නූතනත්වය හා ගතානුගතිකත්වය අතර විභේදනය නිර්මානය කරන මහින්ද

මේ වන විට ආණ්ඩුවත්, විපක්ෂයත් පැහැදිලිව හඳුනාගත නො හැකි අමුතුම පාලනයක් ලංකාවේ බිහි වී තිබේ. එය කෙතරම් අවුල් සහගත තත්වයක් ද යත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධුරය හිමිවිය යුත්තේ කාටද යන්න තමන්ටද ගැටලුවක්‌ව ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මාර්තු 24 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳ කතා කරමින් ජවිපෙ නායක අනුර කුමාර පෙන්වා දුන්නේ මෙය හවුල් ආණ්ඩුවක් බවත්, ආණ්ඩුවට සම්බන්ධ වූ පක්ෂයේ ම කොටසක් විපක්ෂයේ ද සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නැති බවත් ය.

එහෙත්, 2005 සිට ම මේ තත්වය තිබිණි. විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව සමග එක් වී හවුල් ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කරද්දී එජාපය විපක්ෂ නායක ධුරය ද හෙබවූයේ ය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගිය එජාප මන්ත්‍රීවරු කිසිවෙක් තමන් එජාපයෙන් ඉවත් වූ බව නිල වශයෙන් පිළි ගත්තේ නැත. එදා තත්වයත් අද තත්වයත් අතර වෙනස වන්නේ එදා විපක්ෂ නායකයා එය අනුමත නො කිරීම හා අද විපක්ෂ නායකයා එය අනුමත කිරීම පමණි. මේ අනුමත කිරීම ද ඇත්තෙන් ම වචන පමණි. එදා මේ චමල් රාජපක්ෂට ම මෙවැනි ගැටලුවක් එදා ඇති වූයේ නැත.

මහින්ද රාජපක්ෂගේ මූලික පාලන උපායමාර්ගය වූයේ විරුද්ධ පාක්ෂිකයන් බිලී බාගෙන හා මිළ දීගෙන සිය පෞද්ගලික හා පවුල් අරමුණු මත පාදක වූ දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. අතිශය පෞද්ගලික වාසි සඳහා වූ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා තුනෙන් දෙකේ බලය ලබා ගත්තේ මේ ක්‍රමවේදය ඔස්සේ බව කවුරුත් දනිති. එදාත් එය ව්‍යවස්ථාදායකය තුළ අවුලකි. එහෙත්, ඒකාධිපති විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුද්ගල බලය විසින් මේ අවුල යටපත් කරන ලදී.

එහෙත් වර්තමානයේදී මේ අවුල මහා වියවුලක් ලෙස මතු කරනු දක්නට ල‍ැබේ. හේතුව අන් කිසිවක් නොව, විපක්ෂයේ සහයෝගය ලබා ගනිමින් මේ සැරසෙන්නේ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා ගොඩනගා ගන්නා ලද ඒකාධිපති බලතල ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට වීමයි.

ඇත්තම කියනවා නම් මෙතන මහා අවුලක් නැත. ඇත්තේ වියවුලක් පිළිබඳ මත ගොඩනැගීමකි. අනෙක් පැත්තෙන් එවැනි අවුලක් නැති බව පෙන්වා දෙන්නට මත ගොඩනැගීමේ හැකියාවක් ආණ්ඩුවේ ජනමාධ්‍යවලට නැත. මෙය වනාහි දීර්ඝකාලීන ඒකාධිපති පාලනයක් තුළ රටේ ජනතාව හා දේශපාලකයන් අතර ගොඩනැගී තිබෙන නිවට සංස්කෘතියේ ප්‍රකාශනයකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට නො දුටු අවුලක් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට හදන විට පෙනේ. එහෙත්, 18 මෙන් ම 19 ගෙන එන විට ද අනුගමනය කෙරෙන්නේ එක ම ක්‍රමවේදයකි. ඒකාධිපතිවාදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන විට නො තිබූ ගැටලුවක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට උත්සාහ කරන විට දැකීම ඇත්තම කියනවා නම් සමාජයේ හා දේශපාලනයේ ගැටලුවකි.

කෙසේ වෙතත්, අවසානයේදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාගත කරන්නට ආණ්ඩුව සමත් වී තිබේ. ඒ සඳහා අවම හෝ එකඟතා ප්‍රමාණයක් ඇති කරගෙන තිබේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර නැත. එ් සඳහා කල් ගැනීමට අවශ්‍ය නම් කල් ගැනීමේ ඇති වරද කුමක් ද? ඒකත්, මේකත් එකට ම එන්නට ඕනෑ ය කියා කොන්දේසි දමන්නේ නො කෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ද මදි අයයි. ඒ නිසා දැන් මේක කරමු. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පසුව කරමු.

මහ මැතිවරණය කල් යාම යටින් සිට මේ සියල්ල අවුල් කරන ප්‍රතිගාමී මහින්ද කඳවුරට ද මෙම තත්වය නරක නැත. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂගේ සෙවණේ සිටිමින් මහජන මුදලින් අයුතු වරප්‍රසාද භුක්ති විඳි බලවේගය දැන් ක්‍රමානුකූලව ප්‍රතිසංවිධානය වෙමින් තිබේ. මහින්ද හා කලාකරුවන් ලෙස තමන් හඳුන්වාගන්නා නලාකරුවන් අතර පැවති රැස්වීම මේ ප්‍රතිසංවිධානයේ එක් සන්ධිස්ථානයකි.

මහින්දගේ පුනරුත්පත්තිය ඇත්තෙන් ම කලබල විය යුතු කාරණයක් නො වේ. මහින්ද විසින් මේ සමාජය ඉතා පැහැදිලි රේඛාවකින් ඛණ්ඩනය කරමින් සිටියි. වර්තමාන අවුල නිර්මානය වන්නේ ද මෙම ඛන්ඩනය තුළයි. ඔහුට මෙම ඛණ්ඩනය නිර්මානය කිරීම සඳහා කාලය අවශ්‍ය ය. ඔහු එය සම්පූර්ණ කරන විට මෙම අවුල ද ලිහෙනු ඇත.

මහින්ද මේ සමාජය ඛණ්ඩනය කරමින් සිටින්නේ ඉතා පැහැදිලිව ම නූතනවාදය හා ගතානුගතිකවාදය ලෙසයි. ඇමරිකාවේ නම් මෙය ලිබරල් හා කොන්සවටිව් ලෙස සිදු විය. වත්මන් ආණ්ඩුවත්, එය සමග එක් වී තිබෙන විපක්ෂ කොටසුත් සහයෝගය දෙන්නේ ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකටයි. එම සංශෝධනයෙන් පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභා හා රාජ්‍ය සේවය ශක්තිමත් වේ. මහින්දගේ රැස් වළල්ල වටා එක්රැස් වෙමින් සිටින්නේ මේ සියල්ලට වඩා පුද්ගල බලය වැදගත් කොට සලකන පිරිසකි.

මහින්දගේ ප්‍රචාරණ ව්‍යාපාරය යනු ඒකීය දෙයක් නො වුණත්, ආණ්ඩුවට එරෙහි ප්‍රචාරණය ඒකීය සමූහයක් ලෙස සලකන්නට පුළුවන. එය අවසානයේදී සේවය කරන්නේ මහින්දගේ අරමුණටයි. මහින්ද කඳවුරේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය අධ්‍යයනය කිරීමෙන් මෙය යම් දුරකට තේරුම් ගන්නට පහසු ය.

මහින්ද කඳවුරේ ප්‍රචාරකයන් විසින් මතු කර දක්වන ප්‍රධාන තේමා දෙකක් මේ මොහොතේ දක්නට ලැබේ. එකක් ජාතික ගීය දෙමළෙන් ගැයීම සඳහා යළි අවසර දීමට ආණ්ඩුව ගත් තීරණයයි.

ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'නමෝ නමෝ තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී. ජ්‍යොතිෂ කාරණයක් මත පදනම්ව 1961දී මෙම ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කරන ලදී. 

ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ගී දශක ගණනාවක් තිස්සේ භාවිතාවේ තිබිණි. බොහෝ රාජ්‍ය හා නිල උත්සවවලදී සිංහල ජාතික ගීය ගායනා කරන ලද අතර ඇතැම් අවස්ථාවලදී දෙමළ ගීය ද ගායනා කරනු ලැබිණි. උතුරු හා නැගෙනහිරපළාත්වලදී හා දෙමළ බස කතා කරන ජනතාවගේ උත්සවවලදී බොහෝ විට ගායනා කරනු ලැබුවේ දෙමළ ජාතික ගීයයි. 1956දී සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමෙන් පසුව පවා ජාතික ගීයේ දෙමළ ස්වරූපය අහෝසි කර දමන්නට ආණ්ඩුව පියවර ගත්තේ නැත. හැටගණන්වලදී ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ස්වරූපය ද ගායනා කරන ලදී. අලුතින් ඉදි කරන ලද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම පිණිස අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1974දී යාපනයට පැමිණි අවස්ථාවේදී ද භාෂා දෙකෙන් ම ජාතික ගීය ගැයිණි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහල ජාතික ගීය ද ව්‍යවස්ථාගත කරන ලදී. හත්වන වගන්තියේ ඒ පිළිබඳ මෙසේ සඳහන් වේ. එහෙත්, යුද්ධය ජය ගත් මහින්දගේ ආණ්ඩුව 2010දී චක්‍රලේඛනයක් මගින් තහනම් කරන තෙක් දෙමළ ජාතික ගීය භාවිතාවේ තිබිණි. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ජාතික ගීය පිළිබඳ ඇති වූ කතිකාව පනස් වසරක කාලයක් තුළ තිබුණු කතිකාවට හාත්පසින් ම වෙනස් එකකි. ජයග්‍රාහී සිංහල ආණ්ඩුව පරාජිත දෙමළාගේ සොහොන් කොත් පවා උදුරා දැමූ අතර, යුද්ධයෙන් මිය ගිය ජනයා සැමරීමේ අවස්ථාව ද අහිමි කළේ ය. එතැනින් නො නැවතී ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ද අහෝසි කරන ලදී. 

ජනාධිපති මෛත්‍රීපාල ආපසු හැරවූයේ මේ ප්‍රතිගාමී පියවරයි. මහින්ද කඳවුරේ අය සිටින්නේ ජාතික ගීය ගැයිය යුත්තේ එක බසකින් පමණක් ය යන ස්ථාවරයේ ය. මෙම කතිකාව ප්‍රබුද්ධ තලයකදී සලකා බැලූ විට මා ඉහත කී විභේදනය පැහැදිලිව දැකිය හැකි ය. මහින්ද ඉන්නේ ගතානුගතිකත්වයේ ය. මෛත්‍රීපාලගේ කඳවුර නියෝජනය කරන්නේ නූතනත්වයයි. එහෙත් මෙම විභේදනය ලංකාව විෂයෙහි නරක නැත. එය වත්මන් අවුලෙහි සංකීර්ණත්වය අවම කරයි. අනෙක් පැත්තෙන් මෙය අලුත් ම තත්වයක් ද නො වේ. මහින්ද හැමදාමත් හිටියේ ගතානුගතිකත්වය, රණකාමය, ප්‍රජාතන්ත්‍ර විරෝධය වැනි කාරණා සමගයි. දැන් තිබෙන එකම වෙනස වන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය නිසා නූතනවාදී බලවේග ශක්තිමත් වීමයි.

උතුරේ අධි ආරක්ෂක කලාප ලෙස පවත්වාගෙන යන ලද ඉඩම් ඒවායේ සම්ප්‍රදායික හිමිකරුවන්ට ආපසු පවරා දීම විෂයෙහි ද මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රගතිශීලී, මානුෂීය, නූතනවාදී ප්‍රවේශයකි. එයට එරෙහි ජාතිවාදී බලවේග ද මහින්ද රාජපක්ෂ කඳවුර තුළ සිටගන්නේ අහම්බෙන් නො වේ. 

අධි ආරක්ෂක කලාප ලෙස නම් කර හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් අක්කර දහසක් ජනතාවට යළි පවරා දීමට රජය තීරණය කර තිබේ. එහි සංකේතාත්මක මුල් පියවර ලෙස ඉඩම් අක්කර 425ක් ජනතාවට භාර දීම සඳහා යාපනයේ උත්සවයක් පැවැත්විණි. මෙම සංකේතාත්මක මොහොතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා ම සහභාගි වූයේ ආණ්ඩුව ඒ කෙරෙහි දක්වන සැලකිල්ල සංකේතවත් කරමිනි. පසුගිය සමයේ හිටි හැටියේ උග්‍ර දෙමළ ජාතිවාදියකු ලෙස හැසිරුණු උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මෙම උත්සවයේ කැපී පෙනුණු අනෙක් අමුත්තා ය.

මේ ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවෝ ඇතැමෙක් පරම්පරාවක කාලයක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. විග්නේශ්වරන් කියන පරිදි ඔවුන් ජීවත් වන සරණාගත කඳවුරු 16ක් වසා දැමීමෙන් රජයට වටිනා ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ලබා ගත හැකි ය.


ජනතාවගේ ඉඩම් ආපසු ජනතාවට ලබා දීම පිළිබඳ අකැමැති වන දෙකොටසක් සිටිති. ඒ වනාහි සිංහල හා දෙමළ ජාතිවාදියෝ ය. සිංහල ජාතිවාදීන්ට අවශ්‍ය මුළු යාපනය ම හමුදා ජනපදයක් කරන්නට ය.‍ දෙමළ ජාතිවාදීන් කරන්නේ හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද සියලු ඉඩම් වහා ආපසු දෙනු යන අතිධාවනකාරී ඉල්ලීම ඉදිරිපත් කිරීමයි. එයින් හමුදාව හා සිංහල ජාතිවාදීන් කුපිත කර, රජය හා සිංහල දෙමළ ප්‍රගතිශීලී දේශපාලනය අපහසුවට පත් කර, කිසිවක් සිදු නො වන තැනට තල්ලු කර ගන්නට ඔවුහු කැමති ය.


ඇත්තෙන් ම දැන් මේ ඉඩම් හමුදාව යටතේ තබා ගැනීමේ කිසිදු අරුතක් නැත. කොටි සංවිධානය හෝ වෙනත් කැරැලි හමුදාවකට උතුරේ සම්ප්‍රදායික යුද්ධයක් ආරම්භ කිරීමේ කිසිදු අවස්ථාවක් නැත. එවැනි තර්ජනයක් මවා පාමින් මේ ඉඩම් හමුදා යටතේ තබා ගැනීම සාධාරණීකරණය කරන්නන් කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශවලට අපහාසයකි.


කිසියම් නාගරික හෝ අර්ධ නාගරික හෝ ගරිල්ලා යුද්ධයක් නැවත ආරම්භ කිරීමේ හැකියාව මුළුමනින් ම බැහැර කළ නො හැකි මුත්, එවැන්නකට අවස්ථාව තිබෙන්නේ ජනතාවගේ මෙවැනි ප්‍රශ්න විසඳන්නේ නැතිනම් බව ද අප මතක තබා ගත යුතු ය. දෙමළ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන්, අයිතිවාසිකම් ලබා දීමෙන් හා බලය බෙදා ගැනීම ඔස්සේ සාමය හා සංහිඳියාව ස්ථාවර කර ගැනීමෙන් යුද ගැටුම් වළක්වා ගත හැකි ය. සාමය සඳහා අධි ආරක්ෂක කලාප අවශ්‍ය නැත.

මහින්ද කඳවුර ‍ඉදිරි කාලයේදී කෙටිකාලීනව දැඩි ජාතිවාදී ස්ථාවරයන් තෝරනු ඇති බව පැහැදිලි ය. ඔවුන් විසින් නිර්මානය කරමින් තිබෙන විභේදනය තුළ  ගතානුගතික කඳවුර තුළ බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට තිබෙන මාර්ගය එයයි. එයට සමාජයේ ඉල්ලුමක් ද ඇත. පහත් හැඟීම් ඇවිස්සීම කොහොමත් පහසු දෙයකි. එයට අවශ්‍ය විලි ලජ්ජා නැතිකම ඔවුන්ට ඕනෑවටත් වඩා ති‍බේ. 

ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරය මහින්දගේ අභියෝගය දෙස සුබවාදී ඇසකින් බැලිය යුතු බව මගේ අදහසයි. ආමන්ත්‍රණය කළ යුතු අභියෝග වෙන් කර දක්වන්නට මහින්ද පියවර ගනිමින් සිටියි. මෙම වියවුල හමුවේ අපි ද ඔලුව අවුල් කර ගත යුතු නැත. එය දේශපාලන නායකත්වයේ අවුලක් මිස අපේ අවුලක් කර ගත යුතු නැත. අප බැලිය යුත්තේ මේ සියල්ල මැදින් ජනතා න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඉදිරියට යමින් තිබේ. එය මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම දක්වා දීර්ඝ කළ යුතු ය. සොරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වේගයේ අඩුවක් තිබේ. එය වේගවත් කළ හැක්කේ ආයතන ශක්තිමත් කිරීමෙනි. හෙමින් වුණත්, ස්ථිරසාර ගමනක් වෙත අප පිවිස තිබේ. ශක්තිමත් සතුරකු ලෙස මහින්ද පිළිගත යුතු ය. එය ඉදිරිගමනට අත්වැලක් කර ගත යුතු ය.
- රාවය 2015 - 03 - 29 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද නිසා අපට සැබෑ මෝඩ ජාතිවාදියෝ හඳුණා ගන්න හැකිවීම ලොකු දෙයක්.

    හැබැයි ඔය අතර ඉන්නවා ගසා කෑම නැති වී මර ගී ගයන අවස්ථාවාදී බඩජාරියෝත්.

    ReplyDelete
    Replies
    1. ඒවගේම සමහරුන්ගේ බ්ලොග් නිසා අපිට අදුනගන්න පුළුවන් මමත්වයන් ඔලුව අවුල් කරගත්තු උපන්දා ඉදන් තමන්ට වෙච්ච දේවල් හිතෙතියන් පැසව පැසව ඉන්න පුස්සන්ව!

      Delete
    2. "වැලි රාජුගේ රමණ සෙල්ලම යහපාලනයෙන් වැසීම"
      ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජු පොරවකින් පහර කා ජීවිතය හා මරණය අතර සටනක නියැලෙන්නේ ඔහුගේ තුබූ දැඩි කාමුක භාවය නිසාය. වැලි රාජු විසින් සංවාසයේ යෙදී ඇත්තේ තම ළගම මිතුරාගේ බිරිද සමගයි, එකට මත්පැන් පානය කොට මිතුරාට වැඩියෙන් පොවා බිරිද සමග රති කෙළියට සැරසෙන විටම බිමත් මිතුර පොරෝ පහර එල්ල කොට ඇත,,පොලොන්නරුව ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටි වැලි රාජු දුෂිත පුද්ගයෙක් සේම ගැණු පෙරේතයෙක් බව කවුරුත් දන්නා රහසකි,,,ඔහුගේ ඇති සක්කිලි බාවය නිසා තම මිතුරාට කොකා පෙන්වුයේ තම සහෝදරයා වන සිරිසේන ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් විය යුතුය,
      නමුත් දැන් මේ සිද්දිය ජනධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය මෙහය වූ අන්තර්ජාල වෙබ් පේජ් කිහිපයකින්ම සත්‍ය වසන්කොට හුදෙක්ම මෙය ව්‍යාපාර සම්බන්ධ ආරවුලක් වශයෙන් දක්වා සිදුවීමේ බර සැහැල්ලු කර තිබෙන්නේ මෛත්‍රී යුගයේ යහපාලනයට ඉන් කළු පැල්ලමක් ඇතිවිය හැකි නිසා විය යුතුය. එමෙන්ම වඩාත් ලජ්ජා සහගත කරුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සහ වැලි රාජූ අතර දිගු කලක් තිස්සේ විරසකයක් ඇති බව සදහන් කර මෛත්‍රීපාල බේරා ගැනීමට වෙර දැරීමයි. විරසකයක් තිබෙයි නම් වහාම මොහුව හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන ඒමට පියවර ගැනීමට මැදිහත් වන්නේ කෙසේද ? මෙයින් පෙනෙන්නේ මේ ප්‍රවෘත්තිය හිතා මතාම විකෘතිකොට සහෝදරයාගේ රතිකාම හාමතය පවා යහපාලනයට අනුගත කිරීමේ නිර්ලජ්ජිත වෑයමයි.

      Delete
    3. මතකද උඩවලවෙ අලි පැටව් අල්ලන්න ගිය සහෝදරීගේ සීන් කොන් එක, නෑ එහෙම සීං කොං තිබ්බැයි?

      Delete
    4. 1. යහපාලනය සහ බඩු ගැසීම අතර සම්බන්ධයක් නැත.
      2. යහපාලන ඔස්තාර්ලා වන පැරා උපශාන්ත කකා වැනි ටොයියන් බඩුගැසීම සාමාන්‍යයෙන් කරති.

      යහපාලනය සමග සෙල්ලම් කරන්න එපා.

      Delete
    5. /මහින්ද නිසා අපට සැබෑ මෝඩ ජාතිවාදියෝ හඳුණා ගන්න හැකිවීම ලොකු දෙයක්. /

      රසිකලොජිස්ට් හැමතිස්සෙම කාවහරි පහත් කරලා කතාකරනවා.

      මිනිස්සු කසාද බඳින්න කලින් කුලය සහ පවුල් පසුබිම බලන්න කියල පරණ මිනිස්සු කියපු එක කොච්චර නිවැරදිද කියල හිතෙනවා. දැන් රසිකලොජිස්ට් හොඳ ඉස්කෝලෙකට ගිහින් හොඳට ඉගෙනගෙන විශ්වවිද්යාලෙකට ගිහින් උපාධියක් අරගෙන දොස්තර කෙනෙක් කසාද බැඳලා හොඳ රස්සාවක් කරගෙන දියුණු රටක ජීවත්වෙනවා. ඔය එක තැනකින්වත් හීනමානෙ නැතිවෙලා නෑනේ.

      Delete
    6. රසික මෙන්න මේකා (AnonymousMarch 27, 2015 at 2:02 PM) නියම සත්වයෙක්, තොප්පිය හරිනම් අම්මේ මුත්තේ කියලා බැන අඩගහන්න එපැයි, මේකා හිටු කියලා අඬනවා.
      මෝඩයෝ වර්ග රාශියක්ම ඇතුවාට සැක නැත; සමාජ අසාධාරනතා හේතුවෙන් නිසි අධ්‍යාපනයක් නොලද අය මෝඩයන් ලෙස සැලකීම පහත් කර සැලකීමකි. මේ නම් ඒ වර්ගයේ අය නොව හොඳ, නරක / හරි, වැරදි හඳුනා ගැනීමට බැරි සෑබෑම මොඩයන්යග

      Delete
    7. @ AnonymousMarch 27, 2015 at 1:21 PM

      ගොන් රජෝ. මහින්දත් බඩු කාරයෙකි. හමුදාවේ ගෑනුන්ටත් කෙලිය එකෙකි. මහින්දගේ පුතා නාමලා නිල් බලුකාය මගින් තරුණියන් බර ගණනක් දූෂණය කළා. බැසිලා ලක්ෂ්මන් හුලුගල්ලගේ ගෑනිටත් ගැහුවා ඌ ගහපු අනික් පොෂ් බඩු වලට අමතරව. ඒ අනුව වැලි රාජු බඩු ගහලා තියෙන්නේ දේශපාලන බලයෙන් නෙවෙයි. නමුත් මරා වගේම වැලි රාජුත් සදාචාර විරෝධියි.

      සාධාරණව කතාකරපන්.

      Delete
    8. 1970 ගණන්වල ආරම්භ වුනා රෙස්ට් හවුස් ඇපොයින්මන්ට් කියලා ජොබ් වර්ගයක්, සම නිරමාතෘෘ වරු වුනේ මහින්ද සහ අනුර (චන්ද්‍රිකාගේ මල්ලී), අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ අර පටලය හොදට තිබ්බ අය විතරයි එයාල ඉන්ටවු ගත්තේ. සාරැවාට කඩන්න බැරි රෙකෝඩ් එකක් එතුම තියල ඇති, ඒකනේ ජාතියේ පියා කියන්නේ.

      Delete
    9. //1970 ගණන්වල ආරම්භ වුනා රෙස්ට් හවුස් ඇපොයින්මන්ට් කියලා ජොබ් වර්ගයක්, සම නිරමාතෘෘ වරු වුනේ මහින්ද සහ අනුර (චන්ද්‍රිකාගේ මල්ලී), අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ අර පටලය හොදට තිබ්බ අය විතරයි එයාල ඉන්ටවු ගත්තේ. සාරැවාට කඩන්න බැරි රෙකෝඩ් එකක් එතුම තියල ඇති, ඒකනේ ජාතියේ පියා

      කියන්නේ.//
      වයස ගැලපේ නම්, මොංගල් පෙනුමක් තිබේ නම්, මව රජයේ රැකියාවක නම් සැලකිලිමත් වෙන්න, ඔබටත් යුතු කමක් තිබෙනවා විය හැකියි. I'm not robot.

      Delete
    10. 2005 තිබ්බේ ජනතාව පත්කරපු ආණ්ඩුවක් .. ජනතාව පත්කරපු බහුතරයට අනික් පක්ෂවලින් සහයෝගය ලැබුන හෝ විකිනුන අද වෙන්නේ සුළුතරය ආණ්ඩු හදල සහයෝගය ගැනීම හෝ මිලදී ගෙනීම මේක දෙකක් කියල ඔබතුම දන්නවා තේරෙන්නේ නෙතුව වගේ මේවා ලියන්නේ වෙන මොකවත් නෙවෙඉ ...කඩේ යාම ..ඕකට තමි සම්මාන ලේබුනේ

      Delete
  2. ‍ලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට ඇති ඉතිහාසයට වඩා වැඩි ඉතිහාසයක් කුල ක්‍රමයට හා රාජකාරි ක්‍රමයට ඇත. එසේම යුරෝපයේ හා අරාබියේ වහල් ක්‍රමයට ඊටත් වඩා ඉතිහාසයක් ඇත එමනිසා ඒවාද නීතිගත් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. ජාතික ගීය යනු විජය කුමාරයා විසින් ලංකාවට ගොඩ බහින විට ගායනා කර කර ආව එකක් නොවන නිසා සහ බටහිර විසින් පසු කාලීනව හදුන්වා දුන් රාජ්‍යත්වය නැමැති සංකල්පය තුල ඇති වූ එකක් නිසා වහල් ක්‍රමය හා කුල ක්‍රමය නීති ගත කරන අතරේ එතරම් ඉතිහාසයක් නැති සිංහල ජාතික ගීය පවා අහෝසි කළ යුතුය.

      Delete
    2. කතාවට වඩා ක්‍රියාව වැදගත් කියනවනේ, වඩා වැදගත් පැරණිම විදිහ බව ක්‍රියාවෙන්ම පෙන්වන්නයි ජගත් ලැජ්ජාව අමතක කරලා හෙළුවෙන්ම ඉන්නේ. වැරදුනා ගල්යුගේ අය ලැජ්ජාව, සදාචාරය කියන ඒවා ගැන දැන ගෙන හිටියේ නෑනේ, සමාවෙන්න.

      Delete
    3. කවුද කියන්නේ යකෝව් අපේ ජාතික ගීය විජය කුමාරයා ගායනා කළේ නෑ කියලා. විජය කුමාරයා විතරක් නෙවෙයි ඊටත් කලියෙන් බලංගොඩ මානවයාත් ගායනා කළේ "නමෝ නමෝ මාතා..." කියලයි.

      සිංහල බෞද්ධ ඉතිහාසය දන්නෙ නැති හැත්ත!

      Delete
    4. දෙමල ජාතිවාදීන් නීති විරෝධි අන්දමි අතීතයේදී ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් පාවච්චි කිරීම නිසා එය නීතිගත කලයුතුයැයි දෙමල ජාතිවාදීන් මතයක් ඇතිකිරීමට තැත්කරයි මම ඉහත අදහස් පලකිරීමෙන් බලාපොරොත්තු වුනේ අතීත වැරදි අනාගතයේදී නොකලයුතු බවයි. ගල් යුගයට යන්න තනන්නේ ඔබලාය.

      Delete
  3. තැන්කූ පැරා, මම පොඩ්ඩක් අවුල්වෙලා හිටියේ මම මොකෙක් ද කියල හිතාගන්න බැරිව - පසුබියෙන් බයියෙක්, අදහස් වලිවන් ටොයියෙක් (සුවර් නෑ), දැන් අවුලක් නෑ -

    මම ලිබරල් (සමාජයට, ගෙදරදි කොන්සරවේටිව්, ඔෆිස් එකේදී රිපබ්ලිකන්).

    ReplyDelete
  4. ප්‍රජාතන්ත්‍රවාදී වැලි රාජු ගැනත් මොනවහරු කුරුටුගාමුද පැරා? එතකොටනේ මෙ බ්ලොගේට අපමන අගයක් එන්නෙ...

    PS: අප වැනි ජාතිවාදීන් ට ජයවේවා....

    ReplyDelete
    Replies
    1. භ්‍රෂ්ටයා. ගතානුකතිකයා.

      නූතන වෙන්න බලපන්.

      හැබැයි ඇල්ටෝ එකට වඩා හොඳ ජපන් කාර් එකක් එහෙම ගන්න එපා.

      Delete
    2. අයියෝ ඔයාට ඒකවත් තේරෙන්නේ නැද්ද?

      ජනාධිපතිතුමාගේ සහෝදරයෙක්ට උනත් ලඟට ඇවිත් පොරෝ පාරක් දෙන්න පුළුවන් කියන්නේ යහපාලනය ඇතිවෙලා කියන එකනේ. ගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් ගාවට කිට්ටුවෙන්න පුළුවන් කම තිබ්බද? පොසිටිව් දකින්නකෝ.

      විශේෂ ගුවන්යානයකින් කොළඹ ගෙනාවේ මොකද කියල නේද ඊගාවට අහන්නේ? මීට පස්සේ ඉඳල අමාරු ලෙඩ්ඩු ගුවනින් කොළඹ ගේනවා. නැත්නම් ගිය ආණ්ඩුවේ ජනාධිපතිගේ පවුලේ අය අස්සයෝ පදින්නත් හෙලිකොප්ටර් ගත්තු එකේ ඕක මොකක්ද වගේ පොසිටිව් විදියට ගන්නකෝ.

      ඒ අස්සයා කෝ කියල නේද අහන්නේ? රංජන්ගෙන් අහන්න.

      මොනවා උනත් මේ ආණ්ඩුව හොඳයි හරිද? මහින්ද නරකයි. ප්‍රභාකරන්වත් මැරුවනේ. ඒ හින්ද හැමදේම පොසිටිව් ගන්න.

      Delete
    3. අවුරුදු 10ක් පරන රීකන්ඩිෂන් ජපන් වලට වඩා බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් නුතනයි තමයි. හැබැයි රීකන්ඩිෂන් නිසා රටේ රැකියා අවශ්තා වැඩි වෙනවා වගේම හැමදාම උදේට නැත්නම් සෙනසුරාදා ට එක්සසයිස් කරන්න ලැබීමත් රීකන්ඩිෂන් වල වාසියක්. ඒ වගේම ප්‍රමාද වී වැඩ ට යමු කියන ජාතියේ මොටෝ එක සුරැකීමට ලැබීම, නිකං ටී.වී. ඉස්සරහ ගත කරන කාලය (ගැරිජ් බාස්ල සමඟ) සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න යොදවන්න පුළුවන්. මේ සේරම නිසා අපිත් ජපන් තමයි.

      Delete
    4. ඔයාට පැටලිලා. නැත්නම් හෙනහුරා වගේ මුකුත් දන්නේ නැති එකෙක්.

      Delete
    5. AnonymousMarch 27, 2015 at 1:35 PM

      මෝඩයෝ අවුරුදු 10 පරණ ජපන් වාහන ලංකාවට ගෙන්න දෙන්නේ නෑ.අඩු ගානේ වාහන ගැන දන්න ඉන්දික ගූතලන් වගේ එකෙක් ගෙන් වත් අහලා කමෙන්ට් කරපන්.ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් ආවත් අවුරුදු දෙක තුනක් යන කොට ඒක අවුරුදු 10 විතර පරණ ජපන් වාහනේකට වඩා ලදරමක් වෙනවා.සේෆ්ටි පොලියුෂන් අතිනුත් අන්තිම වෙනවා.දන්නේ නැත්නම් ගැරේජ් බාසෙක් ගෙන් වත් අහපන්.

      ඇත්ත කියපන්. උඹට ජීවිතේට වාහනයක් තිබිලා නැහැ නේද?

      Delete
    6. //ඇත්ත කියපන්. උඹට ජීවිතේට වාහනයක් තිබිලා නැහැ නේද?//
      උබනං මචෝ ජීනිය, මං ලිව්වේ මගේ ගජයෝ සහ උං හින්ද මං කන ටකරං වල සාරාංශයක්, උං හැමෝම ජපං කියල ගන්නේ අර ඉංග්‍රීසි නම්බර් තියන ජපං ලදරං, ප්‍රස්ට් හරි සෙකන්ඩ් හරි ඕනර් කියනව එත් පොතේ ඉන්න එකා ගැන දන්න කියන එකෙක්වත් නෑ. ගත්ත දවසේ ඉදං විකුණන ගන්න කාවහරි අන්දනවා, වාහන ගැන ගැරෙජ් බාස් ගෙන් අහපං, :) ඒක හරියට අර ඉබ්බගෙන් මොකක්ද එකක් ඇහුව වගේ නේ. දැං ඔය හැම එකාම ගන්නේ පාවිච්චි කරන්නේ අවුරුදු කීපයක් ජපානයේ පාවිච්චි කරපුවානං, මෙච්චර කාලයක් තිස්සේ ගෙනාපුව අවුරුදු කීපයක් මෙහේ පාවිචිකරල ආපහු ජපානයට යවල වෙන්න ඇති. රටේ තියන වාහන වලින් බාගයක් පිටින් ලස්සන අන්දවල විකුණන ජපන් ලදරං.

      Delete
  5. ඇයි පැරා
    මහින්දගේ කදවුර මතුකරන
    (1) අර්ජුන් මාමා බැනගේ ගැහිල්ල
    (2) මෝඩි ඇගිලි ගැහිල්ල
    (3) පොර්ට් සිටි ඇත / නැත / ඇත / නැත / ඇත / නැත / ......
    (4) 19 ඔව් / නැත / ඔව් / නැත
    (5) ඇමතිවරු 20,30, 70.....
    ගැන නොකිය නිකන් මේ සිල්ලර කතා කියන්නේ ......

    ReplyDelete
    Replies
    1. භ්‍රෂ්ටයා. ගතානුකතිකයා.

      නූතන වෙන්න බලපන්.

      හැබැයි ඇල්ටෝ එකට වඩා හොඳ ජපන් කාර් එකක් එහෙම ගන්න එපා.

      Delete
  6. දැන් අපි බලමු මෛත්‍රී ජනපතිතුමා දෙමලෙන් ජාතික ගිය කියන්න තිබු තහනම ඉවත් කල වගේ සිංහලයන්ට හෝ දෙමල නොවන අයට යාපනයේ ඉඩම් ගන්න බැරි තේසවලාමේ නීතියත් ඉවත් කරයදා කියල!

    ReplyDelete
    Replies
    1. පැරණි තේසවලාමේ සමඟම කිරිබත්ගොඩ ප්‍රමුඛ වෙළඳ නඟරවල ක්‍රියාත්මක කරන තම්බි තහනමත් ඉවත් කළ යුතුයි. මේ නීති සැම එකක්ම දාගෙන තියෙන්නේ අසාධාරන ලාබ ලබන්නයි.

      Delete
    2. "...පැරණි තේසවලාමේ සමඟම කිරිබත්ගොඩ ප්‍රමුඛ වෙළඳ නඟරවල ක්‍රියාත්මක කරන තම්බි තහනමත් ඉවත් කළ යුතුයි...."

      මෙය ආණ්ඩුව විසින් පැනවූ නීතියක්ද?

      Delete
    3. තේසවලාමේ ආණ්ඩුව විසින් පැනවූ නීතියක් නොවේ, එක පළාතක විසූ බලවත් පිරිස විසින් ක්‍රියාත්මක කළ පසුව ඉංග්‍රිසි යටත් විජිතවාදීන් පිළිගත් නීතියක්. මේ වගේ තවත් එකක් තමයි උඩරට විවාහ නීතිය, මුස්ලිම් විවාහ නීතිය තවත් එකක්. මේවා නූතන සම්ප්‍රධායන්ට එකඟනොවිය හැකි දේවල්. සිංහල කළු කඩ කාරයන් විසින් ක්‍රියාත්මක කරවන මොඩ සිංහල ජාතිවාදීන් උඩගෙඩි දෙන තම්බි කඩ තහනමත් ඒ වගේම එකක්, ගෝඨා ජාතික ගීය ජාතික භාෂාවකින් ගැයීම නැවැත්තුවා වගේ මේවාත් සිදුවිය හැකි දේ.

      Delete
    4. තේසවලාමෙ නීතිය නිසා සිංහල හෝ මුස්ලිම් මිනිසුන්ට උතුරේ ඉඩ ගැනීමට බාධාවක් නැත. තේසවලාමෙ නීතිය වලංගු හවුල් ඉඩම් වලට පමණකි. ඒ අනුව විකිණුම්කරු පළමු අවස්ථාව හවුල්කරුවාට දිය යුතුයි. හවුල්කරුවාගේ ගණන මදි නම් පමණක් විවෘත වෙළඳපළට ඉදිරිපත් කළ යුතුයි. මේ නිසා විවෘත වෙළඳපළේදී වැඩි මිළක් ගෙවා ඉඩම් මිළට ගන්නට ඕනෑම කෙනෙකුට හැකියාව තිබේ.

      Delete
    5. @AnonymousMarch 27, 2015 at 3:36 PM,

      අනේ බොරුවට දෙමළුන්ට පුක නොදී හිටපන් බන්! හවුල් ඉඩමක් විකුනන්න හවුල් කාරයාගෙන් අහන්නේ නැතුව කොහොමද? එක දකුණේත් වෙනවනේ! යාපනයේ ඉන්න ජාතිවාදී දෙමල්ලු අනෙක් මිනිස්සු ඒ පළාතට එන්න නැති වෙන්න අටෝගත්තු බොරු නීතියක්! අවම වශයෙන් බැලුවත් මේක වෙළද පොළ වටිනාකමට වැඩ වැඩි මුදලක් ගන්න දාගත්තු බොරු නීතියක්

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. "...Certain principles of Thesawalamai law are in conflict with international standards relating to equality, such as CEDAW...."...

      Delete
  7. පැරා ඊයෙ ලෙක්චර් එක කොහොමෙයි?
    ඇනෝ හමුදාව එතෙන්ටත් ආවද

    ReplyDelete
    Replies
    1. එන්න ඇති කියලා හිතනවා. මොකද හෝල් එකේ පිටිපස්සට වෙන්න කක්කා ගොඩවල් ගොඩක් දාලා තිබුණා.

      Delete
  8. "ගංගාරාමේ බත්පත අද නොමිලේ
    2015 මාර්තු මස 25 14:42:05 | . , ඉෂාන් සංජීව

    සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසිදු ආහාර වේලක් ලබා දීම ගැන බත්මුල් නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ බත් දන්සැලක් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී අද (25) දහවල් පැවැත්විණි.
    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බත් දන්සල විවෘත කළේය.
    ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාත්මක වේ."

    දැන් යහපාලනය උදාවෙලා දොරේගලන නිසා අපේ අතිගරු අගමැතිතුමා සුළු ව්‍යාපාරිකයන්ට හාල්ගරන්න උගන්නන යනවා!

    ReplyDelete
    Replies
    1. මහින්ද හිටපු ජනාධිපත් තුමාගෙන් රටට සිදුවූ අති විශිෂ්ඨ සේවයක් තමා පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රී ඇමතිවරු දන්සැල්, මහ පරිමාණ කුස්සි කළමණාකරණය ගැන අති විශිෂ්ඨ දැණුමක් / කුසලතාවක් ලබා ගැනීමට අවශ්ථාව සලසා දීම.
      අගමැති කාලේ වෙනකම්ම අනුන්ගෙන් පිනට කකා හිටපු එතුමා තමා ඒ අතින් ශ්‍රේෂඨයා.

      ඉතින් අපේ පාර්ලිමෙන්තු නියෝජිතයෝ තමන් ලබාගත් එකම කුසලතාවෙන් රටට සේවයක් කිරීමට උත්සහ කිරීම විවේචනය කරන්නේ ඇයි.

      Delete
  9. ඇත්තටම හොඳ ලිපියක්. සාමාන්‍යයෙන් දැන් මහින්ද පාර්ශ්වය කරන්නෙ තනිකරම මඩ සහ ජාතිවාදය ඇවිස්සීමේ දේශපාලනයක්. මේකට තාර්කිකව පිළිතුරු දිය යුතුයි. මම කියන්නෙ නෑ ඒක මහින්ද හිතවාදීන් තේරුම් ගනී කියල. ඒත් සමාජ කතිකාව අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි රාජ්. කවද ඉඳලද විරාජ් උනේ?

      Delete
    2. මන බදිනා රුව සොඳිනා
      සුදු වතිනා බබළවනා
      උදක පෙරා කිරි වෙනමා
      ගනියි මනා සිතති දනා
      තටු සලනා ඉගිල යනා
      දුටිමු වණා ගුරු හැරෙනා
      හැදින එමා කොකෙකු කනා
      මුළාවූ දනා රවතී හෙනා

      Delete
  10. පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා කියන නිසා පරණ ආණ්ඩුව කාලේ මහින්ද ලඟට යූ එන් පී කාරයෝ පැන්න එකයි මේ ආණ්ඩුවේ ඇමතිකම් ශ්‍රී ලංකා කාරයෝ ගත්ත එකයි සමානයි කියල හිතන්නම්කො. කලබලවෙලා කබරයා කන්නේ නැතුව අර චන්ද්‍රිකා ඇමතිකම් පවර ගනිපු අවස්තාව උදාහරණෙට ගත්ත නම් තලගොයි මස්ම කන්න තිබ්බා.

    මහින්දව එලවපු එක නිවැරදියි. ඔහුව නැවත බලයට පත්කල යුතුත් නෑ. හැබැයි එහෙම කියල දැන් ඉන්න කට්ටිය කරන විගඩම් සාධාරණය කරන එක කොතනින් නතර වෙයිද දන්නේ නෑ.

    දැන් බැසිල් ලංකාවට එනවලු පරීක්ෂණ වලට සහය දෙන්න. ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්න බැසිල්ට ඇමතිකමක් දුන්නොත් කොහොමට හිටියිද?

    ReplyDelete
    Replies
    1. බැසිල් කොහොමත් පරන හූ ඇම් පී කාරයා, චන්ද්‍රිකා එක්ක පරණ කොන්තරයක් (පොල් හොරකමක්) තිබ්බත් එස් .භී. ත් ඇතුලට පැන්න එකේ ඔව මොනාද? කොහොමද බැසිල් සුදන වෙන්න ෆයිල්ස් ටිකක් එළියට දැම්මොත්. මොකද නාමල් ලගේ යුගයක බැසිලට වෙන්නේ උතුරු කොරියාවෙ අළුත් එකාගේ මමාන්ඩියාට (රට ඇත්තටම පාලනය කල එකාට) උන දේම තමයි.

      Delete
  11. මහින්දයට ඉතුරුවෙන්නෙ,පාර්ලිමේන්තුවෙ හොරු ටික,නලාකාරයො ටික,අප්ඩේට් නොවුන වයසක සිංහල ජාතිවාදියො ටික,නානසාරලගෙ කුලකයෙ සිවුරු කාරයො ටික විතරයි.ඊලඟ චන්දෙන් පස්සෙ මුන් ටික සේරම කුනුබක්කියට තමා!!!

    ReplyDelete
    Replies
    1. මොන කුණුබක්කිද? ඉළග වටේට උනුත් ඇතුලේ, දැන් මහින්ද වටේ යන්නේ ඊළඟ ජන්දේ දිනාගන්න තරම් ජන්ද ෂුවර් නැති, මහින්ද විකුනල ගොඩ යන්න ඉන්න ඈයො ටිකනේ. ජන්ද තියන්නෑ කීවොත් මුන් ටික බඩගාගෙන මෛත්‍රී පස්සෙන් යන්නේ. රනිල මහින්ද ගේ මෙතඩ් එකෙන් මහින්දටම නෙලනවා.

      Delete
    2. ඔය සියලු ප්‍රශ්න දින 100න් පසු විසඳෙනු ඇත. අවුල් නොවී පොසිටිව් එකේ සිටින්න.

      Delete
  12. මෝඩ ගොන් තකතීරු මී හරක් කතා කියන්න එපා බන්. එලියකන්දේ නෙවෙයි අපායේ හිටියත් උඹේ ගොබ්බ දේශපාලන විඥ්ඥානේ එලියට එනවා.

    මහින්ද එජාප මන්ත්‍රීලා බිලී බාපු එක වැරදි තමයි. ඒත් ඒ වෙලාවල උන් මහින්දට සපෝට් කරේ පක්ෂේ නායක මහලේකම් ප්‍රසිද්දියේ අනුමත කරලා නෙවෙයි. පක්ෂෙන් උන්ව එලවන්න බැරි උනේ සරත් ද සිල්වා ගේ අමන තීන්දු නිසා. යූඇන්පී එක උන් ඇමති කම් ගත්තු එක අනුමත කරේ නෑ. එක එක මන්ත්‍රීල ගේ පුද්ගලික තීරණ මිසක් ඒවා පක්ෂයේ නිළ තීරණ නෙවෙයි.

    මෙතන වෙන්නේ එහෙම එකක් නෙවෙයි පක්ෂේ නායකයාගේ අනුමැතියෙන් පක්ෂ නායකයා ලීඩර් උණු කැබිනට් එකේ ඇමති කම් කිරීම. පක්ෂය කැබිනට් එකට සම්බන්ද වෙනවා කියන එක පක්ෂයේ නිල තීරණයක්. කැබිනට් එක නෙවෙයි නම් ආණ්ඩුව කියන්නේ මොකක්ද ගොන් පxයෝ? ආණ්ඩුවෙයි විපක්ෂෙයි එක පාරට ඉන්න තීරණයක් පක්ෂෙකට ගන්න පුළුවන් ද මැටි මෝලෝ?


    කන්න ඕන උනහම කබරයත් තලගොයා වෙනවා කියන්නේ තෝ මේ කරනවා වගේ සක්කිලි ගූ හේදිලි වලට තමයි පොxන රිලවා. නොදකින් තොගේ දේශපාලනේ.

    ReplyDelete
    Replies
    1. // ආණ්ඩුවෙයි විපක්ෂෙයි එක පාරට ඉන්න තීරණයක් පක්ෂෙකට ගන්න පුළුවන් ද මැටි මෝලෝ?//

      yes, මැටි මොල්ලුන්ගේ පක්ෂයකට එහෙම කරන්න පුළුවන්,

      Delete
    2. // ආණ්ඩුවෙයි විපක්ෂෙයි එක පාරට ඉන්න තීරණයක් පක්ෂෙකට ගන්න පුළුවන් ද මැටි මෝලෝ?//

      පුළුවන් බං. උඹ මහාචාර්ය නලින් ද සිල්වාගේ චතුස්කෝටික තියරිය අහලා නැද්ද?

      Delete
  13. පැරා මට හරි ආසා හිතුනා මේකේ අර "I'm not robot" එකේ පින්තූර තෝරන option එකට, අද උන නිසා නිවාඩුයි කම්මැලියි. ඉතින් මං කොමෙන්ට් කාරයන්ට මල පනින ඇනෝ කොමෙන්ට් ටිකක් කෙටුවා, සොරි වෙන්න ඕන.
    I'm not robot

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පුතා. පොස්ට් ගානටයි ඒවාට වැටෙන කොමෙන්ට්ස් ගානටයි තමයි මට ගෙවන්නේ. ඒවගේ අන්තර්ගතය වැඩක් නැහැ.
      - පැරා

      Delete
  14. ජනාධිපති සිරිසේනගේ මලයාට පොරෝ පහර දී ඇත්තේ මහින්දවාදී ප්‍රකට බ්ලොග්කරුවකු බව පැතිර යන ආරංචිය සත්‍යද? ඔහුට ඒරාෂ්ටකයකුත් තිබුණා කියා සුමනේ අන්කල් ප්‍රකාශ කර සිටියාලු.

    ReplyDelete
  15. පැරා ලොක්ක නෙළුම් යායේ කතාව මේකෙ දැම්ම නම් නරකෙයි....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා