එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ලේකම් වගවීමේ යාන්ත්‍රණයක් රජයෙන් ඉල්ලයි

(2009 සැප්තැම්බර් 17 - W3Lanka) දැන් ලංකාවට සැපත් වී සිටින එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ කණිටු ලේකම් ජනරාල් ලින් පැස්කෝ සෙට්ටිකුලමේ ප්‍රධාන අනාථ කඳවුර නැරඹීමට යාමට නියමිතය. 

උතුරු පළාතේ අනාථයන්ට කඳවුරුවල සපයා ඇති පහසුකම් නිරීක්ෂණය කරන ඔහු ඔවුන් ඉක්මණින් යළි පදිංචි කිරීමේ අවශ්‍යතාව රජයට අවධාරණය කිරීමට නියමිත බව ජාත්‍යන්තර වාර්තා පවසයි. ඉදිරි සතිවලදී ඇති වීමට නියමිත මෝසම් තත්වයන්හිදී ඔවුන් රඳවා සිටින කදවුරුවල තත්වය පිළිබඳ ලෝක අවධානය යොමු වී තිබේ. පසුගිය අන්තර් මෝසම් වැසිවලදී ඇතැම් කඳවුරු වැදි දියෙන් යට වී, වැසිකිලි උතුරා ගොස් අනාථයෝ මහත් දුෂ්කර තත්වයකට මුහුණ දුන්හ.



එසේම, යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස වගවීමේ යාන්ත්‍රණයක (Accountability Mechanism) අවශ්‍යතාව ද ඔහු රජයට පෙන්වා දීමට නියමිතය. මෙම කරුණ ශ්‍රී ලංකා රජයේ දැඩි ප්‍රතිරෝධයකට හේතු වී තිබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා