ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් සිසන් ටූ රෝ.ල. පියදාස ඉදිරියෙන් | Opinion Polls Super Star Season 2 Rohana Lakshman Piyadasa leads

(2010 මාර්තු 31-W3Lanka )  ඔන්න මේ පාරත් ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගය පැවැත්වෙනවා. අනුග්‍රහය ආණ්ඩුවෙන් ම තමයි. මාධ්‍ය අනුග්‍රහය දිනමිණ, ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය. මේ පාරත් සුපර් ස්ටාර් ලෙස ඉදිරියෙන් ඉන්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තමයි.


එතුමා ඉතින් කොහොමත් වැඩකාරයානේ. මතකද එයා ජනාධිපතිවරණය ගැන කියපු හැටි:
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
"විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩාත් දැනුණු දේශපාලන දැන්වීම ලෙස ‘තාරුණ්‍යයට හෙටක්’ දැන්වීම සඳහා වැඩිම ජනතා ප්‍රසාදය ඇතැයි මෙම සමීක්ෂණයේ දී තහවුරු විය," යි ඔහු ජනවාරි 14 දිනමිණ පුවත්පතට පවසයි.


මෙන්න එතුමාගේ මහ මැතිවරණ ජනමත සමීක්ෂණ ප්‍රතිඵලය. උපුටා ගන්නේ දිනමිණෙන්. දිනමිණ‍ට වාර්තා කර තිබෙන්නේ අර පුවත්පත් සාකච්ඡාවලට ගිහින් නිදා ගන්න සාමාන්‍ය දැනුම නැති ප්‍රාර්ථනා වීරසිංහ කියන ගෑනු ළමයා. මං හිතන්නෙ එයා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ කියා කියන්නේ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට වෙන්න ඇති. දන්නැද්ද ඉතින්, මෙයා ෆිල්ම්ෆෙයාර් එකයි IIFA එකයි පටලවා ගත්ත බබානෙ. ඔය ලේක්හවුසියට මාධ්‍යවේදිනියන් බඳවා ගන්නා ආකාරය අනුව මේ ළමයාට අකුරු පුළුවන් එකත් ලොකු දෙයක්.


මෙන්න රෝ.ල. පියදාසගේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල:
මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 65 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බව කැලණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිවෙයි.
එම ඡන්ද ප්‍රතිශතය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 129 ක් හිමිවන අතර ජාතික ලැයිස්තුවෙන් ආසන 16 – 17 අතර ප්‍රමාණයක් හිමිකර ගන්නා බව ද, එම සමීක්‍ෂණය තවදුරටත් තහවුරු කරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශය කළ මේ සමීක්‍ෂණය අනුව එක්සත් ජාතික පක්‍ෂය සියයට 28 ක ඡන්ද ප්‍රතිශතයක් ද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ සියයට 1 ක් සහ වෙනත් පක්‍ෂ සියයට 6 ක ප්‍රතිශතයක් ද ලබාගන්නා බව ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
මේ සමීක්‍ෂණය අනුව එක්සත් ජාතික පක්‍ෂය ආසන 55 ක් ද, වෙනත් පක්‍ෂ ආසන 12 ක් ද, හිමිකර ගන්නා අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ එකම ආසනයක්වත් හිමිකර ගෙන නොමැත.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා