ජාතික ගීය වැදි බසින්


මුහුණු පොතේ සංසරණය වන මෙය ජෝක් එකක විධියට හරි නිර්මානාත්මකයි. මෙය පතුරුවා හරින්නේ ජාතික ගීය දෙමළ බසින් ගයනවාට විරුද්ධ අයයි. ඒත්, මම නම් ජාතික ගීය දෙමළෙන් ගයනවාට කැමතියි. එහෙම ගැයුවා ය කියා එය වැදි බසින් ද ගැයිය යුතු නැහැ. වැදි ජනතාව එහෙම එකක් ඉල්ලලාත් නැහැ. අනෙක වර්තමාන වැදි බස සිංහල භාෂාවේ උපකුලකයක් මිස වෙනම බසකුත් නෙමෙයි. 


දැන් මේක ඕනැ නම් මාතර කට්ටිය කියන විධියටත් කියන්න පුළුවන්නේ.
"ඔහෙ වේ අප විද්‍යා
ඔහේ වේ අප සත්‍යා
ඔහේ වේ අප ශක්තී
අප හද තුළ භක්තී
ඔහෙ වේ ආලෝකේ
ඔහෙ වේ අනුප්‍රාණේ 
ඔහේ අප ජීවන වේ
අප මුක්තිය ඔහෙ වේ"

ඒ වුණාට මාතර කට්ටිය වෙනුවෙන් අපි එහෙම කරන්න ඕනැ නැහැනේ. 

ජාතික ගීය දෙමළෙන් ගැයුණේ එය ජාතික ගීය ලෙස පිළි ගත් මුල් කාලයේ ඉඳලාමයි. එය තහනම් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. මේ තහනමට අවුරුදු පහකට වැඩිය ඉතිහාසයක් නැහැ. ඒත් අවුරුදු හැටක විතර කාලයක් ප්‍රශ්නයක් නො වී ජාතික ගීය දෙ‍මළෙන් ගායනා කර තිබෙනවා. 

මතක තියා ගන්න. මේක ඊලාම් ගීය නෙමෙයි. මේ ඔබේ ශ්‍රී ලංකා මාතා ගීයේ දෙමළ පරිවර්තනය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජාතික ගීය බලපිටි බසින්....

    "ඔබ වේ අප විද්‍යා... හුකා...
    ඔබ වේ අප සත්‍යා... හුකා...
    ඔබ වේ අප ශක්තී....හුකා...
    අප හද තුළ භක්තී... හුකා...
    ඔබ වේ ආලෝකේ...හුකා...
    ඔබ වේ අනුප්‍රාණේ ....හුකා...
    ඔබ අප ජීවන වේ....හුකා...
    අප මුක්තිය ඔහෙ වේ".....හුකා...

    ReplyDelete
    Replies
    1. හුකා........මොනවද ඕයි තමුසේ මේ ලියන්නේ ආ..........

      Delete
  2. රටකට ජාතියකට ආදරය කරන එක තියෙන්න ඕන කොඩියෙවත් ගීයකවත් නෙමෙයි, හදවතේ..

    ඇමරිකන් කාරයා කොඩිය සෙරෙප්පුවෙත් තියෙනවා පෑන්ටියෙත් තියෙනවා. එංගලන්තෙත් එහෙමයි.. ඒත් ඇමරිකන් කාරයා තරම් තම රට වෙනුවෙන් මැරෙන්න උනත් එන උන් අපේ රටේ ඉන්නවද....? ඔක්කෝම පච හිලවල්...

    ReplyDelete
    Replies
    1. මහින්ද එලවපු එකෙන් කේන්දර බැලිලට කෙළවුණ නේද මාතේ?

      Delete
    2. මාතලන් ඔබ හරි.

      Delete
    3. ඇමරිකන් කොඩියේ මෝස්තර මුද්‍රණය කල හිජාබ් ඇඳුම් තියෙනවාද?

      Delete
    4. //ඇමරිකන් කොඩියේ මෝස්තර මුද්‍රණය කල හිජාබ් ඇඳුම් තියෙනවාද?//
      කාටද, නෝනට ද. නංගිට ද?

      Delete
  3. අපේ ජාතික ගීය සියයට සීයක් සිංහලද? සංස්කෘත භාෂාවෙන් හොරකං කරගත් වචනනෙ තියන්නෙ." නමෝ නමෝ මාතා" කියන ටිකම සිංහලද? විද්‍යා, සත්‍යා, ජයභූමී, ශක්තී, භක්තී, අනුප්‍රාණේ, ජීවන, ධනය, ධාන්‍ය, ඥාන, වීර්ය, ජීවය, ප්‍රේම, භේද, මුලු ජාතික ගීයම සංස්කෘත භාෂාවෙන්ම ලිව්වනම් වැඩේ අහවරනෙ. අර වැදි ජාතික ගීය ලියපු පොරම ජාතික ගීය නියම සිංහලෙනුත් ලිව්වනං මරු.
    සිංහලෙන්ම ජාතික ගීය ගයන්න අවශ්‍යනම් ඔය අනුන්ගෙ බසින් හොරකං කරපු වචනත් ඉවත්කරල සිංහලෙන්ම ලියන්න ඕනැ. මේ ජාතිවාදීන්ට අපේ බසට කෙලවෙන හැටි පෙනෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ බය වෙලාද නමින් නොලිව්වෙ. ඒ හින්දම මේ කොමෙන්ටුව මම අයිති කරගන්නවා. මේ කොමන්ටුව මගේ

      Delete
    2. ඇනෝ ලිව්වෙ බයට නොවෙයි කැතට. ජාතිවාදීන් එක්ක එකට හිටගන්න කැතයි.

      Delete
    3. ලංකා දෙමළ බසෙන් සියලු තමිල්නාඩු වචන ඉවත්කල යුතුයි

      Delete
    4. ජගත් පතිරන එයාගේ ඇගේ තියන තමිල්නාඩු දෙමළ අයටත් පොදු ජාන සේරම කපල ඉවත්කර ගත යුතුයි.

      Delete
  4. /ඒත්, මම නම් ජාතික ගීය දෙමළෙන් ගයනවාට කැමතියි. එහෙම ගැයුවා ය කියා එය වැදි බසින් ද ගැයිය යුතු නැහැ. වැදි ජනතාව එහෙම එකක් ඉල්ලලාත් නැහැ./

    මම නම් ඇමති මණ්ඩලය ලොකු කරනවාට ඇලෝසියස් හම්බ කරගන්නවාට කැමතියි. එහෙම කලාය කියා මහින්ද රාජපක්ෂ ඇමති මණ්ඩලය ලොකු කිරීම වරදක් ලෙස කෑගැසීම හෝ බැසිල් හම්බ කරගැනීම ගැන බයිලා කීම නැවතිය යුතුද නෑ. ජනතාව ඇමති මණ්ඩලය අඩු කරන්න කියලවත් හම්බ කරගන්න එපා කියලවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එල මචන්! මුන් රෙදි ඇදගේන්නේ මේවා කියන්නේ!

      Delete
  5. මහින්ද රාජබයියා අගමැති කොට, මේ වන විට කුමාරවරුන්ට අහිමි කර ඇති ලැම්බෝගිනි හා සියළු වරප්‍රසාද ලබාදීම පිණිස රත්නපුරයට රොක් වෙමු.

    මීට,

    1. වීරබයියා
    2. වාසුබයියා
    3. කරත්තරෝදබයියා සහ
    4. ගම්බයියා

    ReplyDelete
    Replies
    1. අනේ එපා!
      නොන්ඩි සිරා නමට පුටුවේ තියා පොන්න හාමු අගමති කර, සතොස කාපු පමන්කඩය මුදල් ඇමති කොට, බාලඅපරාධකර පරාජිත "සවුක්‍ය" ඇමති කොට තවත් මෙකි නොකී හොරුටික ඇමතිලා කොට සමාජවාදී රජ්ජ්යකට පාර කපමු!

      Delete
    2. එතකොට කොහොමද බං රටට ආදරේ කරපු යන යන තැන පොඩි එවුන් වඩා ගත්තු මහ අප්පච්චි බලේට ගේන්නේ? ඌ ඇටි කෙහෙල් කකා, දත නියව නියවා ඉන්න ඕනැද හැමදාම? ආපහු අරලිය ගහ මන්දිරේ බුරියානි කන්න ආස නැතෙයි ඕකා... බේබි හාමුලත් ආස නැතෙයි ආපහු බඩු ගහගෙන කුමාරවරු වගේ ඉන්න... දැන් ඔය මැදමුලනෙ ගොං බඩු හෙමනෙ ගහනව ඇත්තෙ...

      Delete
  6. මම මේක ඉස්සර ඉඳන්ම කියපු දෙයක්, ජාතික ගීය දෙමලෙන් ගැයිය යුතුයි කියන අදහස තනිකරම වර්ගවාදී අදහසක්. දෙමළාගේ තියෙන ගුනයක් තමයි දෙමල සමාජයේ සුලු පිරිසක් වර්වාදය අවුස්සද්දී අන් අය සහයෝගය දීම හෝ නිහඬ වීම. අපේ අය ඥානසාර හාමුදුරුවන්ට බනින ආකාරයට ඔවුන් හැසිරෙන්නෙ නෑ.
    ජාතික ගීයේ වැදි පරිවර්තනයක් පාවිච්චි කිරීම හෝ (වඩා හොඳ විසඳුම) ජාතික ගීයට වැදි බසින් වාක්‍ය කිහිපයක් යෙදීම. මඟින් දෙමළාටම මේ වැඩේ විකාරයක් බව අවබෝධ වෙයි.

    ReplyDelete
    Replies
    1. //දෙමළාගේ තියෙන ගුනයක් තමයි දෙමල සමාජයේ සුලු පිරිසක් වර්වාදය අවුස්සද්දී අන් අය සහයෝගය දීම හෝ නිහඬ වීම. අපේ අය ඥානසාර හාමුදුරුවන්ට බනින ආකාරයට ඔවුන් හැසිරෙන්නෙ නෑ. //
      අැත්ත ඒ්ක මේවගේ දෙයක්, ඔයාගේ පොස්ට් එකක් පළමු වරට කියවන කෙනෙක් ඔයාගේ අවුල තේරුම් අරගෙන ඒක ඔයාට පෙන්නන්න උත්සහ කරනවා, ඒත් කීප වරක් උත්සහ කරාට පස්සේ එයාට තේරනවා අපරාදෙ සල්ලි කියලා ...

      Delete
    2. cont ...
      ඔයා ඥානසාර වගේ ගේම ඉල්ලන කෙනෙක් නම්, ගේමට එන්ටර් වෙන අය වැහි වැහැල ඒත් ඔයා බොහොම සංයමෙන් ලියනවනම්, ඔන්න ඔහේ ඕන මඟුලක් ලියාගනිපුදෙන් කියලා ඉන්නවා, ඔයා ප්‍රොපයිල් නම් කියවන එකත් අත ඇරල දානවා.
      -මම ඇනෝ මධ්‍යස්ත මතධාරියෙන් නොවේ.

      Delete
  7. ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ අපි දෙමළ දන්නෙ නැති එකනේ පැරා. නැත්නම් ව්‍යවස්ථාවෙත් ජාතික ගීයෙ දෙමළ පරිවර්තනය පිළි අරන් තියෙද්දී , ඒක කියන එක තහනම් කරන්නෙ කොහොමද? ශ්‍රී ලංකා ව්‍යවස්ථාව (දෙමළ) - 203 පිටුව : http://www.parliament.lk/files/pdf/constitution/constitution_ta.pdf

    ReplyDelete
  8. ඔය උඩ කෑල්ල දෙමල ජනතාවට දීලා දැම්මනම් මොකද? යට කෑල්ල අපි තියාගෙන පැත්තකින් කෑල්ලක් මුස්ලිම් ජනතාවට දෙනවා. අනුන්ගේ කෑලිවල ඉන්න කැමති අයට සුළු ජාතීන් වගේ ඉන්න කියනවා.

    ඕක කරලා දාන්න බැරි මොකද?

    ReplyDelete
    Replies
    1. ටිකක් අවුල් වගේ, එත් ලොකු අවුලක් නෑ, මම කොහොමත් විදේශ සංචාරවලට කැමති මනුස්සයා. පස්සෙන් පහු ඔය යුරෝපා සංගමය වගේ එකක් හඳන්න බැරියැ නේද?

      Delete
  9. මේ කිසිවක් දෙමල මිනිසුන්ගේ ඉල්ලීම් නොවෙයි, දෙමල දේශපලනයයන් දන්නේ එකදෙයි එනම් ජාතිවාදය මගින් බලයේ සිටීමයි. ඔවුන් තම ජනතාවට ලබාදී ඇති පහසුකම් මොනවද ? ඇතිකරන්න උත්සහ ගත් රැකියා මොනවද ? නමුත් සියලු පහසුකම් තමාට ලබා ගත්තනේද ?

    මගේ නම් අදහස සිංහල සහ දෙමල දෙසපලන්යින් සැමදා කලේ තම ජනතාව රැවටීමයි, එහිදී දෙමල දෙසපලන්යයන් සිංහල දෙසපලන්යයනට වඩා අත්න්ත බව කිවයුතුය.

    අප වැනි ගෝත්‍රික රටවල් පාලනය කිරීමේදී පුර්ණ ප්‍රජටන්ට්‍රවාදය සුදුසු නොවන්නේ, බාහිර සිටින ඕනෑම කණ්ඩායමකට රටේ ප්‍රශ්න ඇතිකිරීමට උවමනා විට කලයුත්තේ රටේ සිටින සුළු කණ්ඩායමකට මුදල් පොම්පකර ජාතිවාදය අවිලවිමයි. මෙය සින්ගප්පුරුවෙත් මුලදී සිදුවූ අතර එය වලක්වන ලද්දේ ප්‍රජටන්ට්‍රවාදී බොහෝ අයිතිවාසිකම් වලට වට බද ජාතිවාදී ප්‍රශ්න මතුකර න පුද්ගලයනට දැඩි දඩුවම් දීම මගිනුයි.

    විනාඩි 2ට මදක් වැඩි මෙම වදවටහන බලන්න https://www.youtube.com/watch?v=87FQsNNCDN8

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා