සේපාල ඒකනායක හා ඊජිප්තු ගුවන් යානා හයිජැකර්

මෙම ඡායාරූපයේ සදහන්ව ඇති මාධ්‍ය ද මෙවැන්නන් වීරයන් කිරීම ගජරාමෙට කරගෙන යති. 
අපරාධකරුවන්, උම්මත්තකයන්, මෝඩයන් වැනි අය ක්‍ර‍ විරෝධී වීරයන් ලෙස සැලකීමේ ප්‍ර‍වණතාවක් ඈත අතීතයේ සිට ම ලංකාවේ තිබේ. එයට හේතුව ලෙස මට නම් පෙනෙන්නේ ලංකාවේ සමාජය තුළ නවීනත්වයට එරෙහි මානසික කැරැල්ලක් පැවතීම විය හැකි ය. 

සාමාන්‍ය මංකොල්ලකරුවෙකුට වඩා විශේෂ පුද්ගලයකු බවට කිසිදු සාක්කියක් නැති සරදියෙල් වීරයකු කරගෙන ඇත්තේ ඒ කාලයේ කවුරුන් හෝ සුද්දකු ඔහු රොබින් හුඩ් පුරාවෘත්තයට සමාන කිරීම නිසා ය. 

රොබින් හුඩ් යනුවෙන් පුද්ගලයෙකු ඇත්තට ම සිටි බවට සාධක ඉතා විරල ය. මෙම ඉතිහාස සටහන කියවන්න. නැතිනම් වීඩියෝව බලන්න. 

සරදියෙල් අධිරාජ්‍ය විරෝධියකු හෝ දුප්පතුන්ට ධනය බෙදා දුන් අයකු කළ හැක්කේ සාහිත්‍යයකින් පමණි. එහෙත් සාහිත්‍යය ඉතිහාසයක් ලෙස ළමයින්ට ඉගැන්වීමෙන් අප අනාගත පරම්පරාවන්ට ලබා දෙන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයකි. 

මරු සිරා සම්බන්ධයෙන් ද කිව හැක්කේ මෙය ම ය. මරු සිරා අපරාධකරුවකු කළේ සමාජය විසින් ය යන සමාජ සත්තා යථාර්ථවාදී කලාකරුවන්ගේ සමාජවාදී අදහස වෙනත් ඕනෑම අපරාධකරුවෙකුට ද අදාළ කළ හැකි ය. මරු සිරා පුරාවෘත්තයක් වීම වෙනම කාරණයකි. එහෙත් ඔහු වීරයෙක් නො වේ. 

1989 කැරැල්ල සමයේදී සමාජය විසින් අපරාධකරුවන් කරන ලද මෙවැනි වීරයෝ ඇතැමෙකුට ජවිපෙ කොක්ක ගැසුවේ ය. මාල කැඩීම සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයකුට ඒ කාලයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ටිල්වින්ලා කොක්ක ගසා තිබිණි. මෙම පුද්ගලයා පසුව ජවිපෙ සමග එක් වී ප්‍ර‍ධාන නගරයක මැද්දේ නිර්භයව පෝස්ටර් ඇලවීම වැනි කටයුතු කළේ ය. පසු කලෙක අසන්නට ලැබුණු පරිදි ඔහු ජවිපෙ නමින් සොරකම්වල යෙදී තිබිණි. මෙවැනි ඇතැමෙකු අවසන් ගමන් ගියේ ජවිපෙ අතින් ම ය. 

මිනිසුන් අපරාධකරුවන් වන්නේ සමාජයේ වරදින් ම නො වේ. එයට බලපාන වෙනත් මානසික හේතු රැසක් තිබේ. මෝඩකම හා හිතුවක්කාරකම ඒ අතරින් ප්‍ර‍මුඛ ය. මෙවැනි මෝඩ, හිතුවක්කාර අපරාධකරුවකුට කදිම උදාහරණයකි, සේපාල ඒකනායක. 

දැනුත් පත්තරකාරයෝ අවුරුද්දකට හමාරකට වරක් මේ පුද්ගලයාගේ සම්මුඛ සාකච්ඡා ආදිය පළ කර ඔහු ඔසවා තබති. අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගෙන රටේ කීර්ති නාමයට බරපතල කැළැලක් සිදු කළ මෙම පුද්ගලයා පිළිබද කාලකන්නි මතකය අනාගත පරම්පරා වෙත ලබා දීමෙන් තමන් කරන්නේ කුමන පාදඩ වැඩක්දැයි මෙවැනි අමනයන් සමග සම්මුඛ සාකච්ඡා කර පළ කරන මාධ්‍යකරුවන්ට යථාර්ථය තේරුම් ගන්නට ඊයේ සිදු වූ ගුවන් යානා පැහැර ගැනීම ඉවහල් කර ගත හැකි ය. 

පවුලේ ප්‍ර‍ශ්නයක් හේතුවෙන් එම ගුවන් යානය පැහැර ගෙන සයිප්‍ර‍යට ගෙන ගිය ඊජිප්තු ජාතිකයා ත්‍රස්තවාදියකු නොව මෝඩයෙකු බව සයිප්‍ර‍ස් ජනාධිපතිවරයා පැවසී ය. 

මෙම මෝඩයා ලාංකිකයකු වී නම් ලංකාවේ මාධ්‍ය මේ වන විට ඔහු වීරයකු කර හමාර ය. 

ගණන්කාරයන්, සමාජ විරෝධීන් හා සාමාන්‍ය අපරාධකරුවන් ක්‍ර‍ම විරෝධීන් ලෙස හදුනා ගැනීම අතිශය භයානක ය. 

සේපාල ඒකනායක සම්බන්ධයෙන් මතු වන චෝදනාවක් වන්නේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් සිරගත වී සිටි ඔහු 1983 ජුලි මාසයේදී දෙමළ සිරකරුවන් 53ක් පහර දී, කපා කොටා මරා දැමීමේ ප්‍ර‍හාරයට නායකත්වය දුන් බවයි. එහෙම නායකත්වය දීමේ හැකියාවක් ඔහුට ලැබෙන්නට ඇත්තේ මාධ්‍ය විසින් එහු පිම්බීම නිසා ය. 

මෙම ඝාතනයට එවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටි ප්‍ර‍ධානීන්ගේ අනුග්‍ර‍හය ලැබී තිබිණි. එම සිදුවීම මෙහෙයවූ බව කියමින් වීර සිංහලයකු හා ඉතා සැර පරුෂ පුද්ගලයකු ලෙස හැසිරුණු ප්‍ර‍ධාන ජේලර්වරයකු වසර කීපයකට පසු මම මැගසින් බන්ධනාගාරයේදී දුටුවෙමි. මෙම සමූහ ඝාතනය ගැන කිසි කලෙක නිසි විමර්ශනයක් සිදු වූයේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනුරපුරේ සොයිසා මරපු එකා
    කොන්ඩයා විරෝයෝ කරපු හැටි දැක්කනේ

    ReplyDelete
    Replies
    1. කොණ්ඩයා වීරයෙක් කළා නෙවෙයි... කොණ්ඩයා අසාධාරණ විදියට දුෂ්ඨයෙකු කළ බවයි මගේ හැඟීම....
      කොණ්ඩයා උදාහරණය එසේ තිබියදී පොදුවේ ඒ අදහස එක්ක එකඟ වන බවත් කියන්න ඕනෑ...
      මාධ්‍යකරුවන්ට අද අවශ්‍ය හොඳට හෝ නරකට සමාජයේ අවධානය දිනාගන්න චරිත අල්ලාගන්න..
      සමහර අයව කින්ඩි කරනවා සමහරුන්ව පොරවල් කරනවා...
      ළඟදී ලිංගික ශ්‍රමිකයන්ගේ සංගමයක සාමාජිකාවක් එක්ක සංවාදයක් කරමින් මව්බිම අහන්නේ දැන් මේ සංගමය හරහා අපට ලිංගික ශ්‍රමිකයන්ව මිලදී ගන්න පුළුවන්ද වගේ බාල ප්‍රශ්ණ...
      බාල දේශපාලඥයන් පොරවල් වුණෙත් මේ මාධ්‍ය ඉඩ නිසා තමයි...
      මා දන්න ආකාරයට මාධ්‍ය විසින් ඉඩ දීලා ජනප්‍රිය කරපු ජරාම මිනිහා තමයි සරත් නන්ද සිල්වා

      Delete
    2. aththama aththa

      Delete
    3. උඩුවගේ කතාවත් එක්ක 100% එකඟයි. ඇත්තටම උඩුවෝ ඔය විදිහට හිතන මාධ්‍යවෙදීන්ට එකතුවෙලා වෙනසක් කරන්න බැරිද? මොකද අද මාධයවේදීන් කියල ටීවී වල ඉන්න ගොඩක් උන් ආතල් දෙනවා ඇරෙන්න තමන්ගේ වගකීම මොකක්ද කියලවත් දන්නේ නෑ

      Delete
  2. //මෙම මෝඩයා ලාංකිකයකු වී නම් ලංකාවේ මාධ්‍ය මේ වන විට ඔහු වීරයකු කර හමාර ය.//

    "මෙම මෝඩයා ලාංකිකයකු වී නම් ලංකාවේ මාධ්‍ය මේ වන විට ඔහු වීරයකු කර සම්මානයක් ද දී හමාර ය" ලෙස නිවැරදි විය යුතු ය!

    ReplyDelete
    Replies
    1. උපතින් අතේ ඇඟිලිවල ආබාධයක් සහිත මිනිසකු වන සුන්ල් හඳුන්නෙත්ති සම්බන්ධයෙන් ඔබගේ මෙම (http://mallepol.blogspot.com/2016/03/blog-post_19.html#comment-form) ලිපියේ කර තිබෙන ඉතා ම නින්දිත අදහස් පළ කිරීම වැනි දේ මගින් ඔබ ද සම්මානයක් සඳහා ඇති සුදුසුකම් පෙන්වා දී තිබේ.

      Delete
    2. බ්ලොක් සම්මානයක්ද ? හයිජැක් සම්මානයක්ද ?

      Delete
    3. //ඔබ ද සම්මානයක් සඳහා ඇති සුදුසුකම් පෙන්වා දී තිබේ. //

      ඒත් ලැබුනේ නැත....
      අන්තිම දුක ය...

      සම්මානයක් ලබාගැනීම සඳහා මී ලඟට වික්ටර් අයිවන් ගේ උපතින් ම ආබාදිත අතේ ඇඟිලි ගැන ලියන්න බලාපොරොත්තුවෙමි!

      Delete
    4. උපතින් අතේ ඇඟිලිවල ආබාධයක් සහිත මිනිසකු වන සුන්ල් හඳුන්නෙත්ති සම්බන්ධයෙන් ඔබගේ මෙම (http://mallepol.blogspot.com/2016/03/blog-post_19.html#comment-form) ලිපියේ කර තිබෙන ඉතා ම නින්දිත අදහස් පළ කිරීම වැනි දේ මගින් ඔබ ද සම්මානයක් සඳහා ඇති සුදුසුකම් පෙන්වා දී තිබේ//

      නී රස කියන්නෙ බයියෙක් නෙවේ. බයියන්ටත් අන්තිම බැල්ලිගෙ පුතෙක් බව දිනපතා කමෙන්ට් වලින් ඔප්පු කරමින් සිටියි.

      Delete
    5. //බයියන්ටත් අන්තිම බැල්ලිගෙ පුතෙක් බව දිනපතා කමෙන්ට් වලින් ඔප්පු කරමින් සිටියි. //

      බොහොම අමාරුවෙන් මන්ත්‍රීලා ලඟට ගාටලා දහදුරා වැඩ කොරලා රස්සාව ලබාගත්තු ලන්කාවෙ ටිපිකල් රාජ්ය සෙවකයෝ කතා බහ කරන වචන සැට් එක....


      ඔබට ඉස්තූතී රාජ් නැමති රාජ්ය සේවකයානේනි!

      Delete
    6. උපහාසය මැනවින් දත්, සමාජයේ වගකියයුතු වෘත්තිකයෙක් ලෙස Sa rasa මෙලෙස පහත් පෙලේ අදහස් පල කිරීම නොවැටහේ.

      Delete
    7. Sarasa is a man with humour! Raj umba nam me Ponna anduwa genna puka dunna para demala ballige puthek thamayi! This is an observer

      Delete
    8. ආ මොකද ලොග්අවුට් වුනාද?

      Delete
  3. ඔය අපරාදකරුවන්, මන්පහරන්නන්, මැරයින් 'ක්‍රම විරෝදීන්' විදිහට උඩදැමීම වම්මුන්ගේ සහජ ගතියක්... ඒකට හේතුව විදිහට මම නම් දකින්නේ ඔවුන් තුල ඇති සමාජ ක්‍රමය ගැන දැඩි වෛරය.. මන් පහරන්නන් හෝ මේ ධනවාදී සමාජය disrupt කරනවට ඔවුන් කැමතියි... විශේසයෙන්ම බටහිර රටවල ඉන්න සමහර වම්මුන්, තමන්ගේ මතවාද සමග කිසිවිටකත් නොගැලපෙන, ඉස්ලාම් ත්‍රස්තවාදීන් පවා ඔසවා තබන අවස්තා තිබෙනවා... ඒ අර ඉහතකී කාරනයයි.

    ReplyDelete
    Replies
    1. නිපුණ වන්නිනායක
      සරදියෙල් මංකොල්ලකරුවෙක් වෙන්න ඇති. ඒත් ඌව මරා දැම්ම සුද්දෝ මේ ලොකේ පුරාම ආක්‍රමණය කරමින් වෙනත් ජාතින්ව යටපත් කරමින් කරපු මංකොල්ලකෑම් එක්ක බලනකොට ඒවා නිකං ගනන් ගන්නවත් බැරි දේවල්. මේ වනවිට මැද පෙරදිග තෙල් සම්පත් මංකොල්ල කෑම සඳහා ඔය අපේ රට පාලනය කරපු යුරෝපීය ජාතිකයන්ම තමයි ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට පුහුනුව සහ ආයුධ දෙමින් බටහිර විරෝධී ස්වාධීන රටවල් විනාශකරමින් සිටින්නේ. ලිබියාව සහ ඉරාකයට සිදු කළ විනාශය සහ සම්පත් කොල්ලය ගණනය කළ හැකි ද? සරදියෙල් අපරාධකරුවෙක් ලෙස හංවඩුගසමින් බොරු නූතන කමක් පෙන්නන්න හදන ඔබ සහ පැරකුම් වැනි අය සුද්දා බුදුවේවා යන ආකල්පයේ සිටීම පුදුමයක් නොවේ. හැමදේටම වාමාංශකයන්ට බැණවැදීමේ රෝගය ඔබටත් පැරකුම්ගෙන් බෝවී ඇති බව පෙනේ. බටලන්ද වධතාගාරයේ මිනීමැරූ ගෝනවල සුනිල් වැනි පාතාලයන්ට සාම විනිසුරු කම් දුන්නේ වාමාංශිකයන්
      විසින් ද? මර්වින් ද සිල්වා ල දුමින්ද වැනි මින‍ිමරු කුඩුකාරයන්ටඇමැතිකම් මන්ත්‍රිකම් දුන්නේ වාමාංශිකයන් ද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ත්‍රී දූෂණ මිනිමරුම් මත්දුව්‍ය ජාවාරම් කැලෑ විනාශය, කප්පම් ගැනීම් සිදුකරන පාතාල කල්ලිමෙහෙයවන පාතාල නායකයා වන මහින්ද රාජපක්ෂ සුසමාදර්ශී පොරකැයි උඩ දමන්නේ පැරකුම්ලා වැනි වාමාංශික විරෝධින් නොවේද?
      ඉස්ලාම් ත්‍රස්තවාදයට ආධාර දෙන්නේත් එය ඔසවා තබන්නේත් බටහිර වෙසෙන වාමාංශිකයන් නොව එම රටවල ආණ්ඩු විසිනි. ඒ මැද පෙරදිග අවුල් ජාලයක් බවට පත්කොට ඒ මත තම ආධිපත්‍යය තහවුරු කරගැනීමට හේතු සපයා ගැනීමටය. පැරකුම්ගේ වාම ෆෝබියාවට මෙන් ම ඔබගේ ලෙඩේට ද බෙහෙත් නැත.

      Delete
  4. අගමැති රජීව් ගාන්ධිට තුවක්කු බඳෙන් පහරදුන් මානසික රෝගී නාවික සෙබලා මාධ්‍ය මගින් තවමත් වර්ණනා කිරීමද මෙවැනිම අමන කමකි.ඔහුගේ ඒ මුග්ධ අශීලාචාර ක්‍රියාව නිසා ලංකාවට,ලංකාවේ හමුදාවන්ට සිදුවූ අපකීර්තිය පිළිබඳව කිසිම මාධ්‍යක කථා කරන්නේ නැත.එපමණක් නොව ඔහුගේ ඒ ක්‍රියාව නිසා කොටි සංවිධානයට ඉන්දියාවෙන් වක්‍ර ලෙස හෝ සහය ලැබීම නිසා ලංකාවේ හමුදාවන්ට සහ සිවිල් වැසියන්ට වැඩි වැඩියෙන් හානි සිදුවූ බව කිසිවෙකු සිතන්නේ නැහැ.ඒ මුග්ධයා තවමත් තමන් කල පාදඩ ක්‍රියාව ගැන කයිවාරු ගැසීම දැකීම පිළිකුල් සහගතය......

    ReplyDelete
    Replies
    1. ඒ මුග්ධයා තවමත් තමන් කල පාදඩ ක්‍රියාව ගැන කයිවාරු ගැසීම දැකීම පිළිකුල් සහගතය....එතකොට අර සොට් කොමිසෝන් තරු ගැසූ බ්ලොග් ලියන්නා එයා කලයි කියලා කියන දේ හරිද එතකොට එයත් මන්දගාමී මානසික රෝගී පොරක්ද ?

      Delete
  5. විවාදයකින් තොරව ලිපියේ අදහස් වලට එකඟයි. තවත් වීරයෝ සෙට් එකක් තමයි මුළු රටේම සේසත හුරගෙන කාලා හිරේ යන දේශපාලකයන්. බන්ධනාගාර බස් එකේ පඩිය උඩ ඉඳන් දේශප්‍රේමී මූණත් එක්ක මාංචු දාපු අත් දෙක උස්සලා පෙන්නන ෆොටෝ එක පහුවදා පත්තරේ මුල් පිටුවේ ගියාම ඒ තරම් වීරයෙක් මිනිස්සුන්ට නැහැ.

    ReplyDelete
  6. අපරාධකරුවන් වීරයින් කරවීම ලංකාවේ මාධ්‍ය විසින් ඉතාමත් හොඳින් ප්‍රගුණ කර තිබෙනවා.පාතාල නායකයින්ව කිරුළු පලන් රජුන් කරවුයේ ලංකවේ මාධ්‍ය විසින්.

    රාජපක්ෂ යුගයේ සිදුවූ වැලිකඩ නිරයුධා රැඳවියන් ඝතනය ගැන වෙන පරීක්ෂණවල දැන් තත්ත්වය කොහොමද දන්නේ නැහැ.ඒ ඝාතනත් නිසි පරීක්ෂණ නැතුව නිකම්ම යට යාවිද දන්නේ නැහැ.ඕකුන් අපරාධකාරයෝනේ,ඔහොම හරි මරපු එකත් හොඳයි කියලා.

    ReplyDelete
  7. අතීතයට බලාපාන පරිදි නීති සම්මත කල අවස්ථා දෙකක් ලංකා ඉතිහාසයේ තිබෙනවා. එකක් නම් මරණීය දණ්ඩනය ඉවත් කර තිබුණ විට බණ්ඩාරණායක ඝාතකයින් එල්ලා මැරීමට හැකිවන ලෙස අතීතයට බලපාන පරිදි එය වෙනස් කිරීම. අනික හැටිය ගැනෙන්නේ ගුවන් යාන පැහැර ගැනීම ලංකා නීතියට අනුව වරදක් ලෙස ඇතුල්වී නොමැති විට සේපාල ඒකනායක සිද්ධියෙන් පසුව අතීතයට බලපාන ලෙස වෙනස් කිරීම. සේපාල මෙම පැහැර ගැනීම කලේ ඔහු ගේ හිටපු බිරිය ඔහුගේ පුතාව ඔහුට නොපෙන්වා සිටීම නිසා ඔහු පිලිබඳව යම්කිසි අනුකම්පාවක් හිතේ තිබුණා. 1989 දමිල සිරකරුවන් ඝාතනයට ඔහු නායකත්වය දුන් බව දැනගෙන හිටියේ නැහැ. එහෙමනම් ඔහු කාගේවත් අනුකම්පාවකට සුදුසු පුද්ගලයෙකු නොවේ.

    ReplyDelete
    Replies
    1. අතීතයට බලපාන අන්දමින් නීති පැනවීම හො දෙයක් නෙමෙයි. මම නම් හිතන්නේ සේපාල ඒකනායකට එරෙහිව තිබුණු නීතිය යටතේත් කටයුතු කළ හැකිව තිබුණා. මෙතන කප්පම් ඉල්ලීම, පැහැරගෙන යාම, මරණීය තර්ජන සිදු කිරීම වැනි බරපතල වැරදි රැසක් තිබුණා. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් තිබුණා නම් කළ යුතුව තිබුණු හොදම දෙය ඔහුව අදාළ රටකට භාර දීමයි.

      Delete
    2. ඉයන්ලත් 88 / 89 ජවිපෙ දේශපාලන සිරකරුවන් මරා දැමිමට අනුබල දුන්න නේද (මිනිසුන් මරා දැමිමට ඔබ සෘජුවම සම්බන්ධවුයේයැයි මමනම් හිතන්නේ නැත එහෙත් එලෙස ඝාතනයන් කල ලකි ...., ජානක පෙරේරා, රංජන් විජේරත්න (මේ තිදෙනාවම LTTE 1 මරා දමන ලදි )විරයන් කරල තියෙනවනම් දැක්ක බොලොග් එකක)

      Delete
    3. ඇත්තට ප්‍රදීප් ? කවුද ඒ? තාම ඔහේ හයිඩ් පාක් එකේද?

      Delete
    4. මටනම් හයිඩ්පාක් යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ,
      ඔයල තමයි හයිඩ්පාක් යන්න ඇවිත් ලිප්ටන් වටරවුමේ UNP අවුරුදු 50, 60 තරුණයොත් එක්ක ජොක් එකක් කලේ .....

      මම කියුවේ 88/89 නිකන් පාරවල්වල හිටපු මිනිස්සුන්වත් (20 න් 1ක්වත් ජවිපෙ සාමාජිකයෙක් වෙවි කියන පාර්ථනාවෙන්) මරපු ලකී අල්ගමලා, ජානක පෙරේලල,රංජන් විජේරත්නල විරයෝ කරල තමන්ගේ බොලොග් එකක් ලියල මෙතනට ඇවිත් //1989 දමිල සිරකරුවන් ඝාතනයට ඔහු (සේපාල ඒකනායක) නායකත්වය දුන් බව දැනගෙන හිටියේ නැහැ. එහෙමනම් ඔහු කාගේවත් අනුකම්පාවකට සුදුසු පුද්ගලයෙකු නොවේ// කියල ජොක් කරනව කියල.....

      Delete
    5. මටනම් සේපාල ඒකනායක යනු ක්‍රමවිරෝධියෙක් හෝ වීරයෙක් හෝ නොවේය ,...

      Delete
  8. //සේපාල ඒකනායක සම්බන්ධයෙන් මතු වන චෝදනාවක් වන්නේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් සිරගත වී සිටි ඔහු 1983 ජුලි මාසයේදී දෙමළ සිරකරුවන් 53ක් පහර දී, කපා කොටා මරා දැමීමේ ප්‍ර‍හාරයට නායකත්වය දුන් බවයි. //
    මේ ගැන වැඩි විස්තරයක් කරන්න පුළුවන්ද. සමහරවිට ඔයා මේ ලිපිය මේ චෝදනාව නිසා වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් වුනා නම් ඒ මරපු එවුන් මොක්කුද? සමහරවිට උන් මරන්නම වටින අය වෙන්නත් පුළුවන්. සේපාල වගේ සංවේදී හදවතක් ඇති කෙනෙක් මෙවුන් මරන එක මනුෂ්‍ය වර්ගයාටම කරන සේවයක් කියා හිතුවද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය අන්දමින් අහන ප්‍ර‍ශ්නවලට පිළිතුරු දීමේ උවමනාවක් මට නැත. අන්තර්ජාලය සොයා බලන්න. මරා දැමූවන්ගේ නම් ලැයිස්තුව සමග ම එහි තිබේ. ඔවුන් කවුරු වුණත් එලෙස මරා දමන්නට කාටවත් අයිතියක් නැත.

      Delete
    2. එසේම, ඔය වැනි ක්‍රියා නිසා ඇති වුණ තත්වයන් මත කොටි සංවිධානයට විශාල වශයෙන් ආධාර හා අනුකම්පාව ලැබුණු බව ද එහි ප්‍ර‍තිඵලය ලෙස දිග්ගැසුණු යුද්ධයකින් තවත් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වූ බව ද මතක් කර ගන්න. මේවැනි ක්‍රියා ඇත්තට ම සේවය කළේ කාටද යන්න එමගින් තේරුම් ගත හැකි ය.

      Delete
    3. //සේපාල වගේ සංවේදී හදවතක් ඇති කෙනෙක් මෙවුන් මරන එක මනුෂ්‍ය වර්ගයාටම කරන සේවයක් කියා හිතුවද දන්නෙත් නෑ.//

      මේ රට අවුරුදු ගාණක් ආපස්සට ඇද දමපු යුද්ධයට වස්තුබිජ සැපයුවේ ඔය වගේ සිදුවීම් තමයි.මේ ලිපියෙත් කියා තිබෙන පරිදි අපරාධකරුවන් වීරයන් කරන්නේ මේ ජගත්ලා වැනි අය තමයි.

      //සමහරවිට උන් මරන්නම වටින අය වෙන්නත් පුළුවන්.//
      ඔය විදියටම ජගත් ගැනත් තව කාට හරි හිතුනොත් ?

      Delete
    4. 1983 සිදුවීම් ගැන දන්න අයගෙන් අහලා තියෙනවා. ඒ අනුව නම් හිරිහැර වුනු දෙමළු වැඩිදෙනෙක් අසල්වැසි සිංහලයන් සමඟ හොඳ සම්බන්ධතා පවත්වා නෑ.
      අනිත් අතට ආවේගශීලී වෙලාවක කරන දෙයක නීතිමය තත්වය ගැන හිතනවාට වඩා සැලකිය යුත්තේ. අදාල පුද්ගලය එයට පෙළඹුනේ මන්ද කියන එකයි.

      Delete
    5. "හිරිහැර වුනු දෙමලු ", LTTE එකට සමබන්දයි කියා සැක අය. . අසල්වැසි සිංහලයන් යනු හොරකම් සහ මැරකම් වලට ස්මබන්ද අය . මේක වෙනකොට හිරෙන් එළියේ දෙමලුන්ව පුච්චනවා. සිංහල ලේ කෙලින් වෙලා තියෙන වෙලාවක්. එහෙනම් මැරුවට කමක් නෑ කියලනේ කියන්නේ. පොඩ්ඩක් කියවල බලන්න ඉන්ටෙර්නෙට් එක. එකල ගැන අහල විතරනම් තියෙන්නේ.

      Delete
    6. //ආවේගශීලී වෙලාවක කරන දෙයක නීතිමය තත්වය ගැන හිතනවාට වඩා සැලකිය යුත්තේ. අදාල පුද්ගලය එයට පෙළඹුනේ මන්ද කියන එකයි//

      මරු තර්කය!

      මේ තර්කය ම වෙන ඕනැම අපරාධකාරයකුටත් නගන්න පුළුවන්.

      අනෙක ආවේගශීලී වෙලාවක කරන දෙය සම්බන්ධයෙන් නීතිමය තත්වය ගැන නො හිතන ලෝකයේ පළමු රට බවට ලංකාවට පත් වෙන්නටත් පුළුවන්.

      Delete
    7. මේ ලිපිය ලිවීමේ අරමුණ සේපාල ඒකනායක දෙමළ සිරකරුවන් පිරිසක් මැරුවා යන චෝදනාව නැවත ඇවිස්සීමයි. පරණ කුණුගොඩවල් ඇවිස්සීමෙන් වන සෙත කුමක්ද?

      Delete
  9. මාධ්‍ය තුලින් පිස්සන් පොරවල් කිරීම හැම අංශයටම අදාලයි. කලා ක්ශේත්‍රයේ ඉන්න පිස්සෝ සති අන්තයේ ටීවීවල බල්ටි ගහනවා. ඉන්දික තොටවත්තලා වගේ සාස්තරකාර උන්මත්තකයෝ ටීවී එකේ හීරෝලා කරනවා. මාධ්‍යකාරයොන්ට හැදිලා තියෙන පිස්සුව සුව කරන්නේ නැතුව පිස්සන්ට බෙහෙත් දීලා වැඩක් නැතිවෙයි වගේ. Aru.

    ReplyDelete
  10. පැරා මේ කරන්නෙත් මාධ්‍ය කරන දේම නේද ? නැවත ප්‍රචාරයක් ඒ.ඒ පුද්ගලයින්ට ලබාදීම

    ReplyDelete
  11. පැරාගේ පාසල්වාදය නමින් ලියවුනු ලිපියට අදාලවයි මේ කමෙන්ටුව.
    මෙන්න මහ ලොකු ඉස්කෝලවල වැඩවල නියම තත්වය.
    Aru.

    ReplyDelete
  12. හිරගේ ඇතුලෙත් එහෙම මිනී මරන්න නම් ඔවුනට පැවති රජයේ සම්පූර්ණ අනුග්‍රහය හිමිවෙලා තියෙනවා.වගකිවයුත්තෝ පැත්තක..
    ජයවේවා..!!

    ReplyDelete
  13. I feel so frustrated over some comments justifying the horror episodes. Para, to which end our country is heading to?

    ReplyDelete
  14. very good article
    Congratulations!!

    Read this


    Paradox of our age


    Today we have bigger houses yet smaller families
    More convenience, but less time

    We have more degrees, but less common sense
    More knowledge, but less judgment

    We have more experts, but more problems
    More medicine, but less good health

    We spend too recklessly
    Laugh too little
    Drive too fast
    Get too angry too quickly
    Stay up too late
    Read too little
    Watch TV too much
    And are less considerate

    We have multiplied our possessions, but have reduced our values
    We talk too much, love too little and lie too often

    We have learned how to make a living, but not a life
    We have added years to life, but not life to years

    We have taller buildings, but shorter tempers
    Wider roads, but narrower viewpoints

    We spend more, but have less
    We buy more, yet enjoy it less

    We have been all the way to the moon and back
    But have trouble crossing the road to meet our neighbours.

    We've conquered our outer space, But not our inner space

    We've split the atom
    But not our prejudice

    We write more, learn less, plan more, but accomplish less
    We have learned to rush, but not to wait,
    We have higher incomes , but lower morals

    We build more computers to hold more information, to produce more copies
    But have less personal communication

    We are long on quantity,
    But less in quality

    These are the times of fast foods and slow digestion
    Tall men and short character

    More leisure but less fun - more kinds of food - but less nutrition
    Steep profits but shallow relationships.
    Two incomes - but more divorce
    nicer houses - but broken homes
    These are days of quick trips, disposable diapers, throwaway morality, one-night stands, and pills that do everything from cheer, to quiet, to kill.
    It is a time when there is much in the show window,
    and nothing in the stockroom.

    - unknown


    J Ovitige

    ReplyDelete
  15. ඊයේ උදේ මේ ගැන කතාවක් සැටලයිට් (ස්ක්යී) ටී වී චැනල් එක්ක ආවා. කොටින්ම එවෙලේ කතාවුනෙත් සේපාල ගේ අතීතයේ සිදුවීම. හොඳවෙලාවට ඒ වෙද්දිම වගේ ඉසුඑ එක සොල්ව් වුනා කියලා ආරංචියක් ආව හින්දා කතාව වෙන පැත්තකට ගියා.
    සේපාල ලංකාව මාධ්‍ය වලට වීරවරයෙක් වුනාට මෙහේ රටේ නම් ඔහු ගැන ඔහුගෙ එක්ස් වයිෆ්වත් දක්වන්නෙ සුභදායක අදහස් නෙමෙයි. මොනව වුනත් ජාතියක් විදියට අපි සේපාලගෙ වැරද්ද වෙනුවෙන් අදටත් වන්දි ගෙවනවා. අදටත් අලිතාලියා ලංකාවට ෆ්ලයි කරන්නේ නෑ. ඒක කණගාටුවට කරුණක්. මේ වසර ගණනාවක් තිස්සේ ලංකාවට එන්න තිබුන ටුවරිස්ම් වුනත් අඩු වුනා ඒකෙන්. (අද වෙද්දි කොමර්ශල් එයාලයින් ගොඩාක් තිබුනට කලින් එහෙම වුනේ නෑ. )
    ඒත් ලංකාවෙදි අදටත් කවුරුහරි මම ඉතාලියේ ඉන්නේ කීවම අහන්නේ සේපාල හෙම දන්නවද කියලා. කොටින්ම ඔහුතමයි ඔවුන්ට අනුව ඉතාලියේ ලෑන්ඩ් මාක් එක. වෙන එකක් තියා අපේ හිතවත්ම යාළුවෙක් හා නෑයෙක් වෙන උගත් කෙනෙකුත් ඔහු කසාද බැන්ද නෑයාව මට හඳුන්වලා දුන්නේ මෙයා සේපාලගේ ළඟම නෑයෙක් කියලා.
    අනේ මන්දා.. මේව අපිට විතරක් අවුල් විදියට පේනවද කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං ගෑනියේ

      Delete
    2. අනේ කිසිවක් නොදැන බයිලා ගහන්න එපා .. Alitalia මේ සිදුවිමට කලින් හෝ අපේ රටට ආවේ නැහැ . ඒක නිසා නෙ සේපාල දිල්ලි වලින් Alitalia එකට නැග්ගෙ .

      Delete
    3. ආආ ඔයා මෙතන සියල්ලදත් වගේ පොර වෙන්න හදන්න එපා . ඔයා සේපාල ගෙ එක්ස් වයිෆ් එක්ක interview තිබ්බාද ?මොන බසින් ද ? බයිලා එපා .

      Delete
  16. https://www.youtube.com/watch?v=iYT-89cnn30

    ReplyDelete
  17. සේපාල ඒකනායක ගුවන් යානයක් පැහැරගත්තැයි කිව්ව දවසේ අපි හිටියේ හරිම ජොලියෙන්.අපේ පන්තියට අල්ලපු පන්තියේ තමයි ඒකනායකගේ මල්ලි හිටියේ.ගුරුමන්දලෙත් එක්කම මුළු ඉස්කෝලෙම ආව මිනිහබලන්න.මිනිහත් ඉස්කෝලේ වීරයෙක් උනා අයියනිසා.දවස පත්තරේ ගමේ වාර්තා කාරය උනේ මගේ පන්තියේ යාලුවෙක්ගෙ අයිය.සේපාල ලංකාවට බැහැපු මොහොතේම කාටවත් ඉන්ටර්වීව් දුන්නෙ නැහැ.දවස පත්තරේ වෙනුවෙන් ගමෙන් ආපු අපේ මිනිහට තමයි ගමේ කමට මුලින්ම ඉන්ටර්වීව් එක දුන්නෙ.ඊට පස්සෙ ඌත් වීරයෙක් උනා.ඒවිදියට තමයි ලංකාවේ වීරයො හැදෙන්නෙ.

    ReplyDelete
  18. ප්‍රවුර්තියක් කියන එක නම් හොඳා, ඒත් ඕකට අහක ඉන්න අහිංසක මාවත් ඈඳා ගත්තනේ පැරා.........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා