අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම හෙවත් ජවිපෙට එළඹ සිටි සිහිය පහළ වීම | JVP regaining consciousness after the horse bolted from the stable

(2010 මාර්තු 09-W3Lanka)  මෑත ඉතිහාසයේ පළමු වතාවට ජවිපෙ හදිසි නීතියට එරෙහිව ඡන්දය දී ඇත. හදිසි නීතියට එරෙහිව ඡන්දය දෙන දරුවා උපදින්නේ පශ්චාත් ප්‍රභාකරන් යුගය ඇරඹී දස මසකට ඉක්බිතිව ය. 


ඒ වනාහි 2004 සිට පැවති ජවිපෙ පාර්ලිමේන්තු රන් යුගය නිමා වී පාර්ලිමේන්තුව විසුරුවා හැරියාටත් පසුවයි. ඒ වන විට හදිසි නීතියට විරුද්ධව ජවිපෙ නඟන හඬ අතිශය දුබල ය. 2010 අප්‍රේල් 22 රැස් වන පාර්ලිමේන්තුවේ මේ හඬ මීටත් වඩා දුබල විය හැකි ය. 


හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් මෙරට සාමාන්‍ය නීතිය බවට පත් කරමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධීපති උන්මත්තකයන් ඔසවා තැබීම සඳහා ජවිපෙ විශාල කාර්යභාරයක් කළේ ය. ලාංකීය සමාජය මන්ද බුද්ධික තත්වයට පත් කිරීම සඳහා ජවිපෙ විසින් කරන ලද වැඩ කොටස සමාව දිය හැකි එකක් නොවේ. 


තමන් විසින් ම කවා, පොවා, ඇතිදැඩි කර මුදා හරින ලද දඩ බල්ලන් දැන් ජවිපෙ පසුපස හඹා එන විට පවා මරණ මංචකයේ ලගින තෙක් ම ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වූයේ නැත. 


කෙසේ හෝ වේවා, ජවිපෙට එළඹ සිටි සිහිය පහළ වීම නරක දෙයක් නොවේ. 

Comments

  1. ඔහෙගෙ පන්ඩිත වදන් කිසි තේරුමක් නෑ. මේ කියන දේවල් විෂය මූලික පතයෙන් සපුරා වෙනස්. ප්‍රවෘති ලියනවිට මීට වඩා වගකීම් සහගත වන්න. ස්තුතියි!!

    ReplyDelete
  2. රොෂාන්,
    ඔබ ඔය කියන විෂය මූලික පතය (පථය) නම් බරපතල දෙය කුමක් වුවත් ඇත්ත නම් මේ තිත්ත කාරණයයි. 1994ට වඩා දැන් වෙනස වන්නේ විරුද්ධ මත පළ කරන්නන්ට එරෙහිව චංඩි පාට් දැමීමට තරම්වත් ශක්තියක් ජවිපෙට නැති වීමයි. ඔබ ජවිපෙට ආදරේ නම්, අන්ධ භක්තිකයකු නොවී ඇත්තට මුහුණ දෙන්න. පක්ෂ සාමාජිකයන්ට නායකයන් ගිල්ලන විෂය මූලික පතය වැනි සීනි බෝල ස්වාධීන මිනිසුන්ට ජීර්ණය කරවිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  3. ජේවීපී නායකයන් හරියට අර එක එක ස්ටාර්ල බිහිකරන රූපවාහිනි නාලිකා වගේ. හැමදාම කවුරු හරි අහසට උස්සල තියල පස්සෙ පිස්සුවෙන් දඟලනව. චන්ද්‍රිකා,මහින්ද තරු බවට පත් කලේ මෙයාලයි. පොලොවෙ ජීවත්වෙන ‍මිනිස්සු තමන් බිහිකලත් තරු අයිති අහසට බව තේරුම් ගත යුතුය. මොවුන් දැන්ද කරමින් සිටිනුයේ එයයි. අද ඔවුන් පොන්සේකා මහතා අහසට ඔසවා තැබීමට වෙර දරයි. පොන්සේකා මහතා තරුවක් වුන දවසට ආපසු ඔහුට එරෙහි වෙන්නත් ජ.වි.පෙ. ට සිදුවේද?

    ReplyDelete
  4. ane ara roshan, vani vishaya mulika pathaye giya jvp karayonge mokakdo aduvak thiyenava, ohoma ka gahala janthaava ravatala,komiunist,nameth paharala, janathava andavala, anthimata navathinne koheda kiyal ,veeravansa ,gundana nanathilakala,vage vishaya patha desabapu, gobilo
    hoda udaharana, ane munge vishaya patha.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා