ධර්ම රාජ්‍යයට වඩින රථයට කහ ඉර මතදී යට වූ වැසියෙක් මරුට

(2009 සැප්තැම්බර් 12 - W3Lanka) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් දන් දී තිබෙන මහජන දේපලක් වන සුඛෝපභෝගී මෝටර් රථය වෙනත් හිමි නමක් වඩම්මාගෙන පාරේ ධාවනය වද්දී කහ ඉර දිගේ පාර මාරු වෙමින් සිටි වැසියකු එම වාහනයට යට වී පරලෝකප්‍රාප්ත වී තිබේ. 


සැප්තැම්බර් 10දා රාත්‍රියේ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ රාජකාරි නිමකර ගෙදර යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික නිලධාරියකු වන 39 හැවිරිදි සුසිල් දේවප්‍රිය මල්ලවආරච්චි නමැති එක්‌දරු පියෙකි. 

පාරේ ගමන් කරන මහජනයා අළුයම ලූ කෙළ පිඬක් තරමට ගණන් නොගෙන බුදුන් නසන්නට දුව ආ නාලාගිරි ඇතා සේ පාරේ ධාවනය වන දේශපාලක නිල රියකට ගොදුරු වූ පළමු අහිංසකයා මොහු නොවේ. එහෙත්, ධර්ම රාජ්‍යයක් කරා රට මෙහෙයවන්නට ජාතියේ පිනින් පහළ වූ ජාතික හෙළ උරුමයේ රථ ගායට යට වූ පළමු පිංවතා ලෙස ඔහු ඉතිහාසගත වෙයි.

Comments

  1. The Driver should have been more careful in driving if it were a case happened on a pedestrian crossing (even if it were the fault of the passenger)

    Well, Two Questions

    Did this thero drove the vehicle?

    Was it intentional?

    From the little i know on Buddhism it says if there was no intention, no plan etc. it is not a killing, (even the law confirms that)

    So why do you guys try to show your hatred in some political party by hitting them with what ever you can get?

    ISN'T IT BETTER TO CRITICIZE THEIR POLICIES AND POLITICAL BEHAVIOUR RATHER THAN THESE STUPID THINGS?

    It will just result losing your credibility nothing else, coz the readers too have brains don't they?

    ReplyDelete
  2. මහජන නියෝජිතයන් මහජන මුදලින් දිවෙන සුඛෝපභෝගී රථවලින් පාරේ යන්නේ ඒ පාරවල් මහජනතාවට නොව තමන්ට පමණක් අයිති ඒවා යයි සිතාගෙනයි. ආරක්ෂක වාහන පිරිවරාගෙන, ඇතැම් විට පාරවල් මහජනතාවට වසා දමා, අධි වේගයෙන් ධාවනය වන මෙම දේශපාලන විලාසිතාවන් වෙනස් කිරීමට නොවෙයිද හෙළ උරුමය බලය ඉල්ලා සිටියේ?

    ReplyDelete
  3. Dharma Rajjyayata yaddi oowatha kajjakda machaaan. ohomayan aaa ohomayaaaaan. Soma hamuduruvanta pinsiddavenna wahana gatha mekunta minisbili ona .

    ReplyDelete
  4. This is an accident and it's not good to highlight this to get petty political advantages.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා