පාලිත කොහොනට බ්‍රිතාන්‍යයට වීසා නොලැබේ: ආණ්ඩුව තක්බීර්

(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස අලුතෙන් පත් කරනු ලැබ දොට්ට දමනු ලැබූ දයාන් ජයතිලකගේ පුරප්පාඩුව පිරවීම සඳහා ගිය විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් පාලිත කොහොන බ්‍රිතාන්‍යයට යන්නට ඉල්ලූ වීසාව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩුව දැඩි කෝපයට පත් වි සිටින බව වාර්තා වෙයි. 


විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පීටර් හේස් කැඳවා හේතු විමසීමට නියමිතය. 


පාලික කොහොන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ඇත්තෙකි. 


ඔහුට වීසා ප්‍රතික්ෂේප වීම ලංකාව බටහිර පැරණි ජාත්‍යන්තර හිතවතුන්ගෙන් බිඳී හුදකලා වීම සංකේතවත් කරන සිද්ධියක් ලෙස සැලකිය හැකිය. බ්‍රිතාන්‍යය ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ප්‍රශ්න මතු කරන රටකි. 


ලංකාව ද පසුගිය සමයේ යුරෝපා සංගමයේ සභාපතිත්වය දැන් හොබවන ස්වීඩනයේ විදේශ ඇමතිවරයා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවකටම වීසා ප්‍රතික්ෂේප කළේය.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election