ඇල්ලේ ගුණවංශගේ මිලිටරි සිංදු ජවිපෙට විමුක්ති ගී වීම

අසූ නමයේ කැරැල්ල ජාතිවාදය සමග මුසු වූ එකක් විය. ජාතිකවාදයෙන් අවදි කරන ලද මිනිසුන් සමාජවාදී අරගලය වෙත යොමු කළ හැකි වනු ඇතැයි ඒ කැරැලිකරුවෝ අපේක්ෂා කළෝ ය. එය වැරදි ය. ඒ වරද වෙනුවෙන් එක් තරුණ පරම්පරාවක් ම වන්දි ගෙව්වේ ය. එහෙත්, ඒ මිනිසුන් තුළ තිබුණේ සමාජ යහපත උදා කිරීමේ චේතනාවකි.

එය අතිශය කුරිරු මර්දනයක් විය. තරුණ ජනයා අමු අමුවේ මරා දමන ලදී. වධ දී මරා දමන ලද ජවිපෙ තරුණයන්ගේ මළ සිරුරු වීදි අයිනේ බාගෙට පුළුස්සා බලු කපුටන්ට කන්නට දුන්නේ ය. තරුණ සිරුරුවලින් පහුරු බැඳ ගංගා දිගේ පා කර හරින ලදී. දස දහස් ගණන් තරුණයන් වධකාගාරවල දස වධයට පාත්‍ර කරන ලදී.

ඇල්ලේ ගුණවංශ යනු මේ කැරැල්ල ලෙයින් යකඩින් මර්දනය කරන්නට හමුදාවට හා රජයට ආවැඩූ ප්‍රේමදාස හිතවාදී මහණෙකි. මිනීමරු කැරැලි මර්දන ව්‍යාපෘතියක සංස්කෘතික හා ආගමික පාර්ශ්වකරුවෙකි.

අසූ නමයේ කැරැල්ලෙන් පසු ඔහු ගීත එකතුවක් දොරට වැඩුවේ ය. ඒ වනාහි අසූ නමයේ කැරැල්ලේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ පවන ප්‍රසංගය හා ගීතාවලිය විසින් මතු කරන සංකල්පනා යටපත් කිරීමේ හා ජවිපෙ මර්දනය කිරීම නිසා පිරිහී තිබුණු මහජන සහයෝගය නැවත ලබා ගැනීමේ මිලිටරි උවමනාවකින් නිර්මානය කරන ලද යුද සංගීතයකි.

එකම රෑනෙ කුරුල්ලෝ ගීය ගැයුවේ එවකට යුද හමුදා සංගීත කණ්ඩායමේ සිටි විජේසුන්දර වේරගොඩ විසිනි.

එය නිර්මානයක් ලෙස වෙන ම සලකා බලන්නට පුළුවන. එහෙත්, එහි පසුබිම වනාහි තරුණ තරුණියන් දස දහස් ගණනකගේ රුධිරයෙන් ලියවුණු එකකි. ඒ ක්ෂතිමය අත්දැකීමට මුහුණ දුන් අයෙකුට එය ඒ සංදර්භයෙන් ගලවා රස විඳින්නට බැරි ය. ඒ වනාහි මරා දමන ලද දස දහස් ගණනක් සහෝදර සහෝදරියන්ගේ හා ඔවුන්ගේ ප්‍රියයන්ගේ දුක් ගී හඬ යටපත් කරවන්නට ගැයූ ගීයකි.

අසූ නමයේ කැරැල්ලෙන් පසු අවුරුද්දයි මාසයයි දවසක් යදමින් බැඳ විලංගු ලා එළියකන්දේ වධකාගාරයේ වධයට බඳුන් වූ 25 හැවිරිදි තරුණයෙක් 1990දී මේ ගීය මුල් වරට ඇසුවේ වීරවිල රැඳවුම් කඳවුරේ තුනේ වාට්ටුවේ බිත්තියේ සවි කළ රෙඩිෆියුෂන් ගුවන් විදුලි කට්ටලයෙනි. ඔහු හා ජවිපෙ සමග එක්ව අරගල කළ බොහෝ දෙනෙක් ඒ හඬ අසන්නට ඉතිරිව නො සිටියෝ ය.

පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දේවී

ඔබ ඉපදෙන්නට පෙර සිදු වූ කිසිවක් නො දැන සිටීම යනු හැමදාමත් ළමයකු ලෙස සිටින්නට සිදු වීම යයි ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ විසූ රෝම දාර්ශනිකයකු වන සිසරෝ පවසා තිබේ.

වසර 27කට පසු තවත් පරම්පරාවක ජවිපෙ සමාජවාදී තරුණ ගැහැනු හා පිරිමි රොත්තක් ඇල්ලේ ගුණවංශගේ මිලිටරි සිංදුව වඩාත් කැතට කියමින් චොකා බයිලා නර්තනයක යෙදී එයිනුත් පසුව වියරු නාසිවාදීන් පිරිසක් සේ එස්වයියූ කියා කෑ ගසන හැටි අසා මම කම්පනයට පත් වුණෙමි.

අසූ නමයේ කැරැල්ලේදී වාද්දුව හමුදා කඳවුරට පහර දීමට තැත් කිරීමේ චෝදනාව මත සිර බත් කෑ ටිල්වින් සිල්වා මේ ගීයේ තාලයට අත්පුඩි ගසනු දැක මට මහා පිළිකුලක් ඇති විය. මින් එහාට මම කිසිවක් නො කියමි.

එළිකන්ද වධකාගාරයට ගෙනැවිත් පහර දී වධයට බඳුන් කර සිටි මොහොමඩ් නම් කින්නියාවේ තරුණයාට ‘තම්බියා තෝ කියපිය හින්දි සිංදුවක්' යි වධකයෝ කී හ. ඔහු දෙනෙතින් කඳුළු රූරා හැලෙමින්, එහෙත් මියුරු ලෙස අංජානා ගීය ගැයූ හැටි මගේ දෑස් ඉදිරිපිට මැවී පෙනේ.

සිරීපා අඩවියේ ජවිපෙ යුද පුහුණු කඳවුරකට සහභාගි වූවකු නිසා වසරක් පමණ කාලයක් තිස්සේ අනන්ත වධයට පාත්‍ර කර පසුව මරා දමන ලද මාතර සුමිත් මල්ලීට ‘තෝ සිංහල සිංදුවක් කියපිය' යි කී විට ඔහු ‘අම්මා ජීවන උයන් තෙරේ' ගීය ගැයූ හැටි මට එම ගීය අසන විට තවමත් මතක් වේ.

සහෝදරයිනි, මිය ගිය ඔබ පිවිතුරු ය. අපි පව්කාරයෝ වෙමු. සමාවෙන්න.




අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරාදීසේ...........නෑ වෙන්වන්නේ.... නෑ තනිවෙන්නේ.....වරෙල්ලා......වරෙල්ලා.........මේ පාරාදීසේ..........සමාජවාදි තරුණ සංගමයේ3 ජාතික සමුළුව
Posted by Anusha Aththanayaka on Wednesday, March 2, 2016



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එකම රෑනෙ කුරුල්ලෝ ගීතයේ පසුබිම දැනගත්තෙ අද. ඒ ගීතය ජ වි පෙ ඉවෙන්ට් එකකදී ගායනා කිරීම පුදුමයි. සාමාන්‍යෙන් වමේ ව්‍යාපාර ඉතිහාසය ගැන හොඳ දැනීමක් ඇති අය.

    ReplyDelete
    Replies
    1. මානෙල් මල් කාරයින්ට ඕවා සුලු වැඩ!

      Delete
    2. මෙතැන ඇත්තේ ඉතිහාසය දැනීම / නොදනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතැන තියෙන්නෙ ජනවාරි 8 වන දින බිහි වූ නව ලෝකය සමග අපට එක පෙලට හිට ගත හැකි ද, ඒ ලෝකයත් සමග ඉදිරියට යා හැකි ද, එම ලෝකය විසින් ඉල්ලා සිටින ආකාරයට හැඩ ගැසිය හැකි ද යන ප්‍රශ්නයයි. ඕනෑම විප්ලවයකට පසු එම විප්ලවයට අනුගත නොවිය හැකි පිරිසක් ඉන්නවා. රුසියාවෙත් මේක වුනා. විප්ලවයට එරෙහි වූ අය අතරෙ පමණක් නොවෙයි, විප්ලවයට පක්ෂ වූ අය අතර පවා විප්ලවය කුමක් ද යන්න වටහා ගත නොහැකි අය ඉන්න පුළුවන්. මොකද ඕනෑම විප්ලවයක දකින්න පුළුවන් දෙයක් තමයි විප්ලවය ගැන අවබෝධයකින් තොරව නිකම් රැල්ලට විප්ලවයට පක්ෂ වෙන අය ඉන්න එක. මේක ඕනෑම විප්ලවයක් සම්බන්ධව පවතින, නොවැලැක්විය හැකි තත්වයක්. ජනවාරි 8ත් මේක වුනා. රැල්ලට විප්ලවයට පක්ෂ වුනාට මොකද තවම ජීවත් වෙන්නේ මහින්ද රාජපක්ෂ සමග. w3lannka වගේම rasikologist මේ තත්වයෙන් පෙලෙන දෙදෙනෙක්. අපි පෙබරවාරි 4 වෙනිදා දෙමෙළෙන් කිව්වෙ සිංහල ජාතික ගීය. අපි, “ආං ඕක සිංහල ජාතික ගීය”, “අපිට ඕක කියන්න බෑ”, “අපි වෙනම දෙමළ ජාතික ගීයක් අමුතුවෙන් ම ලියා ගන්න ඕනෙ”, කියලා කිව්වෙ නෑ. සිංහල ජාතික ගීයම දෙමෙළෙන් කිව්වා. ඒක තමයි ජනවාරි 8 විප්ලවයේ අරුත. ඒ වගේම තමයි අපි එක රෑනෙ කුරුල්ලෝ ගීයම අලුත් විදියකට සමාජවාදී තරුණ සංගමයේ 3න් වන ජාතික සමුළුවේ දි කිව්වා. ඒ විජේසුන්දර වේරෙගොඩ කියපු තාලෙට නෙමෙයි. ජනවාරි 8 විප්ලවයේ ජීව ගුණය ප්‍රකට වන ඉතාම ජාත්‍යන්තරවාදී රිද්මයකට. නමුත් ඒ බව වටහා ගන්න w3lanka ට වත්, rasikologist ට වත් බැහැ. මොකද ඒ අය තුල තවම ජීවත් වෙන්නේ මහින්ද රාකපක්ෂ. ඒ නිසා මේ අය ලෝක දිහා බලන්නේ වෛරය මත පදනම් ව; විවිධ බෙදීම් තියා ගෙන; සීමා මායිම් ඇතුලෙ හිර වෙලා. ඒ නිසා තමයි “ආං ඕක ඇල්ලේ ගුණවංශ ලියපු සිංදුවක්”, “ඒ නිසා අපි ට ඕක හරියන්නෙ නෑ” වගේ ඉතාම ප්‍රාථමික අදහස් ඇතිවෙන්නේ. මාර්ක්ස් ශේක්ස්පියර් ගෙ කෘති රසවින්දා. තම දරුවන්ට ත් කියලා දුන්නා. කලා නිර්මාණයක් රස විඳීමට, එය නිර්මාණය කළ කෙනා ගෙ දේශපාලන මතය මාර්ක්ස්වාදීන් බාධාවක් කර ගන්නේ නෑ. මෙතනදී, සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ දෙදෙනාම ජීවතුන් අතර නැතිවීමේ අඩුව බලපානවා. මෙතනදී ලුකාෂ් ගැන කියන එකේ තේරුමක් නැහැ. මොකද ලුකාෂ් ව තේරුම් ගන්න, w3lanka ට වත්, rasikalogist ට වත් බැහැ. මාර්ක්ස්, සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යය ගැන හිතුවෙ කොහොමද? මිත්‍යා කතා කියලා බැහැර කලා ද? නැහැ. Prometheus, Zeus ගෙන් ගින්දර හොරකම් කරලා මිනිසාට දෙන කතාව, මාර්ක්ස් ගේ අගය කිරීමට ලක්වුනා. එක රෑනෙ කුරුල්ලෝ ගීතය ගත්තොත්, එහි පද මාලාවෙ, සමාජවාදියෙකුට රස විඳින්න බැරි කිසිවක් නැහැ. අවශ්‍ය වෙන්නෙ මහින්ද රාජපක්ෂ ගෙ න් නියෝජනය වුනු අතීතය තුල ජීවත් වීමේ රෝගය සුවපත් කර ගැනීමයි. එවිට ජනවාරි 8 උදා වූ හිරු එළිය දැකීමට පුළුවනි. (මම මාර්ක්ස්වාදියෙක්වත්, සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයෙක්වත් නෙමෙයි. නමුත් මම ජනවාරි 8 විප්ලවයේ උරුමය බාහිර සතුරන් ගෙන් මෙන්ම, අභ්‍යන්තර සතුරන් ගෙන් ද රැක ගැනීමට කැපවී සිටිනවා.)

      Delete
    3. AnonymousMarch 3, 2016 at 5:50 PM

      ශේක්ස්පියර්ගේ කෘති රසවිඳපු මාක්ස් වුනත්, ඇල්ලේ ගුණවංශගෙ සිංදුවට නටපු චොකා නැටිල්ල සම්භාවනය කරයිද කියන එක ප්‍ර‍ශ්නයක්.

      හැබැයි ඔය කියන විධියේ ප්‍ර‍සස්ථ ඉදිරිගාමී දැක්මක් නිසා නෙවෙයි ඔය සිංදුව ඔතනට දැම්මේ. ජ.වි.පේ දැන් ඉන්න ඉදිරිපෙළ නායකයින්ටවත් තමන්ගේ ඉතිහාසය ගැන කිසිම දැනීමක් නැති නිසයි. මේ සිංදුවේ පසුබිම දන්නවනම් ඔක දායිද කියන එක ප්‍ර‍ශ්නයක්.

      ඔය කියන තරම් ඉදිරිගාමී විවෘත දැක්මක් ජ.වි.පෙ. ට නෑ. හිටපු ත්‍ර‍ස්තවාදීන් වෙච්ච ජ.වි.පෙ, දෙමළ ත්‍ර‍ස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් දරන ආකල්පයෙන්ම ඒක පැහැදිලි වෙනවා.

      අද ජ.වි.පෙ.ට කඩේ යන බච්ච කොල්ලො කෙල්ලෝන්ට පක්ෂයේ ඉතිහාසය, පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන්න මිනිස්සු ගැන කිසිම දැනීමක් නෑ. උදාහරණයක් විධියට ශාන්ත බණ්ඩාර කියන්නේ කවුද කියලා ඇහුවොත් කියන්නේ අහවලා නේද කියලා (අර පහුගිය ඡන්දයෙන් පැරදිලා ගෙදර ඉන්නැතුව පොර ටොක් දාන සෙවලයා).

      තමන්ගේ නායකයන්ට අන්ධ විධියට කඩේ යන එක ජ.වි.පේ බිම් මට්ටමේ කොහොමත් තිබ්බ ප්‍ර‍ශ්නයක්. ඒ අයගේ වැරදි තීරණ පවා බිම් මට්ටමේ බුවාලාට මාරම විධියට පේන්නේ. ඒවගේ 'cult following' එකක් තියෙන ජ.වි.පේ. නායකයින් කොච්චර ඒ වගේ දේකට ගැලපෙනවාද කියන එක ප්‍ර‍ශ්නයක්.

      Delete
  2. නිදහස් උත්සවේ දවසේ දන්නෝ බුදුන්ගේ කිව්වා වගේ සින්දුවේ ඉතිහාසය නොවිමසා ඇදගෙන නෑමක්... මගේ ආදරණිය සුරංජි
    1.http://helmalu.blogspot.com.au/2015/08/blog-post.html
    සහ අරලගංවිල මහා විදුහලේ ගිනිසිළුව හඳපානාගල ජයරත්න
    2. http://helmalu.blogspot.com.au/2016/02/blog-post_20.html

    කියවන්න.. මේ විරෝධාකල්ප ගීත සහ 1989/90 පරිසරය ගැන කියැවෙන කතා දෙකක්..

    ReplyDelete
  3. විජේසුන්දර වේරගොඩ මේ සින්දුව කිව්ව බව දන්නවා . ඇල්ලේ ගුණවංශ ගේ "අසිපත කොපුවෙන් එලියට ගන්නේ " වගේ භයානක සින්දු අතර තිබු තරමක් ලස්සන සිංදුවක් මම හිතන් හිටියේ කොටි සංවිධානය සමග සටනේදී යුධ හමුදාවේ සමගිය ගැන කියන්න හදපු සිංදුවක් කියලා මේක.. කොහොමවුනත් වේරගොඩ උන්නැහේගේ කටහඬ නම් අහිංසක පාටයි.. සින්දුවට ..

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව එළියට ආවේ දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වෙනවාත් එක්ක ම තමයි. ඒ නිසා කොටි සංවිධානය සමග සටනට මෙය අදාළයි. ඒ සටන කළෙත් ජවිපෙ තරුණයන් වගේ ම පිරිසක් තමයි. ඔවුන් ද හිතුවේ ජාතිකවාදයෙන් පුබුදුවනු ලබන මිනිසුන් අලුත් රටක් හැදීමට යොමු කර ගන්නටයි. සංදර්භයන් දෙක ම එකයි. එකක සිංහල ජාතිවාදය. අනෙකේ දෙමළ ජාතිවාදය. හැබැයි මේ තරුණයන් දෙපිරිසේ ම තිබුණේ සමාන චේතනාවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කොහෙද බන් ජාතිවාදයක්. උන් කියලා තියෙන්නේ කොටි මරන්න මිසක් දෙමලු මරන්න ඕනේ කියලා නෙවෙයිනේ.

      Delete
    4. මැරුවේ කොටි විතරක් නෙවෙයිනේ බන්.. අර ඇඹිලිපිටියේ කරා වගේම ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකක් නැගෙනහිර පැත්තේ මරුවා මතකද?

      Delete
    5. සිංහල ජාතිවාදයක්? 83 නම් හරි...

      Delete
  4. මේ ගීතයට මෙහම් ඉතිහාසයක් තියෙනවා කියලා දන ගත්තෙත් අද තමයි...

    ඔය ගීතය විතරක් නොවේ, ට්ව බොහෝ දේවල මුල් ස්වරූපය විකෘති කරලා තමයි ජවිපෙ දැන් බිස්නස් එක කරගෙන යන්නේ,.....

    ReplyDelete
  5. බය වෙන්න එපා පැරා... ඔය සින්දුව කිව්වට ජෙප්පෝ තාමත් එතනමයි...

    සුනිල් පෙරේරලා, දිල්හානිලා, වායෝලා දාගෙන මොඩිෆයි වෙන්න හැදුවට ජෙප්පන්ගේ ගොබ්බ කම ගිහින් නෑ කියලා පේන්නේ රසායනික පෝරම 350 ට ඉල්ලලා මෝඩ ගොවියෝ ඉදිරියට දාගෙන නටන ජෝගී දැක්කම... මට පේන්නේ "නාමල්" කියන නමේ ෆුල් අවුලක් තියෙනවා වගේ...

    ReplyDelete
  6. කාඩ් සෙල්ලම නැවතත් කරළියට..

    ඉට්කා -රනිල් කොලේ ඇදල දෙනව
    ජවිපෙ තුරුම්පු ලෑස්ති කරගන්නව

    ෆෙඩරල්- උතුරෙ පලාත් සභා ලොක්ක කොලේ ඇදල දෙනව
    අසූචි විපස්සෙ තුරුම්පු ලෑස්ති කරගන්නව

    ව්‍ය්වස්තා සංසෝදනේට
    මෙවරත් කණකොකාද?

    ReplyDelete
  7. එදා උතඔරු කොනේ නුඹ හිනැහෙන් වගේ අලුත් ගීත ගැයූ ජවිපෙට අද අනුන් ගේ හද්දා පරණ සින්දු නව රිද්ම කරන්නට වීම ම ඔවුන් ගේ පසුගාමීත්වය සහ පසු බැස්ම පෙන්නුම් කරනවා නේද?

    ReplyDelete
    Replies
    1. අර සුනිල් පෙරේරාට කිව්වා නම් සින්දුවක් හදලා දිල්හානි අශෝකමාලා එක්ක කියයි නේ.

      නෝනෙ මගෙ සුදු නෝනේ හරි වැඩෙ මෙමට වුනේ
      තරුණ සමුළුව තිබුණා ඒකයි මම පමා වුනේ

      තරුණ සමුළුවට ගියාට පාඩු වෙනවද?
      ඔය තරුණියන් මැද ඔහේටත් ජොලියක් නැද්ද?

      Delete
  8. ඒ කාලේ වගේ නිර්මාණ කරන අය දැන් එයාල එක්ක නැතුවා වත්ද ?

    ReplyDelete
  9. //සහෝදරයිනි, මිය ගිය ඔබ පිවිතුරු ය. //

    අන්ත සිංහලජාතිවාදය සමග ඒකාධිපති මාක්ස්වාදය මිශ්‍ර තවත් 'උතුරු කොරියාවක්' ඉල්ලන්න ගිහින් මැරුම්කාපු කාලකන්නියො කොහොමද පිවිතුරු වෙන්නෙ?
    ඔන්න ජේආර් ට විරුද්ධව උතුර දකුනු යාවුනු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් ඉල්ලල මැරුනු විජය කුමාරතුන්ග වගේ අයට නම් 'පිවිතුරුයි'කියල කිව්වැහැකි...
    මේ 'දේශප්‍රේමී' කාලකන්නින්ට 88 රට ගියානම් අපිට කෙහෙල් කදක් හරි බදාගෙන ඉන්දොයාවට පීනන්න්න වෙනව 'ප්‍රතිවිප්ලවකාරීන් සදහා නැවත අධ්‍යාපනය ලබාදීමේ' වද කදවුරු වලින් බේරෙන්න...
    (චීනෙ මාවෝ 'සමාජවදී අධ්‍යාපනය' දුන්නෙ කොහොමද කියල හොයල බලන්න ) එදා ප්‍රේමදාස කරපු වැඩේ හරි, 60000 නෙමේ ලක්ශයක් හරි මරල ඔය වලිප්පුව හොදකරපු එක හරි..

    ReplyDelete
  10. ජවිපෙ ගමන් මගේ සාධනීය වෙනසක් පෙනෙන්නට නැති වුනාට ,මෙවර තරුණ සමුළුව SYU පැවැත්වීමේදී ජවිපෙ සාම්ප්‍රදායික තත්වයෙන් බැහැරවෙලා වෙනස් ආරක් පෙන්නුවා, එක වැඩිපුරම සමාන වුනේ එජාපෙ යොවුන් පෙරමුණු උත්සවයකට , බිමල්, ලාල් අනුර ටිල්වින් ලගේ මූණු දැක්කේ නැත්තං අලියා විතරයි අඩු

    ReplyDelete
  11. හැමෝම මැරිලා පැරා හොඳින් ජීවත් උනොත් ඒ මදිද?
    ඔන්න ඔහෙ වුරුතීය බොගක් දාගෙන සැපෙන් සනීපෙන් ඉන්න පැරා...

    ReplyDelete
    Replies
    1. අන්න වුරුතීය ඩොකෙකුගෙන් නියම යෝජනාවක්...
      වුරුතීය ඩොකාලනං ඉතිං ට්‍රයි කොරන්නෙම ඉන්නෙ හැමෝටම කෙළවලා තමන් විතරක් සැපෙන් සනීපෙන් ඉහලින් වැජබෙන්නනේ නේහ්?

      Delete
    2. මෙයා වුර්තිය ඩොකෙක් නෙවෙයි ඩෙන්ටෙක් කියලයි මම අහලා තියෙන්නේ..

      Delete
  12. niyamai para thawa itihase kiyala denna obata jaya.

    ReplyDelete
  13. //සහෝදරයිනි, මිය ගිය ඔබ පිවිතුරු ය. අපි පව්කාරයෝ වෙමු. සමාවෙන්න.//
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඉතාම හොඳ පෝස්ට් එකක් අජිත්. දැන් ඉන්න තරුණ අයව එදා සිදුවූ ඇත්ත සිද්ධි පිළිබඳ දැනුවත් කිරීමෙන් තවත් රැවටිලිකාර දේශපාලන තක්කඩින්ගේ උපක්‍රම පැරදවිය හැකියි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීම හා ඉතිහාස ප්‍රතිනිර්මාණය වීමක් ගැන අප ඉගෙනගෙන තිබෙනවා.

    රාජපක්ශත් 1988-89 කාලේ වෙනස් භූමිකාවක් රඟපාල ජනපති වුණාට පස්සෙ යූ-ටර්න් ගැහැව්වෙ. මරා කල්ලිය එදාත් කළ තක්කඩි වැඩ, ගෝඨා මාතලේ ආඥාපති, රනිල් ඇතුළු එජාපයේ සටකපට තක්කඩින්ගෙ ක්‍රියාවලීන්, රාජිතලා විජේලගේ ප්‍රා කල්ලිය, වගෙ තවත් බොහෝ දෑ එකල සිදුවුණා. ඉතින් මේ වගේ එදා සිදුවීම් සහ ඔබේ අත්දැකීම් තව තවත් පාඨක අප සමග බෙදාගන්න. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ප්‍රා කල්ලිය බිහිවුණේ විජය ඝාතනයෙන් පසුවයි. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වූවන් ද්‍රෝහින් ලෙස නම් කර ජේවීපී එකෙන් මරන්න ගත්තා. ජේවීපී කියන්නෙ සුද්දවන්තයෝ නොවේ.

      Delete
  15. නන්දා මාලනී ජේවීපී එක වෙනුවෙන් කරපු පවන කැසට් එකේ සිංදු කෑල්ලක් 1992 දී විතර කොල්ලන්ට හමුදාවට බැඳෙන්න උනන්දුව ඇතිකරවන්න රේඩියො එකේ දැම්මා මතකයි.

    ReplyDelete
  16. පැරා කලින් මීට කලින් කිව්ව සුසමාදර්ශී වෙනස ඇතිකරන්න ඇල්ලේ සිංදු ලිව්වා. පැරාට මහින්දයගේ දෙමළ සංහාරය සුසමාදර්ශී වෙනසක් ලෙස පේනවානම් ඇල්ලේගේ මේ සින්දු ජාතිවාදී ලෙස පේන්නේ ඇයි. සමහරු ගූ කාලා ඊට පස්සේ කට හෝදලා බත් කනවා. හැබැයි කටේ ගඳ හංගන්න බෑ

    ReplyDelete
  17. oya kiyana unnanse pistol eke ine gahagena demalun apawath karalu.Kese wethath JVP eka 2005 di karapu warada therum ganna ethi kiyala hithenwa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා