පුවත්පත් මණ්ඩලයට එරෙහිව හා තිස්සනායගම් නිදහස් කරගැනීමට සමුළුවක්


(2009 සැප්තැම්බර් 27 - W3Lanka) ජනමාධ්‍යවේදීන්ගේ දෑතට විලංගු දමා ලියන්නටත්, කියන්නටත් ඇති අයිතිය උදුරා ගන්නට සැරසෙමින් පුවත්පත් මණ්ඩලය යලි සක‍්‍රීය කිරීමට එරෙහිව හා තම මතය ලියූ වරදට ත‍්‍රස්තවාදියෙකු කර, විසි වසරකට සිපිරිගෙට යැවූ මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් නිදහස් කර ගැනීම සඳහාත්, ජනමාධ්‍යවේදීන් බහුතරයකගේ නියෝජනයෙන්ද, සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ, කලාකරුවන්, ආගමික නායකයින් සහ යුක්තිගරුක සමාජයක් උදෙසා පෙනී සිටින සියලූ පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් යුත් දැවැන්ත සමුළුවක් 2009 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා සවස 4.00ට කොළඹ 07, ධර්මපාල මාවතේ, ජයවර්ධන කේන්ද්‍රයේදී (විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට) පැවැත්වීමට සුදානම් කර ඇත.

එදින පුවත් පත් මණ්ඩලයට එරෙහිව ජනතා විරෝධය සටහන් කරන මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ජනමාධ්‍ය නිදහසේ ඇති අගය වටහාගත් අයට මෙම සමුළුව නියෝජනය කරන මෙන් සවිධායකයෝ ඇරයුම් කරති.


සමුළුව කැඳවා තිබෙන්නේ පහත සඳහන් මාධ්‍ය සංවිධාන විසිනි.

x    ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය
x    ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය
x    මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
x    ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය
x    ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංසදය
x    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
x    ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා