කොහොනට හොඳ නම් අනෙක් අයට නරකද?
(2009 නොවැම්බර් 12 - W3Lanka ) ඕස්ට්‍රේලියා ගුවන් විදුලියේ වැඩසටහනකට සහභාගි වෙමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසන්නේ ඕස්ට්‍රේලියාවට පළා යන ලාංකිකයන් මෙරටින් තල්ලු කරන සාධකවලට වඩා ඇත්තේ ඕස්ට්‍රේලියාවට ඔව්නු ඇදී යන සාධක බවයි. "ඔවුන් ඇත්තෙන් ම ලංකාවෙන් පළා යන්නේ නම් යමකු ඇසිය යුත්තේ ඔව්න් සැතපුම් 22ක් ඈතින් ඇති ඉන්දියාවට පළා නො යන්නේ මන්ද යන්නයි" යි පවසන කොහොන කියන්නේ මේ මිනිසුන් ඕස්ට්‍රේලියාවට පළා යන්නේ එරට වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් බවයි. පාලිත කොහොන යනු මීට කලකට පෙර එසේ ඕස්ට්‍රේලියාවට ලංකාවෙන් ඇදී ගිය එරට පුරවැසියෙකි. කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවත්කම නිසා ලංකාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් වී දේශප්‍රේමියකු බවට පත් විය. ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී ඕස්ට්‍රේලියාව විසින් අත්අඩංගුවට ගෙන රැකවරණ ඉල්ලීම් සලකා බැලීම සඳහා ඉන්දුනීසියාවේ රැඳවීම පිණිස යවා තිබෙන, දැනට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කරමින් සිටින ලාංකිකයන් 78දෙනා පිළිබඳව කොහොන පවසන්නේ එසේ...