සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස් කළ යුතු ද?

කුණු කන වන අලි  
මඩකලපුවේ සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදය ශ්‍රී පසුගිය පෙබරවාරි 14දා සීගිරිය බැලීමට ආවා ය. එහිදී කැටපත් පවුරේ කුරුටු ගෑමක් කළ වරදට දැන් ඇය දෙවසරකට සිරගෙට නියම වී සිටින්නී ය. 

නො දැන කළ වරදට ඇයට සමාව දෙන්නැයි ඇගේ මව කරන ආයාචනයක් අද දිවයින පුවත්පතේ පළ වී තිබේ. 

නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව නීතියේ මූලික මූලධර්මයකි. උදය ශ්‍රීට සමාව දිය යුතු ද යන්න ගැන ඔබේ අදහස් දැන ගන්නට කැමැත්තෙමි. 

මෙහි වෙනත් කාරණා කිහිපයක් තිබේ. ඒවා අදාළ වන්නේ අධ්‍යාපනයට හා සංචරණයටයි. 

සීගිරියේ කැටපත් පවුර ගැන උදය ශ්‍රී නො දැන සිටියේ ඇයි? ඇය පාසල් ගියේ නැද්ද? නැතිනම් ඇයට පාසලේ ඒ ගැන ඉගැන්නුවේ නැද්ද? 

මෙවැනි ම ප්‍රශ්නයක් ආගම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් ද තිබේ. වෙනත් ආගමක පූජකවරයකුට ආමන්ත්‍රණය කළ යුතු හා ගරු කළ යුතු ආකාරය හෝ වෙනත් ආගමක පූජනීය ස්ථානයකදී හැසිරිය යුතු ආකාරය ගැන අවබෝධයක් අපේ පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබා දෙනවා ද? බහු සංස්කෘතික රටක් වූ ලංකාවේ වෙනත් සංස්කෘතීන් ගැන පාසල් දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ බරපතල අඩුපාඩු තිබේ. අඩු තරමේ ගුරුවරු හෝ මේ කාරණා ගැන දැනුවත් ද?

දෙවෙනි කාරණය සංචරණයේ ගැටලුවකි. මේ වන විට අපේ රටේ දැවැන්ත දේශීය සංචරණ කර්මාන්තයක් නිර්මානය වී තිබේ. මෙය හැඳින්වෙන්නේ ට්‍රිප් යාම කියා ය. එය ද භාණ්ඩ වන්දනාව වැනි ම වූ ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන තවත් පාරිභෝජනවාදී ප්‍රවණතාවකි. 

මේ ට්‍රිප් යාමෙන් ලැබෙන විවේකය, විනෝදය, අධ්‍යාපනය ආදිය ගැන බරපතල ගැටලු තිබේ. බස්වල තදබද වී, වමනෙ කරමින්, සිංදු කියමින්, කමින් බොමින්, අගුපිල්වල ලගිමින්, අතනින් මෙතනට දුවන මේ ට්‍රිප් යාම මළ විකාරයක් නො වේ ද? ට්‍රිප් යන්නේ කුමට ද යන්න නැවත කල්පනා කළ යුතු බව මගේ අදහසයි. 

යුද්ධයේ අවසානයෙන් පසු ප්‍රවර්ධනය කරන ලද මිලිටරි සංචරණය විසින් තත්වය තවත් නරක අතට හරවන ලද බව පෙනේ. 

මෙහි ඇති නරක ම තත්වය වන්නේ මෙසේ අරමුණකින් තොරව තැන් බලන්නට යන මිනිස්සු ඒ තැන්වලට කරන හානියයි. විශේෂයෙන් ම ප්ලාස්ටික්, පොලිතින් අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය හා මළ මුත්‍රා කරන ආකාරය පිළිබඳ බරපතල ගැටලු තිබේ. ස්වාභාවික පරිසරයන්ගේ සතුන්ට, ගහකොළවලට හා වෙනත් භෞතික වස්තූන්ට කරන හානිය අති මහත් ය. 

රජය මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ය. එක පැත්තකින් ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් දැඩිව නීති ක්‍රියාත්මක කිරීම ද අවශ්‍ය ය. නැතිනම් මේ සමාජය විනයගත වන්නේ නැත. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිදහස් කළයුතුයි. ඒ තැනැත්තියගේ නිදහස ඔය මහ ලොකු අඩ නිරුවත් කාන්තා රූප ඇඳපු සීගිරියට වඩා වැදගත්.

    ReplyDelete
    Replies
    1. eka hari france anduwa nithiyak demme naththan sema kanthawakma yata edum aniwaryen ediya uthui kiyala e nithiya loketa awe naththan ehenam ada nayashtika udda ona na loke winasha wenna

      Delete
    2. කාන්තා යට ඇඳුම් ගැන පහත තැනක දමන ලද තවත් කමෙන්ටුවක් ඉවත් කරන ලදී. කාන්තා යට ඇඳුම්වලට ආසා කිරීම ලිංගික මනෝභාවයකි. එහි වරදක් නැත. එහෙත්, ඇනොනිමස් ඇවිත් හැම තැනම ඒ ගැන කතා නොකර තමන්ගේ ආශාව සංසිඳුවා ගැනීමට වෙනත් ක්‍රමයක් සොයන්නේ නම් මැනවි.

      Delete
    3. සීගිරියේ කැටපත් පවුර ලග සිංහල,දෙමල සහ ඉංග්‍රීසි කියන භාෂා වලින් බෝර්ඩ් ගහලා තියෙනවා මේකට හානි කරන්න එපා කියලා උපදෙස් දීපු.

      පැරා එක දන්නේ නැතිද?

      Delete
  2. wanitha handa kiyana widihata aya nidaha kalayutu ekama hethuwa kanthawak weemada? //Ada Niruwath kantha roopa adapu seegiriya// yanna bohoma bolonda prakashayak. Wantha hand danne nathi unata e kale kanthawan boho wita hitiye ada niruwathen. Kala Nirmanayak rasa windinakota oya pata kannadiya galawala thiyagena rasa wininna. Awashay anwashya hena thenatama kantha nidahasa patalawa geneema adala prasthuthaya awa bhawitha kireemak. Katha karanwa nam kathakaranna warthmanaye nodiyiunu snakrutheen thula (Ape ratada athuluwa) kanathawan muna dena edineda athwidina getalu gena.

    ReplyDelete
  3. දඬුවම සංශෝධනයකට යටත්ව ක්‍රියාත්මක විය යුතුයි.
    පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන සෙල්ලම් බඩු නොවෙයි.
    ලිංගිකත්වය,ජාතිය,ආගම නීතියට අදාල නැත.මෙම තීන්දුව ගැන සමාජ කතිකාවක් ඇති බැවින් සංකේතාත්මක වටිනාකමක් ද ලැබී තිබේ.
    පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන කෙරෙහි ඇති ආකල්ප වර්ධනයට මෙම සිද්ධියෙන් නව ප්‍රවේශයක් ලබාගන්නේ නම් තවත් වටී.

    ReplyDelete
  4. කිසිසේත්ම නැත...

    ReplyDelete
    Replies
    1. ලමාතන් මෙමෙ අවුරුදු 2 දඬුවම ඇයට පැනවීමෙන් ඇගේ ජීවිතය නිසිමගට වැටෙද ?......නැත
      දෑන හෝ නොදැන කල වරද නිසා මෙමෙ ජීවිතය ලංකාවේ හිරගෙදරදී තවත් ව්නාශ මුකයට ලංවෙනවා නොවේද
      ඔය කැටපත් පවුර අරක්ෂා කරගන්න සිහින් තුනීවීදුරු ආවරණයක් තුලින් කරගන්න බැරි නැහැනේද
      කෙල්ල මුස්ලිම් උනා නම් කොහෙමට තියේවිද

      Delete
    2. හොද වෙලාවට මුස්ලිම් නොවුනෙ උනානම් ඟානසාරයා වඩි වැඩිලක් අදනෙත් උස්සගෙනම

      Delete
  5. Ajith Perakum Jayasinghe thamusege geni neda වනිතා හඬ karanne thamusetama hariyana geni oi ali madiwata harak kiuwalu

    ReplyDelete
  6. කිසිසේත්ම සමාව දියයුතු නැත. එකකට සමාව දුන්නොත් දහසක් දේ කර ඒ සියල්ලටම සමාව ඉල්ලනු ඇත. ඊයේ මඩකලපුව නගරයේදී මුස්ලිම් පාසල් සිසුවියක් නොසැලකිල්ලෙන් පාර හරහා බයිසිකලයක් පැදීම හේතුවෙන් වෑන් රථයක හැපී මියගොස් තිබේ. මෙහිදී කුපිතවූ පිරිස් වෑන් රථයට ගිනිතබා ඇත. පොලීසිය සාධාරණව ක්‍රියා කරමින් වෑන් රථයේ රියදුරා සහ වෑන් රථය ගිනි තැබූ අයද අත්අඩංගුවට ගෙන ඇත. මේ ආකාරයට නීතිය කාටත් සමව ක්‍රියාත්මක කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ බුවෝ ඕක මඩකලපුවේ විතරක් නොවෙයි ලංකාවේ කෙහෙත් සිද්ද වෙන දෙයක්

      Delete
  7. සිගිරිය නරක තැනක් නේද තංගා.....
    Mr.Wimal Weerawansa අන්නා ඒ පැත්ත පලාතේ යන්නෑ ඕං...



    ඒක නෙවේ පැරා,පැරාගේ බප්පගේ පොටෝ එක ඇයි මේ ෆ්‍රෝපයිලෙට දැම්මේ ?

    ReplyDelete
  8. මීට අවුරුදු කීපයකට කලින් බස් වල සීට් වල කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ නම් බ්ලේඩ් වල කපන, පැස්ටල් වලින් හාට් අඳින, ගස් ගල් වල නම් ලියන මානසිකත්වයක් තිබුනා කොළඹ නුගේගොඩ පැති වලත්... දැං ඒ තත්වෙ නෑ... ඒත් නුවර සහ නැගෙනහිර පළාත් වල ඔය තත්වෙ තාම තියෙනව... පේන් හැටියට නං ගම්බද ළමයි, තරුණ තරුණියන් මේ වගේ වැඩ කරනවා වැඩියි...

    කොහොම උණත් අවුරදු දෙකක් හිරේ දාන එක නං වැඩකට ඇති දඬුවමක් නෙවෙයි... මාස කීපයක් කොමියුනිටි සර්විස් ( පාරවල් අතුගාන්න නෙවෙයි, උදාහරණයක් විදියට මිනිස්සු ඔය වගේ විනාස කරන තැන් සුද්ද කරන්න, සිරීපාදේ පොලිතින් අහුලන්න වගේ) වගේ දඩුවමක් හොඳයි.. නැත්තං තමන් කරපු වැරැද්දෙ බරපතලකම තේරුම් ගන්නවා වෙනුවට නීතියයි සමාජයයි එක්ක කේන්ති යන එක විතරයි වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. genu loku unhama party dana ratakne meka africa india south asian samaje balanna minissunge moda kam thamai sanskruthiyen pennanne me ratawal hadanna ba hedenneth na - pitarata gihilla parawal wala kunu dapu nathi minihaa lankawata awahama nithiyak nathi nisaa ohe hema thenama kunu danawaa nithiyenma hema dema karanna ba nithiyenma minissu palanaya karanawa kiyanne e minissu thirisan mokada nithiyak nathi thena owun thirisanunta anthai

