දෙමළ ජාතිවාදීන් මේ සැරසෙන්නේ කුමට ද?

ජාතිවාදීන්ගේ බොරු දත
මෙය අති විශිෂ්ට දේශපාලන කාටුනයකි. ඇත්තෙන් ම ජාතිකවාදය කියා රෙද්දක් නැත. තිබෙන්නේ ජාතිවාදයයි. සිංහල හෝ දෙමළ යනු ජාතිකවාදයන් නො වේ. මන්ද, ජාතිකවාදය සඳහා ඉවහල් වන සිංහල හෝ දෙමළ ජාතික රාජ්‍යයන් යථාර්ථය තුළ නැත. ශ්‍රී ලංකාව යනු සිංහල මූලික පාලනයක් ඇති රටකි. එහෙත් එය සිංහල ජාතික රාජ්‍යයක් නො වේ. ලංකාව තුළ සිංහල හෝ දෙමළ හෝ ජාතික රාජ්‍යයක් බිහි කර ගන්නට තැත් කරන්නෝ බෙදුම්වාදියෝ ය. 

ලංකාවේ ජාතික ප්‍රශ්නය වන්නේ මෙම ජාතිවාදයන් අතර ගැටුමයි. මෙම ගැටුම අතරමැද එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ මෙම ජාතිවාදයන් විසින් එකිනෙකා පෝෂණය කරනු ලබයි. ලංකාවේ ජනතාවට පුළුල් දේශපාලන ප්‍රජාවක් කරා පරිණාමය වන්නට බැරි වී තිබෙන්නේ මෙම ජාතිවාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි.

මේ මොහොත අතිශය වැදගත් ය. ලංකාවේ ජනතාව ඒකාධිපති පාලනයක් පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ප්‍රගතිශීලී පියවරක් තැබුවා පමණි. බලාපොරොත්තු රහිත මොහොතක ජාතිවාදය භයානක අන්දමින් හිස ඔසවමින් තිබේ. 

පළමු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ උතුරේ දෙමළ ජාතිවාදීන්ගෙනි. කණගාටුදායක තත්වය වන්නේ මෙය සිදු වන්නේ දකුණේ සිංහල ජාතිවාදය පසුබස්වා තිබෙන සංදර්භයක වීමයි. 

දෙමළ ජාතික සන්ධාන නායකයන් දෙදෙනෙකු වන සම්බන්ධන් හා සුමන්තිරන්ට උතුරේ දෙමළ ජාතිවාදීන් දැඩි සේ විරෝධය පළ කරන්නේ ඔවුන් දරන මධ්‍යස්ථ ස්ථාවරයන් නිසා ය. සිංහල ජනතාව හා ආණ්ඩුව සමග ඔවුන්ගේ ඇති සම්බන්ධතා නිසා ය. 

මේ ගැන රත්නජීවන් හූල් ලියූ ලිපියක මෙසේ දැක්වේ.

"ශ‍්‍රී ලාංකිකයන් වන අප දැන් සිටින්නේ තීරණාත්මක මංසන්ධියකයි. දෙමළ ජාතික සන්ධානය තුළ ජාතිකවාදී ගසාකන්නන් සිටින්නා සේම, ආණ්ඩුව තුළ ද වර්ගවාදියෝ සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් ක‍්‍රියාත්මක වන්නේ ඒ දෙපිරිසම මධ්‍යයේය. එසේ වෙතත්, ඒ දෙපිරිසේම නායකත්වය මේ අවස්ථාවේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වී සිටිති. ආණ්ඩුව මෙහි දී පමණට වඩා මන්දගාමී වෙනවා විය හැකිය. එහෙත් ඔවුන්ගේ සද්භාවය, අඩු වශයෙන් හමුදාව පවරාගෙන සිටි ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන්වත් අපට දැක ගත හැකිය.

"ආණ්ඩුව සමග දෙමළ ජාතික සන්ධානය කාර්ය නියුක්ත වීම මේ අවස්ථාවේදී තීරණාත්මක වන්නේය. සිංහලයන් දෙන පොරොන්දු හැම විටම කඩ කරතියි මොරගෑම සමහර විට ආකර්ශනීය සටන් පාඨයක් විය හැකිය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ජාතිකවාදී මොරදීම හේතුකොටගෙන, ආණ්ඩුවට කළ හැකිව තිබෙන දේවල් පවා කර ගැනීම දුෂ්කර කැරැුවිය හැකිය. කැබිනට් තනතුරු භාර ගනිමින් ආණ්ඩුවට මග පෙන්වීමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වන්නේ නම්, ඒ මගින් කැබිනට් මණ්ඩලය තුළ සිටින අන්තවාදීන් මැඩලීමට ද යම් බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි." සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න.

ජාතිවාදීන්ගේ මූලික ලක්ෂණය වන්නේ ජාතික ප්‍රශ්නය විසඳා ගන්නට සූදානමක් නැතිකමයි. ඔවුන්ට උවමනා මේ ගැටුම දිගට ම පවත්වා ගන්නට ය. ජාතිවාදයන් පියමං කරන දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීමට ඉවහල් වන්නා වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට ඔවුහු ඉඩ නො දෙති. 

ජාතිවාදය පරාජය කරමින් නැගී සිටි අලුත් ආණ්ඩුව ස්ථාවර වන්නටත් පෙර මහා පෙළපාලි යමින්, මධ්‍යස්ථ දෙමළ නායකයන්ට මරණීය තර්ජන කරමින් දෙමළ ජාතිවාදීන් නටන ‍මේ නාඩගම තේරුම් ගත යුත්තේ එසේ ය. 

එසේම, ජාතික ප්‍රශ්නය න්‍යායිකව පටලවමින් ප්‍රගතිශීලී වාමාංශික බලවේගය ද කොටි සංවිධානය සමග ම වල පල්ලට යන්නට සැලැස්වූ සිංහල වාමාංශික කොටස් ද මෙම තත්වය තුළ පිබිදී සිටිනු දකින්නට ලැබේ. දෙමළ ජාතිවාදය ප්‍රගතිශීලී ජාතිකවාදයක් ලෙස උත්කර්ෂයට නගන වාමාංශිකයකු වන රෝහිත භාෂණ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විකල්ප වෙබ් අඩවියට කරන පහත සඳහන් ප්‍රකාශය කියවා බලන්න.


"විපක්ෂයේ සංධානයේ මූලික ගැටලුව විදිහට ඒගොල්ලො පොර බැදුවේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව යටතේ ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේ පාවිච්චි වෙච්ච වචනේ තමයි ‘මෙගා ඩීල්'. මෙගා ඩීල් කාරයෝ හෙළිදරව් කිරීම සහ ඔවුන්ට දඩුවම් පැමිණ වීම. මෙගා ඩීල් කාරයෝ කොපමණ දුරට හෙළි දරව් වෙලා තියනවාද? ඔවුන්ට කොපමණ දඩුවම් පමුණුවලා තිබෙනවාද යන්න, තේරුම් ගන්න ඔබට පුලුවන්! දෙමළ ජනයා සම්බන්ධයෙන් ඒ වෙලාවේ තිබුණු ආකල්පය තමයි, දකුණේ, දෙමළ ජනයා ඡන්දය දෙනවානම් හැමකෙනාම කැමතියි. මේ වෙනස බලාපොරොත්තු වෙච්ච හැම කෙනෙක්ම යටි සිතෙන් අපේක්ෂා කළා දෙමළ ජනයා මේ වෙනසට පක්ෂව ඡන්දය දෙනවා නම් කැමතියි. හැබැයි ඒක මැතිවරණයට කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් විදිහට නොකරනවා නම් කැමතියි. මොකද, එය ප්‍රසිද්ධ ප්‍රකාශයක් විදිහට කිව්වොත් එහෙම ‘අන්න දෙමළ ජනයාගේ ඡන්ද වලින් දිනන්න යනවා' කියන සටන් පාඨය අනෙක් අය විසින් පාවිච්චි කරයි කියලා. මෙතන ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝඨිකය ඒකයි. මුළික ගැටලුව මේකයි. දෙමළ ජනයා මැතිවරණයට සහභාගි වෙන්නත් ඕන. ඒ අවශ්‍ය වෙනසට දායක වෙන්නත් ඕන. හැබැයි ඒ වෙනසට දායක වෙන්නේ මේ වගේ කොන්දෙසි යටතේ කියලා කියන්නත් බැහැ. ඒක විසින් අගතියක් වෙනවා කියලා. දෙමළ ජනයා කිව්වෙ නෑ, කාගේ වෙනසට ද ඡන්දෙ දෙන්නේ කියලා මුලින්. ඡන්දෙ දෙන මොහොතේදීත් කොන්දේසි මුකුත් පැනවුවේ නෑ. මොකද ඒ ගොල්ලො අවකාශයක් නිර්මාණය කර ගත්තා, තමන්ගේ බරපතලම ගැටලුව සාකච්ඡා කරීමට, ප්‍රසිද්ධියේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවකාශය, ඒ ගොල්ලො නිර්මානය කර ගත්තා, නමුත් දැන් දෙමළ ජනයා එක හඩින් කියා හිටියේ අපට මුකුත් අවශ්‍ය නෑ අපට අවශ්‍ය යුක්තිය. අපේ මළවුන් වෙනුවෙන් නිදහසේ පහනක් පත්තු කරලා ඔවුන් සමරන්න තියන අයිතියට පළවෙනි දේ තමයි, සත්‍ය සහ යුක්තිය ඉටු වෙන්න ඕන කියලා. දැන් ඒක තමයි මැතිරණයෙන් පස්සේ ගත් වෙච්ච මාසෙදි ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් පත්වෙච්ච සෑම පක්ෂයක්ම, ආණ්ඩුවත් එක්ක කටයුතු කරපු ඊපීඩීපී සංවිධානය පවා මේ කියන වර්ග සංහාරය පිළිබදව යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා. මේකට උතුරු සහ නැගෙනහිර සිවිල් සමාජ සංසදය ප්‍රසිද්ධියේ සහය පළකලා. ඒ වගේම යාපනයේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මේකට සහය පළ කලා. දෙමළ ජනයගේ පුලුල් හරස්කඩක් විසින් පෙන්නුම්කරලා තියනවා, මේක අපේ සාමූහික අභිලාෂයන්ගේ ප්‍රමුඛතම කාරණාව. දැන් දකුණේ ප්‍රජාතන්ත්‍රීය යැයි සැළකුණ පිරිස් වලට වගකීමක් තියනවා, දෙමළ ජනයා ඔවුන් බලාපොරොතු වෙච්ච වෙනසට දායක වෙලා ඉවරවෙලා ඔවුන්ගේ ප්‍රමුඛතාවය ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් තමන් මූලධාර්මිකව විශ්වාස කරන දේ කීමේ සදාචාරාත්මක සහ දේශපාලනික වගකීම දකුණේ මේ ප්‍රජාතාන්ත්‍රික වෙනස සම්බන්ධයෙන් දායක වෙච්ච අයට තියනවා. දැන් තියෙන්නේ ඒ මොහොත." (සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතැනින් අසන්න)

අර්ධ සත්‍යයන්ගෙන් පිරි මෙම ප්‍රකාශයෙන් කරන්නේ ද මෙම දෙමළ ජාතිවාදී ප්‍රවණතාව ඇගයීමයි. දෙමළ ජාතිවාදයට පක්ෂ සිංහලයන්ට හෝ මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට අවශ්‍ය නම් අනුගමනය කළ යුතුව තිබෙන්නේ මෙම ප්‍රවේශය නො වේ.

මෙය සිංහල ජාතිවාදීන්ට කදිම උඩගෙඩි දීමක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

‍යුද්ධයේ අවසන් සමයේදී රජයේ හමුදා මෙන් ම කොටි සංවිධානයත් යුද අපරාධවල යෙදුණු බව හා විශාල දෙමළ ජන ඝාතනයක් වූ බව අපි පිළිගනිමු. එම ජන ඝාතනයට පවා දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කළ කොටි සංවිධානය ද වගකිව යුතු ය. මෙම යුද්ධය සිදු වුණේ රජයේ, සිංහල ජාතිවාදීන්ගේ, කොටි සංවිධානයේ හා එයට සහයෝගය දුන් දේශීය හා විදේශීය ජාතිවාදී කොටස්වල ද උවමනාව මත බව අප අමතක නො කළ යුතු ය. 

යුද අපරාධ සිදු කළ අය අල්ලා දඬුවම් කිරීම මුවාවෙන් කරන මේ උද්ඝෝෂණයේ මූලික අරමුණ සැක සහිත ය. ‍ලංකාවේ දෙමළ වාර්ගික සංහාරයක් සිදු වූ බවට ගෙන එන ලද යෝජනාව ද එබඳු ය. මේ වෙලාවේ මේ අන්දමින් අතිධාවනකාරී යෝජනා ගෙන එමින්, ජාතිවාදී පදනමින් ජනතාව නැවතත් බලමුළු ගන්වමින් මේ සැරසෙන්නේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති වීමට ඇති ඉඩකඩ අවුරා දැමීම සඳහා බව අපේ අදහසයි.

දෙමළ ජාතිවාදීන්ට හා ඔවුන් සමග සිට ගන්නා වාමාංශිකයන්ට අපට කීමට ඇත්තේ එක දෙයකි. ජාතිවාදී ගිනිදැල් ඇවිලවීම ඉතා පහසු ය.
මේ ගැන රත්නජීවන් හූල් මෙසේ පවසයි: "සිංහලයන් සමග මුහුණදීමේ දී ඉංගී‍්‍රසියෙන් පළවන විවිධ මතිමතාන්තර කියැවීමේ හැකියාවක් ඇති දෙමළ පිරිස් අද විරල ය. එවිට පිට්ටනිය විවර වන්නේ අන්තවාදීන්ට ය. කලින් පරම්පරාවන් සතුව තිබූ ලිබරල් මතිමතාන්තරවලින් වර්තමාන විශ්ව විද්‍යාල දෙමළ ශිෂ්‍ය ප‍්‍රජාව වියෝ කොට තිබේ. මන්ද යත්, ඔවුන් කියවන්නේ දෙමළෙන් පළවන වෙබ් අඩවි පමණක් වන බැවිනි."

ජාතිවාදය ඇවිලවීම වීරකමක් නො වේ. අපහසු කාර්යයන් වන්නේ ජාතිවාදය පැරදවීම හා ජාතික සමගිය ඔස්සේ දියුණු දේශපාලන ප්‍රජාවක් වෙත පා නැගීමයි.  ජාතික ප්‍රශ්නයට විසඳුම ඇත්තේ එතැනයි. 

මේ මොහොතේ ප්‍රමුඛ ම දේශපාලන කාර්යය වන්නේ දේශපාලක සොරුන්ට, අපරාධකරුවන්ට, යුද අපරාධ කළවුන්ට දඬුවම් කිරීම පමණකැයි කිව නො හැක. එය සංකීර්ණ ක්‍රියාවකි. ඒ සඳහා පරීක්ෂණ සිදු විය යුතු ය. හැඟීම් මත පදනම්ව මෙවැනි අපරාධ සම්බන්ධයෙන් දඬුවම් කළ නො හැකි ය. එමෙන් ම එය පදනම් වන්නේ එක්තරා ආකාරයක අතීතකාමයක් මත ය. අතිශය සංකීර්ණ තත්වයක් වූ ලංකාවේ සිවිල් යුද්ධය තුළ අගතියට පත් වූ පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ඇති එකම මාර්ගය වගඋත්තරකරුවන් සොයා දඬුවම් කිරීම පමණක් නො වේ. එය අනවශ්‍ය යයි අපි කිසි සේත් ම නො පවසමු. එහෙත් එය ඉදිරි ක්‍රියාමාර්ගවලට පළමු ඉටු කළ යුතු කොන්දේසියක් නො වේ. 

වඩා වැදගත් කාර්යය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගොඩනැගීමයි. එය පහසු කාර්යයක් නො වේ. අපි ඒකාධිපති පාලනයක් පැරදවූ මුත්, එතරම් ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රික පාලනයක් තවම ගොඩනගාගෙන නැත. තිබෙන පාලනයෙන් යම් සාධනීය පියවර ඉටු කරවා ගන්නට හැකි තත්වයක් තිබේ. එබැවින් පවත්නා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගන්නා පියවරවලට අප විවේචනාත්මක සහයෝගය ලබා දිය යුතු ය. එ්වා අවුල් කර දැමීම ප්‍රතිගාමී ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියා පළවා හැරීමේ අරගලයට හවුල් නොවූ, අනියමින් රාජපක්ෂ පාලනය පවත්වා ගැනීමට උපකාර කළ සිංහල අති වාම කණ්ඩායම් වන හිරු කණ්ඩායම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කොටස් මේ මොහොතේ වේගවත් ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් කරන්නේ අවුලක් නිර්මානය කිරීමයි. ඔවුන් සේවය කරන්නේ ජාතිවාදයටයි.

උතුරේ ජාතිවාදය හිස එසවීම රජයේ මිලිටරිහරණ ක්‍රියාමාර්ග නිසා සිදු වූවකැයි අර්ථකථනය කරන්නට දැන් සිංහල ජාතිවාදීන්ට අවස්ථාව ලැබී තිබේ. 

මේ ක්‍රියාත්මක වන්නේ පැරණි උපායමාර්ගයකි. ඒ වනාහි උතුරේත්, දකුණේත් ජාතිවාදය ශක්තිමත් කරමින් ප්‍රගතිශීලී බලවේග හා ක්‍රියාමාර්ග දුබල කිරීමේ ප්‍රතිගාමිත්වයයි. විග්නේශ්වරන්, ටැමිල්නෙට්, රෝහිත භාෂණ වැනි අය කරමින් සිටින්නේ එම කාර්යයි. එය පැරදවිය යුතු ය.

දෙමළ මධ්‍යස්ථ මතධාරියකු වන රත්නජීවන් හූල්ගේ පහත සඳහන් ප්‍රකාශයෙන් මෙම සටහන අවසන් කරමි. "නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම යුක්ති සහගත කරමින් සම්පන්දන් කී ආකාරයට ඔහුගේ එකී සහභාගීත්වය මේ රටේ සකල වාසීන්ට යහපත් පණිවිඩයක් ගෙන යනු ඇත. එසේම වේවා !"

කැලැන්ඩර් නිදහස් උළෙල අපට මහ ලොකු බක්කක් නො වේ. එය දේශපාලනිකව වැදගත් වී ඇත්තේ සම්බන්ධන්ගේත්, සුමන්තිරන්ගේත් සහභාගිත්වය නිසා ය. දෙමළ මධ්‍යස්ථ මතධාරීන් තනි නො කළ යුතු ය. දකුණේ මධ්‍යස්ථ ජනතාව ඔවුන් සමග අත්වැල් අල්ලා ගත යුතු ය.  





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. https://vimeo.com/121718885

      Delete
    2. https://vimeo.com/122124723

      Delete
  2. ජාතිවාදය දරුණු නීතී රීති මඟින් හෝ පාළණය කළ යුතුය..
    නැවතත් දෙපැත්තේම පිරිස් දත කන්නේ තවත් පරම්පරාවක ලේ රස බැලීමටයි..
    එයට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන පිරිසක්ද සිටිනා බැව්, සමාජ ජාලයන් තුලින් මනාව දැක ගත හැකිය.
    මෙය කනගාටුවට කරුනකි.

    වාසුදේව, තිස්ස විතාරණ, ඩීව්, වැනි කාළකන්නී දේශපාළකයින් සිටිනා රටක මේවා මහා පුදුම උපදවන් සිඳුවීම්ද නොවන්නේමය.

    ReplyDelete
    Replies
    1. මාතෙට වීරවංශ අමතකවුනාද

      Delete
    2. ඇයි පාටලී චම්පික

      Delete
    3. දැන් ඔහුව "සං පුක" නාමයෙන් අමතමු

      Delete
  3. වාසුදේව, ගම්මන්පිල, වීරවංෂ, ෂිවාජිලිංගම්, ආනන්දි ශෂීදරන් වැනි සිංහල හා දමිල ජාතිවාදී කාලකන්නි දේශපාලඥයින් එකට තබා පරාජය කල යුතුයි..

    සිංහල, දමිල හා මුස්ලිම් අන්තවාද දරුනු නීති මගින් හෝ මර්දනය කල යුතුයි..

    නමුත් රාජපක්ෂ යුගයේ රජයේ හමුදා මගින් දරුණු මානව හිමිකම් උල්ලංගනයන්ට ලක්වූ දමිල ජනතාවට නීතියට අනුව සාධාරනයක් ඉටු කල යුතුමයි..

    ReplyDelete
    Replies
    1. අවන්ත vs යූනුස්March 2, 2015 at 11:49 AM

      දේශපාලන කාටූන් ශිල්පීන් ලෙස,

      අවන්තගේ කාටූන් සූක්ෂමශීලීය (Sharpe) එදිනෙදා සමාජය හොදින් විවර කරයී.
      යුනුස්ගේ කාටූන් රළුය (Hard) , අනාගතය හොදින් ප්‍රක්ෂේපණය කරයි.

      Delete
  4. පැරා,

    මිට පෙරත් ශ්‍රී ලංකාවට පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුදුසු නොවන බව මා මිට පෙර පැවසුවේ මෙනිසයි.
    මෙවැනි ජාති වාදී පිරිස් සිටින්නේ අප වැනි රටවල පමණක් නොවෙයි.
    උදාහරණයකට ඔස්ට්‍රලියාවේ 1997 දී One Nation political party ඇතිකරනලද Pauline Hanson ට සිදුවූ දෙය මතකද
    ඉතා දැනුවත් බහුතරයක් සිටින රටේ ඇය ප්‍රතික්ෂේප වන්නේ 2003 දී වංචා කිරීමකට චෝදනා සමගින්.
    ඔස්ට්‍රිලියාවට මෙවැනි ප්‍රශ්න විසදිය හැක්කේ අවශ්ය බුද්ධිය සහ සම්පත් ඇති නිසා.

    අපට බුද්ධිය ඇත්නම් කලයුත්තේ යුද අපරාද පිළිබද ගැටලුව අමතක කර ඉදිරියට යාමයි.

    ඇමරිකාවේ රිචර්ඩ් නික්සන් ජනාදිපති වරයා watergate සිද්දියේ වරදකරු බව වටහියමෙන් පසු, පත්වූ Gerald Rudolph Ford සිදු කලේ ඔහුට සමාව දීමයි.
    ඔහු මෙපිලිබදව පැවසුවේ කුමක්ද ? රිචර්ඩ් නික්සන් සිරගතකිරීමට පෙර අදිකරණ ක්‍රියාවලියකට යායුතු බවත් එයට අවම වසයෙන් වසර 6 පමණ ගතවන බවත් මේ මුළු කාලයේම මුලික ප්‍රවුර්තිය බවට මෙම කරනව පමණක් වීමෙන් රටේ ආර්ථිකය ට සමාජයට සිදුවන අනිසි බලපෑම සලකා රිචර්ඩ් නික්සන් ට සමව දීම සිදුකරන ලදී.

    අප තේරුම්ගත යුත්තේ බටහිර නැවත නැවත අපට යුද අපරාද ගැන චෝදනා නගන්නේ අපරට අස්ථාවර කිරීම මගින් මෙම කලාපයේ බලය තබගනිමටයි.

    සිංගප්පුරුව අපට සමාන ලෙස මෙම ප්‍රශ්නයට lee kuan yew පැවසුවේ " සිංගප්පුරුව ඉතා කුඩා රටක් අපට දුර්වල පාලනයක් තබාගත නොහැකියි, පාලනය දුර්වල උනොත් ආර්ථිකය විනාස වීමට යන්නේ ඉතා කුඩා කාලයක්, " මෙනිසා බාහිරින් පැමිණෙන බලපෑම් අවම කිරීමට ඔහු සිදු කලේ සමහර ප්‍රජචන්ත්රවාදී අයිතිවාසිකම් සිමා කිරීමට නීති ගෙනෙමයි.

    උදාහරණ :- 5 දෙනෙකුට වැඩි පිරිසකට දේසපාලන රැස්වීම් සදහා අවසර නොදීම, ජාතිවාදී මත පලකරන්නනට සිරගතවීමට අමතරව දැඩි දඩුවම්,
    පුවත්පත් වලට ඕනෑම අදහසක් පලකිරීමට නිදහස නොදීම.

    වැනි අප සමාජයේ පවතින බොහොමයක් අයිතිවාසිකම් සිංගප්පුරු වැසියනට නැතිබව ඔබ දන්නවා ඇත.

    සිංගප්පුරුවේ කර ඇති ඉතා හොද දෙයනම් අල්ලසට දුෂණයට දැඩි දඩුවම් ලබාදීමයි, අප කිසිවකුට සිංගප්පුරුවේ දුෂණ පවතින බව නොකියන්නේ මේ නිසයි.

    නමුත් මෙම දැඩි නීති නිසා සිදුවී ඇත්තේ කුමක්ද ? දිනෙන් දින ආර්ථික වසයෙන් රට දියුණු වීමයි.

    අප රටත් ආර්ථික දිවුනුව ලගාකර ගැනීමට උවමනා නම් කලයුත්තේ මෙයයි.

    ReplyDelete
    Replies
    1. Singapore Lee Kuan Yew's monopoly on corruption
      එතකොට ඒ වගේ දෙයක්ම නේද මහින්දත් ලංකාවේ කරන්න හැදුවේ ?
      Lee Kuan Yew ට අවුරුදු 30 තිබ්බ. මහින්දයට යන්තං 10.
      Lee Kuan Yew පට්ට පොරක් වෙන්නත් මහින්ද චාටර් වෙන්නත් හේතුව මොකද්ද එත කොට ?

      Delete
    2. “I am often accused of interfering in the private lives of citizens. Yes, if I did not, had I not done that, we wouldn't be here today. And I say without the slightest remorse, that we wouldn't be here, we would not have made economic progress, if we had not intervened on very personal matters - who your neighbour is, how you live, the noise you make, how you spit, or what language you use. We decide what is right. Never mind what the people think.”
      ― Lee Kuan Yew
      මහින්දට වඩා ලක්ෂ ගුණයකින් දුෂ්ට යකෙක් නේ මේක
      Lee Kuan Yew භංග වේවා.
      කන්න නැතත් , බොන්න නැතත් රෙන්න පුකේ ගූ නැතත්
      අපේ සිරිලංකා ප්‍රජතන්තරවාදේ අපිට හොඳා.
      අපිට ඕන් නැති ආර්ථික දිවුනුව ක් නෑ.
      අපි කැමති ප්‍රජතන්තරවාදේ තොරොම්බල් කර කර ඉන්න
      තොපේ සිංගප්පුරු ක්‍රමේ රෝල් කරලා ගහ ගහගනිල්ලා අහවල් තැන :)

      Delete
    3. සිංගප්පූරුවෙ ඔය දැඩිනීති බලපාන්නෙ පොඩි එවුන්ට. ලීක්වාන් යූගෙ පවුලෙ අය වැරදි කළාම ඔය මොකවත් නෑ. කස පහර දෙන්න ඕන වරදකට පොඩි දඩයක් ගැහුවා.සිංගප්පූරුවෙ ප්‍රභූවරුන්ට ඔය නීති බලපාන්නෙ නෑ.
      හැබැයි ලී බලයට පත් මුල් කාලෙ එවකට සිටි ප්‍රභූන්ට ( ලී ගෙ විරුද්ධවාදී ) එරෙහිවනම් දැඩිව නීති ක්‍රියාත්මක වුනා. ඒත් ලී ගෙ ගජයන්ට එරෙහිව නොවේ.

      Delete
    4. චූං චෑන්March 2, 2015 at 1:52 PM

      සිංගප්පුරුව කියන්නේ රටකට නොව ‍‍Lee Kuan Yew පවුලේ ෆැක්ටරියකටය.
      අපේ රටේ කම්කරුවන්ට නම් ඒක මාර රටක්. මාර පාලනයක්.
      සිංගප්පුරු ජාතිකයන් පවා දැන් නිදහස සොයා කැනඩාව වැනි රටවල පදිංචියට යනවා.

      Delete
    5. හරි ෂෝක්... එහෙනම් රාජපක්ෂලාගේ අනිත් අපරාධත් අමතක කරමුකො.. දුමින්ද සිල්වා වගේ අයත් නිදහස් කරමුකො...
      'යුධ අපරාධ අමතක කිරීම' කොලඹ ඉදන් බ්ලොග් ලියන්නෙකුට කියන්න ලේසි වුනාට ඒ දරුනු මනුෂ්‍ය ඝාතන වලට ලක්වෙච්ච මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් නෙමේ...
      අනෙක් අතට දරුනු මිනීමරුවන්ට සමාව දීම යුක්ති දර්මය විකෘති කිරීමක්...

      'වෝටර්ගේට් සිද්ධියෙ' රිචඩ් නික්සන් කලේ විරුද්ධ පක්ෂයේ මූලස්ථානයෙන් ලියකියවිලි සොරකම් කරවීම මිස දහස් ගනනක් මරා දැමීම නෙමේ..

      අනෙක් අතට යුධ අපරාධ වලින් මැරුනේ අපේ රටේ මිනිස්සු.. බටහිර මොඅ බම්බුවක් නිසා චෝදනා එල්ල කලත් ඒ චෝදනා වල වින්දිතයින් ශ්‍රී ලාංකිකයින් නිසා අපිට ඔය චෝදනා විභාග කිරීමේ වගකීමක් තියෙනවා..

      Delete
    6. // ඒ වගේ දෙයක්ම නේද මහින්දත් ලංකාවේ කරන්න හැදුවේ ?//
      මහින්දගේ සහ Lee Kuan Yew වෙනස මහින්ද වංචා දුෂණ වලට ඉඩ දීමත් අන්තර්ජාතිකව ඇති දුෂිත තානාපති නිලදාරීන් පත්කිරීමත් නගර ආලෝකර කිරීම සහ මාර්ග පද්දතිය ඇරුනම කිසිවක් සැලසුමකට නොකිරීමයි.

      Lee Kuan Yew වංචා දුෂණ නැවතූ අතර රටේ සියලු නිෂ්පාදන ඉතා හොද පරිපාලනයක් මත කරමින් සහ ජාතිවාදී නොවී සියලුම දක්ෂයන් තම රටට ආකර්ශනය කර ගනිමින් රට ආර්ථික ලෙස දියුණු කරන ලදී.

      ඔබේ අදහස //කන්න නැතත් , බොන්න නැතත් රෙන්න පුකේ ගූ නැතත්
      අපේ සිරිලංකා ප්‍රජතන්තරවාදේ අපිට හොඳා.
      අපිට ඕන් නැති ආර්ථික දිවුනුව ක් නෑ.//

      නම් අප ඉතා සාර්ථකව කරන්නේ එයයි!

      මධ්‍යස්ථ මතධාරියා,
      //ඒත් ලී ගෙ ගජයන්ට එරෙහිව නොවේ.//
      ඔබට මතකද ඔහු ගේ මිත්‍ර ඇමතියෙක් අල්ලස් ගැනීම නිසා බන්දනාගර ගත කරනු ලැබුවා

      ඔබ කියන විදියට ඉතා සුළු සිදුවින් වන්න ඇති නමුත්
      ඔබට මතකද මහින්ද මහතා ආචාර්ය මර්වින් සිල්වා සමුර්දි නිලදාරියකු ගස්බදීමට විරුද්දව කොමිසමක් පත් කළා
      අවසානයේ සොයාගත්තේ කුමක්ද ? සමුර්දි නිලදාරියා තමන්ම ගස්බදගත් බවයි!

      ඔබට මෙවැනි විහිලු සිංගප්පුරුවේ සිදුවූ බව මතකද ?


      Delete
    7. [අප තේරුම්ගත යුත්තේ බටහිර නැවත නැවත අපට යුද අපරාද ගැන චෝදනා නගන්නේ අපරට අස්ථාවර කිරීම මගින් මෙම කලාපයේ බලය තබගනිමටයි.]

      වීරවන්ස පන්නයේ තර්ක...
      ඉන්දියාව බටහිර හිතවාදීව සිටිනතාක් දකුනු ආසියා කලාපයේ බටහිර බලය තියෙනවා...
      ලංකාව වගේ බටහිර ආධාර ලබන, බටහිර බහුජාතික සමාගමක වාර්ෂික ආදායමටත් වඩා අදු ආදායමක් ලබන හූනු බිජ්ජක් වගේ රටක් "අසාර්ථක කිරීමෙන්" බටහිරට ලැබෙන ඉලව්වක් නෑ...

      2006-09 කාලයේ රාජපක්ෂ රජයෙන් දමිල ජනතාවට එරෙහිව සිදුවූ අපරාධ මේ රටේ නීතියට එරෙහිව සිදුවූ තවත් එක් අපරාධයක් ලෙස සලකා වගකිවයුත්තන්ට දඩුවම් කල යුතුයි.. එච්චරයි...

      මේවා "බටහිර උගුල්", දෙමල මිනිස්සු "හොද ලමයි වගේ මේවා අමතක කරන්න ඔනෑ", ගෝටාභයල හිරේ ගියොත් "රට ඉස්සරහට ගෙනියන්න බෑ", වගේ තර්ක යුධ අපරාධ සාධාරනීකරනය කරන්න කියන කථා...

      Delete
    8. පිං හාමිMarch 2, 2015 at 2:06 PM

      යහ පාලයනය අාවේ නැත්නම්,
      ශ්‍රී ලංකාව කියන්නේ රටකට නොව ‍‍රාජපක්ෂ පවුලේ බූදලකටය.

      Delete
    9. චූං චෑන්March 2, 2015 at 1:52 PM
      //සිංගප්පුරු ජාතිකයන් පවා දැන් නිදහස සොයා කැනඩාව වැනි රටවල පදිංචියට යනවා//

      එහෙම යන්න පුළුවන් වෙලා තියන්නේ ආර්ථිකය දියුණු වී ඇති නිසා නොවේද ? ඔබට අහන්න ලැබෙනවද ඉතියෝපියාවේ මෙනිසුන් මහා පරිමාණයෙන් බටහිරට සංක්‍රමණය වනවා ?

      ආර්ථික ලෙස දියුණු වූ විට ප්‍රජචන්ට්‍රවාදය පුර්ණ ලෙස බුක්ති විදිය හැකියි@
      නැත්නම් අප මිත්‍ර මහසොහොන් පිල්ලිය කියන ලෙස
      //කන්න නැතත් , බොන්න නැතත් රෙන්න පුකේ ගූ නැතත්
      අපේ සිරිලංකා ප්‍රජතන්තරවාදේ අපිට හොඳා.
      අපිට ඕන් නැති ආර්ථික දිවුනුව ක් නෑ.
      අපි කැමති ප්‍රජතන්තරවාදේ තොරොම්බල් කර කර ඉන්න
      තොපේ සිංගප්පුරු ක්‍රමේ රෝල් කරලා ගහ ගහගනිල්ලා අහවල් තැන ://

      කියල සතුටුවිය හැකියි

      Delete
    10. @lankikasithuwili

      //මහින්දගේ සහ Lee Kuan Yew වෙනස මහින්ද වංචා දුෂණ වලට ඉඩ දීමත් අන්තර්ජාතිකව ඇති දුෂිත තානාපති නිලදාරීන් පත්කිරීමත්//

      තවත් වෙනසක් තියෙනවා. මහින්ද ප්‍රජාතන්ත්‍ර වාදීව සුළු කාලයකට පත් වුන කෙනෙක්. Lee Kuan Yew එහෙම නෙවෙයි නේ. එම නිසා දැන් රනිල් බලය පවත්වාගෙන යන්න දුෂිතයන් එකතුකරගෙන ගිගා ඇමති මණ්ඩලයක් සාදා ගැනීම කරනවා වගේ මහින්දත් බලය පවත්වාගෙන යන්න වංචා දුෂණ වලට ඉඩ දුන්නා කියන තර්කය වැරදිද ?

      //නගර ආලෝකර කිරීම සහ මාර්ග පද්දතිය ඇරුනම කිසිවක් සැලසුමකට නොකිරීමයි//
      එතකොට යුද්ධය එහෙම කරේ චන්ද්‍රිකා වෙන්න ඇති නේද ? ඕකි යුධ අපරාධ චෝදනා ගෙනල්ල හිටං එල්ලලා දානවා නං ලොකු දෙයක් .

      අනිත් එක අවුරුදු 10 ට ඔබට වෙන මොනවාද වෙන්න ඕන ?

      //නම් අප ඉතා සාර්ථකව කරන්නේ එයයි! //
      ඒක වත් හරියට කරනවා කියල ඔබ හිතනවද ?

      Lee Kuan Yew ල 10 ක් නෑ නේ. ලංකාවේ මජර මිනිස්සුන්ට හම්බවෙච්ච මජර Lee Kuan Yew තමයි මහින්ද. (people get the government they deserve) ඒ මජර ක්‍රමය තවදුරටත් තිබ්බ නං තොරොම්බල් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනසක් වෙන්න තිබ්බ කියල ඔබට හිතෙන්නේ නැද්ද ?

      Delete
    11. මහසොහොන්,
      මචෝ

      //තවත් වෙනසක් තියෙනවා. මහින්ද ප්‍රජාතන්ත්‍ර වාදීව සුළු කාලයකට පත් වුන කෙනෙක්. Lee Kuan Yew එහෙම නෙවෙයි නේ.//

      Lee Kuan Yew බලයට එන්නේ සහ සිටි යේ 60% වැඩි චන්ද ප්‍රතිශතයකින්. ඔහු එකදිපතියකු උනත් නිසි වෙලාවට චන්දය පවත්වුවා.

      //එතකොට යුද්ධය එහෙම කරේ චන්ද්‍රිකා වෙන්න ඇති නේද //
      යුද්දයට අවශ්‍ය බොහෝ අවිආයුද ආනයනය කලේ චන්ද්‍රිකාගේ කාලයේ උනත් යුද්දය දිනීමේ පුර්ණ ගවුරවය මහින්ද සතුයි.
      ඊට ගොටබය නොසිටින්න සරත් ෆොන්සේකා ගෙන් ප්‍රයෝජන ගත නොහැකි වනු ඇති.

      // ඒ මජර ක්‍රමය තවදුරටත් තිබ්බ නං තොරොම්බල් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වෙනසක් වෙන්න තිබ්බ කියල ඔබට හිතෙන්නේ නැද්ද ?//
      නෑ එහෙම උනානම් ඩිල් නිසා අපට සියල්ලම නැති වනු ඇති.
      ටිකක් හිතන්න යුද්දයෙන් පසු මර්ගසන්වර්දනය සහ නගර අලංකාරය පමණක් කරමින් කිසිදු අපනයනයක් දියුණු කිරීම මගින් රැකියා ලබා දෙනු වෙනුවට හිතු මනාපයට රැකියා දීමෙන් සිදුවන අනතුර ඔබට නොපෙනේද ?

      මේ ක්‍රමය පිළිබද හොදම විග්‍රහය කලේ උපුල් ශාන්ත සින්නස්ගලයි (තමන්ගේ ම වංචාව උදාහරණයට ගනිමින් කිරීම විශිස්ට්යි)
      https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ

      Delete
    12. @lankikasithuwiliMarch 2, 2015 at 4:06 PM
      //නෑ එහෙම උනානම් ඩිල් නිසා අපට සියල්ලම නැති වනු ඇති.//
      මොන ඩිල් ද බොස් ? අර බිලියන ට්‍රිලියන ගණනින් ගහපු ඩිල් ද ? හිකිස් ...
      90% කොමිස් ගත්ත ඩිල් ද ? එහෙනං රනිල් ආණ්ඩුව යටතේ පොර්ට් සිටි එහෙම ඉතුරු 10% .. ඒ කියන්නේ 140 M USD වලින් කරන්නේ නැත්තේ ඇයි ?? දැන් 90% යන්නේ රනිල්ගේ සාක්කුවට නිසා ඒක හොඳද ?
      :)

      //කිසිදු අපනයනයක් දියුණු කිරීම මගින් රැකියා ලබා දෙනු වෙනුවට හිතු මනාපයට රැකියා දීමෙන් සිදුවන අනතුර ඔබට නොපෙනේද ?//

      ඒක නං ඉතිං මං හොඳටම දැක්කේ 77 ආණ්ඩුවේ ලිස්ට් වලින් ආයතන වලට ආපු ගස් ගෙඩි කඩපු එවුන්ගෙන්. අඩුගානේ මහින්දය දුන්නේ උපාධි ධාරීන්ට නේද ?

      කොහොම උනත් අනිත් හැම ජහපාලන සිහිනයක් වගේම ඔබේ ඔය සුදුස්සන්ට රැකියා සිහිනෙත් ඉක්මනින්ම බිඳ වැටෙයි. UNP කාරයෝ දැනටමත් ලිස්ට් හදාගෙන ඉන්නේ.

      UNP කාරයෝ පපර බෑන් ගගහ බජව් දාන්නේ ඇයි ....

      Delete
    13. චූං චෑන්March 2, 2015 at 11:59 PM

      lankikasithuwiliMarch 2, 2015 at 2:29 PM
      “එහෙම යන්න පුළුවන් වෙලා තියන්නේ ආර්ථිකය දියුණු වී ඇති නිසා නොවේද ? ඔබට අහන්න ලැබෙනවද ඉතියෝපියාවේ මෙනිසුන් මහා පරිමාණයෙන් බටහිරට සංක්‍රමණය වනවා ?“

      යුරෝපා යටත්විජිත ලෙස පැවති අප්‍රිකානු රටවල ජිවත්වන බොහෝ මිනිසුන්ට තම රටවල් යටත් කරගෙන සිටි යුරෝපා රටවලට ආසියානුවන්ට වඩා පහසුවෙන් ඇතුලු විය හැක.
      උදාහරන ලෙස ඇල්ජිරියානුවන් ප්‍රංශයට විශාල ලෙස සංක්‍රමනයවේ.

      lankikasithuwili කරුනාකර ඉතියෝපියා ගැන අැති අවබෝදය යවත්කාලින කරගන්න.

      උදාහරන - University World Rank -2014

      Addis Ababa University ,Ethiopia. World Rank- 1803
      University of Colombo, Sri lanka World Rank- 2135

      http://www.webometrics.info

      Delete
    14. මහසොහොන්,

      //
      මොන ඩිල් ද බොස් ? අර බිලියන ට්‍රිලියන ගණනින් ගහපු ඩිල් ද ? හිකිස් ...
      90% කොමිස් ගත්ත ඩිල් ද ? එහෙනං රනිල් ආණ්ඩුව යටතේ පොර්ට් සිටි එහෙම ඉතුරු 10% .. ඒ කියන්නේ 140 M USD වලින් කරන්නේ නැත්තේ ඇයි ?? දැන් 90% යන්නේ රනිල්ගේ සාක්කුවට නිසා ඒක හොඳද ?
      :)//

      http://www.economist.com/content/global_debt_clock

      ලංකාවේ ණය වැඩිවී ඇති අයුරු බලන්න 2004 සිට 2005ට ඒකපුද්ගල ණය වැඩිවීම $58 වෙද්දී ඊට පසු සැම අවුරුද්දෙම එකපුද්ගල ණය ප්‍රමාණය $100 ටත් ඉන්පසු $200 ටත් සුළු අඩුවීමක් උනත් $ 130 පමණ අඩුවීමක් බව ඔබට පෙනෙනවා ඇති.

      තේරුම් ගතයුතු යත්ර්තය නම් පවතින රජය මහින්දට දඩුවම් කිරීමට කැමති නැත්තේ රටේ ගෝත්‍රික මනසිකත්වයක් ඇති ජනතාව ගේ අනුකම්පාව ඔහුට ලබා නොදිය යුතු බැවිනි, එපමණක් නොවෙයි පවතින රජය උනත් වංචා දුෂණ නැතිකිරීමට අදහස් කරනවා යයි නොසිතමි.

      ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ අවස්ථාවෙන් ප්‍රොයෝජන ගැනීමයි, නමුත් මෙම සිදුවීම් දාමය රටේ පුරවසින්ට හිතකර බව ඔබට තව වසර 2 පමණ යනවිට වැටහේවි.

      ඇමරිකාවේ නික්සන් ජනපති වරයට සමාව දීම ගැන පළවූ අදහසක් නම් "Son of a bitch will not punish a son of a bitch " ලෙසයි, මෙම පවතින මැතිවරණ ක්‍රමය තුලින් බිහිවන්නේ සොරුන් පමණයි.

      ඉදිරියේ මෙය වෙනස් වුවොත් එය වෙන්නේ මොවුන් අවංක නිසා නොවන අතර ජනබලය නිසි අයුරු ක්රියත්මකවිම නිසයි.

      චූං චෑන්March 2, 2015 at 11:59 PM,

      මට අවස්යවුයේ මහපරිමනයෙන් බටහිර රටවලට සංක්‍රමණය වන්නේ ඇති හැකි පුද්ගලයන් බව පෙන්වීමටයි.

      මම උදාහරණයක් ලෙස සදහන් කල ඉතියෝපියව ගැන, ඔබට පෙනෙනවා ඇති ඉතියෝපියාවේ වර්තමාන දියුණුව ඔවුන් දලදේශීය නිෂ්පාදිතයෙන් ඔවුන් ගේ ණය ප්‍රතිශතය පහත දමගන ඇති අයුරු සන දලදේශීය නිෂ්පාදනය ඉහල නන්වගන අතියුරු බලන්න, ශ්‍රී ලංකාවත් දලදේශීය නිෂ්පාදනය ඉහල නන්වගන ඇති නමුත් අපේ ණය ඉහල ගොස් ඇති ආකාරයෙන් ඉතියෝපියව ත් අපට වඩා සාදනිය දියුණුවක් ලබා ඇත.


      Delete
    15. චූං චෑන්March 3, 2015 at 2:10 PM

      පුල් සුවර්,තව ටික කාලයෙකින් ලාංකිකයන්ට ඉතියෝපියාවටත් බොට්ටු වලින් පනින්න ‍වෙනවා.
      මතකනේ ඉස්සර කොරියාවටත් කෝචොක් දැම්මා. එහෙම කිංඩි දාපු උදවියගේ දරුවෝ දැන් පෝලිමේ විභාග ලියනවා කොරියාවේ DDD ජොබ් වලට යන්න.

      ඉතින් එහෙව් පසුගාමි ලාංකිකයන්ට සිංගප්පූරුව සුරපුරයක් වීම අනිවාර්යක් නොවෙද ?

      Delete
  5. Muslim Anthawadaya genath wedi awadanaya yomukalauthui.

    ReplyDelete
  6. කිසිදු හරවත් සාමාජ දේශපාලන වැඩසටහනක් නැතුව අනුන්ගේ කුණු වලින් පමනක් පාර්ලිමේන්තුවට පැනගැනීමට ජවිප‍ෙ දරන ලදරු උත්සහය ගැන අප කනගාටූවිය යුතුය. ඉන්දීය AAP මොඩලයට ලංකාවට ගැලපෙන්නේ චම්පික මිස අනුර නොවේ.
    මාධ්‍යය සංදර්ශනවලට ඉතා ඇළුම් කරන නූතන ජවිප‍ෙ, ඇවන්ට්ගාඩ් අභියෝගය හමුවේ කුජීත විය.එමෙන්ම පුද්ගල ඉස්මතුවිම් වල තරඟය පක්ෂ තුල අර්බුද ජනිත කර ඇත.පිඩිතයන් වෙනු‍වෙන් බිහිවු පක්ෂයක් පීඩකයන් සමග ඩීල් දමන යුගයකට එලඹ තිබේ.(මහරාජා)
    ආරම්භයේ සිට ජවිපෙ ක්‍රියාකාරිත්වයට අදාලව මිනිස් ජිවිත දහස් ගනනක් හමාරවිය, පවුල් දහස් ගනනක් අනාථවිය, රටේ කෝටි ප්‍රකෝටි පොදු දේපල විනාශ විය, බුද්ධිමත් ජවසම්පන්න තරුණ දේශපාලන පරපුරක් රටට අහිමිවිය.
    දැන් ජවිපෙ, පක්ෂයක්ද? පොලිසියක්ද?
    ජවිප‍ෙ ෆයිල් 1000 ක් බාර දුන්නට වඩා UNPයට එක දඩුවම් සංදර්ශනයක් හොදටම අැති ගේම් එක ගොඩ යන්න.

    අද ජවිපෙට , විරු සැමරුම් හා වැලන්ටයින් සංදර්ශන වලට වඩා යමක් කිරීමට බැරිද?

    (ජවිපෙ මහගෙදර දොරකඩ ඇවන්ට්ගාඩ් සේවක පිකටින් එක දැක කලකිරුනු අයෙක්.)



    ReplyDelete
  7. චූං චෑන්March 2, 2015 at 1:52 PM
    //සිංගප්පුරු ජාතිකයන් පවා දැන් නිදහස සොයා කැනඩාව වැනි රටවල පදිංචියට යනවා//

    එහෙම යන්න පුළුවන් වෙලා තියන්නේ ආර්ථිකය දියුණු වී ඇති නිසා නොවේද ? ඔබට අහන්න ලැබෙනවද ඉතියෝපියාවේ මෙනිසුන් මහා පරිමාණයෙන් බටහිරට සංක්‍රමණය වනවා ?

    ආර්ථික ලෙස දියුණු වූ විට ප්‍රජචන්ට්‍රවාදය පුර්ණ ලෙස බුක්ති විදිය හැකියි@
    නැත්නම් අප මිත්‍ර මහසොහොන් පිල්ලිය කියන ලෙස
    //කන්න නැතත් , බොන්න නැතත් රෙන්න පුකේ ගූ නැතත්
    අපේ සිරිලංකා ප්‍රජතන්තරවාදේ අපිට හොඳා.
    අපිට ඕන් නැති ආර්ථික දිවුනුව ක් නෑ.
    අපි කැමති ප්‍රජතන්තරවාදේ තොරොම්බල් කර කර ඉන්න
    තොපේ සිංගප්පුරු ක්‍රමේ රෝල් කරලා ගහ ගහගනිල්ලා අහවල් තැන ://

    කියල සතුටුවිය හැකියි

    ReplyDelete
  8. අවසානයට ගත්තම අජිත් අහන්නේ කොටිත් අපරාධ කලා, ශ්‍රී ලංකා රජයත් අපරාධ කලා, ඇයි රජයට විරුද්ධව පරීක්ශන කියලනේ. මැදහත් කෙනෙක් විදියට එහෙම කියන්න පුලුවන්ද? රෝහිත භාශන කියන දේ සම්පූර්න සත්‍යයක් නේද? නිර්මාල්ගේ වරක් පතුලේ (pathula.com) පල වූ ලිපිය අවධානයට ලක් කරන්න කැමතියි.

    වැඩි කතා අවශ්‍ය නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩට වුන දේ ගැන අන්තර්ජාතික නැතුව ලංකාවේ පරීක්ශනයක් වෙනවද? නුදුරු අනාගතයේ දී වත් ඔහුගේ සමීපතමයින්ට ලංකාව ඇතුලේ පරීක්ශනයකින් සාධාරනයක් ඉටු වෙයිද? අපි හැමෝම දන්නවා, දෙමල ජනතාවගේ ප්‍රශ්නයේ ගැඹුර. ප්‍රගීත් ට එහෙම නම්, යුද්ධය අවසාන කාලයේ පරීක්ශන වලට කොහොම වෙයිද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මෙන්න නිර්මාල්ගේ ලිපිය. "උතුරේ පණිවුඩය නිවැරැදිව බාර ගන්න!" – නිර්මාල් රංජිත් දේවසිරි
      http://www.pathula.com/index.php/archives/17503

      "වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ" – රංජිත් හේනායකආරච්චි
      http://www.pathula.com/index.php/archives/17611

      "යුක්තිය වෙනුවට අමතක කිරීම ? "ඩිලන් පෙරේරා (මම හිතන්නේ මේ පාම ඩිලාන් පෙරේරා නොවෙයි )
      http://www.pathula.com/index.php/archives/17593

      පටලව ගන්න එපා. ජනාධිපතිවරනය කාලේ රනිලුත් හොරගල් ඇහුලුවා. දෙමල සංධානෙ නායකයො ඒ වෙලාවේ හරියටම ඒ මොහොතේ අවශ්‍යතාවයට අනුව වැඩ කලා. යුධ අපරාධ සම්බන්ධව එහෙම නොවෙයි. පොදුවේ රනිල්/මෛත්‍රී කන්ඩායමත් ඇතුලුව සිංහලයා අකමැතියි අන්තර්ජාතික පරීක්ශනයට. එතෙනදි මහින්ද මෛත්‍රී කියල බෙදීමක් නැහැ. ඒක හැමෝම දන්නවා. ලංකාව තුල සෙට් අප් එකක් ම නැහැ සාධාරන පරීක්ශනයක් කරන්න. මේ යෝජනාව ජාතිවාදියි කියල කීම මට අනුව නම් අන්තිම ප්‍රතිගාමියි. ජාතිවාදීන් පිරිසක් ඒ යෝජනාවට සහයෝගය දීම නොදීම අදාල වන්නේ නැහැ.

      - Dimithri

      Delete
    2. මෙතැනදී මට තිබෙන ගැටලුව වන්නේ අගතියට පත් පාර්ශ්වවලට සාධාරණය ඉටු කිරීමට තිබෙන එක ම ක්‍රමය මෙය ද යන්නයි. මෙය අනවශ්‍ය යයි මම කියන්නේ නැහැ. එහෙත් එය සපුරා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් ඉවසිලිවන්තව ඉදිරියට යා යුතුයි. ඕනෑම සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දෙන්නට අයිතියක් තිබෙන බවත් අපි අමතක නො කළ යුතුයි. සදාම් හුසේන්ට හෝ ගඩාෆිට හෝ මේ අවස්ථාව ලබා දෙන්න අපට බැරි වුණා නේ ද?

      දණ්ඩනය නො වැදගත් දෙයක් නොවෙයි. මෙවැනි දේ නැවත සිදු නො වන්නට නම් දණ්ඩනය අවශ්‍යයි. එහෙත්, එය ම එක ම සටන කර ගෙන අන් සියලු සාධනීය අරගල අතහැර දැමීමට ඉඩ නො දිය යුතුයි.

      මෙතැනදී නම් සිදු වන්නේ ඉතා පැහැදිලිව ම දෙමළ ජාතිවාදී උවමනාවන් ඉටු කර ගැනීම සඳහා මෙය ඉදිරියට ගැනීමයි.

      Delete
    3. තව දුරටත් මේ ගැන කතා කළොත්, හරි, මේ පරීක්ෂණය වෙනුවෙන් අපි අන් සියලු දේ කැප කළා ය කියමුකෝ. පරීක්ෂණය සාධාරණ නම්, මහින්ද, ප්‍රභාකරන්,‍ ගෝඨාභය, සරත් ෆොන්සේකා, බැසිල්, පාලිත කොහොන, හමුදා නිලධාරින් රැසක් ආදී වශයෙන් විශාල පිරිසක් යුද අපරාධකරුවන් ලෙස නම් වෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම ලංකාවේ සිංහල ජාතිවාදය අවදි වෙනවා. එය වළක්වන්නට ‍දැන් මෙයට ප්‍රමුඛස්ථානය දෙන කිසිදු සිංහලයෙකුට හැකියාවක් නැහැ. යාන්තමින් සංහිඳියාවක් ගොඩනැගෙමින් ආ රට නැවත දරුණු ජාතිවාදී බෙදීමකට යනවා. මෙහිදී නැවතත් දැවැන්ත ලේ වැගිරීමක් සිදු වෙන්න පුළුවන්. අපට අවශ්‍යව තිබෙන්නේ එය ද?

      සිංහලයාගේ විනාශය ප්‍රාර්ථනා කරන දෙමළ ජාතිවාදීන්ගේ පැත්ත ගැනීමෙන් මේ ප්‍රශ්නය කිසිදා විසඳා ගන්නට බැහැ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මම හිතන්නෙ මෙතන වැදගත් වෙන්නෙ දණ්ඩනය නෙමෙයි, දණ්ඩනය ද්විතීක ක්‍රියදාමයක්.
      මුලින්ම කලයුත්තේ මානව හිමිකම් උල්ලංඝනය වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දුක් ගැනවිළි වලට ඇහුම්කන් දී, තොරතුරු විමර්ශනය කර එසේ උල්ලංඝනය වී ඇත්නම්, ස්වයං විවේචනාත්මකව (රජයක් ලෙස) එය (Truth) පිලිගැනීම සහ කණගාටුව පළකිරීමයි.
      ඉන්පසු සංහිඳියාව (Reconciliation) සඳහා යන ගමනේදී සියලු පාර්ශව වල චූදිතයන්ට පොදු සමාවක් යෝජනා කල හැක. මෙවැනි තත්ත්වයක් යටතේ හුදෙක් චූදිතයන්ට දඬුවම් කිරීම සංහිඳියාව සඳහා අත්‍යවශ්ය කරුණක් නොවන බව මගේ හැඟීමයි.
      ගැටළුව වන්නේ ජාතිවාදයේ කරවටක් ගිල්වා ඇති සිංහල සමාජය අඩු තරමින් සත්‍යය පිළිගැනීමතවත් සූදානම්ද යන්නයි!

      Delete
  9. ජාතිවාදය වලක්වා ගැනීමට ගතහැකි පයවරක් ගැනීම ඉතාම අවශ්‍ය බව පවසන්න තරම් දෙයක්වත් නෙවෙයි. පාලකයන් කොච්චර වලිකෑවත් මිනිස්සු එතෙන්ට එන්නෙ උනව නොමග යවන්න ප්‍රචාරක වගකීමත් භාර අරන් ඉන්න කට්ටියක් බලාගෙන ඉන්න හින්දයි. අපේ ජනමාධ්‍යයන්ගේ හැසීරීම ? අනේ අපොයි .!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. පැරකුම් මහතා සහ comments ලියපු ලියපු සියලුම සොයුරන් වෙත,
    පසුගිය 25දා සිට 27 දක්වා දින තුනක් මා නාගදීපය වැඳීමට සහ යාපනයේ සංචාරය සංචාරය කිරීමට වැය කළ නිසා බිම් මට්ටමේ තොරතුරු ගැන මා තුල මද අදහසක් තිබෙනවා.මා වැරදි නම් ඔබට මා නිවැරදි කල හැකියි.
    මට වැටහුණ දෙය නම් 1948දි යාපනයේ ජනතාවට sjv චෙල්ලනායගම් පෙන්වූ වෙනම රාජ්‍ය සංකල්පයෙන් ඔවුන් තවම මිදී නැති බවයි. තුවක්කු අතට ගත් යුද්ධය නම් ඉවරයි. එහෙත් මතවාදී යුද්ධය ඉවර නැහැ.එය විවිධ මුහුණුවරින් විවිධ පුද්ගලයන් තුලින් මතු වෙනවා.එකක් ඉඩම් ඉල්ලීම,අනෙක හමුදා කඳවුරු ඉවත්කිරීම මේකේ මුල් අරමුණ යාපනය පුරා පවතින සිංහල අනන්‍යතාවය ඉවත් කිරීමයි. එහෙත් ඔවුන් යාපනයට යන සිංහලයන් සමග හොඳින් කතා කරති.නවාතැන් සපයමින් ,බඩු විකුණමින් යහමින් මුදල් උපයති.
    16 සිය වස වන තුරු යාපනේ සිටියේ සිංහලුන් නිසා ඔවුන් ගොඩනැගු නිර්මාණ වල ඉතිහාසය සම්පුර්ණයෙන්ම ඉවත් කර දෙමල නිජ බිම් සංකල්පය ස්ථිර කරන්න ඔවුන් නොකරන කිසිදු දෙයක් නැහැ. දැනට යාපනයේ සිංහල අනාථයන් නැවත පදිංචි කිරීමක් නැත.එසේ කිරීමට විරුද්ධව සියලුම දෙමල අය දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව විරුද්ධ වෙති.

    යාපනයේ නටඹුන් වල ආරක්ෂාවට ඉන්නා හමුදාවේ සොල්දාදුවන් පමණක් එම නටඹුන් වල සිංහලබෞද්ධ අනන්‍යතාවය විස්තර කරති.එම දේවල් ආරක්ෂා කරති. මෙය වැළැක්වීමට දමිළයන් නොකරන දෙයක් නැත.
    හොඳම උදාහරණය වල්ලිපුරම් රන් පත්‍රය හමුවූ කදුරුගොඩ විහාරයයි. එය බුදු රජුන්ගේ පහස ලැබූ පැරණි බෞද්ධ විහාරයකි.පසු කාලයේ පුන්කුඩු දිවයිනේ විසු රහතන් වහන්සේලා 60 නමක් ආහාර විෂ වීමෙන් අපවත්වූ විට උන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනු කුඩා වෙහෙර 60ක් එහි තනා ඇත.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ කදුරුවෙල පුද බිමේ අක්ක්කර 7ක් මුදලට මිලට ගෙන එයපුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. අද එතන ඇත්තේ අක්කර 3කත අඩු ප්‍රමාණයක් පමණි. ඉතිරිය දෙමල ජනයා විසින් අල්ලාගෙන ඇත. පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති බැවින් එහි සංඝාවාසයක් නැත.එහි ආරක්ෂාවට ඉන්නා හමුදා භටයෝ පමණක් එහි අනන්‍යතාවය පැමිණෙන අයට කියා දුන්නත් ඒ පුද බිමේ කිසිදු සංවර්ධනයක් හෝ නව කැනීම් හෝ කිරීමට යාපනයේ ඉන්නා දෙමල පුරා විද්‍යාඥයෝ ඉඩක් දෙන්නේ නැත.අඩු තරමේ කලාතුරකින් එහි යන බෞධයන් විසින් පින් කැටයට දමන මුදල් ටික පවා සම්පුර්ණයෙන් එකතු කර ගෙන කාර්‍යා යට ගෙන යති. මෙ පුද බිම සංරක්ෂණය කර සංවර්ධන කිරීමට විවිධ ආයතන වරින් වර ඉදිරිපත් උනත් යාපනේ පුරාවිද්‍යා දෙමල නිලධාරින් එයට ඉඩ දෙන්නේ නැත.
    මේ පුදබිම රැකීමට කලින් සිටි 26 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායම දෙමල අයගේ විරෝධය නිසා 13 ක් දක්වා අඩු කර ඇත.

    පැරකුම්, යාපනේ මෙම සිංහල අනන්‍යතාවය රැකිම ගැන කථා කිරීම සිංහල ජාතික වාදයද?ඔබ පෙන්වා ඇති පරිදි එය බොරු දතක්ද?

    මා වැරැදි බව ඔප්පු කිරීමට ඔබ සහ ඔබේ සිංහල ජාතික වාදය අලජික්වී ඇති යාළුවන්ට කිරීමට ඇත්තේ එකම එක සුළු දෙයකි. එනම් මෙම පුදබිම සඳහා රජය මිලදී ගත් අක්කර 7 සම්පුර්නයෙන්ම පුද බිම සඳහා නිදහස් කිරීමයි.එසේ කර ඉන් පසු සිංහල ජාතික වාදීන්ට දොස් කීම අරඹන්න

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සිංහල ජාති(ක) වාදය අැලජික් පැරාගේ යාළුවෝMarch 3, 2015 at 1:25 AM

      සමරසේකර මහත්මයානෙනි.
      කොළඹ වරයේ Colombo South Container Terminal CSCT එකේ ලංකවේ ජාතික කොඩිය එසවීම තහනම්.(මහින්ද රාජපක්ෂ විසින් 100% චීනයට පවරන දෙන ලද රටේ කොටසකී)
      තවත් උදාහරන ඇත.
      මහත්මයා,අපි පලමුව ලාංකික අනන්‍යතාවය හා ගෞරවය රැකගමු.

      සිංහල ජාතික වාදයට මුවාවී රට විකුනං කෑම තමයි මහත්මයා අපට ඇලජික්.ජාතිය හා ආගම වේසකමේ යොදවන දේශපාලනය ඔබට ප්‍රශ්නයක් නොවුනට අපට ප්‍රශ්නයක්. ඒ අපි මේ රටට ඔබට වඩා ආදරේ නිසා.

      1948 සිට 2015 අද දක්වා කාලය තුල රටේ බලයට පැමින, ජනතාවගේ සම්පත් හා ධනය සූරා කාපු ,මිනී මරාපූ ,රට විකුනපු ඊනියා සිංහල බෞද්ධ දේශප්‍රේමී දේශපාලන උපාසක මහත්තුරු නෝනලා ගැන තොරතුරු මහත්තයත් දන්නව ඇතිනේ.අන්න ඒ අයට හා ඒ අයගේ කටුලොවන සුනඛයින්ටත් අපිව ඇලජික්.

      පලමුවත් මව්බිම !
      දෙවනුවත් මව්බිම !!
      තෙවනුවත් මව්බිම !!!
      - සිංහල ජාති(ක)වාදය ඇලජික් පැරාගේ යාළුවෝ

      Delete
    2. //...බුදු රජුන්ගේ පහස ලැබූ ...// (සහ ඒ හා සමාන තේරුම් ඇති)
      සියවස් ගණනක් තිස්සේ ලංකාවේ මිනිසුන් නොමඟ යවන අයුතු ප්‍රතිලාබ ගරන මාර්කටින් ප්‍රොෙමාෂන් පාරක්, බුදුන් වහන්සේ ලංකාවට පැමිණියාය කියන එක ප්‍රාෙයා්ගික දෙයක් නොවේ.

      Delete
  11. මා මතුකළ ප්‍රශ්නයෙන් පිට ගොස් පඳුරු තලන්න යන්න එපා.

    පළමුව කදුරුගොඩ විහාරයට අයත් බිම් ප්‍රමාණය එම විහාරයට පවරා දෙන්න.දෙවනුව එහි දැනට නොකෙරෙන පුරා විද්‍යා ගවේෂණ කටයුතු නැවත ආරම්භ කරන්න .මේ ඉඩම "තේසවලමෙයි" නීතියට අයත් නොවන රජයේ ඉඩමකි.

    නැත්නම් මා ලියු දෙය වැරදි බව කදුරුගොඩ විහාර භුමිය සියසින් දැක ලියන්න.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සිංහල ජාති(ක)වාදය ඇලජික් පැරාගේ යාළුවෝMarch 3, 2015 at 1:47 PM

      සමරසේකර මහත්මයානෙනි.

      1.කරුනාකර ඔබේ මේ දැවෙන ප්‍රශ්නය , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකරන්න.මතුගම ප්‍රදේශයේ පාසැල් ගුරුවරයෙකුට මෙවැනි දේවල් නිරාකරන කල නොහැකිය.

      2. ඔබේ සංවාදය බොදු බල සේනාව හෝ රාවනා බලය සමග පවත්වන්නේ නම් මීට වඩා ඔබ ප්‍රිය කරන , ගෞතම බුදුන්ගේ නිකැලැල් ධර්මය තවත් අවුරුදු 2500ක කාලයක් මේ පින් බිමේ නොකෙලෙසී පවත්වා ගෙන යාහැකි වැඩ පිලිවෙලකට දායක වී කෙලවර අමා මහ නිර්වානයද ශාක්සාත් කර ගතහැකිය.

      අපි ජාතිය හෝ ආගම ගසා කන දේශපාලනයක් කරන්නේ නැති නිසා.පන්සල්, පල්ලී, කෝවිල් හෝ යාඤා මධ්‍යස්ථාන ආදීයට මොන මඟුලක් උනත් අපිට ප්‍රශ්නයක් නෑ .
      කරුනාකර අපේ පුකේ එල්ලෙන්න එපා.
      ස්තූතියි.
      -සිංහල ජාති(ක)වාදය ඇලජික් පැරාගේ යාළුවෝ

      Delete
    2. හොඳටම තරහ ගිහිල්ලා නේද? ඇත්ත කීමත් බිම ඉඳ ගැනීමත් මගේ උත්පත්ති ගතියක්.ඒක වෙනස් කර යන අත හොඳයි කියා යන අතට මැස්ස ගැසීමෙන් බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් කියා මා නොදන්නවා නොවෙයි. එහම නොකිරීමෙන් මා මගේ දිවියා අනන්ත පාඩු ඇති කර ගෙන තිබෙනවා. ඒ උනත් මොනවා කරන්නද?උපන් ගෙයි ගතිය බලි ඇරියත් අරින්න බැහැනේ.
      මගේ දැක්ම නම් පසුගිය කාලයේ මේ රටේ ඇතිවූ අගතියට අඩු වැඩි වශයෙන් බෙන්තර ගඟින් එහා ඉපදුන අය වග කියන්න ඕනෑ කියලයි.කන්න ඕනෑ උනාම කබර ගොයා තලගොයා කරන්න ගිහින් තමා මේ වින්නැහිය ඇති උනේ .

      සමරසේකර

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා