තමන්ට ගැහුවොත් විතරක් හදිසි නීතියට විරුද්ධ වෙන්න ජවිපෙ තීරණය කරයි

(2009 සැප්තැම්බර් 11 - W3Lanka) ජනාධිපති මහින්ද රජපක්ෂගේ සොයුරියගේ සැමියා දෙනියායේ ඉදි කරන මන්දිරයක තතු සොයා බැලීමට ගිය ලංකා පුවත්පතේ මාධ්‍යෙව්දීන් තිදෙනෙකු ප්‍රභූ ඝාතන චෝදනා එල්ල කර සැක පිට රඳවා තබා ගැනීමත් සමග ඇහැරුණ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ හදිසි නීතියට ඡන්දය විමසන අවස්ථාවේදී විරෝධය පා සභා ගැබෙන් පිටව ගියේය. එහෙත්, විරුද්ධව ඡන්දය දුන්නේ නැත.


හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුනහොත් එය එපා බව කියවෙන නිසා ඒ වෙනුවට ඡන්දය නොදී සිටීමේ සෙවළ ප්‍රතිපත්තියකට යාමට ජවිපෙ තීරණය කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 


මහජනයාට එරෙහිව හදිසි නීතිය පාවිච්චි කිරීම ජවිපෙ ප්‍රශ්නයක් කර ගත යුතු නැති බවද, ජවිපෙට එරෙහිව හදිසි නීතිය භාවිතා වීම දිගින් දිගටම සිදු වේ නම් පමණක් එයට විරුද්ධ විය යුතු බවද ජවිපෙ දේශපාලන මණ්ඩලය සාකච්ඡා කළ බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election