      Delete
  9. දැනට මාස කිහිපයකට පෙර නැගෙනහිර පාසලක මුස්ලිම් දැරියකුත් ඔය වගේ කුරුටු ගෑමකට අහුවුණා.
    නීතිය තදින් ක්‍රියාත්මක කරන්න කියන අය මහා පරිමාණ මුල්‍ය වංචා ස්ත්‍රී දුෂණ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මිනීමැරුම් මේවා ගැන මොනවද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. case eka close ne rishad hambayage call eken nikan mokatada ne usawi walata gal gass ganne ne Allata hoda nane

      Delete
    2. ඔව් ඔබ හරි" රිෂාඩ් විතරක් නොවේ තවත් මුස්ලිම් මන්ත්‍රීලා කිහිප දෙනෙක් කතා කරලා දැරිය පාසල් සිසුවියක් නිසා වැඩේ අතහැරලා දැම්මා. ඒක හරි ඔබ තමයි නියම මනිහා දෙවන කොටසට පිළිතුරු දෙන්න, හැකිනම් කරුණාකර දෙවන කොටසට පිළිතුරු ලබාදෙන්න. නැතිනම් මෙවැනි බ්ලොග් කියවීමට පමණක් සීමාවන්න අවරුදු කිහිපයක් පාසල් ගිය හෝ / සහ වසර කිහිපයක් සරසවියේ ගතකල පමණින් ඔබ උගත් දේශ මාමකයෙක් නොවේ.

      Delete

  10. තවත් වැඩක් තියෙනවා කරනවානම්, ඔය සිගිරිය ගල පල්ලෙහා පුළුවන් නම් විශාල නුතන පවුරක් හදන්න (ඉලෙක්ට්‍රොනික් ඩිජිටල් එකක් වුවද කම්නැත ) සිගිරිය බලලා යන අයට ඕනනම් පුළුවන් ඔවුන්ගේ නිර්මාණය එතන සටහන් කරන්න. මම හිතනවා මගේ අදහස ටිකක් ව්‍යකුලයි කියල. නමුත් Bruse Lee ගේ ෆිල්ම් එක නරඹලා අවසානේ අපට එන හැගීමට සමාන හැගීමක් නේද මෙතන කැටපත් පවුරේ කුරුටු ගෑමෙත් නියම විදිහට තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Masha Allah Brother. Great Idea

      Delete
  11. //මේ ට්‍රිප් යාමෙන් ලැබෙන විවේකය, විනෝදය, අධ්‍යාපනය ආදිය ගැන බරපතල ගැටලු තිබේ. බස්වල තදබද වී, වමනෙ කරමින්, සිංදු කියමින්, කමින් බොමින්, අගුපිල්වල ලගිමින්, අතනින් මෙතනට දුවන මේ ට්‍රිප් යාම මළ විකාරයක් නො වේ ද? ට්‍රිප් යන්නේ කුමට ද යන්න නැවත කල්පනා කළ යුතු බව මගේ අදහසයි//

    තෙත් කලාපේ ජිවත් වෙන ගුරුවරු ට්‍රිප් යන්නේ එහෙමද ? ඔය කියන විදියේ ට්‍රිප් අප නං උපං තේකට ගොස් නැත

    ReplyDelete
    Replies
    1. මහ සොහොන් පිල්ලිවලට බස්වල ට්‍රිප් නො ගියාට පිල්ලි බලෙන් යන්නට පුළුවන. මේ දිනවල පාසල්වල ට්‍රිප් යනවා ය. වැඩි හරියක් පාසල්වල ට්‍රිප් යන්නේ ඔහොම තමා ය. වන්දනා ගමන් ද ඔහොම ය. නො දන්නවා නම් සොයා බලන්න.

