බඹරුන්ට මැලතියන් ගසා සීගිරිය පස්ස නොහෝදන සුද්දන්ට පෙන්නමු | Drive away the wasps and display Sigiriya to whites that do not wash their anus

(2010 මාර්තු 16-W3Lanka)  සුද්‍දන් පස්ස නොසෝදන බව මෑතදී අගමැති රත්නසිරි වික්‍රමනායක සොයා ගත්තේය. සීතල රටවල සිටින සුද්දන් අප මෙන් පස්ස සීතල වනවාට අකැමැති බැවින් පස්ස හෝදන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු පස්ස පිස දමති. පිස දමන පස්ස හෝදන පස්සට වඩා ගඳ ද දන්නේ ඒවා ඉඹ බැලූ අයයි. 


සුද්දන් පස්ස නොසේදුවාට සීගිරිය බලන්නට යති. උන් ඒ සඳහා ආ විට ලංකාවට විදේශ විනිමය ලැබේ. කොටින්ම කීවොත් උන් පස්ස පිස දමන කොළයෙන් ද අපට සල්ලි ලැබේ. උන්ට බඹරු ඇන්නොත් ඒ විත අපේ පස්සටත් ඇනේ. 


බඹරුන් සීගිරියේ කොයි කාලයේ සිට සිටියාද යන්න වැදගත් නැත. බඹරුන් ඈත අතීතයේ සිට සීගිරියේ සිටි බැවින් උන්ට සීගිරියේ ජීවත් වීමට හිමිකමක් ඇතැයි කියන පරිසරවාදියෝ කොටි හිතවාදීහු වෙති. මන්ද, කොටින් ද තර්ක කරන්නේ දෙමළ ජනයා අතීතයේ සිට මෙහි සිටි බැවින් ඔවුන්ට නිජ බිම් හිමිකම ඇතැයි කියා ය. 


සීගිරිය තියෙන්නේ සුද්දන්ට පෙන්නා සල්ලි හම්බ කර ගැනීමට මිස බඹරුන්ට වද බඳින්නට නොවේ. සිගිරිය භාර ඇමති පියසිරි විජේනායකගේ නායකයා වූ විමල් වීරවංශ සීගිරිය බලන්නටවත් ගොස් නැත. කොහොමත් එවැනි දේශප්‍රේමී සිංහලයන් ඔය තන් එළියේ දාගෙන සිටින වල් ගෑනුන් බලන්නට යා යුතු නැත. සීගිරිය ඒ අතින් ගත් කල රූපවාහිනියේ මෙන් කොටු දමා වැසිය යුතු ඇඩල්ට්ස් ඔන්ලි තැනකි. 


සීගිරි බඹරුන්ට ගිනි තිබ්බා යයි, මැලතියන් ගැහුවා යයි නහින්න හදන පරිසරවේදීන්ගෙන් අපටද ප්‍රශ්නයක් අසන්නට තිබේ. වන්නියේ යුද මුක්ත කලාපයේ සිර වී සිටි මිනිසුන්ට පොස්පරස් බෝම්බ ගැසූ කාලයේ මුන්නැහේලා සිටියේ සීගිරි ළඳකගේ මල්වට්ටියේ නැළවෙමින් වන්නට ඇත. 'සීගිරි ළඳකගෙ මල්වට්ටියෙ ලා මා පුතු නළවන්නා - දොයි දොයි නැළවෙන්නේ - බයි බයි නැළවෙන්නේ' යනු කතෝලික ආක්‍රමණිකයකු වූ මර්සලින් ජයකොඩි පියතුමාගේ ගීත රචනයකි. මීට වඩා හොඳ ගීත නලින් ද සිල්වා ලියා ඇත.


බඹරුන්ට ගසා ඇත්තේ මැලතියන් බව සමහර කියති. වෙද මහත්තරුන්ගේ ඉපැරණි දේශීය වට්ටෝරු අනුව සකසන ලද ටයිගර් බාම්වල ද ඇත්තේ මීතයිල් සැලිසිටේට් බව ලංකාවේ ගොබ්බයන් දන්නේ නැත.  දැන් දැන් බොහෝ වෙද මහත්තුරු දෙන්නේ ඉංග්‍රීසි බෙහෙත් ය. සමහරු පෙති කුඩු කර කරල් කඩා ගස් පොතුවල කුඩු සමග කලවම් කර වටිනාකම් එකතු කිරීමක් හෙවත් වැලියු ඇඩිෂන් ද කරති. එහෙව් එකේ බඹරුන්ට මැලතියන් අකැපද? 

Comments

  1. Menna mehema thamai ape boho denakuge deshapremithwaya.Janatawa idiriye jatika andumin serasee pirit nuul mitiyak bendagena hitiyat,hawasata tharu pahe hotal wala ihalama pannaye whisky bi bee lassana getissiyan thule nelawena wa.Mewata bohowita bill gewanne danawath demala ho muslim viyaparikayo.Etakota me ayata e viyaparikayo machanla, numuth janayawa idiriye LTTE karayo.Menna mehama thamai sinhala ape nayakayonge deshapremi weda.

    ReplyDelete
  2. It is called "satire." Seems, you miss the point, Gray. Usually, you -the reader, make the point as the writer says the opposite.

    ReplyDelete
  3. Another well-written article. I really like this style of writing, good Sinhala satire. Well done.

    ReplyDelete
  4. මරු ලිපිය .....නියමයි!

    ReplyDelete
  5. බඹරු කන්නද? ඔකුන්හිටියා කියලා මොකෝ පැනි අරන් විකුනන්නයෑ. මුන්ට පිස්සුද මන්දා මේ බබර වදයක් කැඩුවට කෑගහන්නේ

    ReplyDelete
  6. හෙලේනා, උඹල පරිස්සං වෙයල්ලා...... බඹරු ඇවිත්!

    කතන්දරකාරයා

    ReplyDelete
  7. අඩා මලයා, බඹරා ට යන්ඩ තැං වනන්තරේ එලෝ කෝටියට ඇති බව උඹැහැ දන්නේ නැතුවා? සීගිරියේ ලස්සන බලන්ඩ යන කිසිම මින්ස් ගජ්ජෙක් බඹරුන්ට හදි කොරන්ට යන්නේ නැතුවා. බඹරු ඇවිස්සිලා ඉස්කොල පොජ්ජවල් වලිං එන කැකුලන්ට කැකුලියන්ට දමාගෙන අනින කොට උංව ඛෙිරාගන්නේ තොපන්නේ අමිමා අප්පුච්චාද බොල?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා