සිරසට බෞද්ධ ගල් කැන්දූ ඒකොන්ගේ සෙක්සි චික් | Akon's Sexy Chick that made Buddhist extremists attack Sirasa

(2010 මාර්තු 23-W3Lanka)  දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ.


ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි.


මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත.


එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානයකි. මෛත්‍රිය මත පදනම් වූ අවිහිංසාවාදී දහමක් දෙසූ බුදුන්ගේ බුදු දහම අදහන සැබෑ බෞද්ධයන් මේ අන්දමේ මැර ක්‍රියාවල යෙදෙන්නේ නැත. මේ බෞද්ධයන් වනාහි බුදුන්ගේ නොව අගනාගරික කාමසුඛල්ලිකානුයෝගී අසපුවල වෙසෙන දේශපාලන ගනින්නාන්සේලාගේ ආගමේ නරුමයෝ වෙති.


මේ ඊනියා බෞද්ධයන් ද කරන්නේ දෙමළ හා මුස්ලිම් ජනයාටත්, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වලටත් ඇටෑක් එකට තැන නොතැන නොබලා අතන, මෙතන, හැම තැන ම බුද්ධ රූප ලෙස මොවුන් හඳුනා ගන්නා කිසිදු කලාවකට අඩංගු නොවන මැටි හා සිමෙන්ති ගොඩවල් ඇටවීමයි. ඔවුහු ඒකොන්ගේ වීඩියෝව වැනි ඒවා හදමින් හැම තැන ම රෙති.


ඒකොන්ලා මෙන්ම මේකුන්ලා ද බුදු දහම නසති. බුදු හිමියන් ගැන සපුරා වෙනස් චිත්‍රයක් ජාත්‍යන්තරව නිර්මානය වන්නට මේ බොරු බෞද්ධයන්ගේ පඩ ෂෝ සෑහෙන්න ඉවහල් වේ. 


පහත ඇත්තේ ඒකොන්ගේ සෙක්සි චික් ගීයේ පද මාලාවයි. වීඩියෝව මෙතැනින් නරඹන්න.

Yes I can see her
Cause every girl in here wanna be her
Oh shes a diva
I feel the same and I wanna meet her

They say she low down
Its just a rumor and I don't believe em
They say she needs to slow down
The baddest thing around town

She's nothing like a girl you've ever seen before
Nothing you can compare to your neighborhood girl
I'm tryna find the words to describe this girl without being disrespectful
The way that booty movin' I can't take no more
Have to stop what i'm doin so I can pull her close
I'm tryna find the words to describe this girl without being disrespectful

Damn girl
Damn you'se a sexy chick
A sexy chick
Damn you'se a sexy chick
Damn girl

Damn you'se a sexy chick

A sexy chick
Damn you'se a sexy chick
Damn girl

Yes I can see her
Cause every girl in here wanna be her
Oh shes a diva
I feel the same and I wanna meet her

Comments

  1. දැන් ඉතින් අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැජඹෙයි. ඔන්න මේ යෝදයට වීසා දෙන එක ආණ්ඩුවෙන් අත්හිටවලලු

    ReplyDelete
  2. මෙම වීඩියෝව බලන්න ඔහු බාල වයස්කාර තරුණියක් වේදිකාව මතට ගෙන ඇය සමග රමණයේ යදෙන ඉරියව් සජීවීව නිරෑපණය කරනවා.
    http://www.youtube.com/watch?v=tXW-ZEx_Kfs&feature=related

    ReplyDelete
  3. We are the followers of so called purest Buddhism in the world. Buddhism is what we hear, see and feel everyday. But where are we in our values? Most of us Buddhists in Sri Lanka think we are the best people in the world, we don't sin. When you live in a country where sanity prevails you can clearly see this difference. It reminds me of the song written by Ven. Rambukkana Siddhartha Thero, 'Budu bana ahuwath niranthare...gathi guna athin api thawamath wananthare.....'

    ReplyDelete
  4. buddhist extremists my a**!!!!!! its called fishing in murky waters,and we as a nation are very good at it.

    ReplyDelete
  5. Akon ලංකාවට ගෙන්වීමේ පුරෝගාමියෝ සංචාරක ප්රවර්ධන අමාත්යංශය බව හෙළි වෙයි.
    මුනුත් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්රණය කරල මේන්.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත.මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ.බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් නම් මර දූවරැ බුදුන් අභියස නටන සිතුවම්...?මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ.රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා