එක්සත් ජනපදය තේරූ දිරිමත් 2010 වසරේ කාන්තාවන් දස දෙනා අතර ලාංකික මුස්ලිම් කතන් | A Sri Lankan Muslim woman among 10 International Women of Courage for 2010

(2010 මාර්තු 03-W3Lanka)  එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන International Women of Courage හෙවත් ජාත්‍යන්තර දිරිමත් කාන්තාව සම්මානය 2010 වසරේදී ලැබෙන කාන්තාවන් දසදෙනා අතර ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජ ක්‍රියාකාරිනියක් වන ජන්සිලා මජීඩ් ද වෙයි.


ජන්සිලා මජීඩ් 20 වසරක් තිස්සේ අවතැන්ව සිටිමින් පුත්තලමේ Community Trust Fund නම් ආයතනයක භාරකරු ලෙස ක්‍රියා කරයි. 1990දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුස්ලිම් ජනතාව සිය පාලනය සහිත ප්‍රදේශවලින් පළවා හරින විට තමන් මුලතිව්හි ජීවත් වූ බව ජන්සිලා බීබීසී දෙමළ සේවයට පැවසුවාය.


එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් ඇයට හිමි සම්මානය මාර්තු 10දා වොෂින්ටන්හි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පිරිනමනු ඇත. 


මෙම සම්මානය 2007දී එවකට රාජ්‍ය ලේකම්වරිය වී සිටි කොන්ඩලීසා රයිස් විසින් ආරම්භ කරන ලදී. එය පිරිනමනු ලබන්නේ කාන්තා හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේදී හා ඒවා වැඩි දියුණු කිරීමේදී සුවිශේෂ ධෛර්යයකින් කටයුතු කරන කාන්තාවනට යයි කියනු ලැබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා