දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

(2010 ජුලි 25, W3Lankaමේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේධනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව නොවැම්බර් ව්‍යාපාරය වාර්තා කරයි. 


මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාධා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත. 


මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනුව පොලීසිය පැමිණ නාට්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම්වලට පසුවයි.


ලංකාවේ වැඩිදෙනෙකු දන්නා එකම කලා මාධ්‍යය වන රූපවාහිනියේ දුම්බීමේ, මත්පැන් පානය කිරීමේ දර්ශන පෙන්වීම තහනම් ය. එබැවින් ලංකාවේ ටෙලිනාට්‍යවල ඉන්න කළු චරිත පවා ඒ අතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වෙති. රූපවාහිනියෙන් චිත්‍රපට පෙන්වන විට කොටු දමනු ලැබේ. 


එහෙත්, මුදල් ගෙවා සිනමා ශාලාවකට යන පුද්ගලයෙකු චිත්‍රපටයක් බලද්දී සාමාන්‍යයෙන් එවැනි කොටු දැමීමක් සිදු නො වන්නේ එය සියලු දෙනාට නො මිළේ විසුරුවා හරිනු ලබන ජනමාධ්‍යයක් නො වන නිසා ය. නාට්‍යය ද එවැනි ය. 


හොඳ වුවත්, කරත වුවත්, දුම් බීම අනාදිමත් කාලයක සිට මිනිස් සමාජයේ තිබුණ දෙයකි. දුම් බීම මෙන් ම සීනි කෑම ද ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එහෙත් සීනි තහනම් නැත. දුම්කොළ දවන දුම් තහනම් ය. 


අක්‍රිය දුම්පානයට ගොදුරු නොවී සිටින්නට පුද්ගලයෙකුට ඇති අයිතියට සමාජය ගරු කළ යුතු ය. වාහන දුමෙන් ද මිනිස් සිරුරට අහිතකර වායු ආඝ්‍රානය වේ. එය වළක්වන්නේ කෙසේද? 


පසුගිය ඡන්ද කාලයේ පබා වැල නාට්‍යය සුදර්මන් රදලියගොඩගේ කටවුට් ඇති තැන්වල රූපගත කිරීම හෝ භාතිය සන්තුෂ්, ඉරාජ් වීරරත්න වැනි සංගීත මුදලාලිලාගේ ගී වීඩියෝ මැද විවිධ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම වැනි අමන ආකාරවලින් විවිධ නිර්මාන හරහා ද ලාභ තකා දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට නිර්මානකරුවන් උත්සාහ කරන්නේ නම්  එය හෙළා දැකිය යුතු ය. 


එහෙත්, යම් නිර්මානයක කලාත්මක ප්‍රකාශනය සඳහා මත්පැන් බොන හෝ දුම් බොන දර්ශනයක් අවශ්‍ය වන්නේ නම් එය යොදා ගැනීමට කලාකරුවාට ඇති අයිතියට කිසිවෙක් බාධා නො කළ යුතු ය. කලාව ඒ අන්දමින් වාරණය කරන්නේ දියුණු සමාජවල නොවේ. 


රොබට් නොක්ස්ගේ පොතේ චිත්‍රවල ගඩුගුඩා බොන සිංහලයෝ සිටිති. බංඩාරනායක සහ ඩඩ්ලි පයිප්ප ඉරූහ. ලංකාවේ පහළ වූ විශිෂ්ට කලාකරුවන් වූ මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම, ගාමිනී ෆොන්සේකා ආදීහු ද දුම් පානය කළ හ. බොහෝ සංගීතකරුවෝ නිකම් ම දුම් නොව ගංජා උරති. 


මත්පැන් නො තිබුණා නම් මීමන ප්‍රේමතිලක නම් කවියා ද ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගීත රචකයා ද, ගුණදාස කපුගේ නම් ගායකයා ද ඒ ආකාරයෙන් සමාජයට නො යනු ඇත. 


ප්‍රියා සූරියසේන ගුවන් විදුලි ගායකයකු වූ අලුත ඔහු ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන් ගීයක් ලියවා ගැනීමට ගියේ මත්පැන් බෝතලයක් ද රැගෙන ය. එය සතුටින් භාර ගත් හේ ගී පද දෙකක් ඒ මොහොතේ ම ලියා දුන්නේ ය.


හෙට දවසේ අප දෙදෙනා අද වාගෙ ම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ


ජීවිතයේ මිහිර සමග බැඳී පවතින්නේ ඇතැමුන් විසින් හොඳ යයි විග්‍රහ කර තිබෙන දේ පමණක් නොවේ. කලාව විසින් ප්‍රතිනිර්මානය කරන්නේ මේ හොඳ, නරක දෙකින් සැදි ජීවිතයයි. 


මේ යථාර්ථය ග්‍රහණය කර ගන්නට බැරි අය දෙබිඩ්ඩෝ ය. 


උන් ලෝකයට මතට තිත දෙසමින් පදමට බොති. වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට පෙන්වීම පවා තහනම් කරමින් නිල් චිත්‍රපට බලා ඒවායේ කැමරාවට කරන රංගනයන් සිය බිරියන් ලවා කරන්නට ගොස් පවුල් කඩා ඉහිරුවා ගනිති. ප්‍රසිද්ධ සමලිංගිකයන්ට පොන්නයා කියා බනිමින් හොරෙන් කොල්ලන් සමග සැතපෙති. ලෝකයට අල්පේච්ඡතාව දෙසමින් ඩොලර් අසපු තුළ කාමසුඛල්ලිකානුයෝගයේ ගිලෙති. 


අපේ මෝඩ හරක් උන් පෙන්නූ රෙදි තමන් මිළ දී ගෙන, කපා, මසාගෙන, ගොනාට ඇඳ වළං කඩේට පැන්න ගොනාගේ මෝඩ චරිතය රඟති. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. සැබෑ දෙබිඩ්ඩෝ කවුරුන්දැයි දැන දැන උන්ටම ආවඩන එවුන් හඳුන්වන්නේ මොන නමකින්ද?

    ReplyDelete
  2. "දුම් බීම මෙන් ම සීනි කෑම ද ශරීර සෞඛ්‍යයට අහිතකර ය. එහෙත් සීනි තහනම් නැත. දුම්කොළ දවන දුම් තහනම් ය"

    I am laughing my ass off. Parakum is a real idiot. Sugar is essential for the body as it has glucose. Even starch gets converted to glucose at the end. But smoking is useless under any circumstance. Yo, idiot, first learn to have commonsense. It was lack of common sense that have led you to be an EPIC FAILURE in politics.

    මත්පැන් නො තිබුණා නම් මීමන ප්‍රේමතිලක නම් කවියා ද ප්‍රේමකීර්ති ද අල්විස් නම් ගීත රචකයා ද, ගුණදාස කපුගේ නම් ගායකයා ද ඒ ආකාරයෙන් සමාජයට නො යනු ඇත.

    Are you sure? Kapuge was addicted to alcohol. If he was not an alcoholic would have been living till now. Jothipala and Mervin Perera died of cirrhosis. You can have singers who don't drink. Sunil Edirisinghe, Jagath Wickremasinghe or the female singers don't drink, but they sing very well. Yamuna Malini never drank, but wrote quite a number of songs as well. Why only male singers should drink to have their optimum performances while their female counterparts don't have to do it? Think about it Prakum you idiot.

    ReplyDelete
  3. @Anonymous
    1. It is not essential to eat sugar to have glucose in your body.
    2. You have to focus to the phrase ඒ ආකාරයෙන්. These artistes' personality and their creations are directly linked with alcoholism. You cannot have Bob Marley as he is without cannabis. You may have a different Bob Marley.
    Here we do not bring an argument that smoking or drinking is good for art. Either good or bad, they have been in the society for generations. We cannot deny them simply because we dislike them.
    Almost all that are addicted to these habits now know that they are bad for health. But there are other psychological and cultural aspects that compel them to engage in them. It is similar to war. All war mongers know that war is disastrous.
    Humanity is deeper than what you see on the surface. You can see only good and bad on the surface. But there are many other tones of these aspects in reality.

    ReplyDelete
  4. හොඳට ලියල තියෙනවා

    ReplyDelete
  5. "මේ යථාර්ථය ග්‍රහණය කර ගන්නට බැරි අය දෙබිඩ්ඩෝ ය.


    උන් ලෝකයට මතට තිත දෙසමින් පදමට බොති. වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපට පෙන්වීම පවා තහනම් කරමින් නිල් චිත්‍රපට බලා ඒවායේ කැමරාවට කරන රංගනයන් සිය බිරියන් ලවා කරන්නට ගොස් පවුල් කඩා ඉහිරුවා ගනිති. ප්‍රසිද්ධ සමලිංගිකයන්ට පොන්නයා කියා බනිමින් හොරෙන් කොල්ලන් සමග සැතපෙති. ලෝකයට අල්පේච්ඡතාව දෙසමින් ඩොලර් අසපු තුළ කාමසුඛල්ලිකානුයෝගයේ ගිලෙති."

    I have been reading the articles in this blog for several months, and I think this is one of the best!

    ReplyDelete
  6. ලස්සනට ලියල තියෙනවා. නියමයි.

    ReplyDelete
  7. Ammala thamange daruwo jeewath karanna beri nisa Kalu gangata weesi karana rate, kuddo eka pawle hathara pas dena kapala kotala marala dana rate, stage play ekaka thathpara hatha ataka cigerette ekak bona scene ekakata ida denna puluwanda? Owa dekala lankawama cigerettewalata ebbahi unoth Prasannala wagakiyanawada? Aho NGO salliwalata kahina
    debiddo? Oyta wediya honda nedda pavement ekata wela hinga kana eka oya kade yama nawattala?

    ReplyDelete
  8. ප්‍රියා සූරියසේන ගුවන් විදුලි ගායකයකු වූ අලුත ඔහු ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන් ගීයක් ලියවා ගැනීමට ගියේ මත්පැන් බෝතලයක් ද රැගෙන ය. එය සතුටින් භාර ගත් හේ ගී පද දෙකක් ඒ මොහොතේ ම ලියා දුන්නේ ය.


    හෙට දවසේ අප දෙදෙනා අද වාගෙ ම හමු විය යුතු වේ
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...

    ............................................
    මච0 ලියල තියෙනව පැලෙන්න,මෙව්ව කියල වැඩක් නෑ බන්,දූපතේ එන්න එන්නම රට හරක් බෝවෙනව..
    මච0 කෝමහරි මේක පොඩි නිවැරදි කිරීමක්,මේ සින්දුව ලියල තියෙන්නෙ ප්‍රේම් නෙවෙයි බන්,වෙන කෙනෙක් ,මට නම මතකනම් නෑ......!

    ReplyDelete
  9. @ Parakum

    "1. It is not essential to eat sugar to have glucose in your body."

    It is not harmful either. It is only harmful for the diabetics, who are only a minority of the population. Compared with alcohol, which is harmful universally

    "You cannot have Bob Marley as he is without cannabis. You may have a different Bob Marley. "

    Now how do you say the Bob Marley on cannabis is always better than the "different" Bob Marley? And you haven't answered the point I have raised about female artists.

    "Here we do not bring an argument that smoking or drinking is good for art. Either good or bad, they have been in the society for generations. We cannot deny them simply because we dislike them."

    Beating women and children have been there for ages. Why try to change that? Males have been in politics for generations. But you whine about only 4% of ministers are females in SL. Why are these double standards / intellectual dishonesty?

    Only reason yuo bring up these to attack the Government. You have long lost your impartiality. That we know. What could we expect more from you?

    ReplyDelete
  10. from today onwards iam not going to see this web site ......it simply bebes site (keleniye harak wage)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා