Posts

Showing posts from March, 2016

බෝම්බ හම්බ වුණාම ජී.එල්. පීරිස්ට මේ තරම් ජොලි ඇයි?

Image
චාවාකච්චේරියේදී හා මන්නාරමේදී සියදිවි නසාගැනීමේ ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මහින්ද යාපා අබේවර්ධන වැනි අය අමන්දානන්දයට පත් වී වහා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා සිය සතුට ප්‍ර‍කාශ කරමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව නො තකා හැර ඇති බවට චෝදනා එල්ල කළේ ය.  ඔවුන්ට අමතක වී ඇති මූලික කාරණය වන්නේ සිදු වී තිබෙන්නේ පිපිරීමක් නො වන බවයි. සිදු වී තිබෙන්නේ විනාශයක් සඳහා යොදා ගත හැකිව තිබුණු භයානක ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණයක් කල් තබා සොයා ගැනීමයි.  එය ආරක්ෂාව පැත්තෙන් ජයග්‍ර‍හණයකි. එම සොයා ගැනීම කළ අය ප්‍ර‍ශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, ජී.එල්. පීරිස් වැනි මහින්දගේ අන්තේවාසිකයන් මේ කරන්නේ කුමක් ද?  දැන් ඔවුන්ට තිබෙන ප්‍ර‍ශ්නය එය සොයා ගැනීම බව පෙනේ. සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා," යි කියමින් උඩ පනිනු ඇත.  තමන්ගේ දේශපාලන ඉච්ඡා භංගත්වය මේ අයුරින් සනසා ගැනීම කෙතරම් පවිටු ක්‍රියාවක් ද යන්න සිතා බලන්න. තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බෝම්බ පුපුරන තෙක් බලා සිටින මෙවැනි අය නියම

සේපාල ඒකනායක හා ඊජිප්තු ගුවන් යානා හයිජැකර්

Image
මෙම ඡායාරූපයේ සදහන්ව ඇති මාධ්‍ය ද මෙවැන්නන් වීරයන් කිරීම ගජරාමෙට කරගෙන යති.  අපරාධකරුවන්, උම්මත්තකයන්, මෝඩයන් වැනි අය ක්‍ර‍ විරෝධී වීරයන් ලෙස සැලකීමේ ප්‍ර‍වණතාවක් ඈත අතීතයේ සිට ම ලංකාවේ තිබේ. එයට හේතුව ලෙස මට නම් පෙනෙන්නේ ලංකාවේ සමාජය තුළ නවීනත්වයට එරෙහි මානසික කැරැල්ලක් පැවතීම විය හැකි ය.  සාමාන්‍ය මංකොල්ලකරුවෙකුට වඩා විශේෂ පුද්ගලයකු බවට කිසිදු සාක්කියක් නැති සරදියෙල් වීරයකු කරගෙන ඇත්තේ ඒ කාලයේ කවුරුන් හෝ සුද්දකු ඔහු රොබින් හුඩ් පුරාවෘත්තයට සමාන කිරීම නිසා ය.  රොබින් හුඩ් යනුවෙන් පුද්ගලයෙකු ඇත්තට ම සිටි බවට සාධක ඉතා විරල ය. මෙම ඉතිහාස සටහන කියවන්න. නැතිනම් වීඩියෝව බලන්න.  සරදියෙල් අධිරාජ්‍ය විරෝධියකු හෝ දුප්පතුන්ට ධනය බෙදා දුන් අයකු කළ හැක්කේ සාහිත්‍යයකින් පමණි. එහෙත් සාහිත්‍යය ඉතිහාසයක් ලෙස ළමයින්ට ඉගැන්වීමෙන් අප අනාගත පරම්පරාවන්ට ලබා දෙන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයකි.  මරු සිරා සම්බන්ධයෙන් ද කිව හැක්කේ මෙය ම ය. මරු සිරා අපරාධකරුවකු කළේ සමාජය විසින් ය යන සමාජ සත්තා යථාර්ථවාදී කලාකරුවන්ගේ සමාජවාදී අදහස වෙනත් ඕනෑම අපරාධකරුවෙකුට ද අදාළ කළ හැකි ය. මරු සිරා පුරාවෘත්තයක් වීම වෙනම

පාසල් දැරියක මරාගෙන කන්නට සැරසෙන අයුතු ජන රාශියෙන් කියවෙන පාසල්වාදයේ භයානකත්වය

Image
හොල්මන් ද පොල්කොළ හෙවත් බැක් ටු ස්කූල්  පාසල්වාදය යනු තවත් ස්වෝත්තමවාදයකි. එය ජාතිවාදය තරම් ම භයානක ය. උම්මත්තක ය. පාසල්වාදයෙන් උමතු වූවන්ට පාසල් දරුවකුට පහර දෙන්නට, මරා දමන්නට පවා හැකියාව තිබෙන බව මෙම වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ. මේ උම්මත්තක ගැහැනුන් හා පිරිමින් ගැන වෙන වෙන ම සොයා බැලුවහොත් ඔවුන් හුදෙක් දරුවන්ගේ මව්පියන් පමණක් නො වන බව සොයා ගත හැකි වනු ඇත.  පාසල්වාදයේ තෝතැන්න ආදි ශිෂ්‍ය සංගම් ය. අධ්‍යාපනයට කිසිදු ඍජු අදාළත්වයක් නැති ආදි ශිෂ්‍යයන්ට පාසල්වලට මැදිහත් වීමේ නීතිමය බලයක් ලැබී තිබෙන්නේ පළමු ශ්‍රේණියට සිසුන් බවා ගැනීමේදී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 25%ක පමණ දැවැන්ත කෝටාවක් ලබා දීම නිසා ය. මේ හේතුවෙන් පාසල ආසන්නයේ පදිංචි දරුවන් රැසකට පාසලට පිවිසීමේ අවස්ථාව අහිමි වේ. ආදි ශිෂ්‍යයන්ට පාසලට පරිත්‍යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි. එහෙත්, එම පරිත්‍යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය. එම පරිත්‍යාගයේ මුවාවෙන් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය. අද වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව්‍යාපාරවල යෙදී සිටියි. පාසල්වලට අවශ්‍ය වියදම්

ගෝටයිම්බර කෝලමෙන් ආණ්ඩුවේ රස්සාවකට

Image
මුලින් ම මේක කියන්න ඕනැ. මේක විචාරයක් නෙමෙයි. මොකද මං ලයිසන් විචාරකයෙක් නෙමෙයි. ඒකට අවශ්‍ය ය කියන ඇකඩමික් සුදුසුකම් මට නැහැ. හැබැයි, අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තමන් විඳපු රසයක් බෙදාගන්නට තිබෙන අයිතිය වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඇකඩමික් තග දමමින් පොදු ජනයා නිහඬ කිරීමට විරුද්ධව අරගලයක් අපට තිබෙනවා.  පසුගිය දවස්වල අපූරු නාට්‍ය අත්දැකීම් දෙකක් ලැබුණා. කොළඹින් බැහැර ඉන්න අපට නාට්‍ය බලන්න ලැබෙන අවස්ථා අඩුයි. ගම්වල නාට්‍ය පෙන්නුවාට හේතු කීපයක් නිසා ඒවා සාර්ථක නැහැ. එකක් ටිකට් මිළ වැඩියි. පවුල් පිටින් යන්නත් එපායැ. අනෙක ශාලා දුර්වලයි.  ගෝටයිම්බර කෝලම පෙන්නුවේ එළිමහනේ. ප්‍රෝසීනියම් වේදිකාවෙන් මහ පොළවට බැහැලා. ඒත් ගමක නම් නෙමෙයි. කොළඹ ම තමයි. කොළඹ හතේ පදනම් ආයතනයේ.  අපි නො දන්න නෙළුම් පොකුණ වගේ රංග ශාලා තිබෙන කොළඹ නගරයේ එළිමහනේ නාට්‍ය පෙන්නන්න ඕනැද? ප්‍රෝසීනියම් වේදිකාව ගැන ලංකාවේ නාට්‍යකරුවන් නිරන්තරයෙන් ම සිය අතෘප්තිය ප්‍රකාශ කර තිබෙනවා. නාට්‍යය ජනතාව අතරට යා යුතුයි කියන විශ්වාසය ඔවුන් අතර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ අත්හදා බැලීම් කරනවා. හැබැයි, බොහෝ විට ඒ අත්හදා බැලීම් කොළඹින් ම

යායක් ලෙස නෙළුම් පිපීමේ වැදගත්කම

Image
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි. කොහෙවත් හිටිය මං දේශපාලන බ්ලොග්කරුවෙක් වෙච්ච අලකලංචිය රසවත් කතාවක් වෙයි කියලා හිතලා පස්සෙ ලියඤ්ඤං කියලා හිතුවා. ලිව්වෙ නැතිනම් මතක් කරන්න.  2014 වසරේ හොඳම බ්ලොග්කරු වුණේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ . දෙවන බ්ලොග් සම්මාන උළෙලට යන විට ඒ ටයිටල් එක පැහැර ගන්නට කාන්තාවක් සමත් වීම මම නම් හිතන්නේ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක්. මක් නිසාද යත්, බ්ලොගාවකාශය කාන්තාවන්ට නිසි තැන, සම තැන විතරක් නෙමෙයි සම්භාවනීය තැනකුත් දෙන්න සමත් වී තිබෙන බව එයින් ප්‍රකාශ වෙනවා.  බස්සි හෙවත් යශෝධා සම්මානි ප්‍රේමරත්නට උණුසුම් සුබපැතුම්.  යාවජීව සම්මානයට පාත්‍ර වූ පුරෝගාමී සිංහල බ්ලොග්කරුවන් දෙදෙනා වන නාලක ගුණවර්ධනට හා රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිට මීළඟ යුගයේත් පුරෝගාමීන් වන්නට ශක්තිය හා ධෛර්යය පතමි. සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිපිට වාඩි වූ විට

නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි

Image
නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති "ජාතිවාදී ජාන" නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය. 1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට "ජාතිවාදියෙක්" වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? ආරක්ෂණවාදය මුළුමනින්ම අහෝසිකර ඇති ආර්ථිකයන් මෙළොව තිබේද? 2. මේ ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මහජන අවසරය ලැබුනේ කෙසේද? (මගේ ප්‍රශ්නයේ පදනම වන්නේ ආණ්ඩුබලයට තාවකාලිකව පත් වන පිරිස් වලට තමන්ගේ මතිභ්‍රමයන්ට අනුව කටයුතු කිරීමට ප්‍රාතන්ත්‍රවාදය තුළ ඉඩක් නොමැති නිසාය.) 3. ETCA වැනි ගිවිසුමකින් ලංකාවට ලැබිය හැකි සාපේක්ෂ වාසි ඉතාම සංයුක්තව දැක්විය හැකිද? (ප්‍රාග්ධනය පැමිණීම වැනි වියුක්ත කතා නොව, එසේ පැමිණිමට ඇති සංයුක්ත ඉඩකට පෙන්වා දිය යුතුය.) නිර්මාල් මේ ප්‍රකාශය කරන්නේ මා මීට කලින් පළ කළ ලිපියක් ෆේස්බුක්හි බෙදා හදා ගනිද්දී එය සමග තබන ලද පහත සඳහන්

ලස්සනයි හරි ලස්සනයි

Image
ලකිඳු පීරිස් විසිනි තිලක් කරුණාතිලක යනු අප අත්‍යවශ්‍යයෙන්ම කතාකල යුතු එහෙත් කිසි දිනෙක ඇගයීමට, කතාබහට ලක් නොවු සංගීතඥයෙකි. ගුවන් විදුලි ගීත කිහිපයක් සංගීතවත් කලත් ඔහු වැඩිපුරම ගනුදෙණු කලේ සිනමා සංගීතය සමඟිනි. නමුත් ඔහු දායක වු බොහොමයක් චිත්‍රපටි කතාසාරය අතින්ද වානිජ අතින්ද සාර්ථක නොවු හෙයින් ඔහු නිර්මාණය කල ගීත ද වැඩිපුර රසිකයන් අතර ප්‍රචලිත වුයේ නැත. මා අද පල කරන ගීතය අඩංගු වු "සඳ නැග එද්දි (1967)" චිත්‍රපටියම ඊට මහඟු උදාහරණයකි.එකල දිනමිණ පුවත්පතට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩයන් සිනමාපටය පිලිබඳ අදහස් දක්වා තිබුනේ ලෙසිනි. "මේ අවුරුද්දේ පහත්ම  චිත්‍රපටිය මහදැනමුත්තාද නැතිනම් කිංකිණි පාදද යන්න එක එල්ලේ තීරණය කරගත නොහැකිව සිටි මම සඳ නැඟ එද්දි දුටු පසු එය ඉබේම විසඳාගතිමි". එවැනි අසාර්ථක සිනමා කෘතියක් තුල වුවද සදාකාලික රසයක් ජනිත කල හැකි ගීත දෙකක් කරුණාතිලකයන් සිනමාපටයේ ගීත හතරට එක්කාසු කොට කොට ඇත.අද දින ඉදිරිපත් කරන "සීත නලවැල්" ඉන් එක් ගීයකි. සිනමා පටයේ නමටම ඔබින සෞන්දර්ය වෑහෙන මේ පද සිත්තම නිමවුයේ චිත්‍රානන්ද අබේසේකරයන් අතිනි.ගායනය හරුන් ලන

දුර බලනු! ළඟ නො බලනු! ETCA ඉදිරියට ගෙන යනු!

Image
කෝටා ක්‍ර‍මය අවසන් වුණා ය කියා ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණේ නැත. මම මූලධාර්මිකව ETCA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය. ලෝකය ආර්ථික වශයෙන් වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට මම පක්ෂ ය. එය ප්‍රාග්ධනය තලයේ මෙන් ම ශ්‍ර‍ම තලයේ ද සිදු විය යුතු ය.  ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට ඇති බාධා අවම ය. ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් එයට පහසුකම් සලසයි. රටට ආයෝජකයන්ගේ පැමිණීම මහත් උනන්දුවෙන් අපේක්ෂා කරනු ලැබේ. කිසිවෙක් එයට විරෝධය පළ කරන්නේ නැත.  ETCAට විරුද්ධ වන අය මූලිකව ම විරුද්ධ වන්නේ ශ්‍ර‍මයේ නිදහස් සංචලනයටයි. නැතිනම්, ශ්‍ර‍මිකයන්ට ශ්‍ර‍ම වෙළඳපොළ අවශ්‍යතාවන් අනුව නිදහසේ සංචලනය වීම සඳහා ලැබිය යුතු නිදහසටයි.  එසේම, වෙළඳපොළ විවෘත කිරීමට ද ඔවුහු විරුද්ධ ය. පුදුමය කියන්නේ ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් දමනවාට පවා විරුද්ධ ය. ලංකාව ලෝක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කරන ජාත්‍යන්තර කේබල්වලට හා චන්ද්‍රිකා හරහා කෙරෙන සන්නිවේදනයටත් මොවුන් විරුද්ධ ද? ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍යය තීරණාත්මක ලෙස ආර්ථිකය විවෘත කළේ 1977දී ය. ඒ කාලයේදී ද බොහෝ දෙනෙක් එයට විරුද්ධ වූ හ. එහෙත්, 1977න් පසු

මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ. මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය. 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැරදුණා නම් සිරිසේනට හා ඔහුගේ සමීපතමයන්ට වෙන්නට තිබුණු දෙය නැවත සිහිපත් කර ගත්තා නම් හොඳ ය. මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය සුද්ද කළ යුතු ය. ඒ වෙනුවෙන් මිළක් ගෙව්වාට කමක් නැත. ඒ මිළ 2016දී ගෙවන එක ද නරක නැත. මන්ද, ප්‍රධාන මැතිවරණ යළි පැවැත්වෙන්නේ 2020දී පමණ ය. මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතු ය. ඒ වෙනුවෙන් අදාළ වන විනය ක්‍රියාමාර්ග රැගෙන අවශ්‍ය උත්ප්‍රේරකය සැපයිය යුතු ය. එහෙම නො කළොත් සිදු වන්නේ කුමක් ද? මීළඟ පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ ද නායකත්වය මහින්දට දෙන්නට සිදු වනු ඇත. ඊළඟට උදේනිලා වැනි පල් හොරුන් රැළක් පළාත් පාලන මැතිවරණ තරග කරනු ඇත. දැන් සිටින පල් හොරුන

මහින්දට යළි බලය දෙන්නට නම්

Image
මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි.  මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය.  ඔහු කළ බව කියා උදම් අනන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි අසාර්ථක ව්‍යාපෘතිවලින් ණය ගෙවීමට තබා පොළී ගෙවීමටවත් ආදායම් උපදින්නේ නැත.  වත්මන් ආණ්ඩුව ගත් ණය ගැන කියන විට ඔහු මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ඒ ණය ගත්තේ ප්‍රධාන වශයෙන් ම ඔහුගේ කාලයේ ගත් ණය ගෙවන්නට බව ඔහු මතක තබා ගත යුතු ය.  අනාගත පරම්පරා ගණනාවක් උගස් තබා ගත් මේ ණයවලින් වැඩි ප්‍රමාණයක් මහින්ද හා ඔහුගේ අන්තේවාසිකයන් පිල්ලි ගැසූ බව නො රහසකි. වත්මන් ආණ්ඩුව මහින්දලාට එරෙහිව ප්‍රමාණවත් පියවර නො ගත්තා ය කියා මේ ඇත්ත බොරු වන්නේ නැත.  එහෙත්, මහින්ද විසින් මවන ලද සංවර්ධන මායාව ගිල ගත් විශාල ජනගහණයක් මේ රටේ සිටිති.  මහින්ද දෙමළ ජාතිවාදී කැරැල්ල පරදවා සිංහල ජාතිවාදීන්ට සිවිල් යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කර දෙන්නට ගත් පියවර හේතුවෙන්

අජන්තාට ආදරෙන් ලියූ සටහනක්

Image
හෂිත අබේවර්ධන විසිනි අමරදේව ගයන ගී අතර මා අඬවන ගී කීපයක් ඇත.. එක් ගීයක් නම් මහගම සේකර පරසතු මල් චිත්රපටියට ලියූ 'සඳකත් පිණිදිය' ගීයයි. ඒ ගීය අවසන් වන්නේ 'සුසුම් හෙළන තුරු ලතා ලපල්ලේ.. සිහිල් සුවඳ හා එතී...මගේ කවුළු දොර තුළින් එබී ඔබ සොයා ඇදේ' යනුවෙනි.. මගේ කවුලු දොර තුළින් එබී .............. ඉන් පසුව, ඇසිය යුතු ගීය බිහිවුනේ 1993-95 අතර කාලයේ විය යූතුය. ඒ ගීය අසන විට මා නිතැතින්ම සිටින්නේ පේරාදෙණියේ ගලහ පාරේ කෝච්චි පාරට උඩින් ඇති, සුද්දා හැදූ ගල්පාලම මත සිටගෙන ඒ අසළ ඇති උස, රතු මල් පිපෙන, ගහ දිහාබලා ගෙනය, වෙලාව පාන්දර හතරට පමණ විය යුතුය. උදෑසන පින්නේ විදුලි බුබුලු වෙතින් නික්මෙන්නේ අඳුරු පැහැ එළියකි. ඒ අතරේ සරසවි උයන ශාලාව දෙසට විහිදෙන දුම් රිය මග පින්නේ දිළිසෙයි. විජේවර්ධන ශාලාවේ වරක් වර්ණපාල මහතා විසූ ශාලාවේ මතු මහලේ සිවුවෙනි කවුළුවෙන් 'දන්නා මුහුණ' පෙනෙතැ‍යි බලමින් ඇවිද යමි. ඇය පේරාදෙණිය රෝහලේ සේලයින් හා හයිඩ්රකෝටිසෝන් බට හයක් අතර බව මට මොහොතකට අමතක වූ බව සිහිවෙයි. මම නැවත පාර පනිමි. වරක් සයිමන් මතක් කළ කහපාට රොබරෝසියා නො-වරණ මාස් ක

රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද?

Image
දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ.  තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත.  මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතු ය. එයට ගැලවී යන්නට ඉඩ දිය යුතු ය. 2015 අගෝස්තුවේ මෙන් ශ්‍රීලනිපය හයිජැක් කිරීමට ඉඩ නො දිය යුතු ය.  එසේ ම, ශ්‍රීලනිපය ද 2015 අගෝස්තුවේ කළා සේ නැවත වතාවක් මෙම බලවේගය හයිජැක් කරන්නට උත්සාහ නො කළ යුතු ය. ඔවුන්ට ඔවුන්ගේ ගමන වෙන ම යන්නට ඉඩ දිය යුතු ය.  මෙය ඉතා පැහැදිලිව දූෂිත බලවේගය වෙන ම ගොනු වන චෞර විපක්ෂයකි. එය ඉතා හොඳ තත්වයකි.  විශේෂයෙන් ම ශ්‍රීලනිපයට මෙය අනගි අවස්ථාවකි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බුද්ධිමත්, ප්‍රගතිශීලී, නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු ය. ජනතාව අතර සැලකිය යුතු පිරිසක් දේශපාලකයන් තරමට ම දූෂිත බව අපි මුල සිට ම කියා ඇත. එබැවින් මහින්දලා පසුපස මෙවැනි පිරිස් වහ වැටීම ගැ

මංජුල වෙඩිවර්ධනගේ පියෙටා රස විඳිමු

Image
ප්‍රසාද් අලුත්වත්ත - මියදුණු ඇසතු ගස යට පියෙටා [Pieta under the dead Asathu tree] කලකින් දුටු කතා කළ හැකි කවියකි. හොඳ කවියක් දැක්කාම එළ, පට්ට, සිරා හා මල් මිටවල පිංතූර දික් නො කර එයින් විඳ ගත් රසය ගැන කතා කළ යුතු ය. එහිදී තමන් වරලත් විචරකයන් යයි සිතා සිටින අනන්‍යතා අර්බුදවලින් පෙළෙන පණ්ඩිතයන් කියන දේ ගණන් නො ගත යුතු ය. රසවින්දනය පොදු ජන අයිතියක් බව ඔවුන් උගත යුතු ය. කලාව ගැන කතා කිරීම වැදගත් ය. මන්ද, කලාවේ ඇති දේශපාලනය මතු කර ගත හැක්කේ ඒ ගැන කතා කිරීමෙනි. නැතිනම් කලාකාරයෝ කලාවෙන් දේශපාලනය කරන්නට යති. එය කලාව දුබල කරයි. පියෙටා - මයිකලාන්ජලෝ පියෙටා................. ඇසතු ගහ යට මරියනී ඇසග පිපිරුණු මරියනි සකල අවි මැද දිරියෙනි ඇසතු ගහ යට මරියනී පුත් කුමරු ඔය උකුළත ඇත්තටම සැතපෙනවද නෙත් අරින්නට බැරුවද සිත් සතන් නැති හෙටකට මියුණු ගසකට හැකිවෙද නගනු බෝපත් වෙණ නද බිඳුණු සුරුවම විනිවිද බොදුනු හදවත පෙනුනිද? කුරුස ගසකින් බැස එන ඇසතු ගස යට කැළඹෙන එකම පපුවක කැළතෙන සුසුම කොතැනක නවතින? -මංජුල වෙඩිවර්ධන 2016 මාර්තු 16 පියෙටා යනු මරියත

මේ ඝන අන්ධකාරයෙන් මිදෙන මං සිතමු

Image
ඊයේ මාර්තු 15 දින ලෝක පාරිභෝගික හිමිකම් දිනයයි. 2012 / 13 ගෘහ ඒකක ආදායම්  වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ ජනතාවගෙන් 90.2%ක් ම විදුලි පාරිභෝගිකයෝ ය. එහෙත්, මෙම සටහන තබන මොහොත වන විට ඔවුන්ගේ පාරිභෝගික හිමිකම් අභියෝගයට ලක් වී තිබේ. එයට ආණ්ඩුව වගකිව යුතු ප්‍රමාණය කෙතරම් ද යන්න පිළිබඳව සංවාදයක් ඇත. හැම දෙයකට ම ආණ්ඩුවට බැනීම ජනප්‍රිය දෙයකි. අප නම් සිතන්නේ මෙයට වැඩිපුර වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය හා එහි ඉංජිනේරුවන් බවයි. විදුලිය විසන්ධි වුණ ලෝකයක මිහිර හෝ අමිහිර විඳ ගනිමින් සිටින මේ සමය විදුලියට ප්ලග් වුණ ජීවිත ගැන සාකච්ඡා කරන්නට සුදුසු මොහොතකි. මේ වන විට මුළු ලෝකය ම සිටින්නේ දැඩි අර්බුදයක ය. සිරියාව, යේමනය ඇතුළු අරාබි අර්ධද්වීපයේ හා නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ හා තුර්කියේ දරුණු අර්බුද එම රටවල ජනයාට පමණක් නොව මුළු ලෝකයටමත් බරකි.  චීන ආර්ථිකයේ මෑත ඉතිහාසයේ පැවති විස්මිත වර්ධනය මේ වන විට දකින්නට ලැබෙන්නේ නැත. චීනයේ වසර 25ක ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධනය වාර්තා වූයේ 2015 වර්ෂයේයි. මැද පෙරදිග සිට යුරෝපයේ විශේෂයෙන් ම ජර්මනිය වැනි රටවලට සිදු වන දැවැන්ත සරණාගත සංක්‍රමණය විසින් කලාපය දුෂ්කර ත

දුවේ මං පුතා

Image
ජීවිතයට නුඹලා දුන් සතුට තරම් කිසි කවියක් පොහොසත් වී නොමැති තරම් පමා වෙලා මට දුන් පිය පදවි වරම් දුවේ නුඹයි මට නම් දෙවි සතර වරම්  මගේ සෙවණ යට නුඹ හැදෙනවා නො වේ නුඹේ සිසිල තුළ මම දරුවෙක් ය දුවේ රුදුරු ගොර බිරම් රකුසන් සිටින ලොවේ  සැරූ වෙහෙස ඔය එක බැල්මකින් නිවේ කොතෙක් වැරදි කෙරුවත් මා පියා නිසා පුතෙක් ලෙස වඩාගෙන මා සිත් සනසා සමාබර සිතින් නුඹ දෙන පණ විලසා  විසල් දෙයක් දකිනට වෙද තව කෙලෙසා හිතේ නැගෙන ආදරයට වචන නැත හදේ සෙනෙහසට දෑසට කඳුළු නැත දුවේ කියන් මා තාමත් පමා නැත නැගී පා නගන්නට මට දෙන්න අත - අජිත් පැරකුම් ජයසිංහ 2016 - 03 - 13 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු

සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු!

Image
ගත් අල්ලසක මුදල් ගනිද්දී අතට ම අසු වූ උදේනි අතුකෝරළ. රාජපක්ෂවාදී විපක්ෂයේ ප්‍රබල සංකේතයක්  මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය.  රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව ගත් විදේශ ණය මෙන් තුන්ගුණයකටත් වඩා ණය රාජපක්ෂලාගේ දස අවුරුදු පාලනය තුළ අරගෙන තිබේ. ගත් ණයවල වාරික හා පොළී ගෙවන්නට රජයේ සමස්ත වාර්ෂික ආදායම ම ප්‍රමාණවත් නැත.  මේ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කළ යුතු ය.  මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හි