නැවත සම්ප්‍රදායික යුද්ධයක් විය නො හැකි උතුරේ ඉඩම් හමුදාවට කුමට ද?

අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි.

මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි.

පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය.

මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය.

ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු යන අතිධාවනකාරී ඉල්ලීම ඉදිරිපත් කිරීමයි. එයින් හමුදාව හා සිංහල ජාතිවාදීන් කුපිත කර, රජය හා සිංහල දෙමළ ප්‍රගතිශීලී දේශපාලනය අපහසුවට පත් කර, කිසිවක් සිදු නො වන තැනට තල්ලු කර ගන්නට ඔවුහු කැමති ය.

ඇත්තෙන් ම දැන් මේ ඉඩම් හමුදාව යටතේ තබා ගැනීමේ කිසිදු අරුතක් නැත. කොටි සංවිධානය හෝ වෙනත් කැරැලි හමුදාවකට උතුරේ සම්ප්‍රදායික යුද්ධයක් ආරම්භ කිරීමේ කිසිදු අවස්ථාවක් නැත. එවැනි තර්ජනයක් මවා පාමින් මේ ඉඩම් හමුදා යටතේ තබා ගැනීම සාධාරණීකරණය කරන්නන් කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශවලට අපහාසයකි.

කිසියම් නාගරික හෝ අර්ධ නාගරික හෝ ගරිල්ලා යුද්ධයක් නැවත ආරම්භ කිරීමේ හැකියාව මුළුමනින් ම බැහැර කළ නො හැකි මුත්, එවැන්නකට අවස්ථාව තිබෙන්නේ ජනතාවගේ මෙවැනි ප්‍රශ්න විසඳන්නේ නැතිනම් බව ද අප මතක තබා ගත යුතු ය. දෙමළ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන්, අයිතිවාසිකම් ලබා දීමෙන් හා බලය බෙදා ගැනීම ඔස්සේ සාමය හා සංහිඳියාව ස්ථාවර කර ගැනීමෙන් යුද ගැටුම් වළක්වා ගත හැකි ය. සාමය සඳහා අධි ආරක්ෂක කලාප අවශ්‍ය නැත.

උතුරේ ඉඩම් යළි ජනතාව අතට පත් කිරීම ඉතා ප්‍රගතිශීලී පියවරකි. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවට දිරි වඩමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු
. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනිවා පැරා. තව ලක්ෂ ගානක හමුදාවක් ජනතාවගේ කිරි පැකට් එකට ගහන බදු මුදලෙන් පිං පඩි දීල නඩත්තු කරන්නත් වෙලා තියෙනවා. ඔය ජන ඝාතක කාලකන්නි යුනිෆෝම් කාරයොත් ගෙදර යවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඔය කාලකන්නි ආමිකාරයෝ යුද්දේ ඉවරකරේ නැත්නම් ඔය මුකුත් නෑනේ. පර්සි මහේන්ද්‍ර කොහොමත් හිරේ දානවනේ. ඊට අමතරව ඔය ඉඩම් අල්ලගන්න මූලික වෙච්ච ෆීල්ඩ් මාෂල්ගේ පටි ටිකත් ආයේ ගලවල දාන්න ඕන.

      Delete
    2. පර්සි මහේන්ද්‍ර ට අඩු තරමේ පැය 8 වඩා කූඩුවේ තපින්න වුනොත් බලා ගන්න පුළුවන් වමාරන වැමෑරිල්ල, සනුහරේටම පොලවේ හිල් හාරගෙන රිංගන්න වෙන්නේ.

      Delete
    3. ඉතිං ඇයි සනුහරේට උන ගැනෙන්න ප්‍රශ්න කරන්නේ නැත්තේ? තාම තියෙන්නේ පරණ ආණ්ඩුවද? යහපාලනය ඇති කරන්න ටොයියෝ මීට වඩා කැපවෙන්න ඕන. එස් බී ලොක්කටත් ඇමති කමක් දීපු එකේ පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා නොසලකා හැරීම අවුල් නේද?

      මහින්ද හිරේ දාන්ඩ ප්ලීස්.

      පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස්.

      Delete
    4. සනුහරේට ගැනිල තියන නිසයි පැරදුනත් මෙච්චර දැඟලිල්ල, එහෙම නැත්නම් ලොකේ වටේ පාවි පාවී එකතුකරගත්තු සල්ලි වලින් සැප විඳියි, ඒත් කරුමෙට දාලා යන්න බෑ, ආපහු බලයට ආවේ නැත්නම් කරපුව විඳවන්නම වෙනවා. රනිල්ල / මෛත්‍රීලා ඔය කතන්දරේ සහ සුද්දෙන් දන්න නිසා, කෙරුවාව ඉවර වෙච්ච දවසට පැන්ෂන් ගිහින් සුව විඳින්න තමයි ප්ලෑන, රාජපස්ස සනුහරේ වගේ අමුණ ගන්නෙ නැතිව.

      Delete
    5. මහින්ද රාජබයියා අගමැති කොට, මේ වන විට කුමාරවරුන්ට අහිමි කර ඇති ලැම්බෝගිනි හා සියළු වරප්‍රසාද ලබාදීම පිණිස රත්නපුරයට රොක් වෙමු.

      මීට,

      1. වීරබයියා
      2. වාසුබයියා
      3. කරත්තරෝදබයියා සහ
      4. ගම්බයියා

      Delete
    6. දෙමළ මිනිස්සුන්ගෙ ඉඩම් ආමි එක ගත්තා. ආමි එක ගැන ඔච්චර කැක්කුම නම් ඔය දේශ ප්‍රේමීන් ටික තමන්ගෙ ඉඩම් ටික දෙමළ මිනිස්සුන්ට දෙන්ඩ. එතකොට මොනම ප්‍රශ්නයක් වත් නෑ.

      Delete
  2. ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍
    ඒ විතරක් නම මදැයි.අවුරුද්දකට සැරයක් විතර තම යටත් විජිත බලන්ඩ යනව වගේ ගිහින් ආතල් ගැනීමට ඉඩ නැතිවීමම ඇකමැතිවීමට හේතුවක්....

    ReplyDelete
    Replies
    1. 1. ඉඩම් දුන්නම යාපනේට ගිහිං බලල එන්න බැරිවෙනවද?
      2. නුවරට නුවරඑලියට කතරගමට ගාල්ලට අනුරාධපුරේට ගිහිං බලල එන්න පුළුවන් නම් යාපනේට ත්‍රිකුණාමලේට ගියාම අවුල් ද?

      Delete
    2. නුවරට අනුරාධපුරෙට නුවර එළියට යන්නෙ වෙන අරමුණු පිණිස. නමුත් යාපනේට යන්නෙ නම් සත්තු වගේ දෙමළ මිනිස්සු ඉන්න හැටි බලලා පොඩි වින්දනයක් ලබන්න. මේක පොදු මධ්‍යම පාංතික සින්හල මාන්සිකත්වය.

      Delete
    3. AnonymousMarch 24, 2015 at 5:33 PM
      තෝ ජීවිතේට යාපනේ ගිහින් නැති බුරුවෙක්

      Delete
    4. AnonymousMarch 24, 2015 at 6:36 PM

      තෝ මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නැති බූරුවෙක්. කියපු මිනිහා ගැන නෙවෙයි කියපු දේ ගැන බලපන් ගොනෙක් නොවී.

      Delete
    5. තෝ, බූරුව, පිස්සා, ගොනා, ... සිංහල බෞද්ධ හැදියාවක් ඇති අෑයොන්ගේ භාවිතය සඳහා ලියා පදිංචිකර ඇත.

      Delete
    6. ඇත්තටම යුද්දේ ඉවර වුනු කාලේම මමත් යාපනේ ගියා. හැබැයි මට නම් මේ AnonymousMarch 24, 2015 at 5:33 PM කියනවා වගේ මානසිකත්වයක් තිබුණේ නැහැ. මට ඕන වුනේ නිදහසේ නාගදීපයට, දඹකොල පටුනට, යාපනේ නගරයට, කදුරුවෙල විහාරෙට වගේ තැන්වලට ගිහින් එන්න. හැබැයි මම හිතන්නේ මමත් මධ්‍යම පාංතිකයකෙුට වඩා ඉහළ තත්වයක කෙනෙක් නම් නෙවි.

      Delete
    7. ඔයාට ඕව තේරෙන්නේ නෑ නිරංජන්. නාගදීපේ කදුරුවෙල(කදුරුගොඩ??) ඔය ඔක්කොම දෙමල මිනිස්සුන්ගේ ඉඩම්. ඒවා ඒ මිනිස්සුන්ට දෙන්න ඕන. ඒ තැන්වල පන්සල් හදාගත්තම ඒ මිනිස්සුන්ට ඉන්න වෙන්නේ අපේ අම්මලගේ හොර මිනිස්සුන්ගේ ගෙවල්වල ලු. අපේ අම්මලට හොර මිනිස්සු නැති හින්ද ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් නැතිවෙලා ආයේ යුද්ධයක් එන්න පුළුවන්. ලොකුම රට හරක් ටික කලින් පාර යුද්ධෙට ගිහිං මැරිච්ච හින්ද අපිට යුද්ධ කරන්න කට්ටියත් නෑනේ. ඒහින්ද අපි ඔය ඔක්කොම ඉල්ලන දේවල් දීලා අමතරව කෝකටත් කියල පුකේ පොල්තෙල් ටිකකුත් ගාගෙන නිදියන්න ඕන.

      Delete
  3. ///ඇත්තෙන් ම දැන් මේ ඉඩම් හමුදාව යටතේ තබා ගැනීමේ කිසිදු අරුතක් නැත. කොටි සංවිධානය හෝ වෙනත් කැරැලි හමුදාවකට උතුරේ සම්ප්‍රදායික යුද්ධයක් ආරම්භ කිරීමේ කිසිදු අවස්ථාවක් නැත.///

    එතකොට උබ කියන විදිහට හමුදාවක්ම ඕනෙ නැහැනේ නේද.. යුද්දෙ නැති නිසා.. එතකොට ඔය පොලිසි උසාවි ඒවත් ඕනෙ නැහැනෙ ඇයි ඒවා ආයෙ වෙයිද දන්නෑනේ.. උබ කියන විදිහට... නේද..

    පැරකුම් උබ පිස්සෙක් වුනාට පෙන්නන එපා... ගොනා.

    ReplyDelete
    Replies
    1. ෂ්...... ඔයා මොනවද මේ කියවන්නේ?

      පැරකුම් කියන්නේ ලංකාවේ පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා. නම අසූ පමණින් මහින්දට ගෝටට මල මුත්‍ර පිටවන, රට කරවන තුන් කට්ටුව වන රනිල්ට, චන්ද්‍රිකාට, මෛත්‍රීට ඇඟේ හිරිගඩු පිපෙන මට්ටමේ කෙනෙක්. එතුමාට ඔය වගේ කතා කරන්න එපා. එතුමාගේ හඳුන්පොත කී ගානවා. මේ බලන්න එතුමාගේ වේදනාව එතුමා පිටකර තිබෙන ආකාරය.

      http://www.w3lanka.com/2015/03/blog-post_4.html

      එතුමා වන්නෙක් බිහිවෙන්නේ සාරා සංඛය්ය කල්ප ලක්ෂයකට වරක්. එතුමාගේ කාලයේ ඉපදීමත් අප ලැබූ මහත් භාගයක්. එතුමා නොදන්නා දෙයක් නැහැ. එතුමා කියන නිසාම නැවත සම්ප්‍රදායික යුද්ධයක් ඇතිවන එකක් නැහැ. එතුමා පොලීසි උසාවි ඕන නෑ කිව්වොත් අපි ඒකත් පිළිගන්න ඕන.

      එතුමාගේ අනුගාමිකයකු වන්නේ කෙසේද යන්න ගැන වැඩි විස්තර දැනගැනීමට රාජ් මහතා හමුවන්න.

      Delete
    2. හමුදාව ඒ මිනිස්සුන්ගෙ ඉඩම් බලෙන් අල්ලගත්තහම ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ උඹේ අම්මගෙ හොර මිනිහගෙ ගෙදරද බං?

      Delete
    3. //එතකොට උබ කියන විදිහට හමුදාවක්ම ඕනෙ නැහැනේ නේද.. යුද්දෙ නැති නිසා.. එතකොට ඔය පොලිසි උසාවි ඒවත් ඕනෙ නැහැනෙ ඇයි ඒවා ආයෙ වෙයිද දන්නෑනේ...//

      දිවියලෝකයේ හමුදාවක් හෝ පොලීසියක් නැත, එවා ඇත්තේ අපායේ සහ මනුස්ස ලොකයේය, නරපණුවන්ට එවැනි සංකල්ප තේරුම් ගැනීම අපහසුය. ඒ සඳහා බවුන් වඩා ලෝකය දකින දැණුම වඩාගත යුත්තේය. යහ පාලකයන්ගේ ultimate objective එක සිරිලංකාව සුරපුරක් කිරීම නිසා හමුදාව පොලීසියට පැන්ෂන් දෙනවා විය හැක. ඔබ ඉහත කී ආයතනයක රැකියාවේ නියුත්තේ නම් වහාම වෙනත් රැකියාවක් සොයාගන්න. මතක තියාගන්න සුරපුරයේ පිරිසිඳු කිරීමේ ක්ෂෙත්‍රයේ රැකියා ද නැත්තේ ඒ සඳහා wind power auto cleaning systems හඳුන්වාදී ඇති නිසායි.

      Delete
  4. උතුරේ ඉඩම් යළි ජනතාව අතට පත් කිරීම ඉතා ප්‍රගතිශීලී පියවරකි.

    ReplyDelete
    Replies
    1. තෝ ඉන්නේ ලංකාවෙන් පිටනේ
      ඉතින් උඹට ගානක් නැහැ, උඹට මෙහෙ ඉඩම් තියෙනවනම් ඒවා අපිට දීල දාපන්, ඒත් නෑ උඹ ඒවත් දෙමලෙකුටම දීපන්.

      යුද්දෙට කලින් යාපනේ සහ ඒ අවට හිටපු සිංහල මිනිස්සු තම තමන්ගේ ඉඩකඩම් අතඇරලා ඔය පැති වලින් ඇවිත් දැන් අවුරුදු කීයක් වෙනවද. අවුරුදු 20 ක් 30 ක්...............
      ඒ ඉඩකඩම් පවා දෙමළ මිනිස්සු අල්ලගෙන ඉන්න ඇති. සිංහලයින්ට ඒවායේ අයිතිය තහවරු කරන්න බොහෝ දුරට නොහැකි වීමෙන් ඒ ඉඩනුත් දෙමළුන්ටම දෙන්න කියලද බුරුවො උඹ කියන්නේ
      ඒවත් මොන විදිහකින් හරි හොයල සිංහලයට දෙන්න ඕනේ
      තෝ, පැරා වගේ කල්ලතෝනින්ට තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් නැති වූනාට අපිට තියෙනවා

      Delete
    2. දැන් ඔය යාපනේ ඉඩම් තිබුනෑ කියන එකම සිංහල මිනිහෙකුටවත් ඒවායේ අයිතිය තහවුරු කරන්න ඔප්පුවක් පෙන්නන්න බැරි ඇයි? ඉඩම් තිබුණා නම් ඔප්පු තියෙන්න ඕනැ නේද?

      Delete
    3. යාපනේ හිටිය සිංහල අයව බලහත්කාරයෙන් එළවා දැමූ බවක් සඳහන් වෙලා නෑ, ඒත මුස්ලිම් අයව නම් එළෙව්වා. කොහෙමත් යාපනේ සිංහල අය ටිකයි හිටියේ, බණ්ඩාරනායකගේ සිංහල විතරයි මඟුලෙන් පස්සේ තිබුන හොඳහිත බිඳෙන කොට ඒ අය කොටසක් තිබුන ඉඩම් විකුණල එන්න පල්ලෙහාට ඇති, ඉතිරි වෙච්ච අය නෑදෑ සබඳකම් හරහා ක්‍රමයෙන් දෙමළ වෙන්න ඇති. මේ තියන ජාති අතර විරසකය නැති වුන දවසක සිංහල මුස්ලිම් අය එහේ ඉඩම් අරගෙන ව්‍යපාර කරයි. එහෙම නැතිව බලෙන් සිංහල අය ගිහින් දැම්මොත් බඩු බනිස් තමයි.

      Delete
    4. දන්න තරමින් සිංහල කාගෙවත් ඉඩම් තිබුණෙ නැහැ යාපනයේ. 1970 දශකයේ 20,000 ක පමණ සිංහල පිරිසක් යාපනයේ සේවය කළා විවිධ වෘත්තීන් වල. ඒ කාලෙ යාපනය කියන්නෙ ලංකාවෙ දෙවන විශාලම නගරය. ඉතින් විශාල සිංහල පිරිසක් යාපනයේ සේවය කිරීම පුදුමයක් නෙවෙයි. ගැටුම් වුණාම මේ අය දකුණට ආවා.

      Delete
    5. යාපනේ කෙසේ වෙතත් 1960 - 80 කාලයේ අනුරාධපුරයේ නගරය අවට තිබුන ඉඩම් වැඩිහරිය දෙමළ අයගේ, 83 වගේම කොටි සිරිමා බෝධියට ගැව්වාමත් ඒ දෙමළ අය මරල දාලා / ගහල පන්නල ඒ ඉඩම් අල්ලගත්ත,

      Delete
    6. දෙන්ඩ දෙන්ඩ ඔක්කොම ඉඩම් දෙන්ඩ. අනුරාධපුරේ රුවන්වැලි සෑය හදල තියෙන්නෙත් දෙමල මනුස්සයෙක්ගේ ඉඩමක. එකත් දීල දාන්ඩ.

      Delete
  5. ෙමතන ගැටලු ෙදකක් තිෙයනවා අැයි විග්ෙන්ශ්වරන් සිංහලෙන් කතාකලේ ඒ කියන්නේ ඒ රැස්වීමට ඇවිත් හිටිය දෙමල ජනතාවගෙන් වැඩි දෙනෙක්ට සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුලුවන් කියන එකද?

    අනිත් ගැටලුව මම යාලුටවක් එක්ක සෙට් වෙලා පැරකුම් මහත්තයා තනියම පාරෙ යනකොට අල්ල ගන්නවා මගේ යාලුවා මෙයාගේ බෙල්ලට පිහියක් තියලා රුපියල් 1000ක් දීපිය වේසිගෙ පුතෝ කියනවා මම මැද්දට පැනලා නෑ මචං අපි එච්චර දරුණු වෙන්න හොඳ නෑ කියලා
    පැරකුම් මහත්තයා පැත්ත‍ට හැරිලා අංකල් ප්ලීස් දෙන්නකො රුපියල් 900ක් කියලා ඉල්ලනවා
    (හොඳ හොරා සහ නරක හොරා රංගනය) දැන් එතකොට මෙයා දෙයි.
    මෙතනදිත් මෙම දෙමළ වර්ගවාදී ලේඛකයා තම ලිපිවලින් නිතරම පෙන්නන්න හදන්නේ හොඳ දෙමලා නරක රංගනය. ඒමඟින් ඔහු සිංහල සමාජය රැවටීමට තැත්කරනවා.

    ReplyDelete
  6. ෙමතන ගැටලු ෙදකක් තිෙයනවා අැයි විග්ෙන්ශ්වරන් සිංහලෙන් කතාකලේ ඒ කියන්නේ ඒ රැස්වීමට ඇවිත් හිටිය දෙමල ජනතාවගෙන් වැඩි දෙනෙක්ට සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුලුවන් කියන එකද?

    අනිත් ගැටලුව මම යාලුටවක් එක්ක සෙට් වෙලා පැරකුම් මහත්තයා තනියම පාරෙ යනකොට අල්ල ගන්නවා මගේ යාලුවා මෙයාගේ බෙල්ලට පිහියක් තියලා රුපියල් 1000ක් දීපිය වේසිගෙ පුතෝ කියනවා මම මැද්දට පැනලා නෑ මචං අපි එච්චර දරුණු වෙන්න හොඳ නෑ කියලා
    පැරකුම් මහත්තයා පැත්ත‍ට හැරිලා අංකල් ප්ලීස් දෙන්නකො රුපියල් 900ක් කියලා ඉල්ලනවා
    (හොඳ හොරා සහ නරක හොරා රංගනය) දැන් එතකොට මෙයා දෙයි.
    මෙතනදිත් මෙම දෙමළ වර්ගවාදී ලේඛකයා තම ලිපිවලින් නිතරම පෙන්නන්න හදන්නේ හොඳ දෙමලා නරක දෙමලා රංගනය. ඒමඟින් ඔහු සිංහල සමාජය රැවටීමට තැත්කරනවා.

    ReplyDelete
    Replies
    1. කවුද ඔය කියන දෙමළ වර්ගවාදී ලේඛකයා?

      Delete
    2. //ෙමතන ගැටලු ෙදකක් තිෙයනවා අැයි විග්ෙන්ශ්වරන් සිංහලෙන් කතාකලේ ඒ කියන්නේ ඒ රැස්වීමට ඇවිත් හිටිය දෙමල ජනතාවගෙන් වැඩි දෙනෙක්ට සිංහලෙන් කියන දේ තේරුම් ගන්න පුලුවන් කියන එකද?//

      විග්ෙන්ශ්වරන් සිංහලෙන් කතාකලේ එතන හිටිය සිංහල අයට, ඒ එයාලට දෙමළ තේරෙන්නේ නැති නිසා. දෙමළ අයට දෙමලෙන් කිව්වා. ජාතික ගීයේ ඔයාට තියන ගැටළුවත් ඒ වගේ එකක්. ඒකට තියන්නේ මඤ්ඤං කියල.

      Delete
    3. එතන සිංහල අයත් හිටියද? විග්නේෂ්වරන් දිගටම ඔහොම කරාවිද?
      නැත්නම් එයා කලේ සිංහලයන්ව රවටන්නද මොකද සිංහලයන්ගේ තියෙන දූපත්වාදී මානසිකත්වය නිසා ඔයවගේ පොඩි දේවලට ඕනෑවට වඩා පැහැදෙනවා

      Delete
    4. /මොකද සිංහලයන්ගේ තියෙන දූපත්වාදී මානසිකත්වය නිසා ඔයවගේ පොඩි දේවලට ඕනෑවට වඩා පැහැදෙනවා/

      එහෙම නම් ගොන් මෝඩ වහන්සේ ප්‍රභාකරන් සිංහලෙන් කතා කරලා අපේ මිනිස්සු රැවැට්ටුවේ නැත්තේ ඇයි?

      Delete
    5. අයියෝ ජගත් ඔන්න ඔය උඩ කෑල්ල දෙන්න ඉඩ දෙන්ඩ. ලක්ෂ ඇටදෙකක් මිනිස්සු චන්දෙ දුන්නේ ඒකට තමයි. යහපාලනය එක්ක සෙල්ලම් කරන්ඩ එපා. ඕන ගොනෙකුට යුද්ධ කරන්ඩ පුළුවන් කියල අමතකද? අලිමංකඩ වෙනුවට ඔයා පාමංකඩට යන්ඩ.

      Delete
  7. යුද්දෙ ඉවරනම්, බර අවි ගත්තු ත්‍රස්ථ සංවිධානයක් රටේ නැතිනම්, ඔත්තු සේවා හොඳනම්, බෆර් සෝන් නොහොත් අධි ආරක්ෂිත කියල පලාලි කඳවුර වටේ විසාල ඉඩම් ප්‍රමාණයක් වහගෙන් ඉන්න ඕන නෑ තමයි. අනෙක් පැත්තට ඉඩම් ටික දුන්න කියල ආමි එක කෑම්ප් එක ඇතුලට දාල වහගෙන තියන්නෙ නැතුව ඒ දුන්නු ඉඩම් වල වෙන්නෙ මොනාද කියල හිමීට හොයල බලන්නත් ඕන. ඒවට තමා ලොකු පොඩි ඩ්‍රෝන් තියෙන්නෙ, හමුදා බුද්දි අංශ තියෙන්නෙ, පොළිසිය තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය මොකවත් ඕන නෑ උපශාන්ත. ජනතාව අතර විශ්වාසය ගොඩනගන එක තමා වැදගත්. අද මේ මුල් පියවර තිබ්බේ ඒකට. මේ බැඳීම වැඩි කරන්න හමුදා කඳවුරු වල වැටවල් ඉවත් කරන්න ඕන. කෝකටත් නිදාගන්න කලින් පුකේ පොල්තෙල් පොඩ්ඩක් ගාගෙන ඉන්න එක වැදගත්. ඒකෙන් කිසි හානියක් වෙන්නේ නෑනේ. කවුරුහරි ඇරියත් වැඩිය රිදෙන්නේ නෑ ඒ නැතත් උදේට බොගදාන්න උනත් ලේසියිනෙ.

      ලංකාවට ඩ්‍රෝන් ගන්න උනත් අතහිත දෙන්ඩ ඔබතුමා කැමති වෙයි කියල අභීත ඕනය අතේ පණිවිඩයක් එවල තිබ්බා. ඒක අහල අර කාලකන්නි මාරයා ඇහුවා ඔබතුමාගේ පුකේ හිලේ විෂ්කම්භය දැන් ලේලන්ඩ් බස් එකක් යන්ඩ පුළුවන් තරමට ලොකු ඇති නේද කියල. ඕනය කට කොනකින් හිනා උනා මිසක් මුකුත් කිව්වේ නෑ.

      Delete
    2. අනේ පලයන් බන් යන්න. LRRP එකත් එක්ස්පෝස් කරලා කොටින්ට බිලි දුන්නු රනිල් තමයි ඩ්රෝන් දාලා නිකන් දෙමෙල්ලුන් ගේ ඔත්තු බලන්නේ. කඩේ ගියපු ආණ්ඩුව ගූ නාන කොට දැන් බොරුවට ඩැමේජ් කන්ට්‍රෝල් නේද?

      Delete
    3. අනුරුද්ධගේ පුක එලියදාගෙන නටපු අපූරු LRRP එක, LRRP සේෆ් හවුස් වලට පොලිටික්කො ගේ පුත්තුයනව නම්, ඒක වෙපන්ස් තියාගෙන ඉන්න තැනැක් කියලා අවට මිනිස්සු දන්නවනම් ඒක පුකේ LRRP එකක්, අවට මිනිස්සු ඇලරට් වෙනකොට විත්ඩ්‍රෝ වුනේ නැත්තේ පොලිටික්කොගේ කනෙක්ෂන් තිබ්බ නිසානෙ. අපරාදෙ මුළු කාඩර්එකම එක්ස්පොස් වුනේ කාගේ වරදින්ද? වගකිව යුත්තෝ තමයි ජාති ආල මඩක් දාල ඒකෙනුත් ජන්ද ගැරුවෙ.

      Delete
  8. මෙම සාධනීය පියවර ඉදිරියට ගෙන යමින් හයිටි දේශයේ අල්ලාගෙන සිටින ඉඩම්ද පවරාදී එහි සිටින ලංකාවේ හමුදාව මෙරට පැමිණිය යුතුයි.

    ReplyDelete
  9. මහින්ද රාජපක්ෂ මහතාව හමු වීමට අද කලාකරුවන්ද 300 ක පමණ පිරිසක් අවස්ථා කිහිපයකදී පැමිණියා. දිනෙන් දින අස්ථාවර වෙන රට බේරා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියෝය. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා අසල පුවරුවක සඳහන් කර තිබූ ‘නියමිත වේලාවට රාජකාරිය වාර්තා කරන්න’ යන වැකිය වෙනස් කර මෙසේ කීවේය. ‘නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරමි’ කලාකරුවෝ සියල්ල මහ හඬින් අත්පොලසන් දෙමින් ජයඝෝසා නැගූහ.

    ReplyDelete
    Replies
    1. //කලාකරුවන්ද 300 ක පමණ පිරිසක්// රටක මේ තරම් කලාකරුවෝ පිරිසක් එක ට එකමුතුවුනා කියන්නේ නොසෑහෙන බලවේගයක්, මේ ඔයා කලාකරුවෝ කිව්වේ පෙරහැරවල නටන බෙරකාරයෝ /නැට්ටුවෝ නෙවෙයි නේද? එයාල හාර පන් සියක් හැමදාම මහින්ද යන යන තැන පඩියට නැටුවනේ, පව් දැන් රස්සාවක නැතුව ඇති, කාලක් වැදුනහම තමයි එයාලට පොලව ස්තාවර වෙලා එන්නේ, නටන්න හිටං.

      Delete
  10. ඔබ මේ ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව සහ සාධාරණව බලා තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා.

    ඉතා හාස්‍යජනක කරුණක් තිබෙනවා. සමහරු හිතන්නේ ත්‍රිවිධ හමුදාවත් යාපනයේ කඳවුරු සඳහා ඉඩම් අල්ලාගෙන ඉන්න කැමතියි කියා. නමුත් සියලුම හමුදා ක්‍රියාකරන්නේ සේනාධිනායකයාගේ නියෝග අනුවයි. ඒ නිසා ඉන්න කිව්වොත් ඉන්නවා යන්න කිව්වොත් යනවා.

    නමුත් හමුදා බුද්ධි අංශ මගින් නිරතුරුව වාර්තා සපයනවා, ජාතික බුද්ධි තොරතුරු ඒකකය, පොලිස් බුද්ධි අංශ, ක්‍රියාත්මක වෙනවා. දෙමළ අන්තවාදී පිරිස් ඉන්න බව නොරහසක්. ඔවුන්ව මතවාදීව පරාජය කරන්නටනම්, බහුතර ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත යුතුයි. ඒ සඳහා කඳවුරු ඉවත් කිරීම ප්‍රමාණවත් නැහැ.

    උතුරේ මා සේවය කල කාලයේදී අවබෝධ කරගත් වැදගත් කරුණු වන්නේ ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වර්ධනයක් පමණයි. කිලිනොච්චියට, වවුනියාවට, ත්‍රිකුණාමලයට, කොළඹට, එන්නේ නැතුව, යාපනයේදීම තම ජීවිතයට අදාළ වැදගත් අවශ්‍යතා (අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන, වැනි) ඉටුකරගැනීමට හැකිනම්, ඔවුන්ට අධිවේගී මාර්ග හෝ දැයට කිරුල වැනි ප්‍රදර්ශන අවශ්‍ය වන්නේත් නැහැ.

    ඔවුන්ගේ පරිපාලන කටයුතු සඳහා ඔවුන්ගේ භාෂාව කතාකරන නිළධාරීන් අවශ්‍යයි. භාෂා ප්‍රශ්නය තේරුම්ගත් ආරක්ෂක හමුදා විසින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ට දෙමළ බස ඉගැන්වීම සඳහා වෙනම පුහුණු පාසලක් 1980 දශකයේදී ඇතිකර අද දක්වා ඉතා සාර්ථකව පවත්වාගෙන යනවා. දෙමළ බසින් කතාකරන ආරක්‍ෂක අංශ සාමාජිකයන් සමග ඔවුන් ඉතා කැමැත්තෙන් කතාකරනවා. එයින්ම පෙනෙනවා ඔවුන්ට අවශ්‍ය ඔවුන් තේරුම්ගන්නා අයවලුන්ගේ ඇසුර බවයි.

    දෙමළ දේශපාලනඥන් සිංහල දේශපාලනඥන් වගේම ඒ ජනතාව නොමග යවනවා.

    යාපනය ආරක්ෂිතව තබාගන්න එක ගුවන් කඳවුරක් සහ සීමිත යුදහමුදා/නාවික හමුදා කඳවුරු ගණනක් ප්‍රමාණවත්. නමුත් ඒවා තිබියයුතු ස්ථාන තීරණය කලයුත්තේ ආරක්‍ෂාව පිලිබඳ විශේෂඥ දැණුම ඇති ආරක්ෂක හමුදා නිළධාරීන් විසින් විනා, දේශපාලනඥයින් විසින් නොවේ.

    ReplyDelete
    Replies
    1. විචාරකට ගේ අදහස් ඉතා වැදගත්.

      මේ කියන ඒවා නම් ඒ කාලයට අදාල වුනත් සදාකාලික නෑ.

      /* ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වර්ධනයක් පමණයි.*/
      /* ඔවුන්ට අධිවේගී මාර්ග .................. අවශ්‍ය වන්නේත් නැහැ. */

      මිනිස්සුන් ගේ අවශ්‍යතා කාලයත් සමග වෙනස් වෙනවා. මූලික අවශ්‍යතා සැපිරුණාම තමයි ඊලඟ මට්ටටේ අවශ්‍යතා මතුවෙන්නේ.

      Delete
    2. /* දෙමළ බසින් කතාකරන ආරක්‍ෂක අංශ සාමාජිකයන් සමග ඔවුන් ඉතා කැමැත්තෙන් කතාකරනවා. */

      ඒ වගේම ජාතික ගීය දෙමලෙන් ගයන විට ඔවුන් ගේ ජාතික හැඟීම වැඩි වේවි.

      Delete
    3. /* දෙමළ දේශපාලනඥන් සිංහල දේශපාලනඥන් වගේම ඒ ජනතාව නොමග යවනවා. */

      දේශපාලුවන් යනුවෙන් වෙනස් විය යුතුයි!
      ;-D

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා