කුරුළු ගෙදරින් පුළුල් ලොවට

(2009 සැප්තැම්බර් 09 - W3Lanka) ඉහත දැක්වුණේ අප කුඩා කාලයේ,මතක හැටියට නම්, හයේ පන්තියේ සිංහල පෙළ පොතේ කුරුළු පැටියකු දොරට වැඩීම පිළිබඳ පැවති කතාවක මාතෘකාවයි.


‍දෙමළුන් දැඩි මර්දනයකට ලක් වූ ලංකාවේ රාජ්‍යය සමග ජවිපෙ කෑ දීගයේ හා දික්කසාදයේ ප්‍රේම-වෛර සම්බන්ධයේ රස බලමින් මර්දනයට පුළුනෙන් කොට්ට තනා තිබුණු උණුසුම් කැදැල්ලක සිටි ලංකාට හා ජවිපෙට මාටින් නිමලර්ගේ සුප්‍රකට කවිය මතක් වන කාලය දැන් එළඹ තිබේ.


දැන් මර්දනය ඔබ සොයා පැමිණ තිබේ. මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතා කළ සියලු දෙනා එන්ජීඕකාරයන් ලෙස නම් කළ අතීතය ඔබට මතකද? එදා ඔබට ආවැඩූ අය දැන් ඔබ ගැන කතා නොකරති.


කුරුළු ගෙදරින් මර්දනයේ පුළුල් ලොවට පා තබන ලංකා අපි යහපත් ලෝකයක් සඳහා අරගල කරන සිංහල, දෙමළ භේදයකින් තොර එකම පවුලට ආයුබෝවන් කියා පිළිගනිමු. 

ඔබ පිළිගැනීමට අකැමැති වුවද අප සියලු දෙන දැන් සිටින්නේ එකම බෝට්ටුවේය. 

Comments

  1. ආයෙත් පරණ බෝට්ටුවටම ආරාධනා කලා එහෙනම්... ඔය බෝටුටවෙන් ගොඩ වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  2. සිංහල, දෙමළ භේදයකින් තොර එකම පවුලට??

    Mata nam penne sinhala demala puluwan tharam ven karanna hadana pirisak. Kiyava balanna meke theiyena kavi tika. Me ayata one jathi deka ven karannayi. Ekathu unoth munta pavathmak nathi nisa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා