දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ එක් මීටරයක වියදම රු. ලක්ෂ හතට වැඩියි.

(2010 ජුලි 14, W3Lankaඉදි වෙමින් තිබෙන කොට්ටාව - ගොඩගම හෙවත් කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ දුර කිලෝ මීටර 120කි.


2011 අගදි ඉදි කර අවසන් වන බව කියන මෙම අධිවේගී මාර්ගයේ, එයට යට වූ ඉඩ කඩම්, දේපල හා ව්‍යාපාරවල වටිනාකම ද සමග ම සමස්ත වියදම රු. බිලියන 85ක් හෙවත් කෝටි 8500කි. ඒ අනුව එක් කිලෝ මීටරයක් ඉදි කරන්නට යන වියදම රු. කෝටි 71කි. එනම් එක් මීටරයක් හැදීමට යන වියදම රු. 710,000කි.


මේ පාර ඉදි කර තිබෙන්නේ ලංකාවේ පරම්පරා ගණනාවක් උගසට තබා ණය ගැනීමෙනි. එසේ ගන්නා ලද විදේශ ණයෙන් වැඩි කොටසක් මාර්ගය ඉදි කළ චීන සමාගම ලාභය ලෙස සිය රට ගෙන යන ලදී. තව විශාල පංගුවක් දේශීය දූෂකයන්ගේ මඩියට ගියේ ය.


කලුතර දිස්ත්‍රික්කයේ එක් ඇමතිවරයෙක් සිය ඡන්ද දායකයන් මෙම කොන්ත්‍රාත්කරු ළඟ සේවයට යොදවන්නේ එකී ශ්‍රමිකයාට ගෙවිය යුතු වැටුපෙන් කොටසක් තමන් වෙත ලැබෙන අන්දමින් බව මෙම දේශපාලකයාට ඡන්දය දෙන ඡන්දදායකයෝ හොඳින් දනිති.


මෙම මාර්ගයේ වාහන දුවන්නට පටන් ගන්නත් පෙර පාලමක් හිස මතට කඩා වැටී තරුණයකු මිය යාමෙන් පසු දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම දක්‌වා ඉදිකොට ඇති ආරක්‌කු පාලම් 73ක ප්‍රමිතිය පිළිබඳ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉංජිනේරුවන් විසින් සමීක්ෂණයක් කරන ලදී.


ඉංජිනේරු පීඨය මගින් ලබාදුන් පරීක්‌ෂණ වාර්තාව අනුව අධීවේගී මාර්ගයේ ආරුක්‌කු පාලම් තුනක්‌ සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කොට ඒ වාගේ නැවත කොන්ක්‍රීට්‌ පාලම් තුනක්‌ ඉදි කළ බවත් එම වාර්තාව අනුව තවත් පාලම් විසි අටක්‌ අලුත්වැඩියා කොට ශක්‌තිමත්ව කළ යුතුව ඇති බැව් දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්‌ෂ එස්‌. මේහන්දන් මහතා "දිවයින"ට පවසා තිබේ.


කොහොමද, කොන්ත්‍රාත් කෙරුවාව? පාර භාර දුන්නායින් පසු අතට අසු වන වැරදි ගැන වග කියන්න මේ කොන්ත්‍රාත්කරුවෝ බැඳී සිටිත් ද?


දක්ෂිණ ලංකා අධීවේගී මාර්ගය සැලසුම් කිරීමේ පටන් ම පාරේ පළල ප්‍රමාණවත් නො වීම ආදී ගැටලු ගොඩක් තිබෙනවා. මේ විසින් කරන ලද පාරිසරික විපර්යාසය අති මහත්. ඇතැම් ප්‍රදේශ දැඩි ගංවතුර තර්ජනයකට මුහුණ දී සිටින්නේ මේ අධිවේගී මාර්ගය නිසායි. පාරට පුරවන්න පස්, ගල් ලබා ගත්තේ ඉතා අවිධිමත් අන්දමින්. දැන් ඒ තැන් නාය යාමේ අවදානමට ලක් වෙලා. 


මේ පාර හදන්නේ මේ රටේ ජනතාවට බඩේ පාර දෙමිනි. මැලේසියාව වැනි රටවල නම් මෙවැනි පාරවල් සඳහා ආයෝජනය කළේ සමාගම් ය. ලංකාවේ ආයෝජනය කළේ මහජනතාව වුණත්, රජය සැරසෙන්නේ මේ පාරේ යන මහජනතාවගෙන් ඒ සඳහා මුදල් අය කරන්නයි.


කොහොමද පාර? අති විශිෂ්ටයි නේද? පාර හැදුවෙ අපි. ඒ වුණාට දුප්පත් අපට ඒ පාරෙ යන්නත් නැහැ. 


අපි ගියපු පාරවල් ටික හරි අපට ඉතිරි වුණාද? නැහැ. මේ පාර හදන්න ගල්, පස්, සිමෙන්ති ඇද්ද මාතර, ගාල්ල, කලුතර දිස්ත්‍රික්කවල පාරවල් රැසක් මේ වන විට කැඩිලා, බිඳිලා, ගිලා බැහැලා.


මෙසේ මුළුමනින් ම අලුත්වැඩියා කළ යුතු තත්වයට පත් වූ පාරවල් අතර මොරවක, හිනිදුම, උඩුගම, පැලවත්ත වැනි ප්‍රදේශවල සිට ගාලු පාර මගහැර කොළඹට යා හැකි කෙටි මාර්ග හා නුවර අනුරාධපුර පැත්තට යා හැකි මතුගම, හොරණ හරහා වැටුණ කෙටි පාරවල් ද තිබෙනවා.


මේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට යට කළ මුදලින් මේ පාරවල් වැඩිදියුණු කළා නම්, ගාලු පාරේ වාහන තදබදය මේ පාරවල්වලින් හරවා යවා අවම කරන්න තිබුණා.


ඒ පාරවල් අයිනේ ඉඳගෙන දුප්පත් මිනිහකුට තැඹිලි ගෙඩියක් විකුණාගෙන හරි ජීවත් වන්න තිබුණා. අධිවේගී මාර්ගය එහෙම නොවෙයි. එයට පිවිසීමත් තහනම්. වාහන අඩු වේගයෙන් ධාවනය වීමත් තහනම්. දුප්පතාගේ වාහන වන මෝටර් සයිකල්, ත්‍රිරෝද රිය ආදියට එය සපුරා තහනම්. 


මේ අධිවේගී මාර්ගයට සමීපව පදිංචි මිනිසුන්ට ශබ්දය හා දුම කාගෙන හූල්ල හූල්ලා කැඩිච්ච පාරවල්වල වලවල වැටි වැටි ගමන් යනකොට තේරේවි අධිවේගයේ තරම!


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. Looks like it is just a single lane road.
    Without a median strip - there will be hell a lot of accidents as well.

    Rasika

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඕය අධිවේගී මාර්ග කෙරුවාවෙන් වෙන්නෙ/වුනේ..

    1. දේශපාලකයන්ගේ මඩිය තර වීම...

    2. ජනතාව පරම්පරා ගානක ට ණය කාරයො වීම

    3. අති විශාල පරිසර හානියක්.

    ReplyDelete
  4. අනේ උඹලා වගේ සර්ව අසුබවාදීන් ඉන්නකොට රටවල් දියුණු වෙයිද ගොයියෝ?????????

    ReplyDelete
  5. පාලමක් හිස මතට කඩා වැටී තරුණයකු මිය යාමෙන් පසු....
    http://kgdilanka.blogspot.com/2009/08/blog-post_25.html

    ReplyDelete
  6. මේක සර්ව අසුභවාදී විග්ර හයක්.

    There may be problems with the way it is constructed. But an express way is not a bad decision. Seems that you don't have any international understanding.

    Poor guys can still sell king coconuts to guys like you. (who may continue to use old roads.) And all those damaged roads will be repaired eventually.

    By the way, if you accept that the road costed that much, why don't you think it's a good idea to collect the cost back from the travellers as a toll fee? Otherwise how do you suggest to recover these expenses?

    Sorry that I don't have time to give a proper reply now.

    -AD

    ReplyDelete
  7. "රජය සැරසෙන්නේ මේ පාරේ යන මහජනතාවගෙන් ඒ සඳහා මුදල් අය කරන්නයි. "

    Parakum, you are like a frog in the well. Go out and see the world, and educate your pathetic self. Highways in all countries are paid. Free ways are free. This is the first time we has a high way. If this also gets clogged by slow moving Leyland buses, lorries and three wheelers, there's no point in such an investment.

    "මේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට යට කළ මුදලින් මේ පාරවල් වැඩිදියුණු කළා නම්, ගාලු පාරේ වාහන තදබදය මේ පාරවල්වලින් හරවා යවා අවම කරන්න තිබුණා. "

    What is you evidence Parakum? Where's your estimation?

    "එනම් එක් මීටරයක් හැදීමට යන වියදම රු. 710,000කි."

    So wise guy, what is the correct amount that should be used? I see you running away like a beaten dog. Becasue you don't know what you are talking about. You just want to be anti-Mahinda. Sorry man, you are a loser and an epic failure

    ReplyDelete
  8. "රජය සැරසෙන්නේ මේ පාරේ යන මහජනතාවගෙන් ඒ සඳහා මුදල් අය කරන්නයි. "
    What a horrible idea! We must stop that. Instead we should send our woman to work in middle east, and make them send money to us, so we can ride free in our free roads like free people. What the government thinking?! collecting money from us?!

    ReplyDelete
  9. @kolu

    Directly or indirectly people are paying for the road. It is more fare to charge the users (Toll-fees) than charging the users and non-users alike with indirect takes.

    ReplyDelete
  10. විවේචකයන් සියලු දෙනා වෙත,
    ලංකාවට අධිවේගී මාර්ග සංකල්පය ගෙනාවේ ලෝක බැංකුව සහ රජය එක්ව සකස් කරන ලද දිළිඳුභාවය නැති කිරීමේ උපායමාර්ගික ප්‍රතිපත්තිය (Poverty Reduction Strategic Policy) අනුවයි. ගමේ නිෂ්පාදන නගරය වෙත ගෙන යන්න හොඳ මාර්ග අවශ්‍ය බවයි එදා කියැවුණේ.

    මේ ගන්නා දැවැන්ත ණය ගෙවිය යුත්තේ මේ රටේ දිළිඳ්‍ර වැඩ කරන ජනයායි.

    දිළින්දන්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ අධිවේගී මාර්ග දෙස බැලීමට අයිතිය ලැබෙන්නේ ඒ අනුවයි.

    ReplyDelete
  11. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සෑදීම කල යුතු දෙයකි... එහෙත් ප්‍රශ්නය වන්නේ ඒවා ඉදිවනවිට නාස්තිවන මුදල් ප්‍රමාණයයි. (කොමිස් හා බාල ඉදිකිරීම් නිසා) දියුණු රටවල නම් හැකිතරම් අඩු මුදලක් වැයකොට ප්‍රමිතියෙන් උසස් ලෙස මේවා නිම කිරීමට බලධාරීන් උත්සුක වුවද ලංකාවේ නම් සිදුවන්නේ හැකිතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කර (වැඩිපුර තමන්ගේ සාක්කු වලට දමාගෙන) ප්‍රමිතියෙන් ඉතා අඩුවට මේ ඉදිකිරීම් කිරීමයි.ප්‍රශ්නය ඇත්තේ එතනයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා