2010 දෙවන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල දිනමිණ අනුග්‍රහයෙන් ලේක්හවුස් කැන්ටිමේදී | 2010 second Filmfare awards held in Lake House canteen sponsored by The Dinamina

ශිල්පා ෂෙට්ටි නංගි
 2010දි නම්
ඔය සෙල්ලම් බෑ.
බුරියට ප්ලාස්ටර් කැල්ලක්වත්
ගහගන්න
(2010 මාර්තු 26-W3Lanka ) අන්තර්ජාතික ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පැවැත්වීම සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බවට හා ආරක්‍ෂක, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශවල ද සහයෝගයෙන් මේ උළෙල ලබන ජුනි 02 දා සිට 04 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා දෙන බව සංචාරක කටයුතු අමාත්‍ය අචල සුරංග ජාගොඩ පැවසූ බවට පට්ට පල් කෙබරයක් අද දිනමිණ කියා තිබේ.


2010 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 27දා පැවැත්විණි. එය නැවත පවත්වන්නට යන්නේ මන්දැයි විපරම කළ අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ පවත්වන්නට යන්නේ International Indian Film Academy (IIFA) Awards බවයි. ඇත්තෙන් ම ලංකාව මෙම චිත්‍රපට උළෙල ලංකාවේ පැවැත්වීමට උත්සාහයක් දැරූ බවක්වත් කලින් වාර්තා වූයේ නැත. බොහෝ දෙනෙක් අනුමාන කළේ එය දකුණු කොරියාවේ සියොල්හි හෝ අයර්ලන්තයේ හෝ පැවැත්වෙනු ඇති බවයි. ඉන්දියාව මෙය ලංකාවට බලෙන් මෙන් දී ඇත්තේ ලංකාව දැපනෙ දමා ගැනීමේ ඉන්දීය ප්‍රයත්නයේ කොටසක් ලෙසයි. IIFA සංදර්ශනයෙන් පසුව පැවැත්වීමට නියමිත බලය බෙදීමේ සංදර්ශනය සඳහා ලංකාවේ පසුබිම සකසා ගැනීම සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ඇතැමෙක් පවසති.


මේ බව දැනුම් දීම සඳහා සංචාරක අමාත්‍යංශය විසින් ඊයේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී මාධ්‍යකරුවන්ගේ වැඩි අවධානය යොමු වුණේ ඒකොන් සංදර්ශනයට සංචාරක අමාත්‍යංශයේ සම්බන්ධය පිළිබඳවයි. සංචාරක ඇමති සහ අමාත්‍යංශ නිලධාරීන් සිය ඉරුණු කලිසම් පස්සවල් දෑතින් වසා ගැනීමට යත්න දරමින් සිටින අකර දිනමිණේ වාර්තාකාරිනය හීනයක් දැක තිබේ. ඒ හීනෙන් ඇය දැක ඇත්තේ 'පා' චිතුපටය වෙනුවෙන් අමිතාබ් බච්චන් හා විද්‍යා බාලන් සුගතදාස ක්‍රීඩාංගනයේදී හොඳම නළුවා හා නිළිය සම්මානය දිනා ගන්නා අන්දමයි.


IIFA ලංකාවේ පැවැත්වීමට සංචාරක අමාත්‍යංශය ජාතික හෙළ උරුමයෙන් අවසර ගත්තා ද යන්න තවම දැනගන්නට නැත. කෙසේ වෙතත්, මෙම සංදර්ශනයේ ප්‍රසාංගික නිරූපණයන් කරන කාන්තාවන්ට දිග ගවුම් ඇඳ නටන්නට සිදු වනවා නිසැකය. බුරිය හෝ දනහිසට අඟලක් උඩින් වටොර දැක්කොත් සංඝ සම්මේලන ගල්කාරයන් සුගතදාස ක්‍රීඩාංගනය වටලනු ඇත. (සංඝ සම්මේලනය මේ ගල් සෙල්ලමට සම්බන්ධ බව කීවේ අප නොවේ ලක්ෂ්මන් හුළුගල්ලයි. එබැවින් අපට ගල් ගැසීමෙන් වළකින්න. ගල් සෙල්ලම් හොඳ නැත.) එවිට ජනාධිපති ද උන් සමග එක් වී ෂාරුක් ඛාන්, අමිතාබ් බච්චන් වැන්නන්ට වීසා අවලංගු කරනු ඇත. විද්‍යා බාලන්ට අඬ අඬා ගෙදර දුවන්නට සිදු වනු ඇත. 



Comments

  1. Ellawala Meadanadata Anuwa tikaak biuwata kamak natha. eka nisa tikak peneutatv kamak natha komatha helaurumaya inne hilen balana kattiyane.

    ReplyDelete
  2. Ane palayan yanna. vaasiyata theory maaru karana evun. Merviya gahaou eka hela urumeta patavanava. mokada thavath merviyata banimata illumak nathi nisa.

    ReplyDelete
  3. ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මමනම් දන්නෙ නෑ හරියටම මේක දේශපාලනම තත්වයක් උඩ ගත්තු තීරනයක්ද කියලා. නමුත් හෙල උරුමය මේකට නිවා සම්බන්දයි.

    ReplyDelete
  4. පට්ට පෝස්ට් එක

    ReplyDelete
  5. lol merving karanne lokkonge ana kriyathmaka karana eka witharai. sirasata gahuwe merwin hithala neme eka udin awa niyogayak

    ReplyDelete
  6. Thanks for some quality points there. I am kind of new to online , so I printed this off to put in my file, any better way to go about keeping track of it then printing?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා