Posts

Showing posts with the label චීනය

චීනයට හිසරදයක් වූ උයිගුර් මුස්ලිම් ප්‍රශ්නය

Image
පසුගිය සතියේ සෙනසුරාදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකදී පිහි අමෝරා ගත් ත්‍රස්තවාදීන් දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අතට හසු වන නිරායුධ සිවිල් වැසියන් 30කට වඩා කපා කොටා ඝාතනය කරනු ලැබුවා. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා. චීන බලධාරීන් ඒ පිළිබඳ චෝදනා කළේ උයිගුර් මුස්ලිම් බෙදුම්වාදීන්ටයි.  උයිගුර් මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් චීන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි පිහි හා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීම එතරම් දුලබ සිද්ධියක් නොවෙයි. එහෙත්, සාමාන්‍යයෙන් එවැනි දේ සිදු වන්නේ ඔවුන් නැගෙනහිර තුර්කිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ෂිංජියෑංහියි. ඒත්, මේ ප්‍රහාරය සිදු වුණේ එහි සිට කිලෝමීටර් දහසකටත් වඩා දුර ඈත ප්‍රදේශයකදීයි.  උයිගුර් මුස්ලිම්වරුන් පවසන්නේ චීන රජය ඔවුන්ගේ ආගමික, සංස්කෘතික හා වානිජ නිදහසට බාධා කරන බවයි. පසුගිය ඔක්තෝබරයේදීත්, එකම පවුලේ උයිගුර් ජාතිකයන් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධ ටියෙනාන්මෙන් චතුරස්‍රයේදී සිය වාහනය ගිනි තබා ගනිමින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දමමින් සිය දිවි නසා ගත්තා.  ඊට කලින් අ‍ගෝස්තු මාසයේදී ෂින...

අපි බටහිර ගැති විය යුත්තේ ඇයි?

Image
මාතෘකාව දුටු හැටියේ කේන්තියෙන් පුපුර, පුපුරා මෙහි ආ අයට කිව යුත්තේ ඒ මාතෘකාව යොදා තිබෙන්නේ ඔබ මෙහි ගෙන්වා ගැනීමේ අරමුණින් ම බවයි. දැන් ලිපිය සාවධානව කියවා බලා අදහස් දක්වන්න .  මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ ගෙලට දමා තිබෙන තොණ්ඩුව තව පොඩ්ඩක් හිර කරන්නට සැලසුම් කර තිබේ.  බටහිර ජාතීන් හා ඉන්දියාව විසින් ලංකාවේ පාලකයින් පාලනය කිරීමේ ක්‍රමවේදය ලෙස යුද අපරාධ චෝදනා භාවිතා කිරීම දිගින් දිගටම සිදු කරන බව නියත ය. එය සිදු වන්නේ ‍‍නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවත්, චීනයත් අතර සම්බන්ධතාවන්ට ගැටලුවක් ඇති වී තිබෙන සංදර්භය තුළ ය. නොරොච්චෝලේ යනු චීන ජාතික ධනවාදයේ ස්වරූපය නිරූපණය කරන කැඩපතක් ලෙස සැලකිය හැකි ය.  චීනය රටවල් සූරා කන්නේ ගිනි පොළිය, කොන්ත්‍රාත් ආදිය හරහා පමණක් නො වේ. බාල භාණ්ඩ හා ‍සේවා සම්පාදනය චීනයේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයකි. එය පදනම් වන්නේ තනිකරම දූෂණය මත ය. සිය බාල භාණ්ඩ හා සේවාවන් ඔවුන් සංවර්ධනය වෙමින් තිබෙන රටවලට බස්සා ගන්නේ මහා පරිමාණ කොමිස් ජාවාරමක් ඔස්සේ ය.  ...

කොණ්ඩ බැඳපු සිංහලයන්ට චීන්නුන්ගෙන් තෑගි පිට තෑගි

චීනය ලංකාවට මාර හිතවත් රටකැයි ලංකාවේ සමහරු සිතති.  චීනය සමාජවාදී රටකැයි ද තවත් සමහරු සිතති. චීනය මේ එකක්වත් නො ව මොන පාදඩයා සමග හෝ බිස්නස් කර ලාභ ගන්නට උත්සාහ කරන තවත් එක් පාදඩ ජාවාරම්කාර රාජ්‍යයකි.  චීනය ලංකාවට සෙට් වන්නේ කුණට කුණ සෙට් වන ඕනැම කුණු ගොඩක් බේරුවල් බොක්කට යයි කියන න්‍යාය අනුව ය.  චීනය ලංකාවේ සංවර්ධනයට ආධාර කරන බව කියනු ලැබේ. එහෙත් සිදු වන්නේ චීනය සිය අතිරික්ත ප්‍රාග්ධනයෙන් ලංකාවට පොලියට ණය දී ලාභ ලැබීමයි.  ණය දීමේදී පණවන කොන්දේසි අනුව, ඉදිකිරීම් ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්තුව ද චීනයට ම දිය යුතු ය. එයින් චීනයේ සමගම්වලට ව්‍යාපාර අවස්ථා ද එරට ශ්‍රමිකයන් කොටසකට රැකියා ද ලැබේ.  චීනය පමණක් නොව, ඉන්දියාව ද වෙනත් රටවල් ද කරන්නේ එයයි.  දැන් ලංකාව ද මාලදිවයින මේ අන්දමින් සූරා කන්නට උත්සාහ කරයි. ඒ සාක් සමුළුව වෙනුවෙන් මාලදිවයිනේ පාරක් හැදීමෙනි. මාලදිවයිනේ මිනිස්සු වැඩියෙන් ගමන් බිමන් යන්නේ බෝට්ටුවලින් නිසා කමක් නැත. පහත පළ වන්නේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් චීන වික්‍රමයකි.   රුපියල් බිලියන අනූවක්‌ පමණ වැය කරමින් ඉදි කෙර...

ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය / Sri Lanka should immediately stop following China

Image
(2011 ජුලි 21,   W3Lanka )  මේ සටහන තබන්නේ ආණ්ඩුව ගැන ඇති වූ බිය නිසා ය. මේ බිය ඇති වූයේ අද දිවයින පුවත්පතේ පළ වූ පුවතක් කියවීමෙනි. ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය. එසේ කළ යුතු යයි අප කියන්නේ අපේ දේශප්‍රේමී නායකයන්ගේ ආරක්ෂාවට ය. එපමණක් නොව චීනය මානව හිමිකම් කඩ කරන, මරණ දඬුනම ක්‍රියාත්මක කරන ජරා රටක් බවට ප්‍රචාරයක් ආගිය කතා ලියන මහින්ද අබේසුන්දර හරහා වහා ආරම්භ කළ යුතු ය. එසේ ම, ලංකාවේ මරණ දඬුවම වහා අහෝසි කළ යුතු ය. මින් ඉදිරියට කිසි ම විනිසුරුවෙකුට මරණ දඬුවම නියම කිරීමේ බලයක් හිමි නො වන පරිදි නීති සංශෝධනය කළ යුතු ය. ඒ ගැන කවුරුවත් අප්සෙට් විය යුතු නැත. අයින් කළ යුතු අය ඉන්නවා නම් අයින් කරන්නට ක්‍රම සහ විධි ඕනෑ තරම් ඇත. ඒවා ගැන ලංකාවේ අපි විශාරද ය. අප බිය පත් කළ පුවත පහත පළ වේ. මෙවැනි බිය ජනක පුවත් ලංකාවේ පුවත්පත්වල පළ කිරීම ද තහනම් කළ යුතු ය. දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ. හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් ක...

