ලබ්බට තිබ්බ අත පුහුලට; දෙමළාට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔන්න දැන් ජවිපෙටත්

(2009 සැප්තැම්බර් 04 - W3Lanka) දකුණු පළාත් සභා මැතිවරණය හා අදාළ ලිපියක් සැකසීම සඳහා ගොස් සිටියදී අනවසර ඇතුල්වීමක් සම්බන්ධයෙන් දෙනියායේදී අත්අඩංගුවට ගනු ලැබූ ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කෙරෙනු ඇතැයි සැලවීමත් සමග ලංකා පුවත්පත හිමි ජනතා විමුක්ති පෙරමුණ තක්කු මුක්කු වී ඇති බව දැනගන්නට තිබේ.


1979දී නීතිගත කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදී ජයප්‍රකාශ් තිස්සනායගම් පසුගියදා විසි වසරක සිර දඬුවමකට ලක් කරන ලදී. 


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙමළ පුරවැසියන්ට එරෙහිව භාවිතා කිරීමේදී ජවිපෙ එය නිහඬව අනුමත කරන ස්ථාවරයක සිටියේය. 


පුහුලට තියන්නේ ද ලබ්බට තිබ්බ අතම බව ජවිපෙ දැන්වත් වටහා ගත යුතුය. 


ලංකා පුවත්පතේ ජනමාධ්‍යවේදීන් වහා නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගන්නා ලෙසද බල කර සිටිමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා