ජනමාධ්‍යකරුවනි, මෙන්න තව කෑමක්! දෙබිඩි දරු උපතක්! | Another prey for Sri Lankan media vultures

(2010 මාර්තු 18-W3Lanka)  මෙම සිද්ධියට අදාළව ඡායාරූප ගැනීමට මව දැඩිලෙස අකමැත්ත පළකළ නිසා පින්තූර ගැනීමට “දිනමිණ”ට නොහැකි විය.


මේ යක්කලමුල්ලේ මවක විසින් බිහි කරන ලද දෙබිඩි දරුවන් පිළිබඳව දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාවකින් කොටසකි.


මේ දරුවන් දෙදෙනා විකෘතිතාවක් සහිතව ඉපදීමට නියමිත බව මෙම මව දැනගෙන සිට ඇත. එවන් දරුවන් බිහි කරන බුද්ධිමත් මවක් පත් වන්නේ අතිශය පීඩිත තත්වයකටයි. දැන් ඇති ප්‍රශ්නය වන්නේ මේ දෙදරුවන් ආරක්ෂිතව වෙන් කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කිරීමයි.


එහෙත් මාධ්‍යකරුවන් මෙවැනි සිද්ධියක් දෙස බලන්නේ විකුණාගෙන කෑ හැකි නියම භාණ්ඩයක් ලෙසයි. විද්‍යුත් මාධ්‍යවලට නම් මෙය දවසින් දවස පුවත් මවමින් විකිණීමට පුළුවන. ‍එසේ කරන ආකාරය ගැන හොඳම උදාහරණය මේ දිනවල ස්වර්ණවාහිනිය කලුතරදී ගඟට විසි කරන ලද බිළිඳාගේ සිහිසුන් සිරුර විකුණාගෙන කන ආකාරයයි.


ඊයේ රාත්‍රී ස්වර්ණවාහිනියෙන් පෙන්වූයේ ඒ දරුවා බේරා ගත් බව කියන හිත හොඳ, එහෙත් ජීවිතාරක්ෂක පිහිනුම් උපක්‍රම ගැන අබ මල් රේණුවක අවබෝධයක් නැති ලොරි රියදුරා ගැනයි. එම පුද්ගලයාට කළ හැකි හොඳම ගෞරවය වන්නේ ඔහු දරුවා බේරා ගන්නා වැරදි ආකාරය පුන පුනා නොපෙන්නා සිටීමයි. මන්ද, දරුවාගේ ජීවිතය අනතුරට පත් වන්නට ඔහු එම දරුවා බේරා ගන්නා ආකාරය ද ඉවහල් වන බැවිනි. එහෙත්, එය වනාහි, කලුතර බෝධිය වඳින්නට ආ බෞද්ධයන් රැස් කමින් පාලම මත සිට ග‍ඟේ පා වී ගිය මේ දරුවා නරඹද්දී සිය ජීවිතය ගැන නොතකා ගඟට පැන දරුවාගේ ජීවිතය බේරා ගත් මේ ක්‍රිස්තියානි තරුණයාගේ වරදක් නොව රට වටේ මුහුදත්, රට මැද ඕනෑ තරම් ගංගා, වැව් ආදියත් තිබියදී ජීවිතාරක්ෂක පිහිනුම් උපක්‍රම පිළිබඳ මිනිසුන්ට අධ්‍යාපනයක් දෙන්නට අසමත් මේ රටේ තකතිරු අධ්‍යාපන ක්‍රමයේ වරදකි.


මෙම තරුණයා මෙම වීර ක්‍රියාව කළේ ස්වර්ණවාහිනියෙන් සිය මුහුණ පෙන්වා ගන්නට සිතාගෙන නොවන බව පැහැදිලිය. එහෙත් ස්වරණවාහිනිය මෙම සිද්ධිය විකුණන අන්දමේ කැත වසා ගන්නට ‍සිනා සිසී මරණ ගැන කියන එහි නිවේදකයාගේ මුහුණ නොපෙන්වා සිටීමට සිදු වී තිබේ. ස්වර්ණවාහිනියේ ක්‍රියාකලාපය පිළිබඳ කීමට උපහැරණයක් ගුණදාස අමරසේකරගේ කෙටිකතාවකින් උපුටා ගන්නේ නම් 'ලැජ්ජාවක් ඇත්නම් (හරීන්ද්‍ර ජයලාල්) උඹේ මුහුණ රතු වෙන්න ඕනෑ' ය.


ඔවුන් මේවා විකුණන්නේ අප මේවා කියන්නේ මෙවැනි සිද්ධි නැවත සිදු නොවනු පිණිසයි, ඒ දරුවන්ට උදව් කරනු පිණීසයි ආදී වැල් බයිලා ද කියමිනි. එහෙත් ඇත්ත නම්, ඔවුන් මේ කරන්නේ කරවල කටු, මාළු කටු සූප්පු කරමින් ප්‍රවෘත්තිවල මේ කෑල්ල විතරක් බලා බොරුවට අනේ අපොයි කියා පබා බලන්නට වහා චැනල් මාරු කරන ලංකාවේ පාරිභෝගිකයන්ට දැන්වීමක්, දෙකක් පෙන්නා ගැනීමයි. 


ජනමාධ්‍ය මේ මිනිස් ජීවිත පිළීබඳ සංවේදී වන්නේ එම සිද්ධි අලෙවි කළ හැකි තාක් කල් පමණි. ඉන් පසු ඔවුන්ට ද මෙම ජීවිත මහින්දට සරත් ෆොන්සේකා වැනිය.


ඒ අතින් ගත් කල දෙබිඩි දරුවන් වැදූ යක්කලමුල්ලේ තරුණ මව වීරවරියකි. සිය අසරණ සිඟිත්තන් දෙදෙනා විකුණාගෙන කන්නට කැමරා අතින් ගත් පවුඩර් දැමූ සුන්දර මුහුණු ඇති ගිජු ලිහිණියන්ට ඉඩ නොදීමට ඇය සතු ආත්ම ශක්තිය දිගට ම පවතීවා යයි අපි ප්‍රාර්ථනා කරමු.



Comments

  1. It is a shame to talk about the Sri Lakan media(not all but teh majority).The media of a country is reflection of the way people think and act.Ours is a media which eclipse the truth and reveal the untruth.Never do they want to educate the people and to get them out of this pit of shit,but they try to push them deeper and deeper into this dirty pit stinking in lies.The media veterans may be under the impression that our lives are trasitory and make hay while the sunshines is the best policy.They are wrong,they are pulling the whole nation into this mouth of hell,including themselves.Let me suggest one thing"Do something fruitfull to the nation,even at your life's risk",then only and only then will people honour you.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා