ඉස්ලාම් අත්හැර ක‍්‍රිස්තියානියට හැරී ප‍්‍රසිද්ධියට පත් ලාංකික රිෆ්කාගේ කතාව


ෆාතිමා රිෆ්කා බාරි යනු එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්ත රාජ්‍යයෙහි ජීවත් වූ 17 හැවිරිදි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති යව්වනියක්. ඇය පසුගිය දිනවල එරට ජනමාධ්‍යවල පුවතක් නිර්මානය කළා.

උපතින් ඉස්ලාම් දහම හිමි මුස්ලිම් අයෙකු වූ ඇය පසුගියදා ක‍්‍රිස්තියානිය වැළඳගෙන තිබෙනවා. එය ඇගේ ෆේස්බුක් විස්තරයෙන් සිය පවුලේ අය දැන ගැනීමෙන් පසු ඇය ෆ්ලොරිඩා රාජ්‍යය වෙත පළා විත් තිබෙනවා. ඇය සහ ඇමරිකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් පවසන්නේ ඇගේ දෙමාපියන් ඇය ලංකාවට ගෙන ආවොත් ඇය නියත වශයෙන්ම පවුලේ ගෞරවය වෙනුවෙන් මරා දැමෙනු ඇති බවයි. කුරානයේ මෙවැනි ගරුත්වය වෙනුවෙන් කරනු ලබන මරණ පිළිගන්නා බව හා ලංකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් ඝාතනයට ලක් වන බව ඇතැම් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා මෙවැනි ගරුත්වය වෙනුවෙන් කෙරෙන මරා දැමීම් 5000ක් පමණ වසරකට සිදු වන බව ඔවුහු එක්සත් ජාතීන්ගේ ජනගහණ වාර්තා උපුටා දක්වමින් පවසනවා.


මේ අතර මේ යව්වනියගේ මවිපියන් වන මොහොමඞ් සහ අයිෂා බාරි පවසන්නේ සිය දියණිය මුරණ්ඩු ගතිගුණ ඇත්තියක බවයි. මොහොමඞ් ස්වර්ණාභරණ වෙළෙන්දෙක්. රිෆ්කාට තර්ජන ඇති බවට විශ්වාස කළ හැකි වාර්තා නැති බව ෆ්ලොරිඩා නීති දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, ඇගේ පැමිණිල්ල මීළඟට විභාග වන සැප්තැම්බර් 29 දින දක්වා ෆ්ලොරිඩාහි අලූත් කැපකරු මාපියන් සමග ජීවත් වීමට අධිකරණය ඇයට අවසර දී තිබෙනවා.

Comments

  1. both those religions r most similar being semitic etc..
    theoretically, there's nothing to fear

    ReplyDelete
  2. මේ මිනිස්සු තේරුන් ගන්න ඕන බලෙන් ආගමක තියා ගන්න බැරි බව... හරි ආගම තියෙන්නෙ තමන්ගෙ හිතේ... මුස්ලිම් ආගමේ මේ විදිහේ නීතී තියෙනවා නම් ඒ නීතී එම රටේ ප්‍රරජාතන්ත්‍ර වාදී බව නිතැතින්ම බිඳීමක්.... ඒ විතරක් නොවෙයි මානව අයිතිවාසිකම් කඩ කිරීමක්... මම හිතනවා මේ වගේ අතවර වලට මුහුන දෙන අය ගැන රජයන් මීට වඩා අවධානය යොමු කරන්න ඕන...

    ReplyDelete
  3. ඒත් ක්‍රිස්තියානි අය මරන්නෙ නැති උනත් වෙන ආගමක පිරිමි ලමයෙකුට තමන්ගෙ දුව දෙන්නෙ නෑ නේද ?

    ඒකනම් හරි වැරදියි. මොකද ඕක නිසා ගොඩක් අය දුක් විඳිනව. පිටින් නෙවේ හිතින්.

    ReplyDelete
  4. සැප්තැම්බර් 26 වන විට අයගේ වයස වසර 18 සම්පූර්න වන බැවින් නීතිය අනුව ඇය කැමති නිවෙසක විසීමේ අයිතිය හිමි වෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා