අස්සයා පැන ගිය පසු ඉස්තාලෙ ඉස්සරහා පිකටිං කිරීම | Demonstrating before the stable after the horse bolted

(2010 මාර්තු 01-W3Lanka)  ලංකාවේ මොන්ස්ටර් රාජපක්ෂ පාලනය අද සිය එක් අතක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එරටට එරෙහිව උද්ඝෝෂණය කරන්නට යැවූ අතර විදේශ කටයුතු අමාත්‍යංශය නම් තවත අතක් පවසන්නේ එම විරෝධතාව රජය සම්බන්ධ නැති පෞද්ගලික කාර්යයක් බවයි. කොහොමද රාජ්‍ය තාන්ත්‍රික ඥානය!


විරෝධතාවට නායකත්වය දුන් ජනාධිපතිගේ දකුණු අත වන් විමල් වීරවංශ බ්‍රිතාන්‍යයට පලු පැලෙන්නට බැන වැදී මහ කොමසාරිස් කාර්යාලයට වීරෝදාර ගමනින් පිවිස විරෝධතා ලිපියකුත් භාර දී යන්නට ගියේ ගේට්ටුව හරහා බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් හා විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් කොටි ඇඳුමින් සැරසී සිටින ඡායාරූපයක් සහිත පුවරුවක් ද සවි කර තබා ය.


පසුගිය බදාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නිවසේදී පැවැත්වුණු ලෝක දෙමළ සංසදයේ ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් විසිනි. මෙය ලංකාවේ රජයේ දැඩි විරෝධයට තුඩු දුන්නේය. බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් රැස්වීමෙන් පසු ලෝක දෙමළ සංසදයේ නියෝජිත පිරිසක් හමු වි සාකච්ඡා කළේය.


බලය බෙදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන ලෙස මෙම සමුළුවේදී පැවැත්වූ කතාවේදී මිලිබෑන්ඩ් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය


මෙම රැස්වීම පැවැත්වීමට පෙර එයට බ්‍රිතාන්‍ය රජයේ හා විරුද්ධ පක්ෂවල සහාය ලැබීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අසමත් විය. 


අන්තිමට කොළඹින් ඡන්දෙ ඉල්ලන විමල්ගේ සංදර්ශනයක් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පවත්වා රාජ්‍ය තාන්ත්‍රික කක්කා කිරීමක් කර ගැනීමට ආණ්ඩුව සමත් විය. .



Comments

  1. ඕව පචායුදේගෙ පච වැඩ..

    ReplyDelete
  2. හික් හික් මේ පෝරිසාදයාගේ මෝඩ විනෝදාංශය ඕකනෙ ඉතින්. එක්කො ඉන්දියාවට නැත්නම් ඇමෙරිකාවට එහෙම නැත්නම් ඕනිම රටකට ආතක් පාතක් නැතිව දෙස් දෙවොල් තියන එක මිනිහගෙ රස්සාවනෙ. ඒකට හොඳ පඩිනඩිත් ලැබෙන එකේ. අනික ධර්මයෙත් තියෙනවනෙ ළග නොබලන්න දුර බලන්න කියල. මිනිහ ධාර්මික නිසා දුරමයි දකින්නෙ මේ පුංචි ලබු ඇටේ වෙන දේවල් මිනිහට පෙනෙන්නෙ නෑ. සුද්දො දෙන්නට තේරෙන්න නැතිව ඇති මිනිහ සිංහලෙන් බැන්න නිසා.

    ReplyDelete
  3. General election is in the corner,one can expect this kind of cheap acts to draw public attention . Our Chandradas's also accept those second class work and elect them to parliment.
    These bunch of eunuches are hiding their inability by blaming western countries for every brick and bats

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා