රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සාක්කුවට තට්ටු


(2009 සැප්තැම්බර් 19 - W3Lanka) මේ වන විට රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු, සංස්ථා, සමුපකාර හා සමාගම් ආදියේ සේවකයන්ට වැටුප් ගෙවීමේ බරපතල ප්‍රශ්නයකට රජය මුහුණ දෙමින් සිටින බව ආයතන රාශියකින් ලැබෙන වාර්තා පවසයි. 

බොහෝ ආයතනවල අතිකාල සේවා සීමා කර තිබෙන අතර, දීමනා හා වැටුප් වර්ධක නොගෙවීම, ආපදා ණය ලබා නොදීම, විශ්‍රාම ලබන්නන්ගේ පාරිතෝෂික නොගෙවීම ආදී ගැටළු රැසක් පැන නැඟී තිබේ.


මේ අතර බොහෝ ආයතනවල සේවක අර්ථ සාධක අරමුදලට කරන බැර කිරීම් පවා කර නොමැත. බැංකු ණය වාරික බැර නොකිරීම නිසා අමතර පොලී ගෙවීමට ද සිදු වී තිබේ.

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election