අපි ඇමරිකාව එක්ක තරහෙන් චීනෙට ළං වෙද්දි චීනෙ ඇමරිකාවට ළං වෙලා

Image
(2009 නොවැම්බර් 18 - W3Lanka ) ලංකාව සිය සම්ප්‍රදායික මිතුරන් වූ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අමනාප කර ගනිමින් චීකයට තුරුළු වන්නට උත්සාහ කරමින් සිටින මුත් චීනය හා එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින් සිටිති.  අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති හු ජින්ටාවෝ අතර ඊයේ සාකච්ඡා පැවැත්විණි. වෙළඳ බාධක, යුවාන් මුදල් ඒකකය, ඉරානය සහ උතුරු කොරියාවේ වත්මන් තත්ත්වය ආදී කරුණුවලට එම සාකච්ඡා න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව හිමිවු බව වාර්තාවේ.  “යුවාන්” නම්වූ චීන මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණකර තිබීම, ගෝලීය ආර්ථික අසමතුලිතතාවට හේතුව බව අමෙරිකාවේ මතයයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ ආරක්ෂණවාදයට සහ මූල්‍ය ප්‍රතිපත්තිවලට චීනය දැඩි විවේචන එල්ලකර තිබේ. ( දිනමිණ ) චීනය සහ ඇමරිකාව අතර චීනයට අතිශය වාසිදායක වෙළඳ ශේෂයක් ඇත. චීනය සිය විදේශ විනිමය සංචිතවලින් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ ආයෝජනය කර තිබේ.  එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පසුගිය ඉරිදා නිල චාරිකාවක් සඳහා චීනයට පැමැණියේ ය.

කොණ්ඩෙ බඳින චීන්නුන්ගෙන් ඔබේ ගෙදරටත් ඒඩ්ස්

Image
(2009 නොවැම්බර් 06 - W3Lanka )   ඔබ කොණ්ඩය බැඳීම සඳහා රබර් කොණ්ඩ පටි භාවිතා කරනවා නම්, විශේෂයෙන් ම ඒ අතරතුර කොණ්ඩා පටිය මුවේ රඳවා ගැනීමේ පුරුද්දක් ඇති අයෙකු නම් වහා ප්‍රංශ පුවත් සේවයේ පළ වූ පුවතක් ඇසුරෙන් අප ලියන මේ කතාව කියවන්න. මෙහි පළ වන රූප බලන්න. චීනයේ නිපදවන මේ මිළ අඩු කොණ්ඩා පටිවල ඇතුළත රබර් කොටස ලෙස යොදාගෙන තිබෙන්නේ උපත් පාලන කොපු ය. වාර්තා පවසන්නේ ඒවා පාවිච්චි කර ඉවත දමන ඒවා බවයි. මෙම කො‍ණ්ඩා පටි හරහා ඒඩ්ස් ඇතුළු වෙනත් සමාජ රෝග බෝ වීමේ අවදානමක් පවතී. චීනයට එරෙහිව මෙවැනි වාර්තා රැසක් පසුගිය සමයේ පළ වූ නිසා මෙය ද එවැන්නක් කියා ඇතැම් විට ඔබට සිතෙන්නට පුළුවන්. චීනය හරහා පෙරදිග බෞද්ධ අධිරාජ්‍යයක් හැදෙන තෙක් ලංකාවේ එක් පිරිසක් ද, සමාජවාදී විප්ලවය සිදු වන තෙක් තවත් පිරිසක් ද බලා සිටිති. එහෙත්, චීනය වර්තමානයේදී නම් කරන්නේ තම රටේ දිළිඳු ජනයාත් ලෝකයේ පාරිභෝගිකයිනුත් නින්දිත අන්දමින් සූරාකෑමයි.  සමාජවාදී විප්ලවය වෙනුවෙන් හෝ බෞද්ධ අධිරාජ්‍යය වෙනුවෙන් ඔබට, ඔබේ බිරිඳට, දියණියට හෝ සොයුරියට ඒඩ්ස් ආනයනය කර ගන්නවාදැයි ඔබ තීරණය කරන්න.    

ලංකාවේ නාවික හමුදාව සමග චීනුන් ඇතැයි කතාවකට ඉන්දීය අවධානය

Image
(2009 නොවැම්බර් 03 - W3Lanka ) ලංකාවේ නාවික හමුදාවත් සමග චීන ජාතිකයන් සිටින බවට දකුණු ඉන්දියාවේ රාමනාදපුරම් ධීවරයන් කර ඇති ප්‍රකාශත් සමග ඉන්දීය මාධ්‍ය අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ.  ලංකාවේ නාවික හමුදාව ගැඹුරු මුහුදේදී තමනට පහර දුන් බව පවසන මෙම ධීවරයෝ එහිදී ලංකාවේ නාවික හමුදාව සමග එම නිල ඇඳුමෙන් සැරසුණු චීන හැඩරුව ඇති අය සිටින බව ද පවසා තිබේ.  මෙම ප්‍රකාශ තහවුරු වී නැතිමුත් ජනමාධ්‍ය විසින් මෙම තත්වය ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දී තිබේ. චීනයත් ඉන්දියාවත් අතර කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් බල අරගලයක් ඇත. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය.  ඉන්දීය උපායික විශේෂඥයන් වර්තමානයේදී පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි.  ලෝකයේ සමුද්‍ර වෙළඳාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැ...

ඉන්දියාවේ චීන භීතිකාව: මුහුදේ සහ ගොඩබිම ‘රතු අනතුර‘

Image
ඉෂාන් තරූර් සැප්තැම්බර් 20දා ටයිම් සඟරාවට ලියන ලද ලිපියක ඡායානුවාදයකි. ඉන්දියාවත් චීනයත් අතර දිගු කාලයක් තිස්සේ තිබෙන භූමි සීමා ගැටළු පිළිබඳ පවත්වන ලද තවත් සාකච්ඡා වටයක් පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේදී අසාර්ථකව අවසන් විය. එම සාකච්ඡා අරම්භ වද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිමාල අඩවියේ දේශ සීමාවල දරුණු ගැටුම් ඇති වන බවයි. එහෙත් දෙපාර්ශ්වයේම බලධාරීහු මෙය ප‍්‍රතික්ෂේප කළහ. ඉන්දීය මාධ්‍යයන්හි ඇතැම් බලවේග දිනපතාම වාගේ පෙන්වා දෙන්නේ චීනය ඉන්දියාවේ නැඟීම මෙල්ල කිරීමට කුමන්ත‍්‍රණ කරන බවයි. මෙම කරුණ ඔප්පු කිරීම සඳහා ඔවුන් ඉවහල් කර ගත්තේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් මෑතදී පළ කරන ලද උඩඟු කතුවැකි කීපයකි. පසුගිය සතියේ ප‍්‍රධාන ඉන්දීය ජනමාධ්‍ය චීනයේ අතික‍්‍රමණයන් හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ‘රතු උවදුර‘ හා ‘මකරාගේ ප‍්‍රවේශය’ වැනි යෙදුම්ය. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය. එහෙත්, චීනය අද වන විට ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරුවායි. එහෙත් දෙරට අතර කර්කශ අතීතය තවමත් හොල්මන් කරයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් සලකුණු කරනු ලැබූ දේශ සීමාව නොපිළිගන්නා චීනය  ඊසානදිග ඉන්දියාවේ සමස්ත අර...

මට ආසයි දූෂිත නිලධාරියෙකු වෙන්න

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) පසුගිය සැප්තැම්බර් 1දා චීනයේ අලූත් පාසල් වාරය ආරම්භ වූ අවස්ථාවේදී ගුවාන්ෂෞහි සදර්න් මෙට්‍රොපොලිටන් ඬේලි පුවත්පත පළමු ශ්‍රේණියේ සිසු දරුවන් පිරිසක් සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි කර ගත්තා. එහිදී එක් දැරියක් සිය අනාගත බලාපොරොත්තුව (රජයේ) නිලධාරියකු වීම බව පැවසුවා.  කුමන අන්දමේ නිලධාරියකුදැයි මාධ්‍යවේදියා ඇසූ විට ඇය කීවේ ඇයට උවමනා දූෂිත නිලධාරියකු වන්නට බවයි. එවැනි අය ළඟ හොඳ හොඳ දේවල් ඇතැයි ද ඇය පැවසුවා. චීනයේ ජනමාධ්‍ය හරහා විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාව දැන් යූටියුබ් ඔස්සේ අපටත් නරඹන්න පුළුවන්. අයිෆෙං වෙබ් අඩවියේ මේ පිළිබඳ අදහස් දක්වන එක් පාඨකයකු මෙම සිද්ධිය සම කරන්නේ  රජ්ජුරුවන්ගේ සීතාම්බර සළුවේ කතාවට. වැඩිහිටියන් සළුවේ රුව වර්ණනා කරද්දී රජතුමා හෙළුවෙන් බව කීවේ කුඩා දරුවෙක්.