නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි


නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති "ජාතිවාදී ජාන" නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය.

1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට "ජාතිවාදියෙක්" වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? ආරක්ෂණවාදය මුළුමනින්ම අහෝසිකර ඇති ආර්ථිකයන් මෙළොව තිබේද?

2. මේ ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මහජන අවසරය ලැබුනේ කෙසේද? (මගේ ප්‍රශ්නයේ පදනම වන්නේ ආණ්ඩුබලයට තාවකාලිකව පත් වන පිරිස් වලට තමන්ගේ මතිභ්‍රමයන්ට අනුව කටයුතු කිරීමට ප්‍රාතන්ත්‍රවාදය තුළ ඉඩක් නොමැති නිසාය.)

3. ETCA වැනි ගිවිසුමකින් ලංකාවට ලැබිය හැකි සාපේක්ෂ වාසි ඉතාම සංයුක්තව දැක්විය හැකිද? (ප්‍රාග්ධනය පැමිණීම වැනි වියුක්ත කතා නොව, එසේ පැමිණිමට ඇති සංයුක්ත ඉඩකට පෙන්වා දිය යුතුය.)

නිර්මාල් මේ ප්‍රකාශය කරන්නේ මා මීට කලින් පළ කළ ලිපියක් ෆේස්බුක්හි බෙදා හදා ගනිද්දී එය සමග තබන ලද පහත සඳහන් කරනු ලබන සටහන නිසා ය.

“අප ලෝක ආර්ථිකය සමග සම්බන්ධ විය යුතු ය. ජාතික දේශ සීමාවන් මකා දැමෙන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණවලට උපකාර කළ යුතු ය. දේශපාලන ප්‍රජාවන් පුළුල් වන දේශපාලන ක්‍රියාමාර්ගවලට සහයෝගය දීම සමාජවාදී ය. හේතුව ලෝකයේ ම කම්කරු පංතිය අතර සම්බන්ධතා පුළුල් වීමට හා පොදුබවක් ඇති වීමට මෙම ක්‍රියාමාර්ගය ඉවහල් වේ. සමාජවාදියාට සිංහල හෝ ශ්‍රී ලාංකික කම්කරුවාගේ, හාම්පුතාගේ හෝ රජයේ සුවිශේෂත්වයක් නැත. ශ්‍රී ලාංකික ජාතික ආර්ථිකය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන නිර්මාල් රංජිත් දේවසිරිලාගේ ජාතිවාදී නිලීන ජාන දැන් මතු වී තිබේ."

මේ ප්‍රශ්න තුනට මා පිළිතුරු දුන්නේ මෙසේ ය:

1. //ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? // නිර්මාල් මේ ඔයාට තිබෙන රෝගයේ ලක්ෂණයක්. අපි ආචාර්ය මහාචාර්යවරු නොවුණාට සාමාන්‍ය පත්තර කියවන මිනිස්සුන්ට වුණත් ඔය වචනය ආගන්තුක එකක් නෙමෙයි. ඉන්දියාවත් එක්ක ආර්ථික ගිවිසුමක් අත්සන් කළ පළියට ආරක්ෂණවාදයන් ඔක්කොම අහෝසි වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා ද?

(නිර්මාල් රංජිත් දේවසිරි වැනි පුද්ගලයන් සිය නිල අධ්‍යාපන සුදුසුකම් පාවිච්චි කර දේශපාලන සංවාද මත ආධිපත්‍යය පතුරුවන්නට දරන උත්සාහයන්ට නිර්දය අන්දමින් පහර දිය යුතු ය. සාමාන්‍ය පොදු ජනතාවට දේශපාලන සංවාදවලට මැදිහත් වන්නට තිබෙන අයිතියට පාණ්ඩිත්‍යයෙන් තග දමමින් අරක වැරදියි මේක වැරදියි කියන්නට ඔවුන්ට අයිතියක් නැත. දේශපාලන සංවාදයට කාගේවත් උපාධි අදාළ නැත.)

2. ඔබේ දෙවෙනි ප්‍රශ්නයට අනුව, තව බොහෝ දේ ගැන ද ඔය ප්‍රශ්නය ම ඇසිය හැකි ය. උදාහරණයක් ලෙස හමුදාව පැහැර ගත් උතුරේ ජනතාවගේ ඉඩම් ආපසු දෙන්නට ආණ්ඩුවට අවසර ලැබුණේ කෙසේ ද යන්න ද ජාතිවාදියෝ අසති. මේ ගිවිසුම තවම අත්සන් කර නැති දෙයකි. එසේ ම, එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. තවද, මෙම ආර්ථික ගිවිසුමට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. ඒ සඳහා කලින් ආණ්ඩු කීපයක්මත් සම්බන්ධ වී තිබේ. මේ සියලු ආණ්ඩු මහජනතාව විසින් පත් කර ගත් ඒවා ය. මේවා බලයට පත් වන අයගේ මතිභ්‍රම නම් ඔබගේ විරෝධය එවැනි මතිභ්‍රමයක් නො වේ යයි කියන්නේ කෙසේ ද ? අඩු තරමේ ආණ්ඩුව බලයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටියක් තිබේ. ඔබ කවුරු ද? ඔබගේ කණ්ඩායම වනාහි කිසිදු ජනවරමක් නැති ජනරාශියක් පමණි. ජනතාව නියෝජනය කරන්නට ආණ්ඩුවට තරම්වත් යුක්ති යුක්ත අයිතියක් ඔබට නැත. නවීන සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය හදාරන්න. ඔබ කියන ආකාරයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නවීන සමාජයන්හි ක්‍රියාත්මක කළ නො හැකි ය. එය රෝමයේ ක්‍රියාත්මක වූයේ ද සීමිත පිරිසකගේ ආධිපත්‍යය වෙනුවෙන් පමණි.

මෙම ප්‍රශ්නයට තවත් කදිම පිළිතුරක් චන්දන ප්‍රසන්න විසින් ලබා දී තිබිණි. ඒ මෙසේ ය:

දැන් එතකොට අපි 'ආණ්ඩු' කියල ජාතියක් පත්කරන්නෙ මොකටද? මම දන්න විදියට නම් මහජනතාව තමන් සතු ස්වාධිපත්‍යය බලය යම් නිශ්චිත කාලයක් සඳහා යම් කණ්ඩායමකට පවරනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකට ඉදිරිපත් වෙද්දි ඒ පක්ෂ තමන්ගේ මූලික ප්‌රතිපත්ති ජනතාවට කියනවා. ඒ මූලික ප්‍රතිපත්ති රාමුව උඩ ඉඳන් නීති හදන එක/ ගිවිසුම් ගහන එක වගේ දේවල් ඒ ආණ්ඩුව කරන්න ඕන. නැත්නම් හැම පනතකටම/ ගිවිසුමකට ම ජනමතවිචාරණයක් තියන්න බෑනේ... මම හිතන්නේ unp ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා විදේශ ගිවිසුම් ගැනත්. එයාලා තමන්ගේ ලිබරල් ස්ථාවරය ගැන පැහැදිළිව කියල තියෙනවා. ඔන්න බැරිවෙලාවත් ලිබරල් ප්‍රතිපත්ති උඩ බලයට ආපු unp එක සමාජවාදී, ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට යනව නම් ඒකෙ තමයි අවුල තියෙන්නේ... එකතොට අපිට අහන්න පුළුවන් ''කවුද ඔව්ව කරන්න අවසර දුන්නෙ" කියල...

3. මා විසින් මතු කර දක්වන්නේ සාපේක්ෂ වාසියක් නොව, ඉතා පැහැදිලි දේශපාලන ක්‍රියාවලියකි. එය වනාහි දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමේ සංදර්භය තුළ හා ලෝකයේ කම්කරු පංතිය අතර සම්බන්ධතා ශක්තිමත් වීම යන සංදර්භයන් තුළ ඉන්දියාවත් සමග ආර්ථික ගිවිසුම අදාළ වන දේශපාලන ක්‍රියාවලියයි. මම ඒ ගැන ලිපි ගණනාවක ලියුවෙමි. එහෙත් නිර්මාල්ට ඒවා පෙනෙන්නේ නැත. ඔහුගේ පුහු පණ්ඩිතමානී මනස ඒවා ගැන කතා කරන්නට සූදානම් නැත. නිදාගෙන සිටින අය අවදි කළ හැකි මුත් බොරුවට නිදාගන්නන් අවදි කරන්නට බැරි ය.

නිර්මාල් ජාතිවාදියකු බව මම කීවෙමි. ඒ ඔහු ආර්ථික ජාතිකවාදයකු නිසා ය.

නිර්මාල් ජාතිවාදියකු පමණක් නො වේ. ඔහු ස්වෝත්තමවාදියෙකු බව ද කියමි. ඒ ඔහුගේ සංවාද ප්‍රවේශය තුළ දක්නට ලැබෙන පුහු පණ්ඩිතමානීකම නිසා ය.

රස්තියාදුකාරයන් වන අපට නිර්මාල්ට ලොකු බොහෝ දේ ලොකු නැති බව කියන්නට අවශ්‍යව තිබුණත්, අපට ගුරුහරුකම් දුන් අයකු ලෙස ඇති ගෞරවය නිසා මෙතෙක් නො කියා සිටියෙමි. එහෙත් මේ අවස්ථාවේ කියමි.

ස්වෝත්තමවාදයන්ගෙන් ගැලවීම අතිශය දුෂ්කර ය. පාසල්වාදය එයට හොඳම උදාහරණයකි. පුරුෂෝත්තමවාදයෙන් ගැලවුණු අය පවා පාසල්වාදය ළඟ නිරුවත්ව සිටිනු දැකිය හැකි ය. වාසනාවට නිර්මාල් නම් තමන්ගේ අල්මා මේටරය ගැන නන් දොඩවනු අසා නැත.

දේශපාලන සංවාදවලින් පසුව, පෞද්ගලිකව තරහා වන සෙසු බොහෝ වාමාංශික පසුගාමීන්ට වඩා නම් නිර්මාල් ඉදිරියෙන් සිටින බව සිතමි. හෙටත් අප මිතුරන් ම වනු ඇතැයි පතමි.

මෙන්න නිර්මාල්ට අලුතින් ලැබුණු අනුගාමිකයකුගෙන් මට ලැබුණු ප්‍රතිචාරය.

නිර්මාල් ජාතිවාදීයෙක් නම් උඹ මෝඩ තක්කඩි කාලකන්නියෙකි.
උඹ ගේ ඉහ නිකට පැහිල තියෙද්දිත් උඹ නොදකින ekta ගිවිසුමේ අදුරු පැත්ත
නිර්මාල් දේවසිරි දකිනව.
ඕක තමයි ඇත්ත .
උඹට තියෙන්නේ කුහක කමක් නැතිව උඹ නොදකින
එතුමා දකින අදුරු පැති ගැන කුහක කමක් නැතිව ගරු කිරිමයි.
නමුත් මම දන්නවා
උඹ ආත්මෙකට ඒක කරන්නේ නැහැ .
මොකද උඹට ඕන මේ රටේ උගතුන් මොන මගුලක් හරි කරල යට.කරල තියාගන්න .
තව ටිකක් වට පිට බල බල ඉදල කියපං
නිර්මාල් දේවසිරි මැදමුලන එකාගේ බත් බැලයෙක් කියල.

අලුත් යාලුවන් සමග අලුත් ගමනක් යන අපේ මිත්‍රයාට සුබපැතුම්!

කලින් ලිපිය මෙතනින්. ඊට පෙර ලියූ ලිපිවලට සම්බන්ධතා පුරුක් එහි තිබේ.

දුර බලනු! ළඟ නො බලනු! ETCA ඉදිරියට ගෙන යනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නිර්මාල්ලා හරි පවු.... මෙයාලා ඇවිල්ලා බැසිල්ලට ඇන්දුනු මහා පොරවල් නේ.... අනික මෙයාලා හිතාගෙන ඉන්නවා ආන්ඩුව කියන්නේ එයාලය කියලා... (මේ වගේ අයට බලය ලැබුනොත් කොහොම තියෙයිද කියලා හිතා ගන්න පුළුවන්...

    මහින්දලා හෙජින් ගහන කොට නිර්මාල්ගෙන් ඇපෲවල් අරගෙන වෙන්න ඇති ගිවිසුම ගැහුවේ....

    ReplyDelete
  2. නිර්මාල්ගේ අවුල"රාජපක්ෂට බැනීමෙන්" තමන් ලබාගත්තා කියල හිතන "පොරත්වය" රනිල්ට බැනීමෙන්, එට්කා විවේචනය කිරීමෙන් රැකගත හැකියි කියල හිතන එක..

    ReplyDelete
  3. ඇයි පැරා මේ ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ?

    ReplyDelete
    Replies
    1. @ Lankika Sithuwili March 25, 2016 at 9:46 PM >>>

      ඇයි උඹ උඹේ නම ප්‍රසිද්ධ නොකරන්නේ?

      Delete
    2. ප්‍රසිද්ධ කරන්නට ගිවිසුමක් තිබේද? අප දන්නා තරමින් ලංකා රජය ගිවිසුමේ කෙටුම්පතක් ඉන්දියානු රජයේ අදහස් සඳහා යොමුකර තිබේ. අවසාන කෙටුම්පත ජනතාවට ප්‍රසිද්ධ කරනු ඇතැයි අප සිතනවා.

      Delete
  4. පැරකුම් ඔය ගිවිසුම කියෙව්වාද
    ඔබ කියවන ලද පිටපත සම්පූර්නයෙන් මෙහි පළ කල හැකිද?
    ඔබ ඔය කියන ECTA එකට පක්ෂ මූලධාර්මිකව යැයි පවසයි. ඔබේ ස්ථාවරය හැඳින්වීමට ඒවැනි විශේෂණයක් යොදන්නේ ඇය?
    මෙම ගිවිසුම අනිවාර්යෙයෙන්ම ක්‍රියාත්මක කල යුතු යැයි යන්න ඔබ තරයේ ප්‍රකාශ කරන බැවින් මෙම ගිවිසුමේ එක් එක් වගන්තිය ඉදිරිපත් කර ඔබ එයට පක්ෂ වීමට බලපාන හේතු තාර්කිකව ඉදිරිපත් කළ හැකිද?
    ඔබ එසේ කිරිම පැහැර හරින්නේ නම් නම් ඔබ වෙනත් වාසි තකා මෙම ගිවිසුමට පක්ෂ ප්‍රචාරකයෙකු ලෙස ක්‍රියාකරන බවටත් ඔබ ඊට “මූලධාර්මිකව“ පක්ෂපාති යැයි යන වචනය පාවිච්චි කරන්නේ අවශ්‍ය විටෙන ඇඟබේරා ගැනීමට ඉඩ ප්‍ර්‍රස්ථාව සලසා ගැනීමේ පූර්වෝපායක් ලෙස බවත් පවසනු කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඔය ගිවිසුම වෙනුවෙන් බුරන එකෙක්වත්,ඊට එරෙහිව බුරන එකෙක්වත් ඔය ගිවිසුමේ තියෙන එක වගන්තියක් ගැනවත් කියන්නේ නැහැ.මේවා කියවන අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන එකම දේ නම් මොන පාටද කියලවත් නොදන්නා දෙයක් ගැන මුන් දෙගොල්ලක් දෙපැත්තේ ඉඳන් බුරාගන්නවා.උද්ගෝෂණ කරනවා. ඕක දැකපු, කියවපු එකෙක් ඉන්නවනම් දාපියව්කෝ ඔකේ තියෙන එක වගන්තියක් හරි අපටත් කියවලා බලන්න.

      Delete
    2. ගිවිසුම ප්‍රසිද්ධ කළ විට එය ගැන කතා කළ හැකියි. නැති ගිවිසුමක් ගැන කලබලයක් ඇති කළේ අප නොවෙයි. ඒ ගැන හයිඩ් පිටියේ රැස්වීම් පවත්වපු අයට කියන්න ගිවිසුම ප්‍රසිද්ධ කරන්න ය කියලා.

      මා කතා කරන්නේ ගිවිසුම හා සම්බන්ධ දේශපාලන ක්‍රියාවලිය ගැනයි. මා පෙන්වා දෙන දේශපාලන ස්ථාවරය ගැන සංවාද කරන්නට ගිවිසුමක් තිබීම හෝ නො තිබීම ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    3. පැරා,

      ඉතින් නැති ගිවිසුමක් වෙනුවෙන් පෙනීසිටින්නේ කොහොමද?

      Delete
    4. ඔය ප්‍රශ්නය මෙහෙමත් අහන්න පුළුවන් නේ. නැති ගිවිසුමකට විරුද්ධ වෙන්නේ මොකටද?

      මම කියන දේ නැවතත් කියන්නම්. මං කියන්නේ එවැනි ගිවිසුමක් නැතිනම් ගිවිසුමක් ගැසිය යුතු බවයි.

      Delete
    5. ///මම කියන දේ නැවතත් කියන්නම්. මං කියන්නේ එවැනි ගිවිසුමක් නැතිනම් ගිවිසුමක් ගැසිය යුතු බවයි.///

      අයියෝ සල්ලි...

      Delete
    6. //නැති ගිවිසුමකට විරුද්ධ වෙන්නේ මොකටද?//

      කවුද විරුද්ධ උනේ හෝ එකග උනේ ?
      රජය තම සැලසුම තමන්ට බලය ලබාදුන් ජනතාවට පෙන්වන්න බැරිනම් සැක ඇතිවීම සාමාන්‍යයි.

      තමන් අවන්කනම් ක‍රන්න යන දේ කිව්වා ජනමතය ලබාගත්ත ක්‍රියාත්මක කළා මොනාද මේ කරන කෙලි ?

      Delete
    7. @ Lankika Sithuwili
      මෝඩයෝ ගිවිසුම කෙටුම්පත් කරලා ඉවර උනහම එක පාර්ලිමේතුවට ඉදිරිපත් කරනවා... ඊටපස්සේ ඒ ගැන විවාද කරනවා සම්මත අරගන්න කලින්... ඔහේට රුදාවක් තිබ්බට ඔක්කොටම කලින් ඔහේට ගිවිසුම ගෙනත් පෙන්නන්න ඔහේ මහ ලොක්කෙක් කියලද හිතාගෙන ඉන්නෙ...
      මහින්දට හොරෙන් කඩේ යන ඔබලා වගේ ඔවුන්ගේ යූඑන්පී විරෝදයන් සමනය කරන්න රටේ වැඩ කෙරෙන විදිහ වෙනස් කරන්නෑ.....

      එට්කා අත්සන් කරනවාමයි.... 2030 දක්වා මේ ආන්ඩුව පවතිනවාමයි.... ඒදෙක දරාගන්න බැරිනම් අපිට පව්නොදී වෙන කොහේට හරි පලයන්...

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. AnonymousMarch 26, 2016 at 11:49 AM,

      Punjab වල ඉගනගත්ත තමුන් වගේ අයට හරියට රිදෙනවා නේද ?

      Delete
    10. ගොන්බිජ්ජො මට ඇමරිකවෙ ග්‍රීන්කාඩ් කාඩ් තියෙද්දි පන්ජාබ් යන්නෙ උබට අහවල් එක කරන්ඩ වැයි?

      Delete
    11. බොල නිපුණයෝ තොගේ ලුණු ගොරක මදි මාව තම්බන්න

      Delete
    12. ගොන්බිජ්ජො මම දන්න නිපුනයෙක් නම් නෑ, මහින්දට හොරෙන් කහින උන්ත පිස්සු පීකුදු වෙන කාලයක් වෙන්නැති මේක... 2030 වෙනකම් රනිල්ගේ නායකත්වයෙන් තියෙන ආන්ඩුවක් තියෙනව කියල හිතාගෙන ඉන්නකොට බොලාට පිස්සු හැදෙනව තමා.... ඔය ලාන්කික මෙව්ව ටික කොලේක ලියල, උනු වතුරෙන් පොගවල ගුද මාර්ගයට ඇතුලු කරගනින්....

      Delete
  5. නිර්මාල්ගේ පුකත්වය හෙලි උනා.
    - මීට කකා

    ReplyDelete
  6. 26 වෙනිදාට
    කොතැන හරි ,
    කෙසේ හරි ,
    කොහොම හරි ,
    කවුරු හරි,
    කාට හරි
    "මන් පොර" වෙයි

    ඉතින් අපට පාන්ද ? පැරා සවසට හමුවෙමු දැන හැදින්ගන්නත් එක්ක

    ReplyDelete
  7. නිර්මාල් ආචාර්ය උපාදියක් ලබා ගත්තෙකි... පැරා තුමාගේ අජ්ජාපන සුදුසුකම් මා දන්නේ නැත...

    උගත් හාදයන් ට ගැරහීම ඒ ජා ප යේ අලුත් ම වියපෘතිය ද?

    නැත්නම් ඊරිසියාවද?

    ReplyDelete
    Replies
    1. උගත්කම් නැති අප වැනි අය දේශපාලනයට මැදිහත් වන විට එයට ගැරහීම අයත් වන්නේ කුමන ව්‍යාපෘතියට ද? එයත් ඉරිසියාවක් ද?

      Delete
    2. සාමාන්‍ය පොදු ජනතාවට දේශපාලන සංවාදවලට මැදිහත් වන්නට තිබෙන අයිතියට පාණ්ඩිත්‍යයෙන් තග දමමින් අරක වැරදියි මේක වැරදියි කියන්නට ඔවුන්ට අයිතියක් නැත.

      එතකොට මේක ආවෙ කොහොමද.?
      රනිල්ට මේක අදාල නැත්ද.?

      Delete
    3. ඔයාට රනිල් තග දැම්මා නම් ඒක රනිල් එක්ක බේර ගන්න. මට නම් රනිල් තග දාලා නැහැ. දැම්මොත් එතකොට බලමු.

      අනෙක චතුරලා වගේ එවුන්ට දාන තග වෙනුවෙන් පෙනී ඉන්න මට කිසිදු අමාරුවක් නැහැ.

      පෙනී සිටිය හැකි මිනිසුන්ට දේශපාලකයන් තග දැමූ හැම විට ම අපි දේශපාලකයන්ට එරෙහිව පෙනී සිට තිබෙනවා. එතනදී රනිල් ද මහින්ද ද කියන එක අපට වැදගත් නැහැ.

      උදාහරණයක් වෙනුවට නිර්මාල්ට එහෙම දෙයක් වුණොත් මම පෙනී ඉන්නවා.

      Delete
    4. // උගත්කම් නැති අප වැනි අය දේශපාලනයට මැදිහත් වන විට එයට ගැරහීම අයත් වන්නේ කුමන ව්‍යාපෘතියට ද? එයත් ඉරිසියාවක් ද? //

      නිර්මාල් ඔබෙන් ප්‍රශ්න තුනක් අසා තිබේ.... එය ගැරහිල්ලක් වන්නේ කෙසේද?

      Delete
    5. මෙම කතාවට ඉතිහාසයක් ඇත.

      Delete
    6. පැරාගේ තර්ක..
      රනිල් අතිශය ප්‍රසිද්දියේ තර්ජනය කල විට අපි එක එකා පුද්ගලිකව ගොස් ඔහු ස්මග විසදා ගත යුතු අතර නිර්මාල්ලා ප්‍රශ්නයකට උත්තරයක් ලෙස කරුනු දැක්වේමක් තර්ජනය කිරීමක් ලෙස දැක ඔවුන්ට එලෙස අයිතියක් නැතැය් කියා ඔව්න්ව ජාතිවාදී කල යුතුය.

      Delete
    7. //නිර්මාල්ට එහෙම දෙයක් වුණොත් මම පෙනී ඉන්නවා//

      දුරකථන කාඩ් එකක් අරන් ඉතිරි රුපියල නොලැබුණු වෙලාවක නිර්මාල් දේවසිරි කඩකාරයාට පාරි‍භෝගික ප්‍ර‍ඥප්තිය ගැන දේශනයක් දෙන්න යනවා.
      කඩකාරයා හොම්බට දෙකක් ඇනලා දේවසිරිව කාණුවට ඇදලා දානවා.
      ඒ වෙලාවේ දේවසිරි වෙනුවෙන්වත් පාරිභොගික අයිතීන් වෙනුවෙන්වත් එකෙක්වත් පෙනී හිටියද?

      Delete
  8. Part I

    ඇයි ශ්‍රම සංචලනය විතරක්?

    මම හිතන්නෙ සමාජවාදීන් ගේ සටන් පාඨය වෙන්න ඕනෙ දේශ සීමා විවුර්ත කරනු කියන එකයි. එතකොට අපිට පුළුවනි ලෝකෙ ඕනෑම තැනක ගිහින් රස්සව කරන්න. ඇමෙරිකාවෙ යන්න ග්‍රීන් කාර්ඩ් ඕනෙ නෑ.

    අපි කිව්වයි කියලා ලෝකෙ අනිත් රටවල් තමන් ගෙ දේශසීමා විවුර්ත කරන්නෙ නෑ තමයි. (මොකද අපිට පිස්සු තිබුනට උන්ට පිස්සු නෑනෙ.) නමුත් අපි අපේ රටේ ආණ්ඩුවට බල කරන්න ඕනෙ අපේ රටේ දේශසීමා විවුර්ත කරන්න කියලා. අපි දේශසීමා / පාස්පෝර්ට් / රේගුව / ජාතික රාජ්‍යය වගේ දේවල් පවත්වා ගෙන යනවයි කියන්නෙ අපි ජාතිවාදී කියන එක. ඒ නිසා අපි ආණ්ඩුව ට බලපෑම් කරන්න ඕනෙ ලෝකෙ ඕනෑම කෙනෙකුට අපේ රට ට ඇවිත් පදිංචි වෙන්න / පුරවැසිකම ලබා ගන්න / මැතිවරණ වල දී ඡන්දයන් භාවිතා කරන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. ඒකට කිසියම් කෙනෙක් විරුද්ධ වෙනවා නම්, එයා ජාතිවාදියෙක්.

    ප්‍රාග්ධනයේ සංචලනයට, ශ්‍රමයේ සංචලනයට තියෙන බාධා විතරක් නෙමෙයි, ස්වාභාවික සම්පත් වල සංචලනයට තියෙන බාධා අපි ඉවත් කරන්න ඕනෙ. මොකද අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත්, අපි හිතනවානම්, අයිති අපේ රටේ මිනිසුන්ට විතරයි කියලා ඒ කියන්නෙ අපි ජාතිවාදී කියන එකයි. වෙනත් රටවල තියෙන ස්වාභාවික සම්පත් අපිට ගන්න බැරිවෙයි. ඇමෙරිකාව ඒගොල්ලන්ගෙ යුරෙනියම් ටික එතකොට මැදපෙරදිග තියෙන ඛනිජතෙල් ටික අපිට ගන්න ඉඩ දෙන එකක් නෑ. ඒත් එහෙම කියලා, අපි අපේ ස්වාභාවික සම්පත්, අනිත් රටවලට ගන්න දෙන්නෙ නැත්නම්, අපි ජාතිවාදී වුනා වෙනවා. ඒ නිස අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත්, විශෙෂයෙන්ම ඉදිරියේදී හිඟවීමට නියමිත සහ දැනටම, අල්ටිමෙට් කමොඩටි කියලා හඳුන්වන පිරිසිදු ජලය අපි අනිත් රටවලට ඇවිත් අරන් යන්න දෙන්න ඕනෙ. ඇමෙරිකාව, යුරෝපය වගේ දුර තියෙන රටවල ට, මෙහෙ ඇවිල්ල අරං යන්න අමාරුයි නම්, අපි ගිහිල්ල හරි අපේ වතුර ටික ඒ අයට දෙන්න ඕනෑ. නැතිනම් අපි ජාතිවාදි වෙයි හොඳේ. මොකද අපේ රට, ඒ රටවලට දුරින් පිහිටලා තියෙන එක, ඒ රටවල වරදක් නෙමෙයි, අපේ වරදක්. දැන් බටහිර රටවල පරිසරය සෑහෙන්න දුෂණය වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ රටවලට අව්ශ‍ය දේ අපි නිශ්පාදනය කරලා, අපි අපේ පරිසරය දූෂණය කර ගන්න ඕනෙ. මොකද, අපේ පරිසරය කියලා අපි හිතනවා නම්, ඒක ජාතිවාදී යි. ඒ නිසා තමයි අපි දැනටමත් ඉන්දියාවට අවශ්‍ය විදුලිය නිශ්පාදනය කරන්න සාම්පූර්වල තාප බලාගාරයක් හදන්න පුළුවන්ද කියලා බලන්නෙ. ඒවගේම, අපි අපේ සියලුම ශාක, සත්ව, ජාන පිටපත් අනිත් අයට දෙන්න ඕනෙ.

    ප්‍රාග්ධනයේ, ශ්‍රමයේ සහ ස්වාභාවික සම්පත් වල විතරක් නෙමෙයි, තාක්ෂණයේත් නිදහස් සංචලනයට තියෙන බාධා අපි ඉවත් කරන්න ඕනෙ. ඒ සඳහා අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෙ සියලුම පේටන්ට් බලපත්‍ර අහෝසි කරලා, ඕනෙම කෙනෙකුට ඕනෙම තාක්ෂණයක් භාවිතා කරන්න ඉඩ දෙන්න ඕනෙ කියලා. ලෝකෙ අනිත් රටවල්, විශේෂයෙන්ම වැඩිම පේටන්ට් බලපත්‍ර තියා ගෙන ඉන්න ඇමෙරිකාව ඒ අයගේ තාක්ෂණයන් අන් අයට භාවිතා කරන්න දෙන එකක් නෑ. අඩු ගානෙ ඉන්දියාවවත් ඒ අයගෙ පේටන්ට් බලපත්‍ර නිදහස් කරන එකක් නෑ. ඒත් අපි, අපි ගාව මොනවා හරි තාක්ෂණයක් තියෙනවා නම්, ඒවා අපි ඉන්දියාවටයි අනිත් අයටයි භාවිතා කරන්න තියෙන බධා ඉවත්කරලා අනිත් අයටත් පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕනෙ. නැතිනම් අපි ජාතිවාදී වෙනවා. අපේය කියලා කිසිම දෙයක් තියෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. //අපි කිව්වයි කියලා ලෝකෙ අනිත් රටවල් තමන් ගෙ දේශසීමා විවුර්ත කරන්නෙ නෑ තමයි. (මොකද අපිට පිස්සු තිබුනට උන්ට පිස්සු නෑනෙ.) //

      දැනටමත් යුරෝපා සංගමයේ රටවල් 28ක දේශසීමා විවෘත කරලා නිදහස් ශ්‍රම සංචලනය ලබාදීලා තියෙනවා.. ඉන්දියාව හා නේපාලය අතරත් කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා එහා මෙහා ගොස් රැකියා කිරීමට පූර්න දේශසීමා නිදහස් තිබෙනවා. ඕස්ට්‍රේලියව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල එකිනෙකා සමග ගිවිසුම්ගතවී ඇති working holiday visa programs වලිනුත්, ඇමරිකාවේ නීතිවිරෝදී සංක්‍රමනිකයින්ට පවා නිදහසේ ජීවත්විය හැකි sanctuary cities වලත් වෙන්නේ මෙවැනි නිදහස් ශ්‍රම ගලනයක් තමා..

      //ඇමෙරිකාව ඒගොල්ලන්ගෙ යුරෙනියම් ටික එතකොට මැදපෙරදිග තියෙන ඛනිජතෙල් ටික අපිට ගන්න ඉඩ දෙන එකක් නෑ. ඒත් එහෙම කියලා, අපි අපේ ස්වාභාවික සම්පත්, අනිත් රටවලට ගන්න දෙන්නෙ නැත්නම්,//

      තේරුමක් නැති කතා, මැදපෙරදිග තෙල්ටික ඔවුන් ලෝකයටම මුදල් වලට ගන්න දෙන නිසා තමා ලෝකයේම වාහන දුවන්නේ...

      //දැන් බටහිර රටවල පරිසරය සෑහෙන්න දුෂණය වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ රටවලට අව්ශ‍ය දේ අපි නිශ්පාදනය කරලා, අපි අපේ පරිසරය දූෂණය කර ගන්න ඕනෙ. //
      නෑ, ඔබට කැමතිනම් කිසිම දෙයක් නිෂ්පාදනය නොකර දඹදෙනි යුගයේ වගේ ජීවත්වෙන්නත් පුලුවන්...

      // ඒ නිසා තමයි අපි දැනටමත් ඉන්දියාවට අවශ්‍ය විදුලිය නිශ්පාදනය කරන්න සාම්පූර්වල තාප බලාගාරයක් හදන්න පුළුවන්ද කියලා බලන්නෙ.//
      චීනයේ ලෝකෙටම අවශ්‍ය දේ හදල විකුනන්න කර්මාන්තශාලා හදාගෙන ඉන්නේ ඔය වගේ මෝඩ කතා කියන උන් එහේ නැතිනිසා වෙන්න ඇති..

      //විශේෂයෙන්ම වැඩිම පේටන්ට් බලපත්‍ර තියා ගෙන ඉන්න ඇමෙරිකාව ඒ අයගේ තාක්ෂණයන් අන් අයට භාවිතා කරන්න දෙන එකක් නෑ.//
      ඇමරිකාව තමන්ගේ තාක්ශනය භාවිතා කරන්න නොදුන්නානම් ඔබට මේවා කොටන්න අන්තර්ජාලයකුත් නෑ...

      මෝඩකමට සීමා නැතිබව පෙන්වා දුන්නාට ස්තූතියි..

      Delete
    2. Part A

      නිර්මාල් ගේ ප්රධානම තර්කය ආරක්ෂණවාදය යනු සමාජවාදී පියවරක් බවත්, ඔහු එට්කා විරෝධියකු වන්නේ ජාතිවාදී පදනමකින් නොව ආරක්ෂණවාදී පදනමකින් බවත්ය.

      මීට එරෙහිව පළවී තිබුනු ප්රතිචාරය වූයේ "ඉන්දියාව එක්ක ආර්ථික ගිවිසුමක් අත්සන් කළ පළියට ආරක්ෂකණවාදයන් ඔක්කොම අහෝසිවන්නේ නැත" යන්නයි.

      ඉන්දියාව එක්ක අත්සන් කරන්නේ ආර්ථික ගිවිසුමක් ද? ඒ ගිවිසුම ආර්ථික ගිවිසුමක් බව දන්නේ කෙසේද? එම ගිවිසුම ආර්ථික ගිවිසුමක් ලෙසට අර්ථ නිරූපණය කළ හැකිද? යන ප්රශ්න දැනට පැත්තකින් තබමු.

      දී තිබුනු ප්රතිචාරයෙන් ආරක්ෂණවාදය සමාජවාදී පියවරක් ය යන නිර්මාල් ගේ ස්ථාවරය අභියෝගයට ලක් කර නැත. එපමණකින් ම නිර්මාල් ජය ලබා අවසන් අතර (මේ තත්වය යටතේ දිගින් දිගටම වාද කිරීමට පෙළඹෙන්නේ කෙසේද යන්නම ප්රහේලිකාවකි. එමෙන්ම ආරක්ෂණවාදයන් ඔක්කොම නැති නොවී ටිකක් හරි ඉතුරු වෙනවා නම් එය අගය කරන බවක් ද ගම්ය වෙයි.) මගේ ඉහත ප්රතිචාරය නිර්මාල් ගේ ජය වෙනුවෙන් ජයපැන් බීමක් පමණි.

      ආරක්ෂණවාදය තුල දුර්වලයා රැක ගැනීමේ අභිප්රාය ඇති අතර වෙළඳ පොළ බලවේග අතින් හෝ දේශපාලනික හෝ වෙනත් හෝ කේවල් කිරීමේ ශක්තිය හරහා ඉදිරියෙන් සිටින අය අතින් හෝ කිසියම් දෙයක පැවැත්ම අභියෝගයට ලක් වෙයි නම් එකී දෙයෙහි පැවැත්ම රැක ගැනීම සමාජවාදී වන අතර කේවල් කිරීමේ ශක්තිය අඩු අය විනාශ වී යාමට ඉඩ දීම සමාජ විරෝධී වෙයි.

      එට්කා හී ඇත්තේ "හැකි එකා රජ වෙයන් - බැරි එකා හැඳිගෑවියන්" යන්න වන අතර එය සමාජ විරෝධී වෙයි. නිර්මාල්, සුමනසිරි ලියනගේ වැනි වාම නැඹුරුවක් සහිතවුන් එට්කා විරෝධීන් වීම අහම්බයක් නොවේ.

      හැකි එකාට රජවීමට ඉඩ දීම සමාජ ප්රගමනයට අවශ්යය යන ලිබරල්වාදී තර්කය, ධනවාදය යනු සමාජවාදය යැයි සිතන කොළපාට සමාජවාදීන් ද අපට ඒත්තු ගැන්වීමට උත්සාහ කළත්, සෝවියට් විද්යාඥයන්, ඇමෙරිකානුවන්ට ද ප්රථම අභ්යාවකාශයට වස්තුවක් යැවූ බව අමතක නොකළ යුතුයි.

      මගේ ප්රතිචාරයේ තවත් කාරණා කිහිපයක් සඳහන් වුනා.

      එකක්, ජ්යායන්තරවාදීන් සටන් කළ යුත්තේ නිදහස් ශ්රම සංචලනය ට ත් එහා ගිය දෙයක් වන දේශ සීමා අහෝසි කර ගැනීමක් වෙනුවෙන් ය යන්න. ලොකයේ කිසිම රටක්, ලෝකයේ වෙනත් ඕනෑම රටක මිනිසුන්ට තම රට ට පැමිණ තම රටේ රැකියා ලබා ගැනීමට හැක කියා ප්රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. ඒ කියන්නෙ පුරවැසිකම, ඡන්දය ප්රකාශ කිරීම, සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබා ගැනීම, ආදිය සම්බන්ධව තබා, ස්ථිර පදිංචිය ලබා ගැනීම, රැකියා කිරීම ආදිය සම්බන්ධව වත්, ලෝකයේ කිසිදු රටක් දේශසීමා විවුර්ත නොකරන අතර එයම ආරක්ෂණවාදී වෙයි. (එට්කා යටතේ මෙහි පැමිණෙන ඉන්දියානුවන්ට මෙහි ඡන්ද බලය නොදීම ජාත්යන්තරවාදීන් අනුමත කරයි කියලා හිතන්න බෑ.) ජ්යායන්තරවාදීන් සටන් කළ යුත්තේ නිදහස් ශ්රම සංචලනය ට ත් එහා ගිය දෙයක් වන දේශ සීමා අහෝසි කර ගැනීමක් වෙනුවෙන් ය යන්නෙහි තේරුම වන්නේ ජාත්යන්තරවාදීන් කියන දෙයෙහි සැබෑ තේරුම අවබෝධ කර ගැනීමට අපට එට්කා වලිනුත් එහාට සිතන්න වෙන බව.

      මෙහිදී යුරෝපා සංගමය උදාහරණයක් නෙමෙයි. යුරෝපයේ ඇතැම් රටවල් තම දේශසීමා ඇතැම් කටයුතු සඳහා හෝ ඇර ඇත්තේ තවත් යුරෝපා රටවල අයටම මිස අප්රිකානුවන්ට නෙමෙයි. ඕස්ට්රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවල් වුනත් ලෝකයේ ඕනෑම රටකින් ඕනෑම කෙනෙකුට ඇවිත් රැකියා කරන්න දෙන්නේ නෑ. ලෝකයේ ඕනෑම රටක් වෙන රටවල අයට තම රට ට එන්න ඉඩ දෙනවා නම් එසේ ඉඩ දෙන්නේ තම රට ට ප්රයෝජනයක් අත් වෙන විදියටටයි. නැතුව ජාත්යන්තරවාදී වීම සාඳහා නෙමෙයි. ඇමෙරිකාව නීති විරෝධී සංක්රමණිකයන් සඳහා ඉඩ දෙන්නේ ඔවුන් ගේ අනේකවිධතා වීසා ක්රමයේ දිගුවක් වශයෙනුයි. නමුත් අනෙක් උදාහරණ වගේම ඇමෙරිකානු නීති විරෝධී සංක්රමණිකයන් පිළිබඳ ගැටළුව ද අපේ සංධර්භයට අදාළ වන එකක් නොවේ. වෙනත් රටවලින් වාර්ෂිකව මිනිසුන් ගෙනැවිත් මෙහි පදිංචි කරවා ගැනීමේ පිළිවෙතක් අපිට මෙහි නෑ. ඉන්දියාව සහ නේපාලයවත් ගැලපෙන උදාහරණ නෙමෙයි. නේපාලය කියන්නෙ, ඉන්දියාවෙ ප්රාන්තයක් වශයෙන් වුනත් පවතින්න බැරි රටක් නෙවෙයි.

      Delete
    3. Part B

      මම සඳහන් කරපු ඊළඟ කාරණය තමයි අපි නිදහස් ශ්රම සංචලනයට වගේම, ස්වාභාවික සම්පත් වලත් නිදහස් සංචලනයට ඉඩ දෙනවද කියන එක. එක පැත්තකින් අපේ රටේ තියෙන සම්පත් අයිති අපේ රටට විතරයි කියන එක එච්චර ජ්යාත්යන්තරවාදී අදහසක් නෙමෙයි. අනෙක් පැත්තෙන් නිශ්පාදනය සඳහා ප්රාග්ධනය සහ ශ්රමය පමණක් නොවෙයි, ස්වාභාවික සම්පත්, තාක්ෂණය, ආදියත් අවශ්යයි. එම නිසා අපි ඉඩ දෙන්නෙ, ප්රාග්ධනයේ සහ ශ්රමයේ නිදහස් සංචලනයට විතරද, එහෙම නැත්නම් අපි ස්වාභාවික සම්පත්, තාක්ෂණය ආදියේත් නිදහස් සංචලනයටත් ඉඩ දෙනවාද කියන ප්රශ්නය මතු වීම වැළැක්වීමට බෑ. ලෝකයේ කිසිම රටක් තමන් සතු ස්වාභාවික සම්පත්වල නිදහස් සංචලනයට ඉඩ දී නෑ. හැමෝටම ඇමෙරිකාවෙ යුරේනියම් අරගන්න බෑ. සමහර රටවල් වෙනත් රටවල ස්වාභාවික සම්පත්වල නිදහස් සංචලනයටවත් ඉඩ දෙන්නේ නෑ. ඇමෙරිකාව, බටහිර ටෙක්සාස් තෙල් වගේම, උතුරු මුහුදේ තෙල් වගේම, මැද පෙරදිග තෙල් වෙළඳ පොළ ද පාලනය කරනවා. ඔපෙක් දේශපාලනය ගැන මෙතන කියා දීමේ ඉඩක් නෑ. මැද පෙරදිග තෙල් මිල තීරණය වන්නේ ඉල්ලුම සැපයුම අනුව විතරක් නෙමෙයි. එහෙම වුනා නම්, මැදපෙරදිග තෙල් ටික ඔවුන් ලෝකයට ම, මුදල් වලට ගන්න දෙනවා කියලා කියන්න තිබුනා. නමුත් මැදපෙරදිග තෙල් පාවිච්චි කරන්න පුළුවන්, ඇමෙරිකානු දේශපාලනය විසින් නිර්ණය කරන සීමාකම් ඇතුලෙයි.

      ඊළඟට තාක්ෂණයේ නිදහස් සංචලනය ට ඉඩ දීමේ ප්රශ්නය. මොකද තාක්ෂණයත්, ප්රාග්ධනය, ශ්රමය, ස්වාභාවික සම්පත් වගේම නිශ්පාදනය ට, වැදගත්. විශාල පේටන්ට් බලපත්ර ප්රමාණයක් ඇමෙරිකාව තුල ලියා පදිංචි කර ඇති අතර, ඒවා අන් අය සඳහා විවුර්ත කිරීමක් සිදු නොවේ. මෙහිදී අන්තර්ජාලයේ ලිවීම වැනි පේටන්ට් කර නොමැති තාක්ෂණයන් උදාහරණ ලෙස හුවා දැක්විමෙන් කාලය නාස්ති වීමට වඩා වැඩි දෙයක් සිදු නොවේ. patented technologies සහ non patented technologies ගැන වැඩි විස්තර මෙහි ලිවීමේ හැකියාවක් නෑ.

      ඊළඟට ජ්යාත්යන්තරවාදියෙකුට අපේ පරිසරය කියලා දෙයක් ගැන කතා කරන්න පුළුවන් ද කියන එක තියෙනවා. අපි අපිට අවශ්ය දෙයක් නිශ්පාදනය කරලා, අපේ පරිසරය දූෂණය කරගන්න එක, එක දෙයක්. ඒත්, වෙනත් රටවලින් අපි පරිසර දූෂණය ආනයනය කර ගැනීම වෙනත් දෙයක්. චීනය වෙනත් රටවල් වෙනුවෙන් භාණ්ඩ නිශ්පාදනය කරන්නේ ඒ රටවල් වෙනුවෙන් තමන් ගේ රටේ පරිසරය දූෂණය කර ගෙන ඒ වෙනුවෙන් කීයක් හරි උපයා ගන්න නෙමෙයි. චීනයට අවශ්ය විශාල ආර්ථික බලවතෙක් වෙන්න. එතන ජනතාව දේශප්රේමී මතවාද වලින් සන්නද්ධ කිරීම, විශාල හමුදා තැනිම වගේ එතරම් ජ්යාත්යන්තරවාදී නොවන වැඩ කිහිපයක් ම තිබෙනවා. දඹදෙනි යුගය කියන්නේ කිසිම දෙයක් නිශ්පාදනය නොකළ යුගයක් නොවෙයි. එකල මෙරට විශාල වී නිශ්පාදනයක් විය. නමුත්, ඒක පැත්තකින් තියමු.

      Delete
  9. Part II


    අපි ප්‍රාග්ධනයේ සහ ශ්‍රමයේ නිදහස් සංචලනයට තියෙන බාධා ඉවත් කිරීම විතරක් නෙමෙයි, ස්වාභාවික සම්පත්, තාක්ෂණය ආදියේ නිදහස් සංචලනයට තියෙන බාධා ඉවත් කලත්, අපි එතනින් නවතින්න හොඳ නෑ. අපි දේශ සීමා විතරක් නෙමෙයි ඉඩම් සීමාත් නැති කරලා දාන ඕනෙ. නැතිනම් ස්වෝත්තමවාදී වෙනවා. අපේ රට කියලා හිතන එක වගේම මගේ ඉඩම කියලා හිතන එකත් සමාජවාදයට විරුද්ධ වීමක්. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්න ඕනෙ දේශ සීමා වගේම ඉඩම් සීමාත් අහෝසි කරන්න කියලා. එතකොට ඕනෙ කෙනෙකුට පුළුවන් වෙන ඕනෙම කෙනෙකුගෙ ඉඩමට පැනලා පදිංචි වෙන්න, වෙනත් රටවලින් මිනිස්සු ගෙනැල්ලා පදිංචි කරවන්න, ඉඩමෙ තියෙන ගස් ටික කපා ගන්න, අස්වැන්න කපලා අරං යන්න, වතුර ටික විකුණන්න, මැණික් ටික හාර ගන්න, වගා කරන්න, කර්මාන්තශාලා ඉදි කරන්න. මේ ඕනෙම දෙයක් කිරීමට තියෙන බාධා ඉවත් කරලා අපි හැම දේකම නිදහස් සංචලනයට තියෙන බාධා ඉවත් කරන්න ඕනෙ.

    මගේය කියන එක, ස්වෝත්තමවාදය, අදාළ වෙන්නේ ඉඩමට, නිවසට විතරක් නෙමෙයි. ඒක මුලු පවුලට ම අදාලයි. එතකොට ඕනෙම කෙනෙකුට පුළුවන් වෙන ඕනෙම ගේකට පැනලා ඒ ගෙදර ඉන්න ගෑනිව උස්සන් යන්න. එතකොට ඒ ගෙදර මිනිහා කිව්වොත් ඔය මගේ ගෑනි කියලා, අපි එයාට බනිනවා ස්වෝත්තමවාදියා කියලා. ඊළඟට ඕනෙම කෙනෙකුට පුළුවන් මගේ ගෙට පැනලා මගේ ළමයින්ව අරං යන්න. මොකද මම හිතනවා නම් මගේ ළමයි අයිති මට කියලා ඒක ස්වෝත්තමවාදී වීමක්. මම හිතන්න ඕනෙ මගේ ළමයි හැමෝටම අයිතියි ඒ නිසා ඕනෙම කෙනෙකුට මගේ ළමයින්ව අරං යන්න පුළුවන් කියලා.

    ඒ නිසා මේ දේවලට තියෙන බාධා ඉවත් කරන්න කියලා අපි ආණ්ඩුවට බලකරන්න ඕනෙ. එක් කෙනෙක්, මේ විදියට ස්වෝත්තමවාදය පිටුදැකීම වහාම තමන්ගේ ගෙදරින් ම පටන් ගන්න යනවා කියලා ආරංචියි. මොකද ඒක එයාගෙ ස්වෝත්තමවාදි නොවන සමාජවාදී ජීවිතයේ කොටසක්. ඌනවර්ධිත බුද්ධියක්, අල්ප නිර්මාණාත්මක හැකියාවක් තියෙන එයා එයාගේ ප්‍රාථමික ජීවිතය සාධාරණීකරණය කර ගන්නෙ, සමාජවාදය කියන්නෙ ජීවන විලාසයක් කියලා හිත හදා ගෙන. මේ අප්‍රේල් පළවෙනිදා මතුගම පැත්තෙ යන අයට පුළුවනි ලොකු බැනර් එකක් දකින්න "අපිට කෙලවේවා! සමාජවාදයට ජයවේවා!!" කියලා. ඒ බැනර් එක ගහලා තියෙන ගෙදරට ගිහින් ඒ නිවසෙ / ඉඩමෙ තියෙන ඕනෙම දෙයක් අරගන්න. ඉඩමෙ කෑල්ලක් අල්ල ගෙන ගෙයක් හදා ගන්න. කව්රු හරි විරුද්ධ වෙන්න ආවොත්, ඔයා ස්වෝත්තමවාදියෙක් ද සමාජවාදියෙක් නෙමෙයි ද කියලා අහන්න. හැබැයි නිදහස් සංචලනයට උදව් කරනවා කියලා ඒ ගෙදර ඉන්න ගෑනිවයි ළමයිවයි ගන්න එපා. මොකද එළදෙන්නුයි හරක් පැටවුනුයි ගෙනිහින් උඹලට පුන්නක්කුයි තණකොළයි හොයන්න වෙයි උන්ට කන්න දෙන්න. මහ හරකා ගාවට නම් යන්නවත් එපා. මොකද ඌට මෑඩ් කව් ඩිසීස්.

    ReplyDelete
  10. පැරකුම් ගිවිසුමේ කෙටුම්පතක් කියෙව්වාද
    කෙටුම්පතක් හරි තියෙනවානම් මේකේ දානවකෝ හලෝ ආඩම්බර නැතුව
    (ෂ‍්ෂ්ස්.......දැකලාවත් නැහැ නේද එහෙම එකක්. පොරටෝක් දුන්නට)

    ReplyDelete
  11. මෙවැනි ඊනියා සහයෝගීතා ගිවිසුම් වලින් සිදුවනුයේ බහුජාතික කාටලවලට රටක සෛවරී නිතී රිති නොතකා කටයුතු කිරීමට හැකිවීමයි. ඇමෙරිකාව සහ යුරෝපය අතර ඇති කිරිමට යන මෙවැනි ගිවිසුමකට බොහෝ දෙනා විරුද්ධ වනුයේ එමගින් මූලික අයිතීන් සහ පාරිභෝගික අයිතිවාසිකම් වල යුරෝපයේ ඇති ප්‍රමිතිය උල්ලංඝනය කිරීමට ඇමෙරිකානු සමාගම්වලට නිතිමය ප්‍රස්ථාවන් විවර කරන බැවිනි.උදාහරණයක් පෞද්ගලික දත්ත ආරක්සාවට ඇති යුරෝපයේ නිතින් නොතකා හැර යුරෝපය තුල කටයුතු කිිරිමට ඇමෙරිකාවට හැකිවන අතර එයට නීතිය හමුවේ අභියෝග කිරිමට ඇති අවස්තාව අහිමිවනු ඇත. එමෙන් ම ජානමය වෙනස් කම් සිදු කරන ලද ආහාර යුරෝපයේ අලෙවි කරන විට ඒය අදාල පැකැට්ටුවේ සඳහන් කළ යුතු යැයි නිතියක් පවතින අතර ඇමෙරිකාවේ එවැන්නක් නැත. නමුත් අදාල ගිවිසුමට අනුව ඇමෙරිකානු සමාගම්වලට තම රටේ නිතිය අනුව කටයුතු කරමින් පැකැට්ටුවල සඳහනක් නොකර ඒවා යුරෝපයට අපනයනය කිරීමට හැකිවනු ඇත. මොන්සැන්ටෝ වැනි බහුජාතික කෘෂිකාර්මික ආධිපත්‍යය දරන සමාගම් මෙම ඇමෙරිකන් යුරෝපා ආර්ථික ගිවිසුම පෙරට දමන්නේ සිය ලාබය තකාය. මොන්සැන්ටෝ ඉන්දියාව තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වන සමාගමක් වන අතර ඉන්දියානු ඇමෙරිකානු ආර්ථික ගිවිසුම් වලින් එයට ඉන්දියාවේ නීති නොතකා කටයු කිරීමට හැකියාව ලැබී ඇත. මොන්සැන්ටෝ ක්‍රියාකාරිත්වය ඉනිදියාවේ කපු නිෂ්පාදනය සිය ග්‍රහණයට ලැනීමට කටයුතු කරමින් සිටින අතර ගොවින්ට සිය දිවි නසා ගැනීමට බලකෙරෙන තත්ත්වයන් උද්ගත කර ඇත. ඉන්දියාව වෙනත් රටක් සමග ආර්ථික සහයොගීතා ගිවිසුම් අත්සන් කරන විට එහි වාසිය සහ රැකවරණය ඉන්දියාව සමග දැනට ගිවිසුම් ඇති කරගෙන ඇති මොන්සැන්ටෝ වැනි සමාගම්වලටද ස්වාභාවිකවම හිමිවේ. ජාන විකෘති කර නිෂ්පාදනය කරන පිළිකා ජනක ආහාර සිය දරුවන්ට දීමට පැරකුම් කැමැති වනු ඇතැයි මම නොසිතමි.

    ReplyDelete
    Replies
    1. ජාන වෙනස් කර හදන කෑම පිලිකාකාරකයි කියන එක මිත්‍යාවක් යැයි ඔප්පුකරලා ගොඩක් කල්...
      මේ තියෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය සෞඛ්‍ය ආයතනයම කියන දේ...

      http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3615871/

      Delete
    2. //ජාන වෙනස් කර හදන කෑම පිලිකාකාරකයි කියන එක මිත්‍යාවක් යැයි ඔප්පුකරලා ගොඩක් කල්...
      මේ තියෙන්නේ ඇමරිකාවේ රාජ්‍ය සෞඛ්‍ය ආයතනයම කියන දේ...//

      යම් ජාන වෙනස්කර හදන යම් නිශ්චිත ආහාර වර්ග පිළිකා ජනක යැයි මේ දක්වා තහවුරුව නැති වෙන්න පුලුවන්. ඇතැම් ඒවායේ ප්‍රතිඵල ලැබෙනුයේ පසු පරම්පරාවන්ටය.
      එක් ආහාර වර්ගයක් හෝ කිපයක් සම්බන්ධව මේ දක්වා ඒවා පිළිකා කාරකයැයි සනාථ වී නැති නමුත් එයින් ජාන වෙනස් කර හදන ආහාර පිළිකා සැදීමට ඉවහල්වේ යැයි යැයි යන මතය පොදු වේ ප්‍රතික්ෂේප කිරීම විද්‍යාත්මක නොවේ.
      ඇමෙරිකන් සෞඛ්‍ය අධිකාරින් පවසන දෙය පිළිගෙන මොන්සැන්ටෝ ආහාර අනුභව කිරීමට කැමැති කට්ටියට එසේ කිරීමට අයිතිය තිබේ. නමුත් එවැනි ජාන වෙනස් කර සදන ආහාර වල අසුරනයන්හි ඒ බව සඳහන් කිරීමට එවැනි සමාගම් අකැමැති ඇයි. එය එවැනි අහාර ගැනීමට අකැමැති අයගේ අයිතීන් උදුරා ගැනීමක් නොවේද?

      පානීය ජලය, ඛනිජ සම්පත්, ජාන සම්පත් ආදියේ පාලනය රටක ජනතාවට කිසිදු ආකාරයකට වග නොකියන සමාගම්වලට පැවරීම මෙමගින් සිදුවේ.මෙම සමාගම් දේශිය ධනපති හෙංචයියන් සමග ගිවිසුම් ගසා ගනිමින් සිදු කරන්නේ මෙම සම්පත් මංකොල්ලයයි. මේ දක්වා බලයේ සිටි සියලු පාලකයන් මේ බහුජාතික සමාගම් වල අතකොළුය. ඔවුන්ට තම වාසිය තකා ජනතාව රැවටීමට හැකිව ඇත්තේ පැරකුම්ලා වැනි අවස්ථාවාදින් හේතුවෙනි.
      මෙය බලගතු සමාගම් විසින් මෙහෙයවන රටවල් සමග ඇති කර ගන්නා ගිවිසුම්වල හානිකර ප්‍රතිඵල ගැන සිතීමට ඇති එක් නිදසුනක් පමණි.


      Delete
    3. මෙන්න ජාන ත්ක්ෂණයේ නියම කතාව

      http://lankasithuwili.blogspot.com/2016/03/blog-post_19.html

      Delete
  12. පාණ්ඩිත්‍යෙයන් තග දැමීම දයාන්ගෙන් ඉගෙන ගත්ත එකක් වෙන්නට පුළුවනි. ඒත් දේශපාලනය යනු ඉගෙනගන්න බැරි අයගේ බූදලයක් ද නොවෙයි. (පණ්ඩිත කතා කියල තග දාන එක අනුමත කරනවා නොවේ.)

    එට්කා ගිවිසුම ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගන්නට යන ආර්ථික ගිවිසුමක් බව පෙනෙන්නට තිබෙනවා තමයි. ඒත් ඒ ගිවිසුම මොකක්ද කියන එක පවා නොදැන ඒකට විරුද්ධ වන්නන් එසේ වන්නේ එයින් ලංකාවේ ආර්ථිකයට හෝ තමන්ගේ ආර්ථිකයට කෙළ වෙන්නට ඉඩ තිබෙන බව සිතෙන නිසා නොවේද?
    පැරා කියා තිබෙන හැටියටම, සමාජවාදියෝ කතා කළ යුත්තේ ලෝක ආර්ථිකය ගැන මිසක් රටේ ආර්ථිකය ගැන නොවේ.

    ReplyDelete
    Replies
    1. -පැරා කියා තිබෙන හැටියටම, සමාජවාදියෝ කතා කළ යුත්තේ ලෝක ආර්ථිකය ගැන මිසක් රටේ ආර්ථිකය ගැන නොවේ.-
      ලෝකයේ ධනේෂ්වර ක්‍රමය ව්‍යාප්ත වූයේ අධිරාජ්‍යවාදී ආක්‍රමණ සමග මිසෙක ඔබගේ සුන්දර සිහින සමග නොවේ. ආසියාවේත් අද උතුරු සහ දකුණු ඇමෙරිකාව ලෙස හඳුන්වන මහාද්වීපවලත් අප්‍රිකාවේත් ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය ලෙස හඳුන්වන රටවලත් මිලියන දහස් ගණන් ස්වදේශික ජනයාට සංහාරයන්ට වසංගතයන්ට වහල්භාවයට ගොදුරුවීමට සිදු විය. මේ තත්ත්වයේ මූලික වෙනසක් සිදුවුණේ සමාජවාදී රාජ්‍ය පද්ධතිය පැවැති වකවානුවේ පමණි. එය බිඳවැටීමෙන් පසුව අද පවා නොකඩවා ඉදිරියට ඇදී යන්නේ මෙම යටත් විජිතකරණ ක්‍රියා දාමයයි. අද එය සිදුවන්නේ සමාගම් හරහාය. ආක්‍රමණික කටයුතුවලට ද වෙනම ක්‍රියාත්මක සමාගම් තිබේ. ඉන්දියානු ඇමෙරිකානු බහුජාතික සමාගම් ඉන්දියාවේ දුර්වල කුඩා ස්වදේශික ජන කණ්ඩායම් වල බිම් පෙදෙස් කොල්ලකමින් ඔවුන් නෙරපා දමමින් පරිසරයද විනාශ කරමින් සිදු කරන විනාශයට එරෙහිව විරෝධතාවන් අධයයනය කරන්න. මිනිසුන්ට තමන් කැමැති සංවර්ධන මාදිලියක් සහ දිවි පෙවෙතක් තෝරාගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදි නොවේ. ලෙනින් ජාති විමුක්ති අරගලයන්ට පක්ෂපාති වූයේ ඔහු ජාතිවාදියෙකුවූ නිසා ද? ලෝකය පුරා වාමාංශික ව්‍යාපාර බහුජාතික සමාගම්වල ආධිපත්‍යය තහවුරු කරන ගිවිසුම්වලට එරෙහිවන්නේ ඔවුන් ජාතිවාදී නිසා ද? යමෙකු ජාතිවාදියෙකු ද හෝ සමාජවාදියෙකු ද නැද්ද තීරණය කිරීමට කිසියම් නිර්ණායකයක් අවශ්‍ය වේ නම් ඔවුන් තමන්ගේම රටේ වෙසෙන පීඩිත සුළුතර ජාතින්ගේ විමුක්ති අරගල කෙරෙහි දක්වන ආකල්පය විමසා බැලීම ප්‍රමාණවත්ය. බහුජාතික සමාගම් වෙුනවෙන් පෙනී සිටිමින් ද සුළුජාතින්ගේ විමුක්ති ව්‍යාපාරයනට ගරහමින් ද සිටින ඇතැමුන් සමාජවාදීන් ලෙස පෙනී සිටිමට දරන තැත විකාරයකි.

      Delete
  13. දේසසීමා නොමැති ගොන් පාට් කතා කොල යුරෝපයට මුස්ලිම් කාරයෝ පාඩම් උගන්වමින් සිටිති.... වැඩි කල් නොගොස්, පැරා ලා මේ උඩදානා යුරෝපයෙන් පැමිනි ලිබරල් ටෝක් පස්ස පැත්තේ ගහ ගැනීමට සිදු වේ...

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ ඒ ප්‍රගතිශීලිත්වයට කෙළවන්නට උත්සාහ කරන්නේ ඔබ වැනි ගෝත්‍රිකයන්ගේ අරාබි නෑදෑයෝ ය. ඇත්ත තමාය ඔබගේ ගෝත්‍රික සාමූහිකත්වය යුරෝපයටත් අභියෝගයකි. හැබැයි, ඔබ ඔය කියන දේ වන විට එක පෙළට කෙළ වෙන්නේ මුස්ලිමුන්ට පමණක් නො වේ. ලංකාවට උපරිම අාරක්ෂණවාදය දේශනා කරන ගමන් ලිබරල් බටහිර රටක පදිංචි වී තමන්ගේ අනාගත පරම්පරාව ඒ රටවල පුරවැසියන් බවට පත් කරන්නට කටයුතු කරන බොරු දේශප්‍රේමීන්ට ද කෙළ වෙනවා ඇත.

      Delete
    2. // ලංකාවට උපරිම අාරක්ෂණවාදය දේශනා කරන ගමන් ලිබරල් බටහිර රටක පදිංචි වී තමන්ගේ අනාගත පරම්පරාව ඒ රටවල පුරවැසියන් බවට පත් කරන්නට කටයුතු කරන බොරු දේශප්‍රේමීන්ට ද කෙළ වෙනවා ඇත. //

      ස ර ස තුමා කල වරදට රසිකලොජි ට ව්‍යන්ගයෙන් බැන අඬගැසීම නරක පුරුද්දකි!

      Delete
  14. It’s a dilemma of identifying yourself from past present and the future... One thing for sure is that he is not a racist ..

    ReplyDelete
  15. නිර්මාල් කලිසම ගලවගෙන ඉන්නකොට මම දැකල තියනව නිර්මාල්ගෙ පිරිමි අවයවය හරිම පුන්චියි. ඒක නිර්මාල්ට මාර ප්‍රශ්නයක්.

    ReplyDelete
  16. වැඩ පටා...න් ගන්න වෙයි වගේ. බුවා

    ReplyDelete
  17. ජේවීපී කාරයෙක් යූඇන්පී උනාම තත්ත්වය වඩාත් බරපතලයි. ඌට කිසිම දෙයක අගයක් නැත ඇත්තේ ආර්ථිකමට අගය පමණයි. මවු කිරි උනත් පැකට් කර විකුණා සංවර්ධනයට යෙදවිය හැකි පොරවල්ය. නිර්මාල් එදත් අදත් පෙනී සිටින මතය පදනම් වී ඇත්තේ සාධාරණත්වයයි. ඔහු පුකදී ලොකු වාහන සැප සම්පත් ලබා ගැනීමට අවශ්‍ය නම් මහ වෙලාවක් ගත වන්නේ නැත. යූඇන්පී ව්‍යාපෘතියක සම්මානයක් ගැනීමට අවශ්‍ය පසුබිම ඔබේ ලියවිල්ලේ ඇත. සුබ ගමන්. නොදකින්!

    ReplyDelete
  18. පැරාගේ ලොකු ටෝක්ස් මම නම් ඕන තරම් දැකල තියෙනව මේකෙ කමෙන්ට්ස් වලින්ම. "ඕව තේරුම් ගන්න ඔයා තාම පොඩ්යි" "ඔයා දේශපාලන අඳබලයෙක්" වගේ ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. නිර්මාල් ප්‍රශ්නයක් අහපුවාම එයාගෙ අධ‍යාපන සුදුසුකම් ගැන කතා කරනව. නිර්මාල් ආචාර්‍ය කියල ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න කියලද කියන්නෙ? අලුත් ආණ්ඩුවේ ආගමනයත් සමග පැරාගේ කඩේ යාම පෙන්නන්න ඕන තරම් උදාහරණ තියෙනව.
    සරලව කිව්වොත් පැරා වාසි පැත්තට හෝයිය උනාට නිර්මාල්ගෙ දේශපාලනයට කිට්ටු වෙන්නවත් බෑ පැරාට.
    තවත් කෙටියෙන් යමක් කියන්නම් ලගදි පැරාට සම්මානයක් එහෙම හම්බුනානෙ ඒක රෝල් කරල ......... ගහ ගන්න එතකොට ඔය ලෙඩේ ටිකක් හොද වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නෙ "උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියල" පැරාගේ කොහොමත් ඒක තියෙනව. ඒකනෙ දැන් රෙදි නැතුව කඩේ යන්නෙත්. නොදකින් නෙවෙයි තූ නොදකින්.

      Delete
    2. Owata wadi Ayusha na Malli, daru mallo wenuwenne okkoma, me wage depitakattu awasthawadi ekek wana parage heluwa pahadiliwama wiwurtha karanna oni meka aluthen kiyawna ayata

      Delete
    3. පට්ට කතාව

      Delete
  19. එක්ටා ගිවිසුමට සහය දක්වන්නේ එයින් ලංකාවේ ජාතික ආර්ථිකයේ සීමාව බිද වැටෙනවා කියලා මේකෙ කියලා තිබෙනවා. නමුත් එයින් ඉන්දියාවේ ජාතික ආර්ථිකයේ සීමා වඩා පුළුල් වෙනවා නේද? වඩා ශක්තිමත් ආර්ථිකය සහ දේශපාලන වශයෙන් වඩා ශක්තිමත් වෙන ඉන්දියාවේ අණසකට ලංකා ආර්ථිකය නතු වෙනවා. උතුරේ ධීවර ප්‍රශ්නයෙන්ද පෙන්නන්නේ මේක. මේකෙන් කම්කරු රාජ්‍යයක් කෙසේ වෙතත් ඉන්දියන් අධිරාජ්‍යයක්නං බිහිවෙනවා. සමහර විට සමාජවාදයේ අලුත්ම කාර්තුව අධිරාජ්‍යවාදයට කඩේ යාම වෙන්ඩ ඇති. කෙසේ වෙතත් නිර්මාල් ආරක්ෂණවාදය මතු කරන්නේ ජාතික ආර්ථිකය මත පදනම්ව කියන එක ඇත්ත. ආරක්ෂණවාදයක් ගැන කතා කරන්ඩ බෑ ජාතික ආර්ථිකයක් මත පදනම් වෙන්නේ නැතුව. එහෙම බැලුවම නිර්මාල් ‘ආර්ථික ජාතිවාදියෙක්‘ තමා. ඔහුට සමාජවාදය මත පදනම් වෙලා මේකට විරුද්ධ වෙන්ඩ පුළුවන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙමින්. සෘජු යටත්විජිතයුගයේ හිටපු සමාාජවාදීන් කරා වගේ. ඒ වෙනුවට ආරක්ෂණවාදයක් තෝරගන්නවා කියන්නේ ජාතික ආාර්ථිකය පිළිගන්නවා කියන එකයි.

    ReplyDelete
  20. අජිත් පැරකුම් ගොං මැට්ටෝ,. නිර්මාල් දේවසිරි මැතිතුමා ආචාර්ය උපාධියක් සහිත උගතෙක්. තෝ නිකම්ම නිකම් ඒ ලෙවල් වත් හරියට පාස් වුණේ නැති මෝඩ අපතයෙක්. තෝ වගේ මී හරක්ට බෑ යකෝ නිර්මාල් දේවසිරි වගේ උගතෙක්ට චැලෙන්ජ් කරන්න. උඹ බුරන්න බුරන්න වෙන්නේ උබේ තාත්තා උඹේ අම්මට හුකල කැරි ටික සරමෙ පිහිද ගත්තනම් හොඳයි කියලා මිනිස්සු හිතන එකයි. වේස වැඩ කරන්න එපා හුත්තිගෙ පුතෝ. කොන්ද පන තියේනම් මේක පබ්ලිශ් කරලා රිප්ලයි කරපිය වේසිගෙ පුතා

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නිර්මාල්ගෙ පයිය කොටයිනෙ...

      Delete
    2. ඔයා කොහොම ද ඒක හරියට ම දන්නෙ?

      Delete
    3. අඩෝ මම නිර්මාල්ගෙ පයිය උරන කාලෙ ඒක හොද දිගට තිබ්බනෙ, උබ උරනකොට කොට වෙලාද?

      Delete
    4. ඒක ලොකුවට පේන්න උඹේ එක ඊටත් වඩා පොඩි ඇති මචං.

      Delete
    5. එහෙනම් උබේ පොඩි එකට වඩා පොඩ්ඩක් පොඩි ඇති නිර්මල්ගෙ එක, මචන් ඒක නෙවේ උබට හරියන සයිස් එක මොකද්ද

      Delete
  21. යමක් නැතෙයි කියල ඔප්පු කරන්න දෙයක් නහැ.තියෙනවයි කියන අය එසේ තියෙනබව ඔප්පු තල යුතුයි.ගෝටල ඇමරීකාව එක්ක .මහින්ද චීනය එක්ක ගිවිසුමී ගහනකොට මෙී බක පණ්ඩිතයෝ කොහෙද හිටියෙ ?

    ReplyDelete
    Replies
    1. කට්ටිය එතකොට දෙමළු මරල කිරිබත් කකා හිටියේ. හැබැයි ඉතින් ඒකෙන් ඔප්පු වෙන්නේ නෑ මේ ගහන්න යන එක්ටා එක හරි කියලා

      Delete
  22. 2. මේ ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මහජන අවසරය ලැබුනේ කෙසේද? /// --- ඔව් ඒ සඳහා අවසර ලැබී ඇති බවත් - ඒ සඳහා මහජන අනුමැතිය ලැබී ඇති බවත් - සෝම වගෙ - නැත්නම් නලීන් සිල්වා වගෙ පොරක් වීමේ මේනියාවෙන් පෙලෙන නිර්මාල් ආචාර්ය තුමාට නොපෙනීම අරුමයකි

    දේශපාලන පක්ශයක් තම යෝජනාවන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල මහජන අනුමැතිය ගන්නා ක්‍රම 3 ක් ඇත

    එකක් නම් - තම ප්‍රතිපත්ති පරකාශනයේ සඳහන් කොට එය මහජනයා ට දැන ගැනීමට ප්‍රසිද්ධ කොට මැතිවරණයට ඉදිරිපත් වීම

    එම පක්ශය ජයග්‍රහනය කල හොත් - ඒවිට ඒවා මහජන අනුමැතිය ලැබුන යෝජනා ලෙස සැලකේ
    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි නැති බවට උසාවිය තීරණය කරන එකී යෝජනා ක්‍රියාත්මක ක්‍රීමට රජයට බලය පැවරේ.

    දෙවැනි ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුලින් හෙවත් පාර්ලිමේන්තු අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීම

    තෙවැන්න සෘජු ජනමතවිචාරනයකට යාම

    දැන් යන්න එජාපය පසුගිය චන්දයට ඉදිරිපත් කල - මාස 60 න් අළුත් රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයට -

    එහි අංක 1 ක - ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය

    ඒ යටතේ දෙවැනි බුල්ට් එක බලන්න

    " මෙහිදී දේශීය වෙළදපොළට වඩා ව්ශාල වෙළදපොලක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. GSP+ තීරිබදු සහනය ලබාගැනීමෙන් අපට යුරෝපයේ කෝටි 50 ක ජනගහනය අපේ වෙළදපොලක් කරගැනීමේ අවස්ථාව උදාවේ. GSP+ තීරුබදු සහනය අපට අහිමි වූයේ දූශිත රාජපක්ශ රෙජිමය යටතේය. එයට අමතරව ධීවර නිෂ්පාදන අපනයනය සම්බන්ධ තහනමක් ද ඇත. අද වන විට අපි මෙම තහනම් ඉවත් කර ගැනීමටත් GSP+ තීරුබදු සහනය යලි ලබාගැනීමටත් කටයුතු කරමින් සිටිමු.GSP+ තීරුබදු සහනයට අමතරව ඇමරිකාව, ඉන්දියාව, චීනය, සිංගපූරුව, නැගෙනහිර ආසියාව සහ අනෙකුත් සාක් රටවල් සමඟ වෙළඳ සහ ආයෝජන ගිවිසුම්වලට ඇතුලත් වීමෙන් අපේ නිශ්පාදන වෙනුවෙන් තව සුවිශාල වෙළඳපිළක් ලබාගැනීමට කටයුතු කරන්නෙමු. "


    තව මොනවද ගන්න තියෙන්නෙ - තව කාගෙන්ද අනුමැතිය ගන්න තියෙන්නෙ
    දැන් ජනතා අනුමැතිය ලැබිලා ඉවරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා