියා සුරක්ෂිත භාවය ද එයින් ලැබෙන බැවිනි. අවශ්‍යනම් වැඩක් නොකර යන්න, වැඩක් නොකලාට ප්‍රශ්නයක් නොවන ලෙසට නිවැරදි කර ගත හැක. පුද්ගලික අංශයේ වැඩි වැටුප් ලබන රැකියා අතහැර සාපේක්ෂව සුළු වැටුපකට රාජ්‍ය අංශයට පැමිණි අය ගැන උදාහරණ සුලභ වන්නේ මේ තත්වය මතයි.
රාජ්‍ය අංශයට ඇතුලත් විය හැක්කේ සුදුසු කම් අනුව සාදාරණ ක්‍රම වේදයකින් නොව දේශපාලකයින් සිදුකරන බදවා ගැනීම් හරහායි. මෙම පත්වීම් සදහා ඒ ඒ තනතුරු අනුව ලක්ෂයේ සිට ලක්ෂ 10 දක්වා මිල නියම කර ඇති බව දන්නෝ දනිති. මේ අනුව රාජ්‍ය අංශයට ඇතුලත් වන අයගෙන් සාතීශය බහුතරයක් තමන්ට හිමි නැති තනතුරු වලට අනියම් ක්‍රම වලින් පැමිනි වංචනිකයන්ය. මේ වංචනිකයන් සිදු කරන සේවාවේ තරම රජයේ ආයතනයකට කිසියම් කාර්යයක් කර ගැනීමට ගියෝ දනිති.
දැන් අපි මූලික ප්‍රශ්නයට නැවත පිවිසෙමු.
“ ලංකාවේ රාඡ්ය සේවකයින් කම්කරුවන්ද“.
නැත. කිසිසේත්ම නැත. මොවුන්ව හදුන්වාදීමට වචනයක් භාෂාවේ නැත. ලංකාවේ රාඡ්ය සේවකයින් පරපුටු පීඩක සමාජ ස්ථරයක් බව නම් පැහැදිලිය.
KHAP Dayaratne