      Delete
  12. මේ ළමයට දඬුවම් දුන්න එක නිවැරදියි. නමුත් කලින් ලියාපු මුස්ලිම් පසැල් දැරියට දඬුවම් නොකලෙ ඇයි? හිරෙ දාන්න ඕන නෑ, නමුත් යම් ආදර්ශයක් වෙන දඬුවමක් ඇයට දුන්නානම්, එය සමාජයෙ මේ වගේ කතාවකට ලක්වීම සහ අදාල පුද්ගලයින් වඩා වධානයෙන් සිටීම නිසා මේ සිද්ධිය වැලකෙන්න තිබ්බ.

    ReplyDelete
  13. මෙච්චර ගෙඩිපිටින් අපරාධ කරුවන් , මිනී මරුවන් : මංකොල්ලකාරයන් නිදහසේ ඉන්න රටේ ඔය වගේ එකකට අවුරුදු 2කට ළමයෙක් හිරේ දානවා කියන්නේ joke එකක්.
    ඔතන හරි board එකක්වත් නැහැ. නොදැන කරපු වැරැද්දක් තමයි.

    ReplyDelete
    Replies
    1. //ඔතන හරි board එකක්වත් නැහැ.//

      දිගට ලනුවක් ඇදල කැඩපත් පවුර වෙන් කරල, මේ වගේ බෝඩ් කිහිපයක් තැන් තැන් වල ගහල තියෙනව. මීට වඩා ඉතින් වීදුරු දාන්න තමා තියෙන්නෙ. නමුත් එහෙම දෙයකින් ඒ පටු පෙත්මගේ සුන්දරත්වය ගොඩක් අඩුවෙනව.

      Delete
  14. Comparing to damages done to artifacts by politicians in various colours , this is neglegible . However, no punishement will promote the tendancy to do this kind of acts in future. Therefore, she should be convicted for lessor degree punishment which will not harm her future

    ReplyDelete
  15. එක් එක් වරදට දිය යුතු උපරිම දඬුවම නීති පොතේ ලියා ඇති වුවද, විනිසුරු ඒ අනුව දඬුවම නියම කළ යුත්තේ සිහි බුද්ධියෙන් විය යුතු බවයි මගේ අදහස.

    පවක් වුනත් වෙන්න කරුණු කාරණා හතරක් පහක් සම්පූර්ණ වෙන්න ඕනෑ නේ!

    මේ යුවතියට නිසි නීති සහය ලැබී නැතුවා වගෙයි.

    මෙවැනි තැන්වලට යන කොට මුදල් අය කරනවා. එතැනදී හැමෝටම හැසිරිය යුතු ආකාරය, කළ යුතු නොයුතු දේ ගැන සාමාන්‍ය කරුණු කියා දිය යුතුයි. සල්ලි විතරක් අය කරගෙන ඒ වගකීම පැහැර හැරීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. කැටපත් පවුර ලගට යන්නත් බැරි වෙන්න ලණුවක් ඇදලා, ඒ දිගටම බෝර්ඩ් ගහල තියෙන්නේ භාෂා තුනෙන්ම උපදෙස් දීලා තියෙන්නේ ඒකට හානි කරන්න එපා කියලා. ඊට වඩා ආයේ කොහොමද උපදෙස් දෙන්න පුළුවන්?

      කකා නිකන් හරියට විස්තරේ දන්නේ නැතිව ගොන් කතා කියන්න එපා.

      සමහර මෝඩ පිරිමි සහ ගෑනු මොකක් හරි දෙයක් ගැන දීලා තියෙන උපදෙස් විහිළුවකට ගන්න යනවා.

      මේ පහලින් තියෙන්නේ ඒකට හොද උදාහරනයක් තමයි. මෝඩකමට බෙහෙත් නැත.

      මෙතනින් ගිහින් බලන්න පින්තුරය.

      Delete
    2. පින්තුරයේ ඉන්න දැරිවි හරිම ප්‍රියමනාපයි, එයා දැකලත් මල පනින මේ ඇනෝවනම් මොකෙක්ද මංදා

      රසික හරි, සීඟිරියේ ආරක්ෂක විධිවිධාන අන්තිමයි, කවුරුහරි කොන්ඩෑරැම් ගහන්නත් බැරි නෑ.

      Delete
  16. සීගිරියට මා 2009 දී ගිය විට ලැබුණු නරක අත්දැකීමක් තමයි, ටිකට් ගන්නා තැන සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරක් ගොස් වාහනය නැවැත්වීමට වීම.

    ඒ ක්‍රමය හොඳ චාරිකා බස්වලින් යන අයට සහ ගයිඩ්ලා සමග වාහනවලින් යන ටුවරිස්ට්ලාට පමණයි.

    ReplyDelete
  17. වරදක් කළ අයකුට දඬුවමක් දීමේ අරමුණ ගැන හිතන්න ඕනැ ඉස්සෙල්ලම. ඊ ළඟට ඒ දඬුවම දීමෙන් ලැබෙන අතුරු ප්‍රතිපල ගැනත් කල්පනා කරන්න ඕනැ.
    මීට ටික කාලයකට කළින් එම වරදම සිදු කළායැයි කියන දැරියට දුන් දඬුවමට සමාන දඬුවමක් මැයටත් නොදුන්නොත් වැරදියි. කොහොම වුනත් අවුරුදු දෙකක් කුඩා දැරියකට හිර දඬුවම් දීම හරි නෑ. වරදේ බරපතලකම ඇයටත් අන් අයටත් දැනෙන ලෙසටත් දැරියගේ අනාගතය අඳුරු නොවන ලෙසටත් සුදුසු දඬුවමක් තෝරාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. Mekanam ammath, duwath ekathu vela plan karala karapu vedak vidihatay matanam penne..TV news eke baluvada? Ara kella daagena inne bata sereppuva..Ea alluvath duvanna lesi vennata vennethi.. Anika garment vala vedakarana kattiyata mona trip ekakda?

      Delete
  18. oka kollek kala nam loweth aurudu 2n meha nam eliyata enna denne na..a nisa ganu pirimi wenasak nathuwa daduwam karanna ona

    ReplyDelete
  19. Danduwam niyamakara avasaanai.Me deriyata aparaadha ithihaasayak nethinam, sulu jaathiyakata ayath bawada selakillata gena podu samaawak magin nidahas kalayuthuya.
    Siddhiyata lebuna prachaaraya "Ketapath Pawure" mathu aarakshaawata ivahalvevi.

    ReplyDelete
  20. නීතිය නම් කාටත් සමාන වියයුතුයි නේද,එය සින්හල,දෙමල අයට මෙන්ම මුස්ලිම් අයටද එක ලෙසින් ක්‍රියාත්මක වියයුතුයි.නමුත් මුස්ලිම් ජාතිකයන් හට නිතිය සෙමින් ක්‍රියා වන බවයි පෙනෙන්න තියෙන්නෙ.එය ජාතීන් අතර සෑකය වයිරය ඈති වීමට තුඩුදෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මුස්ලිම් ජාතිකයන් හට නිතිය සෙමින් ක්‍රියා වන බවයි පෙනෙන්න තියෙන්නෙ, ඒ කොහේද, නැති මිරිගුවක් ගැන කතා කරන්න එපා මිතුරා, නීතිය නම් කාටත් සමාන වියයුතුයි නේද,එය සින්හල,දෙමල අයට මෙන්ම මුස්ලිම් අයටද එක ලෙසින් ක්‍රියාත්මක වියයුතුයි ඔබේ මෙම ප්‍රකාශය සාර්ථක කරගන්න ක්‍රමයක් ගැන හිතන්න.

      Delete
  21. muslim lamayata danduwam kalanam perath molgaha wage kelin wela,menno sulu jatheenta peeda karanawoo kiyawi.

    ReplyDelete
  22. කුරුටුගාපු කාන්තාවට පමනක් නොව​, එතැන සිටි ආරක්ශකයින්ටද, රාජකාරිය පැහැර හැරියාටදඬුවම් කලයුතුය​.

    ReplyDelete
  23. මෙය රුවන්ගේ කවියකි...
    සාමාන්යන ප්ර මාණයේ බඹර වද දහයක්‌ පිළිස්‌සුවහොත් බඹරු මිලියනයක්‌ මැරෙති.සීගිරියේ බඹර වදවලින් 70% ක්‌ පමණ දැනට ගිනි තබා අලු කර තිබේ - පුවත්පතකින්
    ( මෙහි සඳහන්ව ඇත්තේ සංචාරකයන්ගේ හිතසුව පිණිස සිදුකළ එකී සංහාරය සැලවීමෙන් අනතුරුව සීගිරිය වෙත දස දෙසින් ඇදී ආ බඹරුන් විසින් කැටපත් පවුර මත කුරුටු ගා තිබියදී හමු වූ ගී අතරින් කිහිපයකි )
    ....................................................
    (i)
    බඹරෙක්මි, සියොවැ ආමි
    ඝාතනය කළ සොයුරන් බැලීමි
    හමුවනා තැනදීම සංස්කෘතික ඇමති
    අනිමි
    (ii)
    විකෘතිව ළපටි විත් - පිළිස්සී මොළොක් අත් පා
    මැරී සිටියදි පැටව්
    තොටිල්ලක් තිබූ තැනකින් නැග ඒ
    නොගැයූ බඹර ගී මුසු දුම් රොට්
    (iii)
    නිල් කට්රොල් මලට වැටුණි
    කඳුළු සමග ලේ
    මං එද්දිත් ගිනි ගන්නවා
    පෙම්බරියගෙ ගේ
    (iv)
    විසිකර ගිරි බෙයන්ද් වෙත ගිනි හුල්
    බත ගිලිමිනා ඇත තා, අන් නුවරකට වී සුව සේ
    "තුඃ නොදකින් පු.කොමසාරිස්"
    මීට කණ්ඩලම වන රොදේ "දුල්-මී " නැමති බඹරිඳුය මා
    ඉතා සංවේගයට පත්

    ReplyDelete
  24. ඔය ගැහැණු ලමයා සිංහල වුනානම් ඔයා මේ පෝස්ට් එක ලියනවද?
    දෙමලෙක් වීම පහත්කොට සැලකීමට හේතුවක් නොවිය යුතුවා වගේම
    වැරදි වලින් බේරීමට නිදහසට කරුණක්ද නොවිය යුතුයි

    ReplyDelete
  25. Mekanam ammath, duwath ekathu vela plan karala karapu vedak vidihatay matanam penne..TV news eke baluvada? Ara kella daagena inne bata sereppuva..Ea alluvath duvanna lesi vennata vennethi.. Anika garment vala vedakarana kattiyata mona trip ekakda?

    ReplyDelete
    Replies
    1. Anika garment vala vedakarana kattiyata mona trip ekakda?
      ලක්ෂ්මන් මධුශංක ඔබට පුලුවන්ද මෙම කොටස සිංහලෙන් ටිකක් හොදට පැහැදිලි කරන්න.

      Delete
  26. එක අතකට මේක හිනා යන වැඩක්. අවරුදු දහස් ගානකට ඉස්සෙල්ලත් ඔය නීතිය තිබුනානම් අපිට කැටපත් පවුරක් නෑ. ඔය දඬුවම වෙනස් කරලා පුරාවිද්‍යා සංරක්ෂන ව්‍යාපෘතියක මාසයක් විතර වැඩකරන්න දැම්මනම් ඔය ළමය වැරද්දත් තේරුම් අරගෙන පුරාවස්තු ආරක්ෂා කරන්නත් ඉගෙන ගනියි.

    ReplyDelete
  27. සීගිරියක් තියෙන්නේ එකයි. තව ගොඩක් තිබුණනම් පොඩි එවුන් ඔක්කොම හිරේ........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා