ධනවාදය සමග සෙට් වන ජාතිවාදයද? ජාතිවාදය සමග සෙට් වන ධනවාදයද? | A nationalism that goes with capitalism or a capitalism that goes with nationalism for Sri Lanka?

(2010 මාර්තු 27-W3Lanka ) සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි:



Sri Lanka lost a "priceless" promotional opportunity by banning the US star Akon from performing at a concert in Colombo following protests from Buddhist monks, the tourism minister said Thursday.
The rapper's concert on April 24 was blocked after monks complained about his "Sexy Bitch" music video featuring women in bikinis dancing around a pool. A Buddha statue was visible briefly in the background.
"We were expecting about 5,000 to 6,000 tourist from India, Maldives and Malaysia to watch the show. The mileage we would have got would have been priceless," Achala Jagoda told reporters in Colombo.
ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි. 
ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය. 
මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ.  
තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති. 
ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත. 
ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත. 
අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ. 
ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ.  කේලමුන්ට ජයවේවා! 
අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග ‍සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා