මට ආසයි දූෂිත නිලධාරියෙකු වෙන්න


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) පසුගිය සැප්තැම්බර් 1දා චීනයේ අලූත් පාසල් වාරය ආරම්භ වූ අවස්ථාවේදී ගුවාන්ෂෞහි සදර්න් මෙට්‍රොපොලිටන් ඬේලි පුවත්පත පළමු ශ්‍රේණියේ සිසු දරුවන් පිරිසක් සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි කර ගත්තා. එහිදී එක් දැරියක් සිය අනාගත බලාපොරොත්තුව (රජයේ) නිලධාරියකු වීම බව පැවසුවා. 

කුමන අන්දමේ නිලධාරියකුදැයි මාධ්‍යවේදියා ඇසූ විට ඇය කීවේ ඇයට උවමනා දූෂිත නිලධාරියකු වන්නට බවයි. එවැනි අය ළඟ හොඳ හොඳ දේවල් ඇතැයි ද ඇය පැවසුවා.

චීනයේ ජනමාධ්‍ය හරහා විකාශය වූ මෙම සම්මුඛ සාකච්ඡාව දැන් යූටියුබ් ඔස්සේ අපටත් නරඹන්න පුළුවන්. අයිෆෙං වෙබ් අඩවියේ මේ පිළිබඳ අදහස් දක්වන එක් පාඨකයකු මෙම සිද්ධිය සම කරන්නේ  රජ්ජුරුවන්ගේ සීතාම්බර සළුවේ කතාවට. වැඩිහිටියන් සළුවේ රුව වර්ණනා කරද්දී රජතුමා හෙළුවෙන් බව කීවේ කුඩා දරුවෙක්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා