Posts

Showing posts from March, 2010

ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය 60,000ක් | Sixty thousand employed in ICT in Sri Lanka

(2010 මාර්තු 31- W3Lanka  )  හැට දහසකට ආසන්න පිරිසක් මෙරට සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන් හි නිරතව සිටින බව සමීක්ෂණයකින් අනාවරණය වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත මෙම සමීක්ෂණය සිදු කර තිබේ. රාජ්‍ය ආයතන 100 ක් පෞද්ගලික ආයතන 350 ක් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරණ කර්මාන්තයේ යෙදී සිටින ආයතන 100 ක් සහ තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 50 ක් මෙම සමීක්ෂණය සදහා සහභාගි කර ගෙන ඇත. සමීක්ෂණයට අනුව වැඩිම පිරිසක් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරතව සිටින්නේ පෞද්ගලික අංශය නියෝජනය කරමින් වන අතර එම ගණන 53963 කි. රාජ්‍ය අංශය නියෝජනය කරමින් 3019 ‍ක් එම රැකියාවන් හි නිරතව සිටී. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි යෙදී සිටින පිරිස පසුගිය 2009 වසරට වඩා සියයට විස්සකින් පමණ වැඩිවී තිබෙන බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙහි පිරිමි නියෝජනය සියයට 79 ක් පමණ වන අතර කාන්තා නියෝජනය සියයට 21ක් පමණ වේ.

ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් සිසන් ටූ රෝ.ල. පියදාස ඉදිරියෙන් | Opinion Polls Super Star Season 2 Rohana Lakshman Piyadasa leads

Image
(2010 මාර්තු 31- W3Lanka  )   ඔන්න මේ පාරත් ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගය පැවැත්වෙනවා. අනුග්‍රහය ආණ්ඩුවෙන් ම තමයි. මාධ්‍ය අනුග්‍රහය දිනමිණ, ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය. මේ පාරත් සුපර් ස්ටාර් ලෙස ඉදිරියෙන් ඉන්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තමයි. එතුමා ඉතින් කොහොමත් වැඩකාරයානේ. මතකද එයා ජනාධිපතිවරණය ගැන කියපු හැටි: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. "විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩාත් ද

මෛත්‍රීපාල සිරිසේන අරලියගහමන්දිරයට යවන්න පතන සමසමාජෙට දෙයියන්ගේ පිහිටයි | God bless Samasamaja that wants to send Maithripala Sirisena to Temple Trees:

Image
අයං වස්සාන කාලෝ මාව බේරන් කාලෝ  (2010 මාර්තු 31- W3Lanka  )  පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණ සමයේ පොළොන්නරුවේ ඡන්ද කෙරුවාවේ ගිය ඩිලාන් පෙරේරා කීවේ මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ අනාගත අගමැති බවයි. ඔහු ආපසු කොළඹ එන විට ඔහු දැරූ එක් ඇමති තනතුරක් වන අධිකරණ ඇමතිකම අහිමි වී තිබිණි.  පසුගිය දිනෙක මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය දියත් කිරීම හා ඔහු පිළීබඳ පොතක් පළ කිරීම නිමිත්තෙන් බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද උත්සවයකදී පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන බඳු පරමාදර්ශී චරිතයක් සිටිය යුත්තේ අරලියගහමන්දිරයේ බවයි. ඒ ප්‍රාර්ථනාව අනාගතයේදී ඉටු වනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළ කළේය.  අරලියගහමන්දිරය යනු හරි නම් අගමැති නිල නිවසයි. එහෙත් විධායක ජනාධිපති බලතල යටතේ 2005 සිට එය ජනාධිපතිවරයාගේ වාසභවන බවට පත් කරගෙන තිබේ.  මහාචාර්ය කාලෝ ෆොන්සේකා අදහස් කළේ මෛත්‍රීපාල සිරිසේන අගමැති වනු ඇද්ද, ජනාධිපතු වනු ඇද්ද යන්න අපි නොදනිමු.  එහෙත් අපි ඇමති තිස්ස විතාරණ පිළිබඳ කණගාටු වෙමු. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එතෙර වී විද්‍යා හා තාක්ෂණ ඇමතිකම වැනි පතෝල ඇමති පුටුවක් තව කලක

ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White

Image
(2010 මාර්තු 30- W3Lanka  )  ලංකාවේ අගමැති නිල නිවාසය හෙවත් ජනාධිපතිගේ නවාතැන වන අරලියගහමන්දිරය දැන් ලොව පුරා ධනවත්, ජනප්‍රිය පුද්ගලයන්ට ආයුර්වේද වෛද්‍ය හාස්කම් සපයන ස්ථානයක් ද බවට පත් වී තිබේ. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනාවක් යවා ඇත. සිවුවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ඇති ඩේවිඩ් බෙකම්ට යළිත් ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ශ්‍රී ලංකාවේදී ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඩේවිඩ් බෙකම් වෙත ආරාධනා පත්‍රයක් යවා ඇති බවයි. ඩේවිඩ් බෙකම් පසුගිය 14 වැනිදා ඉතාලියේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදී පාදයේ බත් කෙණ්ඩේ ආබාධයකට ලක්ව පසුව පින්ලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මාස හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට වෛද්‍ය උපදෙස්

සුසිල් ප්‍රේම ජයන්ත තමන් බේරා දෙන්නැයි තිස්ස අත්තනායකගෙන් ඉල්ලයි | SOS call from Sri Lanka ruling alliance secretary to his opposition counterpart

Image
(2010 මාර්තු 30- W3Lanka  )  පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවෘත රූපවාහිනි සජීව සංවාදයකට එන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන ජනාධිපතිගේ සහයෝගය ලැබෙන විමල් වීරවංශ වැනි අය හමුවේ මනාප පොරය පරාජය වීමේ අනතුරට මුහුණ දී සිටින මේ අසරණ ඇමතිවරයාට පිහිට වීම තිස්ස අත්තනායකට කළ හැකි මහා සේවාවකි. මක් නිසාද යත් මෙම විවාදය මුවාවෙන් ප්‍රේම ජයන්තට අමතර මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගත හැකි ය. තිස්සගේ නායකයා ඔහු ජාතික ලැයිස්තුවට දා දුන් නමුත් සන්ධානයේ ලේකම් වෙලාත් සුසිල්ට එහෙම චාන්ස් එකක් නොලැබිණි. ඒ චාන්ස් එක ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කමට කෙළ හළමින් සිටින ඩලස් අලහප්පෙරුමටයි. ඒ මදිවාට දැන් ලොක්කා කින්නේ මනාපවලින් පරදින එවුන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදෙන බවයි. පැරදුණොත් ප්‍රේම ජයන්තට වන්නේ ආපසු අලුත්කඩේ යන්නයි. ඒ මදිවාට රජ ගෙදර පරවියා වන විමල් වීරවංශ ද ඊයේ පෙරේදා කොට්‌ටාව, මාකුඹුර, මැතිවරණ ශ්‍රවණාගාරයේ පැවති ගුරුවරුන්

W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

Image
(2010 මාර්තු 29- W3Lanka  )  ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ. 'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි: රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ ම‍හින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ. මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි. "අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි. "එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙ

ධනවාදය සමග සෙට් වන ජාතිවාදයද? ජාතිවාදය සමග සෙට් වන ධනවාදයද? | A nationalism that goes with capitalism or a capitalism that goes with nationalism for Sri Lanka?

Image
(2010 මාර්තු 27- W3Lanka  )  සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි: Sri Lanka lost a "priceless" promotional opportunity by banning the US star Akon from performing at a concert in Colombo following protests from Buddhist monks, the tourism minister said Thursday. The rapper's concert on April 24 was blocked after monks complained about his "Sexy Bitch" music video featuring women in bikinis dancing around a pool. A Buddha statue was visible briefly in the background. "We were expecting about 5,000 to 6,000 tourist from India, Maldives and Malaysia to watch the show. The mileage we would have got would have been priceless," Achala Jagoda told reporters in Colombo. ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.  ඒකොන්ට ව

2010 දෙවන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල දිනමිණ අනුග්‍රහයෙන් ලේක්හවුස් කැන්ටිමේදී | 2010 second Filmfare awards held in Lake House canteen sponsored by The Dinamina

Image
ශිල්පා ෂෙට්ටි නංගි  2010දි නම් ඔය සෙල්ලම් බෑ. බුරියට ප්ලාස්ටර් කැල්ලක්වත් ගහගන්න (2010 මාර්තු 26- W3Lanka  )  අන්තර්ජාතික ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පැවැත්වීම සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බවට හා ආරක්‍ෂක, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශවල ද සහයෝගයෙන් මේ උළෙල ලබන ජුනි 02 දා සිට 04 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා දෙන බව සංචාරක කටයුතු අමාත්‍ය අචල සුරංග ජාගොඩ පැවසූ බවට පට්ට පල් කෙබරයක් අද දිනමිණ කියා තිබේ. 2010 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 27දා පැවැත්විණි. එය නැවත පවත්වන්නට යන්නේ මන්දැයි විපරම කළ අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ පවත්වන්නට යන්නේ International Indian Film Academy (IIFA) Awards බවයි. ඇත්තෙන් ම ලංකාව මෙම චිත්‍රපට උළෙල ලංකාවේ පැවැත්වීමට උත්සාහයක් දැරූ බවක්වත් කලින් වාර්තා වූයේ නැත. බොහෝ දෙනෙක් අනුමාන කළේ එය දකුණු කොරියාවේ සියොල්හි හෝ අයර්ලන්තයේ හෝ පැවැත්වෙනු ඇති බවයි. ඉන්දියාව මෙය ලංකාවට බලෙන් මෙන් දී ඇත්තේ ලංකාව දැපනෙ දමා ගැනීමේ ඉන්දීය ප්‍රයත්නයේ කොටසක් ලෙසයි. IIFA සංදර්ශනයෙන් පසුව

ඒකොන් සමග නටමින් සාදුලා සමග ගල් ගැසීම | Dancing with Akon and pelting stones with Buddhist monks

Image
(2010 මාර්තු 26- W3Lanka )  ඉංග්‍රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්‍රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය. මහින්ද චින්තනය යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්‍රියායි. අපේ රජ්ජුරුවන්ට මෙන් ම ගෝල බාලයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. අලුත්ම උදාහරණය ඒකොන් නාඩගමයි. ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්‍ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය. ඩයලොග්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්‍රීඩා සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. බැනුම් ඇසූ සිරස නම් ඇත්තෙන් ම මේ පිටුපස තමන් නොසිටි බව කියයි. අනේ පව්!

ඒකොන්ගේ සෙක්සි චික් වීඩියෝවේ බුදු රුව ගැන කදිම පාඨක අදහසක්

Image
උදිත    විසිනි (මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත. මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ. බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...? මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ. රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.

ජාතිවාදය හා ජාතිකවාදය | Nationalism and nationalist chauvinism

Image
අජිත් පැරකුම් ජයසිංහ - පසුගිය සතියේ අප විසින් සම්පාදනය කරන ලද ලිපියට අන්තර්ජාලය හරහා ප්‍රතිචාර දැක්වූ පාඨකයෙක් අප "සිංහල අයට 'ජාතිවාදීන්' (racist) කියාත් දෙමළ අයට කයන්නක් එක් කර 'ජාතිකවාදීන්' (nationalist) කියාත්" භාවිතා කරන්නේ මන්දැයි අසා තිබිණි. එහෙත් මෙම ලිපියේ කොතැනකවත් එසේ භාවිතා කර නොතිබුණු අතර අපගේ ලේඛනවල අප එසේ භාවිතා කර තිබේ යයි ඔප්පු කරන ලෙස අප එම පාඨකයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඉන් පසු නිහඬ විය. මෙම වචන පිළිබඳව අප මුල සිට ම සංවේදී වුණෙමු. 'ජාතිවාදය' යන වදන අප භාවිතා කළේ නිශ්චිත අරුතකින් යුතුව සීමිත අවස්ථා ගණනාවකදී පමණි. මෙවැනි අභූත චෝදනාවක් මතු කිරීම ද අප දකින්නේ සිංහල ජාතිවාදී හීනමාන සිතීමක ප්‍රතිඵලයක් ලෙසයි. එය එසේ වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම සඳහා මෙම වචන හා ඒවායින් ප්‍රකාශ වන සංකල්ප පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ යුතු යයි සිතමි. මෙහිදී අප උත්සාහ කරන්නේ ලාංකීය සංදර්භය තුළ හා සිංහල භාෂීය අවකාශය තුළ මෙම වචන සඳහා අරුත් ලැබෙන ආකාරය විමසා බැලීමටයි. එහෙයින් ජාතිකවාදය හෙවත් nationalism පිළිබඳ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි බසින් නිර්මිත විදග්ධ කත

විදේශ ශ්‍රමිකයිනි, ඔබේ වටිනා ඡන්දය මේ ආණ්ඩුවට දී ඔබ දුක සේ උපයා එවූ මුදලින් මේ දේශපාලන හා රජයේ සේවක පරපෝෂිතයන් නඩත්තු කරනවාද? | Expatriate workers, will you maintain these parasites further with your hard earned remittances?

Image
(2010 මාර්තු 24- W3Lanka )  විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්.සිරිසේන පවසන පරිදි විදේශ රැකියාවල යෙදෙන ලාංකිකයන් ඇමරිකන් ඩොලර් බිලියන 3.3ක හෙවත් රුපියල් කෝටි 33000ක විදේශ විනිමය 2009දී ලංකාවට එවා තිබේ. ඒ අනුව, 2009දී ලංකාවේ ප්‍රධාන වදේශ විනිමය උත්පාදන මාර්ගය වී ඇත්තේ විදේශ රැකියායි. ආණ්ඩුවේ දේශපාලකයන් විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන්ගෙන් ආරම්භයේදී ම සැලකිය යුතු මුදලක් ගසා කති. මෙම විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කරන එකම වැදගත් සේවය වන්නේ යම් පුද්ගලයකු එතෙරදී මිය ගියහොත් මාස ගණනක් පමා වී හෝ මිනිය මෙරටට ගෙන්වා දීමයි. ‍සේවයේ යෙදී සිටින හෝ ආපසු මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ඵලදායී සුබසාධන සේවයක් සපයන්නේ නැත. මේ මිනිසුන් එතෙරදී දහ දුක් විඳ උපයාගෙන එන මුදලින් ආණ්ඩුව කරන්නේ තමන් ඇතුළු පරපෝෂිතයන් රොත්තක් නඩත්තු කිරීමයි. දේශපාලකයන් සහ රජයේ සේවකයන් නම් වන මෙම පරපෝෂිතයන්ට නිකම් සිට වැටුප් ගැනීමට හා මැරෙන තෙක් විශ්‍රාම ලැබීමට ද පහසුකම් රජය විසින් සපයා තිබේ. රටට විදේශ විනිමය ගෙන එන විදේශගත ශ්‍රමිකයන්ට මේ කිසිවක් නැත. එපම

සිරසට බෞද්ධ ගල් කැන්දූ ඒකොන්ගේ සෙක්සි චික් | Akon's Sexy Chick that made Buddhist extremists attack Sirasa

Image
(2010 මාර්තු 23- W3Lanka )   දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ. ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි. මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත. එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානය

ග්‍රාමසේවක සමෘද්ධිය කැපුවාම අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න පුළුවන් | Now Sri Lankans can complain via internet when the village officer cut your poverty concession

Image
(2010 මාර්තු 23- W3Lanka )  2008දී 1,672,159ක් හෙවත් ලක්ෂ දාසය හමාරකට වැඩි සමෘද්ධිලාභීන් පිරිසක් ලංකාවේ සිටි බව රාජ්‍ය ආදායම් හා මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා 2009 මැයි 05දා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2006/2007 වර්ෂවල ආදායම රු.6283/-ට වඩා අඩු පවුල් සංඛ්‍යාව 452,000ක් වූ බව ද සියඹලාපිටිය මහතා පැවසීය. මේ දුප්පත් සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඉ - සමෘද්ධි ව්‍යාපෘතිය යටතේ පියවර ගෙන ඇති බව එම ආයතනය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.එමගින් සමෘද්ධිලාභියෙකුට තමන් ජීවත් වන ප්‍රදේශයේ සිටම සමෘද්ධි අධිකාරිය සමග සබඳතා ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමෘද්ධිලාභීන්ට මුහුණ පෑමට සිදු වන විවිධ දුෂ්කරතා ගැටළු මෙන්ම සමෘද්ධිලාභියෙකු වශයෙන් තමන් බුක්ති විඳින වරප්‍රසාද ‍සහ පහසුකම් පිළිබද කරුණු කාරණා ගැනද සමෘද්ධි අධිකාරිය දැනුවත් කිරීමට හැකියාව ලැබේ. නැණසල මධ්‍යස්ථාන හරහා සමෘද්ධිලාභීන්ට අධ

රෝහිත රාජපක්ෂ හා අමිල සඳරුවන් | Rohitha Rajapaksa and Amila Sandaruwan

Image
හම්බන්තොට දී ඉකුත් සතිඅන්තයේ පැවැති “කාල්ටන් සුපර් ක්‍රොස්” තරගාවලියේදී මෝටර් රථ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් ජනපති පුත් රෝහිත රාජපක්‍ෂට උණුසුම් සුබපැතුම්! දස මසක් කුසේ හොවා වැදූ අම්මා විසින් කළු ගඟට විසි කර මරා දමන ලද සෙල්ලම් කාරයක්වත් නොදුටු අමිල සඳරුවන් පුතාට නිවන් සැප ලැබේවා!

අප්‍රේල් 01 මෙරට ජාතික දිනය කරනු! | Declare April 01 our national day

Image
(2010 මාර්තු 23- W3Lanka )   අප්‍රේල් 01දාට ඇත්තේ තව සතියකටත් අඩු කාලයක් බැවින් විශේෂයෙන් ම සිංහල ජනතාව මෙම යෝජනාව හදිසි කාරණයක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබේ. ලෝකය පුරා ම අප්‍රේල් 01දා මෝඩයන්ගේ දිනය ලෙස සැලකුන ද ලංකාවේ මිනිසුන්ට නම් මෙම දිනය ඊට වඩා ජාතික වැදගත්කමකින් යුක්ත ය. අප්‍රේල් 08දා ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වේ. මේ මැතිවරණයේදී ලංකාවේ මිනිසුන් ඡන්දය දෙන්නේ ළමයා ඉස්කෝලෙකට දමා ගැනීම සඳහා ලියුමක් ගැනීම, රැකියාවක් සොයා ගැනීම, පාර කොංක්‍රීට් කර ගැනීම වැනි කාරණා සඳහා ය. දැන් හැට දෙවසරක් තිස්සේ ලාංකිකයෝ මන්ත්‍රීවරු පත් කරති. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට මිස බෝක්කු, පාලම් හැදීමට නොවන බව ලාංකිකයෝ නොදනිති. ඔවුන් විසින් පාර්ලිමේන්තුවට යවනු ලබන බෝක්කු පොරවල් ද ඒ බව දන්නේ නැත. උන්ගෙන් ඇතැමෙක් සිතන්නේ රටේ නීතිය විය යුත්තේ තමන් ය කියායි.  මන්ත්‍රීන් ඇතුළු රජය නඩත්තු කිරීම සඳහා මේ රටේ ජනතාව ගැලේ බැන්ද ගොනුන් ලෙස වැඩ කර දහ දුක් විඳ බදු ගෙවති. එහෙත් බදු ගෙවන බව නොදනිති. ඔවුන් සිතන්නේ ලාම්පු තෙල් බෝතලය අරාබියෙන් එනකොටත් මේ ගාන ම යයි කියා ය. පිටි කිලෝ එක ඇ

මේ ක්‍රමය සම්පූර්ණ කිරීමට රාජපක්ෂවරුන්ට ඉඩ දෙන්න | Let Rajapaksas finish off what they initiated

Image
(2010 මාර්තු 22- W3Lanka )  සිදු වන ඇතැම් විනාශයන් වැළැක්වීම නොකළ හැක්කක් වූ විට අපට කළ හැකි එක් දෙයක් වන්නේ ඒවාට අදාළ විනාශය ඉක්මණින් ම සම්පූර්ණ කිරීමට උදව් කිරීමයි. ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් මෙම මහ මැතිවරණයට අදාළව ජනතාවට ඉහත කී ස්ථාවරයට එළඹිය හැකිය. මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලන විට තුනෙන් තුනම දී සියල්ල සම්පූර්ණ කර දෙන්නට හැකි නම් හොඳ ය.  පහත පළ වන්නේ අද දිවයින හා දිනමිණ පුවත්පත්වලින් උපුටා ගත් පුවත් දෙකකි. දේශපාලන රැස්‌වීම් ඇමතීමට මට කාගෙන්වත් තහනමක්‌ නෑ ගෝඨාභය රාජපක්‌ෂ නෝමන් පලිහවඩන තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා "දිවයින"ට ඊයේ උදේ ප්‍රකාශ කළේය. රාජපක්‌ෂ මහතා මෙසේද පැවැසීය. මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්‌වීම් අම

වීසි කරන්නට දරුවන් තනනා ලංකාවේ තවත් සිද්ධියක්

Image
(2010 මාර්තු 22- W3Lanka )  මෙන්න ස්වර්ණවාහිනිය ඇතුළු ලංකාවේ ජනමාධ්‍යවලට විකුණාගෙන කෑම සඳහා තවත් සිද්ධියක්. ලංකාවේ පිරිමි වීරයන්ට වෛර කිරීමට තවත් ගැහැනියක්.  මේවා සමාජ ප්‍රශ්න නොව ගැහැනුන්ගේ දුර්ගුණ යයි තර්ක කරන්නන්ට බණට නිමිත්තක්. උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි. උපන් ගමන් බිළිඳා පොලිතින් උරයක බහා ගඟට විසි කරලා අම්බලන්ගොඩ පස්‌ දරු මව අත්අඩංගුවට අම්බලන්ගොඩ - චන්ද්‍රසිරි ජසෙන්තුලියන,ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි - ලලිත් චාමින්ද බංගලිදේශ ජාතිකයකුට දාව බිහි කළ පිරිමි දරුවකු ඉපදී පැය තුනක්‌ යන්නට මත්තෙන් පොලිතීන් උරයක බහා ගඟට විසිකළ බව කියන පස්‌දරු මවක්‌ ඊයේ (21වැනිදා) අලුයම අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්‌ හදිසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරක්‌ මත ගඟට විසිකොට තිබූ බිළිඳු සිරුර පෙරේදා (20 දා) සවස අම්බලන්ගොඩ පොලිසිය මගින් අම්බලන්ගොඩ තල්ගස්‌ගොඩ හල්වතුර ගඟේ පා වෙමින් තිබියදී සොයාගත් අතර පසුව බිළිඳු සිරුර බළපිටිය මූලික රෝහලට භාර දී තිබේ. සොයාගන්නා විට බිළිඳු සිරුරේ මුඛය හා නාසය වැසෙන සේ රෙදි පටි ඔ

රට බල්ලට ගියා - බල්ලො විදේශ සේවයට ගියා | Sri Lanka goes to dog as dogs go to foreign service

Image
(2010 මාර්තු 22- W3Lanka )   තමන් නවාතැන් ගත් නිවසේ තිබූ වටිනා චිත්‍රයක් සහ කෞතුක වටිනාකමකින් යුත් චිත්‍රයක් සොරකම් කර ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ජපානයේ සේවය කළ ලාංකික විදේශ සේවා නිලධාරියෙකුට එරෙහිව ජපන් ජාතික නිවෙස් හිමියකු පැමිණිලි කර තිබේ.  මෙම තානාපති පියානෝවක්, ඇඳක් හා මේසයක් ද සොරකම් කර ඇතත් ඒ‍වා ඔහුට තෑගි වශයෙන් දීමට ජපන් ජාතිකයා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. එහෙත්, ඉහත කී භාණ්ඩ දෙක දෙන තෙක් තානාතිට කුලියට දී තිබූ නිවසේ  තුලී අත්තිකාරම ආපසු ගෙවීම අත්හිටුවීමට නිවෙස් හිමියා තීරණය කර ඇත.  මේ හොරා විදේශ සේවයට දේශපාලන පත්වීමක් ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංවිධානයේ සාමාජිකයකු බව ද වාර්තා වේ.  ගිය වසරේ ජපානයට ගිය ලංකා අගමැතිට ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබුණේ සාමාන්‍ය වීසා බැවින් ඔහුට නැරිටා ගුවන් තොටුපළේ පැය භාගයක් පමණ රැ‍ඳෙමින් ඇඟිලි සළකුණු පවා දෙන්නට සිදු විය.  (මාතෘකාවෙන් සිත් රිදවීමක් සිදු වී තිබේ නම් බල්ලන්ගෙන් සමාව අයදිමු.) 

එන එන හැටියට ගහ උළුවස්සා රාජ්‍ය පාලන න්‍යාය | The ball by ball theory of governance

Image
(2010 මාර්තු 22- W3Lanka )   අපේ ගරු ජනාධිපතිතුමා කලක් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති ධුරය ද හෙබවූයේය. එහෙත් පසුව ඇමතිකමක රස විඳින්නට එජාපයෙන් ආණ්ඩුවට කරනමක් ගැසූ අම්පාරේ පී. දයාරත්නට සූප්පු කරන්නට මේ අමාත්‍යංශ ලෙල්ල දී දැම්මේය. දයාරත්න උන්නැහේ මොනවා සැලසුම් කරනවාදැයි දන්නේ දයාරත්න පමණි.  සැලසුම් ක්‍රියාත්මක කරන්නට නම් සැලසුම් සැකසිය යුතුව තිබේ. පාර්ලිමේන්තුවේ නිල කාලය 2010 අප්‍රේල් මාසයෙන් අවසන් වන බව ජනාධිපතිතුමා දැන සිටිය යුතු ය. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවීමට හා මහ මැතිවරණ කැඳවීමට සැලැස්මක් තිබිය යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවනවා නම්, ඊළඟ පාර්ලිමේන්තුව කැඳවන තෙක් කටයුතු කලින් සැලසුම් කර තිබිය යුතු ය. එහෙත් දැන් සිදු වන්නේ එය නොවේ. ජනාධිපති පෙබරවාරි 06දා පාර්ලිමේන්තුව විසුරුවයි.  මාර්තු මුල වන විට තව දින කීපයකින් හදිසි නීතිය අහෝසි වී යන බව එතුමා දැන ගනියි. එවිට විධායක ජනාධිපති බලතල පාවිච්චි කර හදිසි නීතිය මසකින් දීර්ඝ කරනු ලැබේ. එහෙත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු ය. එවිට විධායක ජනාධීපති බලතල පාවිච්චි කර විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබේ. එවිට පාර්ලිමේ