අනාථයන් නිදහස් කරන්න බලපෑම් කරන්න තවත් එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් හෙට එයි


(2009 සැප්තැම්බර් 22 - W3Lanka) ලක්ෂ තුනක් පමණ වන කඳවුරුවල රඳවාගෙන සිටින දෙමළ සරණාගතයන් නිදහස් කරන ලෙස බලපෑම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ සරණාගත අයිතිවාසිකම් පිළිබඳ දූත වෝල්ටර් කලින් බදාදා ලංකාවට පැමිණීමට නියමිතය. 


ලංකාවේ ප්‍රශ්නය නිසි පරිදි මෙහෙයවූයේ නැති බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත බටහිර ජාතීන් වෙතින් චෝදනා එල්ල වී තිබේ. 


ලංකාවේ නායකයන් සමග සාකච්ඡා කරන කලින් අනාථ කඳවුරු බැලීමට යාමට ද නියමිතය. කොටි නායකත්වය සමූලඝාතනය කර යුද්ධය අවසන් කිරීමට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද වෝල්ටර් කලින් ලංකාවට පැමිණියේය.



ගිය සතියේ එක්සත් ජාතීන්ගේ දේශපාලන ප්‍රධානි ලින් පැස්කෝ ද ලංකාවේ චාරිකා කළේය. අනාථයන් යළි පදිංචි කිරීම පිළිබඳව රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අතර මැයි මාසයේ ඇති වූ එකඟත්වය අනුව යන ප්‍රමාණවත් වේගයකින් රජය කටයුතු නොකරන බව කී පැස්කෝ යුද්ධයේ අවසන් සමයේ රජයේ හමුදා අතින් සිදු වූ සීමාව ඉක්මවා යාම් පිළිබඳ සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා