සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස් කළ යුතු ද?
කුණු කන වන අලි මඩකලපුවේ සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදය ශ්‍රී පසුගිය පෙබරවාරි 14දා සීගිරිය බැලීමට ආවා ය. එහිදී කැටපත් පවුරේ කුරුටු ගෑමක් කළ වරදට දැන් ඇය දෙවසරකට සිරගෙට නියම වී සිටින්නී ය. නො දැන කළ වරදට ඇයට සමාව දෙන්නැයි ඇගේ මව කරන ආයාචනයක් අද දිවයින පුවත්පතේ පළ වී තිබේ. නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව නීතියේ මූලික මූලධර්මයකි. උදය ශ්‍රීට සමාව දිය යුතු ද යන්න ගැන ඔබේ අදහස් දැන ගන්නට කැමැත්තෙමි. මෙහි වෙනත් කාරණා කිහිපයක් තිබේ. ඒවා අදාළ වන්නේ අධ්‍යාපනයට හා සංචරණයටයි. සීගිරියේ කැටපත් පවුර ගැන උදය ශ්‍රී නො දැන සිටියේ ඇයි? ඇය පාසල් ගියේ නැද්ද? නැතිනම් ඇයට පාසලේ ඒ ගැන ඉගැන්නුවේ නැද්ද? මෙවැනි ම ප්‍රශ්නයක් ආගම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් ද තිබේ. වෙනත් ආගමක පූජකවරයකුට ආමන්ත්‍රණය කළ යුතු හා ගරු කළ යුතු ආකාරය හෝ වෙනත් ආගමක පූජනීය ස්ථානයකදී හැසිරිය යුතු ආකාරය ගැන අවබෝධයක් අපේ පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබා දෙනවා ද? බහු සංස්කෘතික රටක් වූ ලංකාවේ වෙනත් සංස්කෘතීන් ගැන පාසල් දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ බරපතල අඩුපාඩු තිබේ. අඩු තරමේ ගුරුවරු...