කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති. 


චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති.


චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි. 


චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය. 


චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි. 


ණය දීමේදී පණවන කොන්දේසි අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තුව ද චීනයට ම දිය යුතු ය. එයින් චීනයේ සමගම්වලට ව්‍යාපාර අවස්ථා ද එරට ශ්‍රමිකයන් කොටසකට රැකියා ද ලැබේ. 


චීනය පමණක් නොව, ඉන්දියාව ද වෙනත් රටවල් ද කරන්නේ එයයි. 


දැන් ලංකාව ද මාලදිවයින මේ අන්දමින් සූරා කන්නට උත්සාහ කරයි. ඒ සාක් සමුළුව වෙනුවෙන් මාලදිවයිනේ පාරක් හැදීමෙනි. මාලදිවයිනේ මිනිස්සු වැඩියෙන් ගමන් බිමන් යන්නේ බෝට්ටුවලින් නිසා කමක් නැත.


පහත පළ වන්නේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් චීන වික්‍රමයකි.  

රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙරෙන කොට්‌ටාව ගාල්ල අධිවේගී මාර්ගයේ කොට්‌ටාව සිට දොඩංගොඩ දක්‌වා ඇතිරූ කාපට්‌ ප්‍රමිතියෙන් තොර වීම නිසා ඉන් මීටර් අටදහසක පමණ ප්‍රමාණයක්‌ ඉවත්කර යළි ඇතිරීමට සිදු වී තිබේ. චයිනා හාබර් නමැති සමාගම විසින් ඉදිකරන ලද මෙම කොටස ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආනයනය කළ විශේෂ යන්ත්‍රයකින් කළ පරීක්‍ෂණයකින් පසුවය.
ප්‍රමිතියෙන් තොර ස්‌ථාන මීටර් තුනහමාරක පළලින් හා මිලිමීටර් දෙකක ඝනකමකින් යුත් කොටස්‌ මීටර් සියය දෙසීය වශයෙන් මේ දිනවල ඉවත් කරමින් පවතී. මෙම චීන සමාගම භාරගත් කිලෝමීටර් තිහේ කාපට්‌ කොටසට පහළින් දමා ඇති පස්‌ තට්‌ටුද නියමිත පරිදි තැන්පත් කර නැති බවට ද ඉංජිනේරුවන් අතර සැක පහළ වී ඇත.
දොඩංගොඩ සිට ගාල්ල දක්‌වා වන කිලෝ මීටර් 66 ක පමණ ප්‍රමාණය ජපන් සමාගම් දෙකක්‌ මගින් ඉදි කරන අතර එම කිලෝ මීටර් ප්‍රමාණයේ ඉවත් කිරීමට සිදු වී ඇත්තේ මීටර් දෙසීයයක පමණ කොටසකි.
විශේෂ යන්ත්‍රයක්‌ ගෙන්වා මාර්ග සංවර්ධන අධිකාරිය පරීක්‍ෂා නොකළේ නම් මෙම ප්‍රමිතියෙන් තොර තත්ත්වය අනාවරණය නොවන බව ඉංජිනේරුවරු පවසති.
ඉවත් කරන කොටස්‌ යළි අතුරණු ලැබුවත් එය කොපමණ කාලයක්‌ පවතී ද යන්න ගැටලු සහගත බව පෙන්වා දෙන ඔවුහු ඒ සඳහා අමතරව දැරීමට සිදුවන මුදල චීන සමාගම පියවා ගන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු යෑයිද ප්‍රකාශ කරති.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඕක දිවයින පත්තරේ පලකලේ ඇයි කියන එක වෙනම විග්‍රහ කරන්න ඕන කාරණයක්

    ReplyDelete
  2. ඔයා මොකද ඔච්චර චීන්නු එක්ක තරහ. ඒ ගොල්ලො හරිම හොඳයි. නාන්නෙ නැති එක තමයි අවුල.චීන් කෑම නම් යම් නේද?

    ReplyDelete
  3. ඔය කරුවත් අපිට ආදරේ නැහැ. ඔකොම ලබය බලගන තමි වැඩ. නමුති අපිට වෙන වෙදියක් නැහැ

    ReplyDelete
  4. ලංකාවේ තියෙන චීන කෑම නියම චීන නෙමෙයි. නියම චීන කෑම ගඳේ බෑ.....

    ReplyDelete
  5. Kohomada Cheena Nuclear submarine ekak Hambanthota peththedi leek unothin . nakadee --seeeeeeeee .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා