ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය පිලිබදව ජාතික මට්ටමේ සමීක්ෂණයක්

රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ කර්මාන්තයේ (IT-BPO) යෙදී සිටින ආයතන මෙම සමීක්ෂණයට ලක් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
එම්. ජී. කන්සල්ටන්ට්ස් ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර එම ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරු අදාල ගිවිසුමට අත්සන් කළහ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙමින් තිබෙන යුගයක මෙවැනි සමීක්ෂණයක් සිදු කිරීම ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සදහා මනා පිටු බලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රමධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.