Posts

Showing posts from February, 2022

නිර්මාලීය ඉතිහාස කතිකාව සහ ආරාමදාස

Image
  February 27, 2022   admin   Art   Fiction අජිත් පැරකුම් ජයසිංහ ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. කොළඹ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ඉතිහාස ප්‍රදර්ශනය නැරඹුවේ ද එම දිනවලමය. ආරාමදාස නවකතාවත්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රධානත්වයෙන් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රගතිශීලී ඉතිහාස කතිකාවත් අතර සිත්ඇදගන්නාසුළු සම්බන්ධයක් තිබේ. කන්ටේනර් පෙට්ටි දෙකක පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයේ එක පෙට්ටියක් ක්ෂුද්‍ර ඉතිහාස කතා ඉදිරිපත් කිරීම සඳහා වෙන්කර තිබිණි. ආරාමදාස ගැන එහි ක්ෂුද්‍ර සටහනක් නොතිබුණත්, එම ඉතිහාස කතිකාව සම්බන්ධ ක්ෂුද්‍ර නොවන සටහනක් ආරාමදාස විසින් තබා තිබේ. එම ඉතිහාස කතිකාවෙහි ප්‍රධාන තර්කයක් ලෙස මා තේරුම් ගත්තේ ලංකාවේ ඉතිහාසය රේඛීය අඛණ්ඩතාවකින් යුක්ත නොවන බව හා පොළොන්නරු යුගයෙන් ඛණ්ඩනය වී ඉන්පසු නැවත නිර්මාණය ව

රාජ්‍ය සේවකයන් වර්ජනය කිරීම වැරදි වන්නේ ඇයි?

Image
  February 26, 2022   admin   Matugama.com   Politics අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, ඔවුන්ගෙ කාර්යාල සුවපහසු අන්දමින් පවත්වාගන්න වගේ දේවලට වැයවන අතිවිශාල මහජන මුදලත් එක්ක බැලුවොත්, රජයේ ආදායමෙන් 90%ක් විතර වැයවන්නෙ රාජ්‍ය සේවය වෙනුවෙන්. ඒ නිසා, රජයේ සේවකයන් තමයි, ප්‍රධාන වශයෙන්ම රජයේ අයිතිකාරයන් හා එයින් ප්‍රතිලාභ ලබන්නන් වෙන්නෙ. රාජ්‍ය අංශය පවතින්නෙ ඔවුන් වෙනුවෙන්. රාජ්‍ය අංශය පවත්වාගෙන යාම සාධාරණීකරණය කරන්නට ප්‍රමාණවත් තරමටවත් මහජන සේවයක් එයින් සිදුවෙන්නෙ නැහැ. මේක උදාහරණයකින් පැහැදිලි කරන්නට පුළුවන්. මම උදාහරණයකට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගන්නම්. සාමාන්‍ය පුරවැසියකු වන මම අවුරුද්දකට දෙවතාවක් එහි යනවා. ඒ මගේ පුංචි කාර් එකේ හා යතුරුපැදියේ ආදායම් බලපත්‍ර ලබාගන්නට. ඊට අමතරව මම එක් අවස්ථාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කරගෙන තිබෙනවා. ග්‍රාමසේවක සහති

අර්බුදයට සංස්කෘතික විසඳුමක්

Image
  February 25, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය ආර්ථික අර්බුදයකට සීමාකර දකින්නට බොහෝදෙනෙකු කැමති බවක් දක්නට ලැබේ. එහෙත්, එය ආර්ථික අර්බුදය නිසා කැපීපෙනෙන දරුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අර්බුදයකි. මා එසේ කියන්නේ ඇයි? ආර්ථික වශයෙන් අප අක්ෂ දෙකකින් යුත් අර්බුදයක සිරවී තිබේ. එකක්, ආනයන කිරීමට තරම් විදේශ විනිමය ආදායමක් අපට අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරය ආදිය මගින් නොලැබීමයි. දෙවැන්න, රාජ්‍ය ආදායම් හා වියදම් අතර මූල්‍ය පරතරය පියවාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීමයි. කවුරු හෝ විශ්වකර්මයකු විසින් මේ අර්බුදයෙන් රට ගොඩදමා දෙනවා නම් අප කැමතිය. එම විශ්වකර්මයා අප කැමති දේශපාලකයකු වෙනවා නම් අප ඊටත් වඩා කැමතිය. රාජපක්ෂ පවුල හා එහි ගජමිතුරන පසුගිය කාලයේ ලංකාවෙන් පිටතට ගෙනගොස් සැඟවූ මුදලක් තිබේ නම්, එය ආපසු ගෙනැවිත්, ඊටත් වඩා ලාභදායී ආයෝජනවල යොදවා හෝ මේ ආර්ථික අර්බුදය පියමං කරගැනීමට ලැබේ නම් මා නම් ආත්මාර්ථකාමී ලෙස කැමතිය. ඇත්ත වශයෙන්ම මෑත ඉතිහාසයක් මුළුල්ලේම සිදුවූයේ එයයි. ලෝක බැංකු දත්ත අනුව, ශ්‍

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කටඋත්තරය පාපෝච්චාරණ සාක්ෂියක් බවට පත්කරන හැටි

Image
  February 23, 2022   admin   Human Rights   Law අජිත් පැරකුම් ජයසිංහ කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්‍රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි. 1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ නැහැ. මාත් එක්ක අත්අඩංගුවට ගත් කණ්ඩායමේ රුහුණු විශ්වවිද්‍යාලෙ සමාජවාදී ශිෂ්‍ය සංගම් නායකයා වුණ තිස්සත් හිටියා. ඔහු නිදහස් කරන්නය කියලා ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණ නිසා ඔහු නිදහස් කළා. ඔහු එළියට ගියාට පස්සෙ පක්ෂෙන් අනෙක් තුන්දෙනා වෙනුවෙන් හෙබයාස්කෝපුස් ගොනු කළා. ඒ අප අසවල් තැන රඳවා තබාගෙන ඉන්න නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නය කියලා. ඒ අනුව අප මාතර පොලිසිය භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවට පවසා රැඳවුම් නියෝග ගත්තා. හැබැයි ඇත්තටම හිටියෙ එළියකන්දෙ. මට මතක විදියට, 1989 අගෝස්තු මාසෙ හදිසි නීතිය නැවත පැනවූවා. එළියකන්ද නැවතත් පරිපූර්ණ වධකාගාරයක් බවට පත්වුණා. ස

හුජ්ජගල හා සක්කිලි ප්‍රජාව

Image
  February 23, 2022   admin   Matugama   Matugama.com අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා ප්‍රදේශය තුළත් බාල්දි වැසිකිලි පිරිසිදු කළේ ඔවුන්. මං ඉගෙනගත්ත මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමික 3,4,5 පන්ති තිබුණු ශාලාවේ කෙළවරේ ගුරු වැසිකිළිය එවැනි එකක්. ගෑනු ළමයි ගියෙත් ඒ වැසිකිළියට යාබද කැසිකිළියකට. මේ වැසිකිලිය පිරිසිදු කරන්නට ජෝසප් කියලා මනුස්සයෙක් සතියට දින කීපයක් පොල් ඉරටු ඉලපතකුත්, බාල්දියකුත් අරගෙන ආවා. අපි ඒ මිනිහට හෙණ බයයි. මිනිස්සු ජෝසප්ට කිව්වෙ ජෝසා කියලා. එයා එනකොට අපි ඔන්න ජෝස එනෝ කියලා කෑගහමින් දුවනවා. ඒ මිනිහා කවදාවත් ළමයින්ට හිරිහැරයක් කළේ නම් නැහැ. මේ ප්‍රජාවෙ හිටපු මිනිසුන්ට ඉන්පසු මොනවා වුණාද දන්නෙ නැහැ. ඒ පිළිබඳ මතුගම වැසියකු වන කාවින්ද රණවීර මෙසේ පවසනවා: “ඔවුන්ගේ තුන්වන පරම්පරාව තවම මතුගම ඉන්නවා. ජෝසප්ගේ බිරිඳ අපි පොඩිකාලේ අපේ ගෙදර බිම ගොම මැටි ගාන්න ආවා. ඒකාලෙත් ඒ මනුස්සයා වයසයි. “කිට්නම්මා” කියල නම මට මතක හැටියට. මොනවා උනත් හිත හොඳ මිනිස්සු. අදටත් එයාලගේ කිහිපදෙනෙක්

ගෝඨා ඇයි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී?

