උමා ඔය, පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති නවත්තමු ද?

උමා ඔය හා පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගෙන නැවත වතාවක් සංවර්ධනය හා පරිසරය පිළිබඳ සංවාදය මතු වී තිබේ.

මෙම ව්‍යාපෘතිවලට අදාළ පාරිසරික ප්‍රතිඵල පිළිබඳ වාර්තා නිවැරදි ද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා අනුව කටයුතු කරන්නේ ද යන ගැටලුව ජනතාවට මතු වී තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ වන විට ගම්මාන කීපයක ස්වාභාවික උල්පත් හා ළිං සිඳී ගොසිනි. ඇතැම් ගම්මානවල නිවෙස් ඉරිතලා, කඩා වැටී තිබේ. එසේම, උමා ඔය ව්‍යාපෘතියේ උමග තුළින් දැවැන්ත ජල කාන්දුවක් ද සිදු වේ. 

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පාරිසරික වශයෙන් අතිශය සංවේදී ප්‍රදේශයක ය. එයින් සිදු වන විනාශය එයින් ඇති ඵල ප්‍රයෝජනවලට වඩා වැඩි නම්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම බරපතල ප්‍රශ්නයකි.

උමා ඔය ව්‍යාපෘතියට ජනතාව විරෝධය පළ කරන්නේ දිගු කලක සිට ය. පෝට් සිටි සම්බන්ධයෙන් ද ඇති විරෝධයට හේතුව වන්නේ මුහුද ගොඩ කිරීම සඳහා රට අභ්‍යන්තරයේ දැවැන්ත පාරිසරික සංහාරයක් කරන බවයි. ජනතා විරෝධය මැද මෙවැනි සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ කුමට ද?

සංවර්ධනය සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස සංවර්ධනය වෙනුවෙන් නො වේ. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තීරණ, තීන්දු ගැනීමේදී ජනතා නියෝජනය ඉතා වැදගත් ය. 

උමා ඔය, පෝට් සිටි වැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ, තීන්දු ගත්තේ කවුරු ද? පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සාකච්ඡා වුණා ද? අදාළ පළාත් සභාවල හා වෙනත් මහජන නියෝජිත සභාවල මේවා සාකච්ඡා වුණා ද? ජනතාවට තම අදහස් පළ කරන්නට අවස්ථාවක් ලැබුණා ද? 

මත්තල ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යන අධික වියදම හා එය පරිහරණය කරන මගීන් සංඛ්‍යාව අවම වීම නිසා එහි මෙහෙයුම් නතර කිරීමට රජය තීරණය කර තිබේ. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාව ගුවන් තොටුපළක් ඉල්ලා සිටියේ නැත. ඔවුන්ට අවශ්‍ය ජීවනෝපාය සංවර්ධනයයි. හම්බන්තොට ලොව ප්‍රධාන නගරයක් බවට පත් කිරීමේ සිහිනය රාජපක්ෂ පවුලේ මිථ්‍යා විශ්වාසයක් පමණක් බව පෙනේ. ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කර ඇති බවක් දක්නට නො ලැබේ. 

‍මේ මහා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්නේ මහා පරිමාණයෙන්, අධික පොළියට ලබා ගත් විදේශ ණයයි. මේ ණය වෙනුවෙන් ඉදිරි පරම්පරා ගණනාවක් ණය වී හමාර ය. 

රාජපක්ෂ රජය හම්බන්තොට වෙනුවෙන් කර තිබෙන අධික මහජන මුදල් නාස්තිය රටට පෙන්වා දිය යුතු ය. එහෙත්, මේවා අතහැර නො දැමිය යුතු ය. දැන්වත්, හම්බන්තොට ජාත්‍යන්තර පුරවරය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතු ය. 

පෝට් සිටි වැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති ගැටලුව වන්නේ ඒවා මේ රටට අත්‍යවශ්‍ය ද යන්නයි. සංවර්ධනය සිදු විය යුත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන් මිස අන් කවුරුන් වෙනුවෙන් ද? දියුණු රටවල මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇති පළියට ම අප ද ඒවාට අතගැසිය යුතු නො වේ. අප ඒවා ගැන තීරණ ගත යුත්තේ එයින් පරිසරයට හා සමාජයට සිදු වන හානිය හා ආර්ථිකයට ඇති ලාභය යන දෙපැත්ත ගැන ම තුලනාත්මකව සිතමිනි. 

උමා ඔය වැනි ව්‍යාපෘති නම් අතිශය බරපතල ගැටලු වේ. එයට කුමක් කළ යුතු ද යන්න ගැන විද්වත් සාකච්ඡාවක් හා විශේෂඥ උපදෙස් අවශ්‍ය ය. 

සංවර්ධනය ගැන තීරණ ගැනීමේදී මින් ඉදිරියට හෝ ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහජනයා සම්බන්ධ කර ගත යුතු ය. ඒ පිළිබඳ සාකච්ඡා කැබිනට් මණ්ඩලයෙන් පහළට විහිදිය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕකේ තියෙන ලස්සනම වැඩේ මේකයි... කිසිම ඇපෲවල් එකක් නැතිව මේ යෝජනා ක්‍රම දෙකම "මහින්ද" කරා නම් කිසිම අවුලක් නෑ.. වැඩෙත් කොහොම හරි කරනවා.. ඒ වගේම උමා ඔය ප්‍රොජෙක්ට් එක වගේ තව පොර්ජෙක්ට් 3-4 ක් හදන වියදමත් යනවා.

    මහින්ද චීනෙට ලංකාවේ දූපතක් ලියලා දීලා, බිස්නස් එකත් ලියලා දීලා, චීනයි චීනයි එක්කසු වෙලා ගහපු ගිවිසුමක් (පෝට් සිටි ගිවිසුම මහින්ද හා චීන ජනපති ඉදිරියේ අත්සන් කළේ චීනුන් දෙදෙනෙකී) යටතේ පෝට් සිටි ව්‍යාප්‍රිතියත් කිසිම අවුලක් නැතුව හැදෙනවා. රාජපක්ෂලත් ගොඩ යනවා. පරිසරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ..

    මට අහන්න තියෙන්නේ එකම එක දෙයය්. මේවට විරුද්ධව කෑ ගහන වේසිගේ පුතාලා එදා කොහෙද හිටියේ..

    ReplyDelete
    Replies
    1. මම දන්න කෙනෙක් ඉන්නවා බණ්ඩාරවෙල. උන්ගේ ගෙදරත් ලිඳ එහෙම හිඳිලා, තව කුඹුරුවලත් වතුර නැතිවෙලා,එව්වා පුපුරලා ගිහිං.

      මුන් හැබැයි ජන්දේ දුන්නේ මරාට.ජනවාරි අට ජන්දෙන් පස්සේ,හරින් මහ ඇමති උනාමත් පස්සේ මම නිකන් ඌට කතාකරල බැලුවා කොහොමද කියලා.

      ඊට පස්සේ උමා ඔය ගැන කතාවෙද්දී මම නොදන්නා සයිස් එකට ඇහැව්වා කවුද බං ඕක පටන් ගත්තේ, හරින්ද කියලා. ඌ කියනවා නෑ ජනාධිපතිතුමාලු. ඒ කියන්නේ මරා ගැන.

      කොච්චර දැනගෙනත් උන් උඩ දාගෙන ජන්දේ දුන්නේ මරාට. දැන් මෙතන බොරුවට දදලලා, හරින්ලට කා ගහනවා මේක නවත්තන්නේ නෑ කියල.

      නැවැත්තුවත් නැතත් දැන් වෙලා තියෙන හානිය වෙලා නේ තියෙන්නේ. මොකද ආයේ ගිහිං උමග වහන්න යැයි? උමගේ කොන්ක්‍රීට් දැම්මත් ඔය හිඳුනු උල්පත් ආයේ පිරෙයි කියලා හරියටම කියන්න බෑ කියලයි කියන්නේ. ඒ කියන්නේ සීයට 50 ක ඉඩක් තියෙනවා නැවත උල්පත් පිරෙන්න. ඒත් ඒක හරියටම කියන්න බෑ.

      මරා ඇතුළු නඩය මේ හානියට වගකියන්න ඔනිමයි.

      Delete
    2. //මට අහන්න තියෙන්නේ එකම එක දෙයය්. මේවට විරුද්ධව කෑ ගහන වේසිගේ පුතාලා එදා කොහෙද හිටියේ..//

      කෑගහන එවුන්,
      1. කෑගහන්නෙ කන් ඇහෙන එවුන් ඉන්න තැන විතරයි.
      2."කෑගහන කටින් ආයෙ බත් කන්න පුළුවන්" කියන ගැරන්ටිය තියනව නං විතරයි කෑගහන්නෙ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. මේ ව්‍යාපෘති වල වැඩ කරන ලොක්කො හිතන් ඉන්නෙ උන් මේ රටේ අයිතිකාරයො කියලා.නිසි ආකාරව ඉදිකිරීම් කිරීම නෙමෙයි කොහොම හරි ඉදිකිරීම් කරන්න නිදහස තිබුනා.උඩ ඉඳන් පහලටම අධීක්ෂන කණ්ඩායම් මොවුන්ගේ මුදල් බලයට නතු වෙලා.එවැනි තත්වයක් තුල මෙවැනි ගැටලු අනිවාර්යෙන් මතු වෙනවා.පෝට් සිටියෙ එල්ලිලා ගොඩ යන්න හිතං ඉන්නවා නම් ඒක නං හීනයක් විතරයි.
    හම්බන්තොට කාර්මික නගරයක් කලොත් මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට වරාය තවම ඉදිකර අවසන් නැත. එය ගැන මදක් සොයා බලන්න. ඔබගේ ප්‍රශ්නයට පිළිතුර එහි සපයා ඇත.

      Delete
  3. පැරකුම් මහතා,

    උමා ඔය project එක නොහැදෙනවා නම් හොඳයි. ඒක කියන්නෙ ඔබ ලියලා තියෙන කරුණු වලට එකඟ වෙලා නම් නෙමෙයි.ඔබ ලියලා තියෙන්නෙ තාක්ෂණික ගැටළු.උමගේ කොන්ක්‍රීට් ආස්තරණය දැම්මාම ඒ සියල්ලම ඉවර වෙනවා. අහල පහල ලින් නැවත පිරෙනවා. දැන් තියෙන ප්‍රශ්නය නම් උමග කැපීමට සමාන්තරවම කොන්ක්‍රීට් ආස්තරණය නොදමිමයි.

    මගේ විරෝධය මෙන්න මේකයි . ඒක මිට කලින්ද මා ලියා තියෙනවා. ඉහල ඌව ද්‍රෝණිය අතරින් තමයි උමා ඔය ගලා යන්නේ .උමා ඔය මුලටම තියෙන්නෙ අඹේවෙල ජල යෝජනා ක්‍රමය.ඒකෙන් ලැබූ ජලයෙන් තමයි වැලිමඩ සහ ඌව පරනගම මිනිස්සු වී ගොවිතැන සහ එළවලු ගොවිතැන කරමින් තම ජිවනෝපාය කර ගත්තේ. මේ මිනිස්සු වගාවට යොමු වුනේ මේ නිසයි

    1.මේ පළාත් දෙකින් ජනාධිපතිවරු,අගමැතිවරු,සහ ඇමතිවරු,බිහි නොවූ බැවින් ආණ්ඩුවේ රස්සා හෝ ඉහල පන්තියේ පාසල් මේ පලාත්වලට හිමි උනේ නැහැ.
    2.දෙමල ජනයාගේ බලපෑම් නිසා තේ වතු වල කම්කරුවන් විදියටත් රැකියා කරන්න බැහැ.

    එබැවින් යැපුම් කෘෂිකර්මය විධියට වී ගොවිතැන සහ වාණිජ වගාවක් ලෙස අල හැදීම හැර වෙන කරන්න දෙයක මේ අයට නැහැ.පුද්ගලික අංශයේ තියෙන රැකියා නම් කොළඹ බංගලා බල බණ්ඩා සහ මැණිකා නමින් තියෙන ගෘහස්ත වහලුන් වීමයි. බලය තියෙන අය විසින් ගස් කැපීම,රක්ෂිතයේ වගා කිරීම ආදී දේ නිසා උමා ඔයෙන් පහලටෙන වතුර ප්‍රමාණය අඩුවී බොහෝ කුඹුරු පුරන්වී තියනවා. අහස් දියෙන් වගා කලයුතු නිසාවෙන් ගොඩ බිම් වල වගා කරන්න පුළුවන් වෙන්නේ අව්රුද්දට මාස 3ක කාලයකට විතරයි. කල යුතුව ඇත්තේ උමා ඔයේ ජාල පෝෂිතය සංවර්ධනය කර පළමුව මේ ජනතාවගේ ජල අවශ්‍යතාවයන් සපුරා අතිරික්තයක් ඇතොත් එය දකුණේ ජනතාවට යැවීමයි. එහෙත් මේකෙන් වැලිමඩ සහ ඌව පරණගම ජනතාවට කිසිදදු සෙතක් නොකර නම පමණක් වැලිමඩ ද්‍රෝනියට ඉතිරි කර තිබෙනවා. හැම දේමත් දකුණටම දීලා හරියන්නේ නැහැ.පසුගිය මැතිවරණ කිහිපයේදීම මේ ප්‍රදේශයේ ජනතාව පෙන්නුවේ ඒ ගැන තියෙන විරෝධයයි.

    අවාසනාව නම් පැරකුම් වැනි උගතෙකුට වත් මේ විරෝධය නොපෙනීමයි. ඉතින් අන් අය ගැන කවර කථාද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. කොන්ක්‍රීට් ආස්තරය දැම්මත් හිදුනු උල්පත් නැවත පිරීමේ සම්භාවිතාව සීයට 50 ක් බව උමග ඉදිකරන ඉරාන ඉංජිනේරුවන්ම පවසා ඇත.

      ඒ ගැන දන්නේ නැද්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. Pissan kotuwak! Ranil meka maga damalaa nogiyoth ethi.

    ReplyDelete
  5. Subject එක ගැන සත පහක දැනුමක් නැති මිනිසුන් ව්‍යාපෘති සම්බන්ධව කතා කිරීම බොහෝ භයානකය.
    ව්‍යාපෘතියක් ඇරඹීමට පෙර මහජනතාවගේ අදහස් විමසා සිටීම ප්‍රායෝගික නොවන්නේ ඔවුන්ද ඔබ මෙන්ම උක්ත කරුණේදී දැනුමක් නැතිවුන් බැවිනි. අදහස් විමසිය යුත්තේ අදාළ කරුණු සම්බන්ධ දැනුමක් ඇති පිරිස සමගය.

    උමා ඔය ව්‍යාපෘතිය නිසා එවැනි ගැටළු පැන නගින්නේ එහි පරිසර හෝ ශක්‍යතා වාර්තාවේ අඩු පාඩුවක් නිසාද, එසේත් නැතිනම් එය ඉදි කිරීමේදී නියමිත ක්‍රමවේදයන් භාවිතා නොකිරීම නිසාද. සෙවිය යුත්තේ එයයි.

    ගෙවල් ඉරි තැලීම සිදු වීමට ඉඩ ඇත්තේ ගල් බෝර දැමීමේදී විය යුතුය. උල්පත් හිඳිම, ළිං හිඳිම මේ සියල්ලටම හේතුව එය වියහැක. ඒවා අවම වන පරිදි කටයුතු කිරීමෙන් ඒවා විසඳා ගතහැකි වනු ඇත. නමුත් එයට මිළක් ඇති බවද අමතක නොකළ යුතුය.

    උමගේ ජල කාන්දුවක් ඇතිනම් එය නතර කිරීමද ඔබ වැන්නන් සිතනා තරම් විශ්වකර්ම වැඩ නොවේ. ඒවා අද කාලයේ ඉතා සුළු වැඩය. අවශ්‍ය තාක්ෂණය සහ අමුද්‍රව්‍ය ලංකාව තුළදී පවා පහසුවෙන් සොයා ගත හැක.

    සමහර පරිසරවේදී මැට්ටන් සහ ජෙප්පන් සිතා සිටින්නේ පෝට් සිටි ය සම්පුර්ණයෙන්ම කළුගල් වලින් ගොඩ කරනවා කියාය. අනුරකුමාර යනු එවන් එක මෝඩයෙකි.

    භුමියේ වැටිය කළුගල් වලින් ඉදිකරන අතරතුරදීම මුහුදු වැලි පොම්ප කර භුමිය සැකසීම ඉදිකිරීමේ ක්‍රමවේදයයි. ලංකාවේ ඉදිවෙන ගෙවල් දොරවල්, විශාල ගොඩනැගිලි, මහා මාර්ග, පාලම් ඉදි කිරීම සඳහා ඊට වඩා වැඩි කළුගල් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

    දැන් තවත් එකෙකු මුහුදේ වැලි ගත්පසු ගොඩබිම ඛාදනය වන බවට ප්‍රශ්න නගනු ඇත. මුහුදේ වැලි ගත්තත් නොගත්තත් එය සිදු වේ. එසේම මුහුදේ ඇත්තේ සිප්පි කටු පොඩි වී සැදුණු වැල්ලක් නොව ගොඩ බිමෙන් සෝදාගෙන ආ වැලි වැඩි ප්‍රමාණයකින් එය සමන්විත බව අප තේරුම් ගත යුතුය. එය මුහුදු වෙරළෙන් හෝ ගංගා හරහා ඛාදනය වී පැමිණි වැලිය.

    සිදුකළ යුතු වන්නේ මුහුදු වැලි ගැඹුරු මුහුදෙන් ගෙන ඒමය. මුහුදු වැලි වලින් ගොඩ කල එතරම් සවිමත් නැති වූ භුමියක ගොඩනැගිලි ඉදි කරන්නේ කෙසේද යන්න තවත් උන්ගේ ගැටළුවකි. එවැනි උන්ය පරිසර වාර්තා සෑදීම සඳහා ලංකාවේ සිටින්නේ. Case එකක් සහිත Pile මව් පාෂාණය දක්වා ගැසීමෙන් එයද සිදුකල හැක. ඔවුන්ගේ තර්ක අනුව වගුරු බිමක් වූ මුතුරාජවෙල හරහා කටුනායක අධිවේගී මාර්ගය පවා ඉදිකළ නොහැක.නමුත් එය පවා සාර්ථකව ඉදිකර අවසන්ය.

    මත්තල ගුවන්තොටුපොළ මත්තල ඉදිකිරිම සාර්ථක උත්සාහයක් නොවේ. නමුත් ලංකාවට දෙවැනි ගුවන් තොටුපළක අවශ්‍යතාවයක්ද ඇත. කටුනායක යම් ගැටළුවක් ඇති වුවහොත් ලංකාවට ගොඩ බැසීමට එන යානා යා යුත්තේ ඉන්දියාවටය.
    ඒ සඳහා ඔවුන්ට මුදලක් ගෙවිය යුතුය. දැන් ඒ මුදල ලැබෙන්නේ මත්තලටය.
    නමුත් මත්තල වෙනුවට පවතින කුඩා ගුවන් තොටුපළක් විශාල කිරීමෙන් ඒ අවශ්‍යතාවය පිරිමසා ගන්නට හැකියාව තිබුණි.
    නමුත් එය ඉදිකර අවසන් බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමේ ක්‍රමයක් සෙවීම මිස වසා දැමීම පිළියමක් නොවේ.
    ඉන් වන්නේ දැන් ලැබෙන Attendance Fee එකක් වැනි වූ මුදලද නොලැබී යනු ඇත.

    දැන් පවතින හිල්වු ජන්ගියක් වැනි ආණ්ඩුව සිදු කරන්නේ සියල්ල වසාගෙන වසාගෙන යාමය. නමුත් උන් උන්ගේ ජංගියේ හිල් වසා ගන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. එකඟ වෙන්න බෑ.මේව ගැන කතාකරන්න ක්ශේත්‍රයෙ විශේෂඥයන් වෙන්න ඕන නෑ. සංවර්ධනය කියල මරා කරපු නාස්තිය රටටම බලපානවා. ඒක ආර්ථික මංකොල්ලයක්.
      හැබැයි මහාමාර්ග ක්ශේත්‍රයේ සංවර්ධනයක් සිදුවුනා. ඒත් අනවශ්‍ය දේ වැඩියි. මාතරට තව කමක් නෑ කියමු. මාතර ඉදන් හම්බන්තොටට හයිවේ හදන්න ඕනම නෑනෙ.මරාට ගෙදරයන්න නම් ඔහුගෙ වියදමින් කළාට කමක් නෑ.

      මේව දැන් නවත්තන්නත් බෑ . වියදම් කරපුව අපරාදෙ. මොනව කරන්නද මන්ද

      Delete
    2. ක්‍රමවේදය ගැන කිසිම අදහසක් නැතුව “අනුර කුමාර” සහ “පැරා” පවා කියන කතා වගේ විහිළු අදහස් තමයි තමයි මේ රටේ මිනිස්සු බහුතරයකට තියෙන්නේ. එවැන්නන් ටෙක්නිකල් සම්බන්ධව කතා කිරීම විහිළුවක්.

      නමුත් ව්‍යාපෘතියක් ආරම්භයේදී මහජන අදහස් විමසීම වැදගත් බව මම පිළිගන්නවා. එසේ විමසිය යුත්තේ ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, මිනිසුන්ට එයින් ඇතිවිය හැකි වාසි සහ පාඩු වැනි දේ. නමුත් ශක්‍යතා හෝ පරිසර වාර්ථා සම්බන්ධව ඔවුන් හා කතා කිරීමේ වැදගත් කමක් ඔබට පෙනේනම් පහදන්න.

      නමුත් පැරා ගේ මේ ලිපියේදී ඔහු කතා කරන්නේ ටෙක්නිකල්. ඒකයි මම Subject එක සම්බන්ධව කතා කලේ.
      මරා ගේ නාස්තිය සම්බන්ධව කතා කරන උදවියට තේරෙන්නේ නැති එකම දේ තමයි මුදල් සම්බන්ධ සරළම සත්යමය.
      අපි වාහනයක් ගන්න යනවනම් අතේ සල්ලිත් නැත්නම් අපිට එක්කෝ ලීසිං දාන්න වෙනවා, එහෙම නැත්නම් ණයක් ගන්න වෙනවා.
      රටකටත් ඒක ඒ විදිහටම අදාළයි. අපේ රට දුප්පත් රටක් කියන මට්ටමෙන් පොඩ්ඩක් ඉහළට ඇවිත් නිසා දැන් අපිට ඕනේ වැඩක් කරගන්න කියල “සහනාධාර” ලැබෙන්නේ නැහැ.
      හයිවේ, එක්ස්ප්‍රස්වේ හදන්න අපිට නිකම් සල්ලි ලැබෙන්නේ නැහැ, ඉස්සර වගේ අනුකම්පාවට සල්ලි දෙන්නේ නැහැ. දැන් අපිට වැඩ කරන්න වෙන්නේ කවුරුහරි දෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් වලට.
      එයට හේතුව දැන් වෙද්දී අපි සල්ලි ඉල්ලන්නේ තව දියුණු වෙන්න. අමතර පහසුකම් හදන්න, සල්ලි හොයන්න පුළුවන් වෙනත් මාර්ග හදන්න. ඒ වගේ වැඩ වලට සල්ලි ඉල්ලද්දී අපේ බාගේන් කිරීමේ හැකියාව ගොඩක් අඩුයි.

      මරා එහෙම හරි කරා. දැන් බලන්න සිරා කරයිද කියලා.

      මරා ගැහුවා කියල පෙන්වන ගණන් වලින් වැඩි හරියක් තියෙන්නේ ඒ වගේ ප්‍රපෝසල් වලින් ඒ අදාළ රට වැඩිපුර ගන්න මුදල. සිරාටත් වැඩ කරනවානම් කරන්න වෙන්නේ ඒ විදිහට.
      එහෙම නැත්නම් මුකුත් නොකර අපි සල්ලි නාස්ති කරන්නේ නැහැ, අපි මරා වගේ සල්ලි කන්නේ නැහැ කියකියා පිම්පි ඩාන්ස් දදා හිටියොත් මේ රටේ කිසිම දියුණුවක් වෙන එකක් නැහැ. මරා හදපු පාරවල් ටික තියෙයි ඒවායේ ආයු කාලය ඉවර වෙනකල්.

      හම්බන්තොට එක්ස්ප්‍රස් වේ එක හැදිය යුත්තේ, හම්බන්තොට වරායේ නිසි පල ලබා ගැනීමට. දවසකට හම්බන්තොට වරායේ බාන වාහන ප්‍රමාණය ගැනසොයා බලන්න. ඊට අමතරව හම්බන්ට වරාය ව්‍යාපෘතියේ ඉදිරි සැළසුම් විමසා බලන්න. මාර්ගය එහි අවශ්‍යතාවක්.
      ඔබ මාධ්‍යස්ථ මතධාරියෙක් ද යන්න නැවත සිතා බලන්න, කරුණු හරිහැටි නොසොයා කතා කිරීම බොහෝ භයානකයි. එයින් සත්‍යය සැඟවෙනවා.
      විෂය කරුණු නොදන්නා අය කතා කිරීමේ භයානකකම මම කලින්ම මතුකලේ ඒ නිසා.

      Delete
    3. මේ ලියන පුද්ගලයා මහින්ද රාජපක්ෂ ද? ඔහු සිතාගෙන ඉන්නේ තමන් ජනතාවට අයත් ‍වන්නේ නැති ය කියා ය. ජනතාව අතර මේ කාරණා පිළිබඳ දන්නා අය ද, නො දන්නා අය ද සිටිති. එසේම, සංවර්ධනය පිළිබඳ විකල්ප අදහස් ඇති අය ද, සංවර්ධනය හා සම්බන්ධ වෙනත් විෂයන් පිළිබඳ දැනුවත් අය ද සිටිති. ඔබ වැඩකට නැති පිරිසක් ලෙස සලකන දුගී ජනතාවට අයත් වන ගොවීන් වැනි අය අතර ඔබ නො දන්නා දැනුම් පද්ධති තිබේ. දියුණු මිනිස්සු ස්වෝත්තමවාදී නො වෙති. අනුන් හෙළා නො දකිති.

      අනෙක් පැත්තෙන්, ආණ්ඩුව ණය ගන්නේ, සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නේ රටේ දුප්පත්කම නැති කරන්නට ය කියා ය. ජන ජීවිතය උසස් කරන්නට ය කියා ය. ජනතාව වෙනුවෙන් කරනවා නම්, කළ යුත්තේ ජනතාවට අවශ්‍ය දේ මිස එක, එක පුද්ගලයන්ට අවශ්‍ය දේ නො වේ.

      මෙතැන තිබෙන සරළ ප්‍රශ්නය මෙයයි. රට දියුණු කරන්නට ය කියා තමන්ට හිතෙන තිතෙන දේ කරන්නටත්, ඒ වෙනුවෙන් සමස්ත ජනතාවගේ ම ජීවිත උගස් කරන්නටත් කාටවත් අයිතියක් හැදුණේ කොහොම ද? ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එය රජෙකුගේ රාජධානියක් නොවෙයි. ජනතාව කියන්නේ යටත් වැසියෝ නොවෙයි.

      ඔබ කියන අන්දමින් කවුරු හරි දෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්වලට වැඩ කරන්න නම් අපට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. අපි කළ යුත්තේ අපට අවශ්‍ය දේ මිස කාටවත් අවශ්‍ය දේ නොවෙයි. ඒකට තමයි ශක්තිමත් පාලකයින් අවශ්‍ය වන්නේ.

      හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සාර්ථක කර ගත්තේ කොළඹ වරායේ බාන්න පුළුවන් භාණ්ඩවලින් කොටසක් එහි ගොඩබෑමෙන් නොවෙයි. ඒ වාහන ටික කොළඹට ගෙන එන්න අධිවේගී මාර්ග හැදීමේ තේරුමක් නැහැ. මේවා සාර්ථක කර ගන්න මීට වඩා ඉදිරි දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා මහජන අදහස් වැදගත්. මතක තබා ගන්න මහජනතාව කියන්නේ ඔබත් (ඔබ මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ අයෙකු වුණත්), මමත් ඇතුළු අපි සියලු දෙනා බව.

      Delete
    4. ///ජනතාව වෙනුවෙන් කරනවා නම්, කළ යුත්තේ ජනතාවට අවශ්‍ය දේ මිස එක, එක පුද්ගලයන්ට අවශ්‍ය දේ නො වේ. ///
      දැන් අපේ රටේ ඉන්න බහුතර ජනතාවකට ඇවැසි බඩ පුරවා ගැනීම පමණයි. ණය වෙලා බඩ පුරෝගන්න එකද වෙන්න ඕනේ.

      එහි ඇත්තේ හෙලා දැකීමක් නොව, අනවශ්‍ය පුද්ගලයින් සමග අනවශ්‍ය ගැටළු කතා කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දීමයි. එමෙන්ම තමන් නොදන්නා දෙයක් සම්බන්ධව අනවශ්‍ය පුග්දලයින් බොරු බේගල් ඇදබෑම අනුමත නොකිරීමය.

      ඔබ ගුරුවරයෙකු නිසා අවම වශයෙන් මෙයවත් තේරේ යයි සිතමි. පාසලේ සංවර්ධන කටයුතු සඳහා ඔබ රැස් වන්නේ ළමුන් සියල්ල සමගද. නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන් සමගද.
      අවශ්‍යයයි සිතෙන බුද්ධිමත් ගුරුවරුන් සිටින පාසලකනම් සිසු නියෝජනයක් උදෙසා එකෙකු හෝ දෙන්නෙකු සහභාගී කර ගන්නවා ඇත. නමුත් ඔවුන් පවා ඒ සඳහා සියළු ළමුන්ගේ අදහස් විමසන්න යන්නේ නොමැත.
      කැම්පස් එකක බෝඩ් මීටින් වලට හැමෝම යනවද, ශිෂ්‍ය නියෝජනයක් පමණයි.
      එමෙන්ම ආයතන (රජයේ හෝ පෞද්ගලික) වල පවා තත්ත්වය එසේය.

      මෙයද ඒ හා සමාන තලයක තබා සිතා බලන්න. රටක් පාලනයේදීත් අනුගමනය කරන්න වෙන්නේ අඩු හෝ වැඩි වශයෙන් ඒ හා සමාන න්‍යායක්.
      ඔබලා වැනි අදහස් දරණ සමාජවාදීන්, ලංකා රජය තියා අඩු වශයෙන් ප්‍රාදේශීය සභාවක් හෝ සාර්ථකව පාලනය කර නොමැති නිසා එවැන්නක් තේරුම් ගන්න අපහසු වේවි.
      නමුත් යතාර්ථය එයයි.

      ///ඔබ කියන අන්දමින් කවුරු හරි දෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්වලට වැඩ කරන්න නම් අපට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ///
      එහෙම නොකලොත් කරන්න පුළුවන් වෙන්නේ ගමේ කීප දෙනෙක් එකතුවෙලා දැනට තියෙන පාරක කාණුවක් ගොඩ දාන්න, නැතිනම් පස් ටිකක් දාල වලක් වහන්න පමණයි, කළින් ජනසවි කාලේ කලා වගේ.

      එහෙම නැත්නම් වෙන වෙන රටවල් වලට ගිහින් කැට හොල්ලලා සල්ලි හොයල රට සංවර්ධනය කරන්නද ඔබේ අදහස.

      සංවර්ධනය කිරීමේදී පිඩාවට පත්වන මිනිසුන් කොටසක් හෝ සිටින බව අමතක නොකළ යුතුය.
      කවදාවත් 100% මිනිස්සු කැමතිවෙන දෙයක් මේ ලෝකේ කරන්න බැහැ.
      ප්‍රජාතන්ත්‍රවාදයටත් ඒක අදාළයි.

      ඔබ ඉදිරි දැක්මක් ගැන කියනවා. උමා ඔය රටේ දැවෙන අවශ්‍යතාවයක් ලෙස මම සලකන්නෙත් නැහැ. ඒ නිසා මම එය අත හරිනවා.
      තවත් වසර 10 කින් ඔබ සහ මම දෙදෙනාම ජිවත් වී සිටියොත් හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග, මත්තල ගුවන්තොටුපළ, පෝට් සිටි යනු රටේ වැදගත් සන්ධිස්ඨාන ලෙස තිබෙන බව ඔබට දැකගන්නට පුළුවන් වේවි.

      නියම ඉදිරි දැක්ම කුමක්ද කියා ඔබට එවිට වැටහේවි.

      Delete
    5. ඇනෝ , දීර්ඝව කරුණු දක්වා මොවන්ට අවබෝධ කර දීමට උත්සාහ කිරීමට කරදර නොවන්න. පැරකුම් , මාතලන් , බුවා , සෙනසුරා , රාජ් ආදී තැනැත්තන් මේ ජඩ මාද්‍ය කරණයේ යෙදෙන්නේ කරුණු , හරි වැරැද්ද නොදැන නොවේ. තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා සඳහායි. ඒ වෙනුවෙන් මිත්‍යාව , බොරුව , ද්වේශය , ජාතිවාදය වැපිරීම මොවුන්ට සුළු දෙයකි.මහන්සි නොවන්න.

      එමෙන්ම තවමත් ලංකාවේ සිටින්නේ නම් මේ කාලකන්නින් නැති වෙනත් රටකට ගොස් ජිවත් වෙන්න. ඔය හැදෙන රටක් නොවේ.

      Delete
    6. ම.පි.
      පැරාල වගේ මෝඩ ජෙප්පෝ දන්නේ කැට හොලවල සල්ලි එකතු කරන වැඩ ගැන පමණයි. එතනින් එහා සංවර්ධනයක් හෝ ලෝකයක් දකින්න තරමට උන් සංවර්ධනය වෙලා නැහැ.
      ආර්ථික අතින් පවා එහෙමයි. පෞද්ගලිකව ඔවුන් සියල්ලෝම අසාර්ථක මිනිස්සු. කුහක උන්ට කවදාවත් දියුණු වෙන්න බැහැ.

      ඒ සියල්ල දැනගෙන මම මේවා ලිව්වේ මුන්ව හදන්න නෙමෙයි, මේවා බලන අනිත් නොදන්න මිනිස්සු දැනුවත් කරන්න.
      මට මොන හේතුවකටවත් ලංකාව දාල යන්න හිත හදා ගන්න බැහැ. පුළුවන්නම් මුන්ව රටින් යවන්න පුළුවන්ද කියල බලනවා මිසක්.

      Delete
    7. @AnonymousMarch 10, 2015 at 4:42 PM

      ඇනෝ. ඔබ කියනා දෙයට යම් තරමකට එකඟයි. ඒ නොදන්නා දේ දන්න ඩිංගෙන් වැසූ එකෙකු සමග කලකට පෙර වාද කරන්නට වූ නිසා.

      //තවත් වසර 10 කින් ඔබ සහ මම දෙදෙනාම ජිවත් වී සිටියොත් හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග, මත්තල ගුවන්තොටුපළ, පෝට් සිටි යනු රටේ වැදගත් සන්ධිස්ඨාන ලෙස තිබෙන බව ඔබට දැකගන්නට පුළුවන් වේවි.//

      මෙහි පෝට් සිටි සහ මත්තල අතහරින්නට වෙනව. හේතුව තව අවුරුදු 10කින් මත්තල වල් බිහිවුන තවත් එක් ගෝස්ට් එයාපෝට් එකක් වන නිසා සහ, පෝට් සිටි එකට වදින චීනුන් මිස අපට එහි රැකියා හෝ සේවා අව්ස්ථා හිමිවෙන්නට ඇති අවම ඉඩ කඩ නිසා.

      කවුරුන් කෙසේ කීවත් නිසි පරිදි පහසුකම් සම්පූර්ණ කලහොත් හම්බ්න්තොට වරාය යනු ඉතා වැදගත් මර්මස්ථානයක් වන බව සහ, අධිවේගී මාර්ග වල අවශ්‍යතාව/ පහසුව ඉදිරියේදි තවත් වැඩිවේවි.

      Delete
    8. ම.සො.පි ඔවුන් කුමන අරමුණකින් කතා කරනවාද කියන එකට වඩා අවශ්‍ය පොඩි ළමයෙකුට වුනත් තේරෙන මේ හම්බන්තොට නාස්තිය ගැනයි. මහින්දට ඡන්දය දෙන ඔහුට ඉතා හිතවත් අය පවා මේ නාස්තියට විරුද්ධයි.
      කියන්න තියන දේ පැරා පැහැදිලිව එක වාක්‍යයකින් කියල තියෙනවා.

      "හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සාර්ථක කර ගත්තේ කොළඹ වරායේ බාන්න පුළුවන් භාණ්ඩවලින් කොටසක් එහි ගොඩබෑමෙන් නොවෙයි. ඒ වාහන ටික කොළඹට ගෙන එන්න අධිවේගී මාර්ග හැදීමේ තේරුමක් නැහැ."

      බලන්න මොන අපරාදයක්ද කියල. කොළඹට එන නැව් හරෝල හම්බන්තොට එවල හයිවේ එකෙන් කොළඹ ගේන්න කරපු වැඩේ නිසා රට පරම්පරා කීයකට ණය කළාද
      හම්බන්තොට වැසියන් නොවන අපිත් පරම්පරා කීයක් මේ විකාරෙ වෙනුවෙන් ගෙවන්න වෙනවද
      මේව හිනාවට කාරනා වුනත් අඩන්න ඕන දේවල්. කෙළින්ම කොළබට බඩු ගේන එක කොච්චර වාසිද බලාගෙන ගියාම ගංකබරයෙක්ම තමා

      Delete
    9. හම්බන්තොට බී එමයිසී එච් එකටත් වඩා ලොකු සම්මන්ත්‍රණ ශාලාවක් හදනවලු. ලඟ තියන කනිෂ්ට විද්‍යාලවල විවිධ ප්‍රසංග වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සව, තියන්න නම් ප්‍රයෝජනවත් වෙයි. අනේ සල්ලි
      මාතර හම්බන්තොට හයිවේ එකේ නම් ගෑනු වී වේලන නිසා ඒකෙ මොකක් හරි ආර්ථික උපයෝගිතාවක් වෙනව කියල හිත හදා ගත්තැහැකි.
      කොළඹ නෙළුම් කුළුන අනෙක් නාස්තිය . ඒව හොඳයි සල්ලි වලට කරන්න දෙයක් නැති රටවලට.

      Delete
    10. මා උමා ඔය ව්‍යාපෘතියට විරුද්ධ උනේ ඉන් පලමුව වැලිමඩ ජනතාවගේ ජල අවශ්‍යතාවය සම්පුර්ණ නොකිරීම ගැන විතරයි. ඒ හැර දකුණට කල සංවර්ධන වැඩ ගැන මට විරුද්ධ වෙන්න උවමනාවක් නැහැ. ඇත්තෙන්ම හම්බන්තොට වරාය හදන්න තිබුණේ 1070 දශකයේදීයි. ඒවගේම අපේ රටට දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපලක් උවමනාමයි. හම්බන්තොට හදල තියෙන පාර අපිත් එහි යන කොට පාවිච්චි කරනවානෙ. ප්‍රාග්ධන වියදම් දරන මුල් අවස්ථාවේදීම ලාභ ලැබෙන්නෙ නැති වග කව්රුත් දන්නා සත්‍යක්. මේ කරුණු මෙම ජාතික ගැටලුවේදී මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කල අන්දම හොඳට විමසලා තමයි මා මේ ජනාධිපතිවරණයේදී චන්දය දුන් 58 ලක්ෂයෙන් එක් කෙනෙක් වෙන්න තීරණය කලේ.යහපාලන රජයෙන් ජාතික ගැටලුව විසඳන්න යන පක්ෂග්‍රාහී ආකාරය මට පෙනෙන නිසා ඉදිරියේදීත් මා බුලත් කොලයට තමා .
      සමරසේකර

      Delete
    11. @ AnonymousMarch 10, 2015 at 10:27 AM; Comments from people like you are the sole reason that I come to this blog. However, I'm also grateful for Para for allowing all comments with fever restrictions.

      Delete
    12. @AnonymousMarch 10, 2015 at 5:47 PM
      Respect ....

      @මධ්‍යස්ථ මතධාරියාMarch 10, 2015 at 7:58 PM
      Mr දානවා කපනවා උන්නැහේ .. උඹට උත්තර දීල වැඩක් නැහැ. තව ටිකකින් උඹේ ප්‍රශ්නේ මෙතන නැහැ නේ. උඹම කපල අයින් කරගෙන

      @ඉන්දික උපශාන්තMarch 10, 2015 at 5:53 PM

      ආ මේ ඇවිල්ල ඉන්නේ සකල විදේශ වාසි ටොයියෝ නියෝජනය කරමින් ඉන්දික මහත්තය.... ටොයි ආණ්ඩුවේ බෙටි අදින්න. සකල දේශීය ටොයියෝ නං පේන්නවත් නැහැ දැන්. රාජ්ට ප්‍රමෝෂන් එකෙන් පස්සේ බිසී ඇති. එන්ජිඕ බුවා නං 10 වෙනිදා ඉඳලම මිසිං. සල්ලි ලැබුනට පස්සේ මොන ලබ්බට කඩේ යනවද ? මාතලන්ගේ බිස්නස් වැඩ වලට ඉදිරියට ඕන UNP ආණ්ඩුවක්. පොර ගේ සටන තාම ඉවර නැහැ එක හින්ද තාමත් හතර අතේ අසුචි විහික්ක කරනවා ...

      දැක්කද අරලිය ගහ මන්දිරේ මල් පෝච්චි ටිකට වෙලා තියෙන වින්නැහිය. ඕකට වතුර දාන්න හමුදාවේ කොල්ලෙක්ට පැයක් යයි. වතුර බිල ගෙවන්න සල්ලි නැත්තං ඔතන අයිනෙන් පිං කැටයක් තිබ්බ නං මිනිස්සු සල්ලි දාල යනවා. නැත්නං පෞද්ගලික ආයතනයකට දුන්න නං උන් බෝඩ් එකක් ගහල නඩත්තු කරනවා. මුදල් නාස්තිය ගැන කතා කරන සත්තු දැන් වෙලා තියෙන දේ ගැන මොකද කියන්නේ ??

      මල්පොච්චියකට වතුර දාගන්න වත් ක්‍රමයක් හදා ගන්න බැරි ජහ පාලන ටොයියෝ හදයි උමා ඔය. හිකිස් ...

      මචන් දැන් දින 60 ක් තිස්සේ මේ ජහ පාලන ලෝල්ලන්ගේ ටොයි ගු කරත්තේ යන්නේ පල්ලමේ. දැන් වත් ඔය ඔලුවේ බැඳගෙන ඉන්න ගූ කරත්තේ අහකට දාල ඉවතට පැනපන්. සකල දේශීය ටොයියෝ දැනටමත් කුට්ටිය අරගෙන පැනගෙන ඉවරයි. නැත්තන් ගු කරත්තේ වෙලාවක විහික්ක වෙලා උඩින්ම ඇවිල්ල වැටෙන්නේ උඹේ ඔලුවේ.

      Delete
    13. ඉන්දික,
      ///මෙහි පෝට් සිටි සහ මත්තල අතහරින්නට වෙනව. හේතුව තව අවුරුදු 10කින් මත්තල වල් බිහිවුන තවත් එක් ගෝස්ට් එයාපෝට් එකක් වන නිසා සහ, පෝට් සිටි එකට වදින චීනුන් මිස අපට එහි රැකියා හෝ සේවා අව්ස්ථා හිමිවෙන්නට ඇති අවම ඉඩ කඩ නිසා.///

      ඔබ මේ ෆීල්ඩ් එකේ කෙනෙක් වෙලත් මේ කතාව කියන එක ගැන මම පුදුම වෙනවා.
      එසේනම් වෙන මිනිසුන් කෙසේ සිතාවිද.
      පෝට් සිටි සියළුම ඉඩම් චිනට දෙන බවක් කොහේ හෝ නැහැ.

      Sri Lanka will own rights to 125 hectares of the reclaimed land and 20 hectares will be held by China Communications, with the remaining 88 hectares leased to the company for 99 years.

      මෙයින් අවම වශයෙන් අපට හිමිවන කොටසේ සිදු කෙරෙන කටයුතු වලදී හෝ ලංකාවේ මිනිසුන්ට රැකියා නොලැබෙන බව ඔබ පවසන්නේ කුමන පදනමක සිටද.
      මත්තල වල් බිහිවෙන්න ඇරියොත් එය වල් බිහි වෙයි.
      ඉන් නිසි ප්‍රයෝජනය ගැනීමට දැන් සිටින කුහකයින් පිරිස කටයුතු නොකරන බව ඔබද විශ්වාස කරන බවක් ඔබගේ කමෙන්ටුවෙන් ගම්‍ය වේ.
      එසේ වූවහොත් එය වල් බිහි වේවි.
      ඔබ හම්බන්තොට වරාය සම්බන්ධ ඇති කරගෙන තිබෙන අදහස වැඩිකල් නොගොස් සත්‍යයක් වන බවට පැරා, ම.ම. ධාරියා ඇතුළු පිරිසට පසක් වේවි.


      මධ්‍යස්ථ මතධාරියා,
      ///"හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සාර්ථක කර ගත්තේ කොළඹ වරායේ බාන්න පුළුවන් භාණ්ඩවලින් කොටසක් එහි ගොඩබෑමෙන් නොවෙයි. ඒ වාහන ටික කොළඹට ගෙන එන්න අධිවේගී මාර්ග හැදීමේ තේරුමක් නැහැ."///

      ///බලන්න මොන අපරාදයක්ද කියල. කොළඹට එන නැව් හරෝල හම්බන්තොට එවල හයිවේ එකෙන් කොළඹ ගේන්න කරපු වැඩේ නිසා රට පරම්පරා කීයකට ණය කළාද///

      ඔබගේ සහ පැරාගේ දැනුම මෙහිදී පැහැදිලිය. මුලින්ම ජාත්‍යන්තර නැව් මාර්ග සිතියමක් අධ්‍යනය කරන්න.
      ඔබලා වැනි එදා වේල් කාරයින්ට මේ වගේ වැඩ පේන්නේ ඒ විදිහට වෙන්න පුළුවන්. හේතුව අනාගතය දකින්න තරම් දැනුමක් පැහැදිලි මනසක් නැති නිසා. ඔබ දෑස් පියාගෙන බලන්න උත්සාහ කරනවා.

      දැන් කොළඹ වරායට බාන්න පුළුවන්, නමුත් ඒ වාහන සහ සියළු බඩු භාණ්ඩ රැඳෙන්නේ කොළඹ නොවන බවත් සිහි තබා ගන්න. ලංකාව කියන්නේ කොළඹ නොවන බව ඔළුවට දාගන්න.
      ඒවා කොළඹ වරායෙන් පිටට ගෙන යාමේදී අධික වාහන තද බදයකට මුහුණ දීමට සිදු වන අතර අධිවේගී මාර්ග හරහා අදාළ ප්‍රදේශ වලට ප්‍රවාහනයෙන් ඒ සියළු ප්‍රශ්න වලින් මිදිය හැකිවේ.
      ඊට අමතරව හම්බන්තොට වරායේ උපයෝගිතාව සම්බන්ධ ලිපි, පොත්පත් ඇති බැවින් ඒවා එකක් හෝ කියවන්න. ඉන් ලද හැකි ප්‍රයෝජන අතිමහත් බව ඔබට වැටහේවි.

      නමුත් ඒවා කියවීමේදීවත් අඩු තරමින් පැහැදිලි මනසකින් සිටින්නට වග බලා ගන්න.

      Wmk Samarasekara මයා,
      මා ඔබ වැන්නන්ගේ මැදහත් අදහස් වලට ගරු කරමි.

      AnonymousMarch 10, 2015 at 8:50 PM
      ඔබ වැන්නන් වෙනුවෙන් මෙහි පැමිණ සැමදා අදහස් දැක්වීමට නොහැකි වීම සම්බන්ධව දුක් වෙමි.
      පැරා මාතලන් මෙන් කමෙන්ට් වාරණය නොකර තබනා බැවින් ඔහුගේ කොන්ද සම්බන්ධව මමද සතුටු වෙමි.

      මහසොහොන්,
      කළින් කෑ ගැසූ පිරිසේ නිහඬතාවය කියන්නේ ලොකු කතාවක් වීමටද ඉඩ ඇත. මැදහත් සිතින් බලා සිටිමු.

      Delete
    14. කැපුවෙ කාරණා දෙකක් නිසයි. එකක් මගෙ කොමෙන්ට් වල මහින්ද ටිකක් දැඩි විදියට විවේචනය වුනා නොදැනුවත්වම . අනෙක තමයි හම්බන්තොට ගැන වැඩිපුර කියවුනා. හම්බන්තොට කෙනෙක් මේක බලපුවම හිත රිදෙන්න ඉඩ තිබුනා. ඒ නිසා ඉවත් කළා.

      Delete
  6. සබ්ජෙක්ට් ගැන දැනුම ඇතත්, නැතත්, මේ රට අයිති මේ රටේ සිටින මිනිසුන්ට ය. මේ රට සංවර්ධනය කළ යුත්තේ ඔවුන් වෙනුවෙනි. සබ්ජෙක්ට් ගැන දැනුම තිබෙන අයගේ ගැටලුව වන්නේ ඔවුන් දන්නා නිසා තීරණ ගෙන ක්‍රියාත්මක කරන එක ඔවුන්ගේ වැඩක් ය කියා සිතන එක ය. ඔවුන් ඉංජිනේරු කාර්යයන් දන්නවා විය හැකි ය. එහෙත්, සමාජමය කරුණු ගන නො දන්නවා විය හැකි ය.

    තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා නම්, ‍අදහස් අතර ගැටුම තුළින් නිවැරදි තීරණයට මග පාදා ගත හැකි ය.

    අපේ සමාජයේ ඉහළ සිට පහළට ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටලුවක් ඇති බවට ඔබගේ අදහස් දැක්වීම තුළ තිබෙන උඩඟු විලාසය ම නිදසුනකි. තමන් දන්නා සීමාවෙන් පොදු තීරණ ගන්නවා වෙනුවට සෑම පැත්තක් ම සලකා බලමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්නට සමාජය සූදානම් විය යුතු ය.

    මේ ගැටලුව පරිසරවේදීන් හා සමාජ ක්‍රියාකාරකම් අතර ද දක්නට ලැබේ. ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ සියල්ල දත් අයයි. අනුන්ගේ මතවලට සවන් දීමේ උවමනාවක් ඔවුන්ට නැක. මෙය සමාජ ගැටලුවකි.

    ReplyDelete
    Replies
    1. me prashnedi nam man Ajith ayyage peththe, uda gon comment dapu unwa genihilla hidichcha linwalata dala wathura danna ona, kisima samaja asrayak nethuwa edaa wela nethuwa idala goda enna kakul wathure obagena padam karala uni gihilla kohen hari project kellek job kattak set unahama Un hithanne unta wediya kerumo na kiyala okunwa gahala pannana ona, anith yakku tika ganan poddak puluwan welaa quantity surveyor karana un mesan heddak alla ganna ba unuth enawaa okunwa gahalaa pannana ona kohoma hari thamange madiya thara wena wanam ona magulak karana asamthjathi kala kanni

      Delete
    2. පැරා,
      නොදන්නා කමට හෝ සිතාමතා හෝ ඔබ වැනි අයවළුන් කරන්නේ සමාජය නොමග යැවීමය. මා උඩගු බව සැබෑය. එය තේරුම් ගැනීම ගැන සතුටුය.
      මාගේ ක්ෂේත්‍රය සහ ඒ හා බැඳුනු ක්ෂේත්‍ර සම්බන්ධ පැහැදිළි අවබෝධයක් මා සතුය. ඒ ඒවා මා භාවිතයේ යොදවන නිසාය.
      නොදන්නාවුන් බේගල් කෙලිද්දී ඒවා ප්‍රතික්ෂේප කිරීම “අනුන්ගේ මතයට ඇහුන්කම් නොදීම” ලෙසින් අර්ථ දැක්වීමට උත්සාහ දැරීම විහිළුවකි.
      සමාජමය කරුණු සම්බන්ධව ඔබගේ අනුමානය වැරදි සහගතය.

      මා මතුකරන ගැටළුව වන්නේ ටෙක්නිකල් නොදන්නා උන් පාරිසරික ගැටළුවක් සේ මතුවෙන පරිදි උළුප්පන ටෙක්නිකල් කරුණු, සමාජගත කරමින් කෙලින බේගල් නිසා මිනිසුන් නොමග යාමය. එය කවුරු කළත් වැරදිය.

      ශක්‍යතා වාර්ථාවක් සැකසීමේදී සහ EIA වාර්ථාවක් සැකසීමේදී උපකල්පන මත සහ නියැදි මත පිහිටා කටයුතු කිරීමට සිදුවේ. නමුත් ව්යාීපෘතිය ඇත්තටම සිදු කිරීමේදී වෙනස් තත්වයන්ට මුහුණ දීමට සිදු වීමට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එහිදී ඒවා හට ඒ ඒ අවස්ථා වලදීම පිළියම් යෙදීම දැනුම නිසි පරිදි භාවිත කිරීමකි.

      ඒවා නොකිරීමෙන් ඇතිවන ගැටළු ව්‍යාපෘතියේ ගැටළුවක් හෝ වාර්ථා සම්බන්ධ ගැටළුවක් නොවේ. ඒවා ඉදිකිරීමේ ගැටළු වේ. ඒවා කළින් අනුමාන කිරීම අපහසු වූ ඒවා විය හැක. ඒවාට ප්‍රතිකර්ම යෙදීම අදාළ වෘත්තිකයන්ගේ සහ දේශපාලුවාගේ වගකීමකි.

      ඔබට මහවැලි ව්‍යාපෘති අතීතය අමතක නැතැයි සිතමි. විදුලි බලය සෑදු පසු එම ජලයෙන් කුඹුරු වගා කළ නොහැකි බව කියූ නායකයින්ද, ඒවා විශ්වාස කල ජනතාවක්ද මේ රටේ සිටි බව යළි සිහියට නගා ගන්න.

      ඒ හරහා ඔබ ඔබවම සහ ඔබගේ ක්‍රියාවන් තක්සේරු කර ගන්න.


      12:07 ඇනෝ
      ඔබ සාම්ප්‍රදායික ජෙප්පෙක් බව මට මුලින්ම සිතේ. ඔබ සිටින්නේ මිනිසුන් හා සමාජය සම්බන්ධ යම්කිසි වෛරයකින් බව පෙනේ. ඔබ “අනුර කුමාර” ද කියා මට සැක සිතේ.
      මුලින්ම සමාජයට වටිනා පුද්ගලයකු වන්නට උත්සාහ ගන්න.

      ඔබට මේ ෆීල්ඩ් එක ගැන පැරා තරමටවත් දැනුමක් නැති බව සිතේ. තවමත් කොහේ හෝ තාක්ෂණ ආයතනයක යම්කිසි පාඨමාලාවක් හදාරන බවක් හෝ එසේත් නැතිනම් එවැන්නකින් පිටවී ප්‍රමිතියක් නැති ආයතනයක රැකියාවකට ගොස් එහිදී පිඩාවට පත්වූ අයෙකු ලෙසින් ඔබව ඔබගේ වචන තුළින් ගම්‍ය වේ.
      ඔබට නියම වෘත්තිකවේදීන් හමුවූ දිනෙක ඒ අදහස් බැහැර වී පොත පතෙන් හෝ අදාළ පාඨමාලාවෙන් ගත නොහැකි වූ දැනුම් ඔවුන් තුලින් ඔබට ලද හැකිවනු ඇත.
      එවිට ඔවුන් කවුරුන්දැයි ඔබට පසක් වනු ඇත.

      පෞද්ගලිකව මා ගැන කියන්නේනම් මා වතුරේ බැසගෙන පාඩම් කර නැත. ඒ මට පාඩම් කල නොහැකි නිසාය. එමෙන්ම එදා වේල සම්බන්ධ ගැටළුවක් කිසිදාක හෝ මතුවී නැත. රැකියාව වශයෙන් නොවෙතත් මේසන් හැන්දෙන් වැඩ දැම්මේ 10 වසරේදී පමණ සිටය.

      Delete
    3. hari hari man jeppa naththan unp karayek ekko sandane ekek, umbala danna deyak na machanla umbala eka piligan na lankawe samajen danna unta thenak nathi nisaa thamai umbala wage kisima prayogikathwayak nathi poth karayo oya dewal gena kiyawanne umbala oya mahalokuwata kiyeuwata oya ewilla inna irane badu karayanata tharam wath denumak na umbe kathawenma kiyanne umbala danne pothe thiyena de umbala lankawe nambu krameta dewal igena gaththu eun ingineruwanta garu karanne dostharalata garu karanne ithin mokada samaja gauraweta gewal walin kiyana nisa pattan gehuwata wedak na ban umbala japane wage hitiya nam aduma gane aduma gane nagara sabawaka kunu adinnawath dan na ekai aththa lide inna gembo wage kiyawanna epaa umbalawa me ratata baraka samajeta pilila ethth nam umbalata loke thenak na gihilla karala balapan hoda rataka umbalata wenne bajo gahanna

      gonek wage comment nokara aduma tharamin net eeken wath loke gena dena gena comment karapan samaja gauraweta poth lewa kapu denumen wedak na

      man lankawe me sambanda kisima patamalawak ho rekiyawak karan na
      umba waren japane man umbata hoyala dennam nagara sabawaka rassawak lankawe dosthara kenekuta wediya 10 gunayak padi wedi nagara saba wala kunu adina unta ais kadana unta umbata hari yanne ais kadana eka

      Delete
    4. ///////// gonek wage comment nokara aduma tharamin net eeken wath loke gena dena gena comment karapan samaja gauraweta poth lewa kapu denumen wedak na /////////

      AnonymousMarch 10, 2015 at 7:26 PM පොන්න බූරුවෝ,

      අනුන්ට ලොරි ටෝක් දෙන්න කලින් අඩු ගානෙ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගෙන පෙන්නපන් අනුන්ට නෙට් එකෙන් ලෝකෙ ගැන ඉගෙන ගන්න කියන කම්. තොගේ මලදාන සිංග්ලිෂ් කියවන කොට ඔලුව අවුල් වෙනවා.

      තමන්ගෙ පුක කහ ගන්න බැරුව අනුන්ට ලොරි ටෝක් දෙන උන්ට හොඳම උදාහරනයක් උඹ.

      Delete
    5. AnonymousMarch 10, 2015 at 7:26 PM,
      ලංකාවේ කිසිම පාඨමාලාවක් කරලත් නැත්නම්, ඉන්නෙත් ජපානෙනම්, කුණු අදින එකට දෙන පඩිය ගැනත් දන්නවනම් ඔබ එහි නියැලෙන කෙනෙක් බව පැහැදිළියි.
      ඔබගේ වදන් එය පැහැදිලිවම සනාත කරනවා. ඔබ සමාජයට වෛර කරන්නෙක්.
      ඔබගේ අසාර්ථක භාවය ඔබමයි. ඔබ ඉගෙන ගත් මිනිසුන්ට වෛර කරනවා.

      නෙට් එකෙන් ඉගෙන ගන්න කතා කරන ඔබ මේ ටොපික් එකට අදාළ එක "Subject matter" එකකටවත් අදාළ ටෙක්නිකල් දෙයක් කතා කලාද.
      ඔබ නෙට් එකෙන් කරන්නෙත් කුණු අදින්න හොඳ පඩි ගෙවන තැන් හොයන එකද.
      එයින්ම ඔබ ගැන දළ අදහසක් ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්.

      AnonymousMarch 11, 2015 at 1:44 AM
      ඔබ කවුරුන් වුවත් මොහු වැනි පුස්සකුගේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන තියෙනවා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. පැරා සුපුරුදු කුහක කමින් බොරු ඇද බානවා. මුන් එක අතකින් කිබුල් කදුලු හෙලනවා ලන්කාවෙ කාන්තාවන් පිට රට වහල් මෙහෙවරෙ කියාගෙන. අනිත් අතට ඉන්දියාවෙ රුපියල ටිකකට ලන්කාවෙ සන්වර්ධන ව්යාපෘති වලට එරෙහිව ජනමතය හැදීමෙ කොන්ත්‍රාත්තුවට කරගහනවා.

    මහවැලිය හදද්දිත් ශ්‍රීලනිපෙ සහ වමෙ ගොන්නු ඔය වගෙ පොඩි පොඩි ප්‍රශ්න ඇදගෙන ලොකු විනාශයක් පෙන්නුවා. මහවැලිය නිසා සිදුනු ලින් ඔනෙ තරම් ඇති. මාතලෙ වැනි ප්‍රදෙශ නායයනවත් ඇති. ඒත් මහවැලිය නොවුනනම් අපි විදුලිය නිපදවන්නෙ ඩීසල්, ගල් අගුරු වලින් විතරද? රටට එච්චර සල්ලි තියෙනවද? කළුවරෙ ඉන්න උනානම් සරම උස්සගෙන ලන්කාවට අපහාස කරමින් බ්ලොග් ලියන්නෙත් මාතලන් වගෙ පොශ් වැද්දො නෙවෙද?

    උමා ඔය එකක්. port city එක තව එකක්. port city එකට ලන්කාවෙ මිනිස්සුන්ගෙන් සත පහක් වැය වෙන්නෙ නෑ. රුපියල් බිලියන 200ක් චීන සමාගමක් ආයොජනය කරනවා. ඒ වෙනුවට ඒ සමාගමට හෙක්ටයාර 20ක් (මුලු ඉඩම් ප්‍රමානයෙන් 10%) අයිති වෙනවා. මොකක්ද ඒකෙ ප්‍රශ්නෙ? සතයක් වියදම් නොකර අති නවීන නගරයක් එපාද අපිට? අපි හැමදාමත් සුද්දාට වඩා පහලින් ඉන්න ඔනෙ කියන වහල් මානසිකත්වය නෙවෙද මේ? ලන්කාවෙ කාන්තාවන්ට පිට රට කබුරන්න වෙලා තියෙන ප්‍රධාන හෙතුව මෙ මොඩ, කුහක, දීන මානසික වහල්ලු ටික නෙවෙද?

    ReplyDelete
    Replies
    1. අනෙද කියන්නෙ, මෙ මහාචාර්යලාගෙ පන්ඩිත කතා වලට ඇහුම්කම් දුන්නනම් අදටත් ප්‍රබාකරන් බොම්බ පුපුර පුපුර අගෙට ඉන්නවා. මුන් කියන කතා වලට ඇහුම්කම් දුන්නොත් වෙන්නෙ රටට විනාශයක් බව තෙරුම් ගැනීමට වෙන ජීවමාන සාක්ශි මොකටද?

      Delete
    2. මුන්ට ඕවා කියලා තමන්ගෙ කාලය නාස්ති කරගන්න එපා. හරකෙක් හැර ඔනෙ එකෙට මෙ වෙද්දී තෙරෙන්න ඔනෙ පෝට් සිටි එක හදන්නෙ ණයක් අරගෙන නෙවෙ කියලා. මුන්ට කොච්චර කිව්වත් ඕක ඔලුවෙ තියෙන්නෙ දවසයි දෙකයි. සතියක් ඉදලා ඔන්න ආයෙත් අහනවා ණය අරගෙන නගර හදන්නෙ මොකටද කියලා. පිස්සු යක්කු.

      Delete
    3. අපට පෝට් සිටි එකක් හදා දෙන්න ය කියා මේ රටේ ජනතාව ඉල්ලා නැහැ. ඒ වගේම, පෝට් සිටි එකේ ඉඩම්වලින් එක අඟලක්වත් ලබා ගැනීමේ හැකියාව ලංකාවේ ජනතාවගෙන් 99.9%කට වඩා පිරිසකට නැහැ.

      මේ පන්ඩිත කතා කියන වැඩි දෙනෙකුටත් පුළුවන් ඒවා බල බලා චූන් වෙන්න විතරයි. කවුරුවත් එතනට කළු ගල් සපයන වැඩපළක් තමන්ගේ ගෙදරට අල්ලපු වත්තේ පිහිටුවනවාට කැමති නැහැ නේ ද? මේ නිසා සිදු විය හැකි සාමුද්‍රික විපර්යාස හේතුවෙන් තමන්ගේ වෙරළ අද්දර නිවාස මුහුදට සේදී යනවාට කැමති නැහැ නේ ද?

      ඔය සරුව පිත්තල සංවර්ධනය වැළඳ ගත් සෙසු රටවලවත් සියලු ප්‍රශ්න විසඳිලා නැහැ.

      රටකට ඔය වගේ සංවර්ධනයක් අත්‍යවශ්‍ය නැහැ. ජනතාවගේ ජීවිත නඟා සිටුවන්නට පෝට් සිටි අවශ්‍ය නැහැ. තව බොහෝ දේ තිබෙනවා. එක එකාගේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්වලට යට වෙන දීනයෝ වෙන්න එපා. ස්වාධීනව හිතන්න.

      අපේ රටට ගැලපෙන සංවර්ධන මාදිලිය අපි නිර්මානය කර ගන්න ඕනැ. චීනෙ හෝ වෙන රකේ පස්සෙ ගිහින් හරියන්නේ නැහැ. සංවර්ධනය නිසා චීනෙ පරිසරයට වෙලා තිබෙන දේ ගැන අධ්‍යයනය කර බලන්න.

      Delete
    4. අපෙයි ඔබෙයි වෙනස ඔතනයි. යුද්දෙ කරන්න කියලා අපි ඉල්ලුවෙ නෑ. ඒත් බොම්බ පිපිරෙන්නෙ නැති සාමකාමි රට දිහා අපි බලන්නෙ අපමන සන්තොසෙන්. අපි දන්නවා අපිට පෝට් සිටියෙන් ඉඩම් ගන්න බෑ කියලා. ඒත් ඔකෙ රස්සාවල් ලැබෙන 80,000 දෙනා ගැන හිතලා අපිට සන්තොස වෙන්න පුලුවන්. දකුනෙ ආසියෙවෙ ප්‍රථම විදිමත් නගරය තියෙන්නෙ අපෙ රටෙ කියලා අපිට සන්තොස වෙන්න පුලුවන්. කවදා හරි ඉන්දියාවෙ මිනිස්සු ලන්කාවට ඇවිත් සති අන්තය ගත කරලා යන දවසක් දකින්න අපි කැමතියි.

      පෝට් සිටිය හැදුවම ලන්කාවෙ ඉතුරු ප්‍රදෙශ නායයනවා කියලා පෙන කියන්නා වගෙ කියන්න බෑ. ඒකට විද්යාත්මක පරිසර වාර්ථාවක් අවශ්යයි. දැන් ඔබලාට සන්වර්ධන විරොධී ආණ්ඩුවක් ලැබිලා තියෙන එකෙ එහෙම වාර්ථාවක් විශ්වාසදායී ආකාරයෙන් ඉදිරිපත් කලොත් අපිත් මෙ ව්යාපෘතියට විරුද්ද වෙනවා. එහෙම නැතුව ගොසිප් සයිට් එකක තියෙන ඔන එකක් පිලිගන්න තරම් මිත්යාදුශ්ටික නෑ අපි.

      Delete
    5. මහවැලි ව්‍යාපෘතිය කරලා විදුළිය දෙන්න කියල මිනිස්සු ඉල්ලුවද, එහෙම නැත්නම් පැවති රජය මිනිසුන් වෙනුවෙන් කල්පනා කොට එය සිදු කලාද.
      ඒ වකවානුවේද මිනිසුන් කොතෙක් එයට විරුද්ධ වුනාද. නමුත් අද සියල්ලෝම එය අපි බුක්ති විඳිනවා නොවේද.

      පෝට් සිටි සම්බන්ධ පැහැදිලි කිරීමක් අද දින "ලංකාදීප පත්‍රයේ" 17 වැනි පිටුවේ තිබෙනවා, කියවල බලන්න.

      දියුණුව දෙස, ව්‍යාපෘති දෙස බැලිය යුත්තේ විවෘත සහ පැහැදිලි මනසකින් මිස ළිංමැඩි මානසිකත්වයෙන් නොවේ.

      Delete
  9. බොරු චන්ද පොරොන්දුවක් නිසා රටෙ සන්වර්ධන ව්යාපෘති නැවතීම ඇත්තෙන්ම කණගාටුදායකයි.

    https://www.youtube.com/watch?v=fuUjOwEbuQk

    ReplyDelete
  10. අපේ කාලයේ පුරවැසි මාධ්‍යකරනයේ පෙර ගමන්කරු අජිත් පැරකුම් ජයසිංහයන් විසින් ලියන ලද මෙම කියවීමෙන් රාජපක්ෂ පවුලේ සියල්ලන්ටම ඇඳිවතේම මල මුත්‍ර පහ වනු ඇත. රනිල් වික්‍රමසිංහ වහාම පෞද්ගලිකවම සොයා බලනු ඇත.

    ReplyDelete
  11. නියමයි... පැරාට එරෙහිව ටෙක්නිකල් පොරවල් සහා මරා සපෝටර්ලා බැහලා..දැන් ඉතින් අපිට ප්‍රශන දිහා මැදිහත්ව බලන්න පුලුවන්

    ReplyDelete
  12. වෙච්ච දේවල් ගැන නැවත විමසා බැලීමක් කරන එක හොඳයි. ඒ වගේම දැනට ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතින ව්‍යාපෘති සමග ඉදිරියට යන විදිහකුත් බලන එක වැඩිය ප්‍රයෝගික වෙයි.

    මොකද දැන් තියන තත්වේ හැටියට උමා ඔය උමඟ වහන්න වත් ගොඩ කරපු මුහුදේ පස් ආපහු ගත්තු තැන් වලට ගිහින් දාන්න වත් විදිහක් ඇතයි කියල මගේ ටිකිරි මොළේට හිතෙන්නේ නැහැ. වෙච්ච දේ උනා, ඒ මත්තේ අඬන්නේ වැලපෙන්නේ නැතුව එව්වත් එක්ක ඉස්සරහට යන විදිහක් බලමු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා