Posts

Showing posts from March, 2021

අම්මා නිසා ආ දුර ගමනක කතාව

Image
  March 31, 2021   admin   People පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය අද පවා ප්‍රසිද්ධ ළමා හා කාන්තා කාර්යාංශය ලෙසයි. පොලිස් වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට එය ආරම්භ වුණේ 1979දීයි . වර්තමානයේදී ශ්‍රී ලංකාව පුරා පොලිස් අධිකාරි කොට්ඨාස 44ක පොලිස් ස්ථාන 494ක ළමා හා කාන්තා කාර්යාංශයේ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව ශාරීරික ප්‍රචණ්ඩත්වයේ සිට ලිංගික අපචාර දක්වා සෑම ආකාරයකම අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වර්තමාන අධ්‍යක්ෂවරිය වන්නේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහආරච්චි මහත්මියයි. Read in English:  Long march thanks to her mother “මගේ ගම මහනුවර. මම ඉස්කෝලෙ ගියේ පුෂ්පදාන බාලිකා විද්‍යාලයට. ගණිත අංශයෙන් 1996දී උසස් පෙළ විභාගය කළා. 1997දි මුල්ම රැකියා අයදුම්පත උප පොලිස් පරීක්ෂක තනතුරක් සඳහා ඉදිරිපත් කළා.” දර්ශිකා සිසුවිය දක්ෂ ක්‍රීඩිකාවක්. මහනුවර පුෂ්පදාන බාලිකා විද්

LONG MARCH THANKS TO HER MOTHER

Image
  March 31, 2021   admin   English   People Senior Superintendent of Police Darshika Kumari Ranasinghearachchi, Director Police Children and Women Abuse Prevention Bureau Police Children and Women Abuse Prevention Bureau is famous in Sri Lanka as the Children and Women’s Bureau. According to police website, it was started in 1979. Today, the police Children and Women’s Bureau has been established in 494 police stations in 44 police divisions islandwide. The Police Children and Women Abuse Prevention Bureau aims to implement actions regarding crimes against women and children, from physical violence to sexual abuse. The present director of the bureau is Senior Superintendent of Police (SSP) Darshika Kumari Ranasinghearachchi. Read in Sinhala:  අම්මා නිසා ආ දුර ගමනක කතාව “I am from Kandy. I went to Pushpadana Girls’ College and passed the Advanced Level examination in 1996. I sent my first job application to the Police Department for a post of Sub Inspector (SI).” Darshika was a brillian

හැම මිනිහෙකුටම පිස්සුවක්; HEY JUDE

Image
  March 30, 2021   admin   Art   Cinema ඊෂා කප්පරගේ ‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා. Hey Jude  කියන්නෙ බීට්ල්ස් සංගීත කණ්ඩායම මුල් යුගයේ ගායනා කළ ජනප්‍රිය ගීයක්. එය ගීයේ කතානායක ජූඩ්ට තමන් කැමති ආදරය සොයා යන්නට දිරිගන්වන ගීයක්. මෙහි එන ජූඩ් නම් තරුණයාට සාමාන්‍ය ජීවිතය තේරෙන්නේ නැහැ. ඔහු ඉතා බුද්ධිමත්. එහෙත් සාමාන්‍ය මිනිසුන්  හා සමාජය සමඟ සම්බන්ධතා පැවැත්වීමම පිළිබඳ අවබෝධයක්  ජූඩ්ට නැහැ. මේ නිසා ඔහුට රැකියාවන් අහිමි වෙනවා. පවුලෙන් කොන් වෙනවා. ජූඩ්ට මානසික ආබාධයක් ඇති බව පවුලේ අයට තේරෙන්නේ නැහැ. මේ තත්ත්වය තේරුම් ගන්නේ ඔහුට අහම්බෙන් හමුවන මිතුරියක්. චිත්‍රපටයේදී ඇගේ නම ක්‍රිස්ටල්. ඇය සහ ඇගේ පියා මොහු මේ තත්ත්වයෙන් ගොඩ  ගැනීම සඳහා දරන උත්සාහය ලස්සනට මේ චිත්‍රපටියේ  සිනමාත්මකව පෙන්නනවා. චිත්‍රපටය බලන්න. මානසික ප්‍රතිකාර හෙවත් psychotherapy කියන එක හොඳින් පෙන්වන චිත්‍රප

පළාත් සභා නම් දහංගැටය

Image
  March 29, 2021   admin   Governance   Politics අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා 2017 ඔක්තෝබරයේ සිට ආණ්ඩුකාර පාලනය යටතේ ය. මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සභා 2018 සැප්තැම්බර් සිට ආණ්ඩුකාරවරයා යටතේ ය. බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවල ධුරකාලය ද 2019 වසර තුළදී අවසන් විය. මේ වන විට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්වයක් නිර්මාණය කර තිබේ. එය වනාහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මැතිවරණ පරාජයන් වළක්වා ගැනීම සඳහා යොදන ලද උප්පරවැට්ටියකි. පළාත් සභා මැතිවරණ කල් දමා තිබෙන්නේ කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර‍ ක්‍ර‍මය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කිරීමෙනුයි. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය පවා ආණ්ඩුවට සහයෝගය ලබාදුන්හ. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගන්නා ලදී. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍ර‍මවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළේය. පසු කලෙක ඔහුගේ පියා වූ නැසීගිය මාෂල් පෙර

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

Image
  March 27, 2021   admin   Agriculture   Food   Health ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු පොල්තෙල් ආනයනය කර වෙළඳපොළට නිකුත් කළ බවට ප්‍රවෘත්තියක් පැතිරේ. හෙට දින අරුණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ එය උත්සව සමයේ පොල්තෙල් මිළ ඉහළ නැංවීම සඳහා යොදන ලද උප්පරවැට්ටියක් බවයි. කෙසේ වෙතත්, පොල්තෙල් කර්මාන්තය තුළ අප කරන ලද සොයාබැලීමකින් දැනගන්නට ලැබුණේ ඇෆ්ලටොක්සින් අපට අලුත් දෙයක් නොවන බවයි. ඒ පිළිබඳ බුත්තල ගොවියකු වන මනෝජ් ප්‍රේමකීර්ති කියන්නේ මෙසේයි: “මෙික අලුත් දෙයක් නෙමෙයි. පුස් කාපු දේවල් හෝදල අරගෙන කෑමට ගැනීම බහුලවම සිදු වෙනවා. නැතිනමි එම කොටස් ඉවත් කරල ගන්නවා. එහෙම බැරි ඒව සතුන්ට දෙනවා. හිරු එළියේ තිබෙන පාර ජමිබුල කිරණ වලට නිරාවරණය කිරීමෙන් මිස වෙනත් කිසිම විදිහකින් පුස්වල විෂ ඉවත් කිරීම සිදු කළ නොහැකියි.” පොල්තෙල් මෝල් හිමියකු වන මතුගම ඔයිල් මිල්ස් ප්‍රධානී රංජි මනෝජ් පැවසුවේ කොප්පරා මගින් සිඳින පොල්තෙල්වල මෙම දිලීරය අඩංගු විය හැකි බවයි. “ඉස්සර තෙල් මෝල්වල අය කතා කළේ නිල් කුඩු තියෙනවා නම් ඒ කොප්පරා හොඳයි කියලායි. ඒ කියන්නෙ දිලීර. පස්සෙ කාලෙක දිලීර වර්ධනය වීම වළක්වන්නට කොප්පරා මැ

වගවීම ප්‍රශ්න කරන මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?

Image
  March 26, 2021   admin   International   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021 මාර්තු 28 බරපතල අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කිරීම සිදු නොවන විට අලුතෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවීමේ අවදානම වැඩි වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව වෙත 2019 මාර්තු මස ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්විණි. එවකට බලයේ සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට පවා සම අනුග්‍රහය දැක්වූ ආණ්ඩුවකි. 2021 වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි “විධායක බලය පිළිබඳ වැඩි සංවරණයන් හා තුලනයන් ලබා දුන් 2015 ප්‍රතිසංස්කරණ ආපසු හරවා ඇති අතර අධිකරණයේ සහ අනෙකුත් ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය තවදුරටත් ඛාදනය වී තිබේ. සුළුතර ප්‍රජාවන් සමඟ වැඩි පිළිගැනීමක්, ගෞරවයක් හා ප්‍රතිසන්ධානයක් පොරොන්දු වූ සියලුදෙනා ඇතුළත් ජාතික කතිකාවක ආරම්භය ආපසු හරවා ඇත.” එතකොට ලංකාවේ එහෙම වෙනකල් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව පොල්ගෑවාද? මේ ලිපියත් කියවන්න:  යුද්ධයේ අවසානය දස වසරක් තිස්සේ වවාගෙන කන ජිනී

වල කක්කුස්සියට ආපසු අප ගෙන යන ආණ්ඩුව

Image
  March 24, 2021   admin   Life ආණ්ඩුවට හිතවත් ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයන්ට වාසි වන පරිදි ටයිල් හා නිවාසවල සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාවේ මිනිසුන්ට වැසිකිලියක් හදාගන්නට බැරි තත්වයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ. ධම්මික පෙරේරාගේ කොම්පැනියෙන් මුදල් ගෙවා ටයිල් හා කොමෝඩ් ආදිය ඇණැවුම් කර කවදා හෝ උන්ට පුළුවන් දවසක ඒවා දෙන තෙක් මළපහ නොකර බලාසිටීමට මේ රටේ අමාරුවෙන් ගෙයක් හදාගන්නා ජනතාවට සිදුවී තිබේ. ආණ්ඩුව මිනිසුන්ට වැසිකිළි යන්නට තිබෙන නිදහස පවා අහෝසි කරමින් සිටින බව පෙනේ. කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක

WHAT IS UNHRC RESOLUTION 46/1 ON SRI LANKA?

Image
  March 24, 2021   admin   English   News UN Human Rights Council (UNHRC) adopted a resolution on 23 March 2021. The resolution was brought by Britain on behalf of a group of countries that are identified as a core group on Sri Lanka. The resolution was backed by the US which is not a member state of the UNHRC. The countries that have co-sponsored the resolution so far are Albania, Australia, Austria, Belgium, Bulgaria, Canada, Croatia, Cyprus, Czechia, Denmark, Estonia, Finland, France, Germany, Greece, Iceland, Ireland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malawi, Malta, Marshall Islands, Montenegro, Netherlands, New Zealand, North Macedonia, Norway, Poland, Portugal, Romania, San Marino, Slovakia, Slovenia, Spain, Sweden, Switzerland, United Kingdom of Great Britain and Northern Ireland and the United States of America. The resolution titled ‘Promoting reconciliation, accountability and human rights in Sri Lanka’ boosts the powers of the office of the UN High Commiss

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

Image
  March 23, 2021   admin   International   Politics   Video අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ යෝජනාවක් අද දින බහුතර ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළහ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටෙනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික කණ්ඩායම විසිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනා සම්මතය නම් ප්‍රකට එහි අරමුණ ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමයි. මෙය 2012 සිට එම අරමුණින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද හයවන යෝජනාවයි. යුදගැටුම පැවති සමයේ දැඩි මානව හිමිකම් උල්ලංඝනයන් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල අන්දමින් කඩකිරීම සම්බන්ධයෙන් ඉතා විධිමත් හා අපක්ෂපාතී විමර්ශනයක් කඩිනමින් පැවැත්වීම, සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීම, සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම සහ වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව

බැනුම් අහන්නේ, මැරෙන්නේ රියදුරා වුණාට වගකිව යුත්තේ කොන්දොස්තරය

Image
March 22, 2021   admin   Transport   Travel පසුගිය සතියේ අප ගමන් කළ වෑන් රියේ පසුපස ටයර් හොඳටම ගෙවී තිබිණි. රියදුරු රාජා සමග කතාකරන අතර ඔහු කීවේ එය මේ මාසයටම ඔහු ගිය එකම හයරය බවයි. ලීසිං වාරිකය ගෙවීම සඳහා ඔහු කරන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ පාර අයිනේ තබාගෙන බිත්තර විකිණීමයි. ගෙවුණු ටයර් සහිත වාහන ඇල්ලීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ. ලංකාවේ මේ වන විට හයර් මෙන්ම ටයර් හිඟයක් ද තිබේ. පස්සරදී මගීන් රැසකට මරු කැඳවා තවත් රැසකට තුවාල සිදුකළ බස් අනතුර සම්බන්ධයෙන් එහි රියදුරු, විරුද්ධ පැත්තෙන් පැමිණි ට්‍රක් රියේ රියදුරු, පාරට පෙරළී තිබුණු ගල ඉවත් කිරීමට අසමත් වූ මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම හයියෙන් යන රියදුරන් දිරිගන්වන බස් මගීන් ද වගකිව යුතුය. පසුගියදා බදුල්ලේදී අපට හමු වූ බදුල්ල බස් සංගමයෙ ලේකම්වරයා පැවසුවේ අනතුරට පත් කොළඹ බසයට කලින් පස්සරින් පිටත්වන බදුල්ල බසයට බොහෝ මගීන් නගින්නෙ නැති බවයි. ඉක්මනින් යන්නට වේගයෙන් යන බස් එක එනකල් මගීහු බලා සිටිති. ඔවුන් නීති විරෝධී රියදුරන් දිරිගන්වන බව අප කියූ විට ඇතැමෙකු කීවේ අනෙකුත් බස් කොට කොටා යමින් කාලය කාදමන බවයි. අධිවේගය මෙන්ම කොට කොටා යා

බුරන හැම බල්ලකුටම පෙරළා බුරන්නට ගියහොත් රාජ්‍ය පාලනයට වෙලාවක් නැත

Image
  March 22, 2021   admin   Politics ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පරිසරය වනසනු ලබන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුවේ. එය බොරුවක් නොවන බව ද පැහැදිලිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දසවැදෑරුම් ප්‍රතිපත්ති අතරින් නවවැන්න වන්නේ  තිරසාර පරිසර කළමනාකරණයයි.  එහි මෙසේ දැක්වේ: “අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතුය. අලුත් වන වගා සංග්‍රාමයක් මෙන්ම සියලු වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතුය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලු පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතුය. සියලු ගංගා ඇලදොල පිරිසිදු කිරීමේ වැඩසටහනක් සමග පුරවැසියන්ට ජලය සඳහා ඇති ශුද්ධ වූ අයිතිය ආරක්ෂා කිරීම අප සතු වගකීමක් වේ.” මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අටවන කොටස සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන්නේ මෙම ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමටය. ඒ තරම් පරිසරය ගැන සංවේදීබවක් ප්‍රකාශ කළ ආණ්ඩුවක් යටතේ දේශපාලන හෙංචයියන්ගේ අනුග්‍රහයෙන් මේ තරම් පාරිසරික සංහාරයක් සිදුවීම වර්තමාන විරෝධයට හේතුවයි. රාජපක්ෂ පවුලේ ලොකු අයියා වන චමල් රාජපක්ෂ ඇමතිවරයා මෑතදී කළ ප්‍රකාශයකින් ආණ්ඩුවේ පරිසර