අසනීපයි! නිවාඩු දෙන්න! හැබැයි නෙලුම්යාය ගැන දැනගන්න

මේ දවස්වල පොඩ්ඩක් සනීප මදි. අපේ රාජපක්ෂ කඳවුරේ යාලුවන් එච්චර ම සතුටු වෙන්න ඕනැ නැහැ. මේක පොඩි හෙම්බිරිස්සාවක්. 

ලියන්න හිතාගෙන හිටපු දේ ගැන නො ලියා නෙලුම්යාය ගැන ලියන්න හිතුවේ හැමදාමත් ඒ ගැන මගහැරෙන නිසායි. 

නෙලුම්යාය කියන්නේ ස්වාධීන බ්ලොග්කරුවන් පිරිසක් එකතු වී සිංහල බ්ලොග් අවකාශය දිරි ගන්වන්නට පවත්වන සම්මාන උළෙලක්. මෙතනදී දෙන සම්මානයට වැදගත් වන්නේ ලැබෙන පිළිගැනීම හරමා තවත් පිරිස් පුරවැසි මාධ්‍යකරණයට ඇද ගන්න මෙය ඉවහල් වන නිසායි. ඒ වගේ ම බ්ලොග්කරුවන් අතර සම්බන්ධකම් ගොඩනගන්නටත් මේ සුහද හමුව වැදගත් වේවි.

උදාහරණයක් විදියට බර්ටි රණවීරගේ ලියන මේ සුදු කුකුළා අලුත් බ්ලොග් එකක්. ඒත් බලන්න කෙතරම් දැනුමක් එහි බෙදා හදා ගන්නවා ද කියලා. අපි මේ කාර්යය දිරි ගැන්විය යුතුයි. ස්වේච්ඡාවෙන්, දැනුම බෙදා හදා ගැනීමට හා තමන්ගේ මතය වෙනුවෙන් අරගල කිරීමට දරන මෙවැනි උත්සාහයන් අගය කළ යුතුයි. 

හැමෝම බ්ලොග්වලින් දේශපාලනය කළ යුතු බවක් එයින් අදහස් වන්නේ නැහැ. බ්ලොග්වල අන්තර්ගතය විවිධාංගීකරණය විය යුතුයි. එය අපූරු සාහිත්‍යයක් නිර්මානය කරමින් ඉන්නවා. 

ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල හිමිකරුවන්ගේ හා ජනමාධ්‍යකරුවන්ගේ ආධිපත්‍යය විසින් හිර කර මරා දමන්නට ඉඩ තිබෙන නිර්මානශීලිත්වයන් උතුරා දෝරේ ගලා යන්නට බ්ලොගාවකාශය පිටිවහල් වෙනවා. ඔබත් බ්ලොග්කරණයට පිවිසෙන්න. බ්ලොග් සමාජය සමග එක් වන්න. 

නෙලුම්යාය ගැන විස්තර මෙන්න මෙතැනින් >>>>

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බය වෙන්න එපා මේපාර සම්මානයක් කොහොමත් හම්බ වෙනවා

    ReplyDelete
    Replies
    1. අවුරුදු නවයක් මේ බ්ලොග් එක කළේ සම්මාන ලැබුණු නිසා නෙමෙයි. ගිය පාර අපට කිසි ම සම්මානයක් තිබුණෙ නැහැ. එහෙම ය කියලා මේ වැඩේ වැදගත්කම නැති වෙන්නෙ නැහැ.

      මේකත් කියන්න ඕනැ. මට අවස්ථාව තිබුණා මේ බ්ලොග් එක සම්මාන උළෙලෙන් ඉවත් කර ගන්න. ඒත් මං ඒක කළේ නැත්තෙ බොරු ලොක්කක් වෙන්න ඕනැ නැති නිසායි. දිනන අය කවුරු වුණත් මං නිසා ඔවුන්ට තරගයක් තිබෙන බව මම හිතනවා. ඒ නිසා දිනන අය පාළු ගෙයි වළං බිඳපු අය වෙන්නෙ නැහැ.

      Delete
    2. //දිනන අය කවුරු වුණත් මං නිසා ඔවුන්ට තරගයක් තිබෙන බව මම හිතනවා. ඒ නිසා දිනන අය පාළු ගෙයි වළං බිඳපු අය වෙන්නෙ නැහැ//

      නියම කතාව පැරා...

      Delete
    3. රුපියල් 5000 කියන්නේ කජු ඇටද කොස් ඇටද හොඳවයින් කෝලිකුට්ටු කැන් දෙක කුයි විස්කෝතු ලොකු පැකට් එකකුයි ලක්ස්ප්රේ පැකට් 2 සිනි තේකොල ටිකට ඇතිවෙයි සම්මානේ ගත්තට පස්සේ ගෙදරට එන හිතවත් අයට සංග්‍රහා කරන්න

      Delete
  2. කණගාටුයි. ඔබ වෘත්තීය මට්ටමේ බ්ලොග් ලියන්නෙකු නිසා හෙම්බිරිස්සාවට නිවාඩු අනුමත කල නොහැක.

    ReplyDelete
  3. පැරා
    දැන් ඉස්සර වගේ ටෙලිග්‍රෑම් එකක් යවලා තැපැල් මහත්තයගෙන් නිවාඩු ගන්න බෑ නේද?

    ReplyDelete
  4. I'm an avid reader of your blog.Wish you quick recovery!

    ReplyDelete
  5. I usually have a few ready made posts to publish on rainy days like this.

    ReplyDelete
  6. haha.. those seenigama Devale hora pol have worked....you got influenza, Ven Sobitha, MKDS are dead, Rajitha in Mount Elizabeth with a by-pass surgery, Champika in a mess.

    Just wondering how the Asgiriya Mahanayake had to die? is it a mistaken identity?

    ReplyDelete
    Replies
    1. මේ ලිස්ට් එකේ ඉන්න සමහරු මැරුණෙ පොල් ගහන්න ඉස්සෙල්ලා නේ. ඒ කියන්නෙ පොල් ගහලා තියෙන්නෙ අතීතයට බලපාන විදියට

      Delete
  7. ඔබේ නිවාඩු අනුමතයි...... හැබැයි ඒ වෙනුවට මාර්තු 26 සෙනසුරාදා වැඩ කළ යුතුයි.....

    ReplyDelete
  8. මේ සම්මාන උළෙල පවත්වන්නේ ස්වාධීන බ්ලොග්කරුවන් ය කියන කතාව තරම් අමුම හිනා යන වැඩේ. දැනට කාලෙකට කලින් රස ප්‍රකාශන ආයතනය මේ වගේ මාධ්‍යෙව්දී සම්මාන උළෙලක් පැවැත්තුවා. ඒ ගොල්ලොම සංවිධානය කරලා ඒ ගොල්ලන්ගේම පත්තරවල අයට ලංකාවේ හොදම මාධ්‍යෙව්දියා, ලේඛකයා විදිහට සම්මාන දුන්නා. ඉතිං නෙළුම් යායත් එහෙම තමයි. එකම කල්ලියකට අයිති කට්ටියක් මුළින්ම එංගලන්තේ ඉදන් එනවා. ඇවිත් එයාලට හිතවත් කට්ටියගේ, උදා මාතලංඝ බස්සි, අජිත් පැරකුම්, රසිකලොජිස්ට්, අජිත් ධර්ම වගේ කට්ටිය අතරින් බ්ලොග් ටිකක් තෝරලා සම්මාන දීලා සිංදුවක් දෙකක් කියලා යනවා. හැමදාම වෙන්නේ මේක තමයි. අය්යෝ හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක මෙහෙම කියනවාට වඩා හොඳයි නේ ද ඒ සම්මාන ලැබුණු බ්ලොග්කරුවන්ට වඩා හොඳ අය මගහැරුණා කියා පෙන්වන එක?

      ඔය චෝදනාව ම ඕනැ නම් පුවත්පත් කලා සම්මාන සම්බන්ධයෙනුත් කියන්න පුළුවන්.

      හැබැයි, මෙතන මෙහෙම දෙයක් තිබෙනවා. මේ වැඩේ එක්ක බ්ලොග් ගැන සමාජ කතිකාවක් ඇති වෙනවා. තව පිරිස් පුරවැසි මාධ්‍යකරණයට යොමු වෙනවා.

      පස්සෙ ඔයාලා හොඳ සම්මාන උළෙලක් කරන්නකෝ. දැනට මොකවත් නැති නිසා අපි මේක කරනවා. සම්තිං ඉස් බෙටර් දෑන් නතිං.

      Delete
  9. හපෝ මේක ඔක්කෝම එංගලන්තේ ඉන්න අයට ඉතරක් සම්මාන දෙන තැනක්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා