ලංකාවේ බුද්ධිමතුන් ය කියන්නේ අධිවේගී මාර්ගයේ ආපස්සට පයින් යන පිරිසකි
අධිවේගී මාර්ගයෙහි ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් බැස අවට සිරි නරඹමින් සිටි සහකාර කථිකාචාර්යවරයෙකු කිලෝ මීටර් අසූව කණුව අසලදී පෙරේදා (15) සවස අත්අඩංගුවට ගත් බව දක්‌ෂිණ අධිවේගී මාර්ග කොට්‌ඨාසය කියයි. බද්දේගම පිවිසුම් පොලිස් මුරපළේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා අධිවේගී මාර්ගයෙහි පයින් ගමන් කරද්දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොළඹ සිට මෝටර් රථයෙන් පැමිණෙන අතර බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙණුනු සෙයින් මෝටර් රථය ගාල්ල දෙසට යවා පිටවීම සඳහා පා ගමනින් පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත. දිවයින පුවත්පතින් උපුටා ගත් මෙම ප්‍රවෘත්ති ඛන්ඩයේ වරදතරු විශ්ව විද්‍යාල ආචාර්යවරයතු බව හුවා දැක්වීම විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවෙන් කරන ලද්දකැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඒ වුණාට මෙහෙම එකකුත් ඇත. මෙම සිද්ධියෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ යම් කිසි කරුණක් සංකේතාත්මකව පැවසේ. අධිවේගී මාර්ගයේ පිටවීම් ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු අදාළ පිටවීම් ස්ථානයට කිලෝමීටර ගණනාවකට පෙර සවි කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කියවීමේ කුසලතා දුර්වල මට්ටමක ඇත. ඔවුන් දක්ෂ සටහන් කට පාඩම් කිරීමට හා තවත් අ...