Image
  February 22, 2022   admin   Politics හේතුව සරලයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ වෙලාවෙ විපක්ෂයට ගේම දෙන්න පුළුවන් නියම ආයුදේ. විපක්ෂය මර්දනය කරන්න ගියොත් පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්. ඉදිරි මැතිවරණයකදී සජිත්, චම්පික, අනුර, රනිල් වෙනම ඉල්ලුවොත් රාජපක්ෂලා ගොඩ. මේ උපායමාර්ගය ඇතුළෙ ඉදිරි කාලයේදී චම්පිකගෙ නඩු වුණත් විසඳෙන්න පුළුවන්. පවත්නා තත්වය තුළ තවදුරටත් ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්න බැහැ. විපක්ෂය බෙදන එක තමයි කරන්නට පුළුවන් එකම දේ. විපක්ෂයට තියෙන්නෙ මේ ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන හැකිතරම් ශක්තිමත් වෙන්න. මගේ නිරීක්ෂණ අනුව පෙනෙන්නේ ඔවුන් එය කරමින් සිටින බවයි. වි‍ශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණත්, 43 සේනාංකයත් යම් විධිමත් ස්වරූපයකින් සංවිධාන ගොඩනගාගෙන යනවා. ඒත්, සමගි ජන බලවේගය කරන්නේ ප්‍රචාරක රැස්වීම් පවත්වන එකයි. ප්‍රචාරක රැස්වීම්වලට වඩා මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ සංවිධාන ශක්තිමත් කරගන්න එකයි. පළාත් සභා, පළාත් පාලන වැනි මැතිවරණයකදී හැකි උපරිම ශක්තිය යොදා විපක්ෂයේ අය වෙන වෙනම තරග කරන්න ඕනැ. ඉන්පසු, ඒ ප්‍රතිඵලය මත පදනම් වෙලා සමගි වෙන්න ඕනැ. ඒ කියන්නෙ ඒ මැතිවරණයෙන් වැඩිම බලය ලැබෙන පක්ෂයට පොදු අපේක

හඳගමගේ ඇල්බොරාදා මා රසවිඳින හැටි

Image
  February 21, 2022   admin   Art   Cinema අජිත් පැරකුම් ජයසිංහ අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය. එහෙත්, චිත්‍රපටය යනු මට නම් කර තබාගෙන යන්නට දෙයක් නොවේ. බලා රසවිඳීමෙන් පසු ඕනෑම කලා කෘතියක් අතහැර දැමිය යුතුය. එහි යමක් සිතේ රැඳේ නම්, ඒ කලාකරුවා කුමන හෝ හේතුවක් මත මා සමග සහෘද වූ නිසාය. පැබ්ලෝ නෙරූදා යනු කවරෙක්ද? මම ඔහු පිළිබඳ සුළු දැනුමක් හෝ තිබිණි නම් එය ද මනසින් හිස්කර දමන්නට උත්සාහ කරමි. ලයනල් (වෙන්ඩ්ට්) හා ඔහු අතර සම්බන්ධය ද මට වැදගත්කමක් නැත. සමස්ත ඉතිහාස සිද්ධියම පසෙකින් තැබීම චිත්‍රපටය රසවිඳීම පහසු කරයි. හඳගම කිසියම් ඉතිහාසයක් මත පදනම් වනවා ඇත. එහෙත්, ඇල්බොරාදා ඉතිහාසය වාර්තාගත කිරීමක් නොවේ. ඒ නිසා සැබෑ නෙරූදා සමග ඇල්බොරාදා පටලවා ගැනීම අර්ථශුන්‍ය ක්‍රියාවකි. පැබ්ලෝ නෙරූදා ලියූ කවි අතරින් තෝරාගත් කීපයක් ඒවා ලියැවුණු මුල් බස වන ස්පාඤ්ඤ බසින් චිත්‍රපටයේ කියැවේ. යම් ශබ්ද රසයක් ජනිත

ත්‍රස්ත විරෝධී නව නීති ඇත්තටද? බොරුවටද?

Image
  February 19, 2022   admin   Crime   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-02-19 2021 වසරේ මැද භාගයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත විය. සිවිල් රාජ්‍ය කටයුතුවලට හමුදාව මැදිහත්වීම වැඩිවීම, වගවීමේ ක්‍රියාවලිවලට දේශපාලනික බලපෑම් කිරීම, (වගකීම්වලින්) බැහැර වන බවට කයිවාරු ගැසීම, සිවිල් සමාජයට තර්ජනය කිරීම හා ප්‍රධාන වශයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ත්‍රස්ත විරෝධී නීති මෙයට හේතු විය. ශ්‍රී ලංකා රජයේ වගවීම් ක්‍රියාවලිය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව හමුවේද ප්‍රශ්නකිරීමට ලක්වී තිබේ. මාර්තු මාසයේදී එහි මීළඟ සැසිවාරය පැවැත්වේ. ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවේ උපකාර ලබාගැනීම සඳහා රජයට නැවතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මතක් වී තිබේ. රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 2022 ජනවාරි 27දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම ආරම්භ වුණේ 1979දී ය. එහි ආදීනව ගැන එම අවධියේ සිටම ජාතික හා ජ

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා

Image
  February 16, 2022   admin   People   Politics අජිත් පැරකුම් ජයසිංහ විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය. එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට එකතු වී හොරණ ආසනයේ ශිෂ්‍ය අංශය භාරව වැඩ කළෙමි. එකල මට ලයනල් නිතර නැවත හමු විය. එවකට ඔහු හොරණ නගරයේ බස් නැවතුම්පළ අසල මත්පැන්හල ඉදිරිපිට රටකජු ලෑල්ලක් තබාගෙන විකුණමින් සිටියේය. පක්ෂයේ බොහෝ දෙනෙකු සම්බන්ධීකරණය සඳහා පණිවුඩ තබා ගියේ මේ රටකජු ලෑල්ලේය. ජවිපෙ තහනම් කර තිබුණු එම දුෂ්කර සමයේ අප බඩගින්නට රටකජු අහුරක් කෑවේ ද එතැනිනි. ලයනල් ජීවත් වුණේ හොරණ, මුණගම පැත්තේ උදාගමක කුඩා නිවසකයි. යකෙකු වුණත් ඒ මගේ පුතායි ලයනල් වෙනුවෙන් අධිකරණයේ නො බියව පැවසූ ඒ නැසී ගිය උදාර මාතාව මෙන්ම ලයනල්ගේ සොයුරු සොයුරියෝ ද ජනතා විමුක්ති පෙරමුණේ අවංක හිතවත්තු හා ක්‍රියාධරයෝ වූහ. ලයනල්ගේ සොයුරියක් පක්ෂයේ කාන්තා අංශයේ

චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම

Image
  February 16, 2022   admin   Media   Politics අජිත් පැරකුම් ජයසිංහ චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන සජීවීව අදහසක් දක්වන්නට ඊයේ රේඩියෝ චැනල් එකකින් ආරාධනාවක් ලැබුණා. මං ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඒ ගැන උනන්දුවක් නැතිකම හා ඒ වෙලාවේ වෙන වැඩකුත් තිබුණු නිසායි. සාමාන්‍යයෙන් වෙන්නෙ අපි පැනලා දෙන එකනෙ. මාධ්‍යවලින් අපේ අදහස් විමසීමක් වෙන්නෙ කලාතුරකින්. මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කරන්න, අදහස් තියෙන කට්ටිය රටේ ඉන්නවානෙ. මං හිතන්නෙ චමුදිත වෙනුවෙන් කතාකරන්න ගොඩක් කට්ටිය ඕනැ වෙලා ඇති. නැතිනම් කට්ටිය මදි ඇති. ඒ නිසා වෙන්න ඇති මටත් කතා කළේ. කෙසේ වෙතත්, චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම ගැන මට කියන්න තියෙන්නෙ මේ අදහස: මාධ්‍යකරණය කියලා පාරිශුද්ධ වැඩක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. කිසිම මාධ්‍යවේදියෙකු අපක්ෂපාතීයි කියලා මං හිතන්නෙ නැහැ. මාධ්‍යවේදියෙකු නොවුණට, මාධ්‍යකරුවකු වන මං නම් කොහොමවත් අපක්ෂපාතී නැහැ. මං පක්ෂපාතී මොකකටද කියන එකයි මෙතනදී වැදගත්. මං පක්ෂපාතී වෙන්නෙ දේශපාලනික අරමුණකට. මං ලියන්නෙ, පෙනීසිටින්නෙ ඒ අරමුණ වෙනුවෙනුයි. මාධ්‍යකරණය නමින් මං නොකරන දේවල් ටිකක් තියෙනවා. මං ජනප්‍රියවාදය පස්සෙ යන්නෙ නැ

ගෝලීය සමාජයක ජාතික මට්ටමින් මාධ්‍ය නියාමනය

Image
February 16, 2022   admin   Media   Politics අජිත් පැරකුම් ජයසිංහ 2022 වසර ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වැදගත් වන හේතු කීපයක් මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන පසුගියදා පැවැත්වුණ වැඩසටහනකදී පෙන්වා දුන්නා. සිලෝන් රටේ පළමු පුවත්පත වූ කලම්බු ජර්නල් ආරම්භ කර අවුරුදු 190ක් පිරෙන්නේ 2022ටයි. 1982 ආරම්භ වූ ජාතික රූපවාහිනියට අවුරුදු 40ක් පිරෙනවා. පළමු පෞද්ගලික රේඩියෝ විකාශනය ආරම්භ වී අවරුදු 30ක් පිරෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පළමු වරට පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා හඳුන්වාදී අවුරුදු 20ක් පිරෙන්නේත් 2022 වසරේදීයි. මේ වන විට ඩොලර් හිඟය හා මුද්‍රණ කඩදාසි, තීන්ත, ප්‍රවාහන වියදම් ආදිය ඉහළයාම නිසා පුවත්පත් පළකිරීමේ වියදම අධික ලෙස ඉහළගොස් පුවත්පත් කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්වී තිබෙනවා. පුවත්පතක සත්‍ය මුද්‍රණ වියදම එහි අලෙවි මිලට වඩා කිහිපගුණයක් වැඩි විය හැකියි. පුවත්පත් කර්මාන්තය පමණක් නොව, රූපවාහිනී, රේඩියෝ ආදියටත් වෙළඳ ප්‍රචාරණය අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ විශාල වශයෙන් වෙළඳ ප්‍රචාරණයේ යෙදුණු කිරිපිටි සමාගම් ආදිය දැන් දැන්වීම් පළකරන්නේ නැහැ. කිරිපිටි පැකට්ටුවක් මිලදීගන්නට මුදලාලි සමග යාලුකම

සුන්දර කැලිඩෝ වෙරළට මොකක්ද වුණේ?

Image
  February 12, 2022   admin   Matugama   Matugama.com කැලිඩෝ වෙරළ කියන්නෙ කළුතර උතුරේ අතීතයේ තිබුණු සුන්දර වෙරළ තීරයක්. දැන් ඒක එහෙම නැහැ. මේ පිංතූරෙ තියෙන්නෙ, ඉස්සර දවසක මඟුල් ගෙදරක ගිහින් එන ගමන් මගේ දියණියන් දෙදෙනා කැලිඩෝ වෙරළේ සෙල්ලම් කරනවා. ඒ සුන්දර වෙරළ තීරය 2017දී අතුරුදහන් වුණා. 2017 වසරේ කළු ගඟ පිටාර ගැලූ අවස්ථාවේ පනාපිටිය වේල්ල කැඩෙයි ද කියා බියකුත් ඇති වුණා.  (පනාපිටිය වේල්ල ගැන ලිපියක් හා වීඩියෝවක් මෙතනින්)  එහෙම විනාශයක් වුණොත් පානදුර පැත්ත ගංවතුරට හසුවෙයි කියාත් ඒ පැත්තේ අය බිය වුණා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයත්, විශේෂයෙන්ම දොඩංගොඩ පිවිසුමත් ගංවතුරට යටවුණා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී වියදම් අඩුකරගැනීම සඳහා ගංවතුර බැසයාමට අවශ්‍ය ක්‍රම සම්පාදනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය නොතකා හළ බව පරිසරවේදී, නීතිවේදී හේමන්ත විතානගේ පවසනවා  (මූලාශ්‍රය මෙතැනින්) . ඒ නිසා දේශපාලකයන්ගේ බලපෑමෙන් කළු ගඟේ මෝය කට පාලමට ඉදිරියෙන් කපාදැමුවා. ඒ සමගම කළු ගඟ පාලම අසලින්ම මුහුදට ගලන්නට පටන් ගත්තා. කොටින්ම, දැන් කළුතර පාලමටත් මුහුදු රළ වදිනවා. ඊට කලින් කළු ගඟ මුහුදට වැටුණේ හෝලික්‍රොස් හා කළුත

මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය

Image
February 12, 2022   admin   Health   Life අජිත් පැරකුම් ජයසිංහ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි. මම කලක් ගුරු වෘත්තියේ යෙදුණෙමි. මගේ බිරිඳ හෙද නිලධාරිනියකි. මා නුපුහුණු, ස්ථිර ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ 1994දීය. මා විද්‍යා විෂයන්ගෙන් උසස්පෙළ අසමත්ව, පසුව කලා විෂයන්ගෙන් උසස්පෙළ සමත්ව සිටිය ද, දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි ගුරු හිඟය පියවීමට ලබාදුන් මේ පත්වීම්වල මූලික සුදුසුකම වූයේ, ඉංග්‍රීසි විෂයට සම්මානයක් සහිතව සාමාන්‍ය පෙළ සමත්වීමයි. තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් මා වැනි අයට පූර්ව සේවා පුහුණුවකින් පසුව කෙළින්ම පත්වීම් ලබාදුන් අතර, සෙසු අය අවුරුද්දක ඩෙලික් පාඨමාලාව හැදෑරීමෙන් පසු පත්වීම් දෙන ලදී. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වී සිටි මගේ බිරිඳ පුහුණුවට බැඳුණේ 1992දීය. මා පුහුණු ගුරුවරයකු බවට පත්වූයේ 2000දීය