සභාකක්ෂ මන්ත්‍රණය (අපබ්‍රංස පරිවර්තන – සුන්දර ඉංගිරිසි)

 

Lobbying නම් වචනය ‘සභාකක්ෂ මන්ත්‍රණය’ කියලා පරිවර්තනයකර තිබෙනවා දැක්කා. මෙහි නිරුක්තිය ලතින් ලෝබියා කියන වචනය. ලෝබියා කියන්නෙ ආවරණය කරන ලද මාර්ගයකට. ගොඩනැගිල්ලක ලොබි එකක් කියන්නෙත් මේ වගේ අවකාශයක්. ඒකට ලොබිය කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. උදාහරණයක් විදියට පාර්ලිමේන්තු ලොබිය කියලා තැනක් තියෙනවා. ඉංග්‍රීසි උච්චාරණයේ විදියට ලොබී කියලා දීර්ඝ ඉස්පිල්ලක් භාවිතා වෙන්නෙ නැහැ, සිංහලේදී.

Lobbying කියන ක්‍රියාපදයෙන් අදහස් වෙන්නෙ, නිල රැස්වීම් නොවන මේ වගේ අවකාශයන්හිදී ප්‍රතිපත්ති සම්පාදයක් හමුවෙලා ඔවුන්ට ඉල්ලීම් ඉදිරිපත් කිරීම හා බලපෑම් කිරීම.

මේ වැඩේට ලොබි කරනවා කියලා සිංහලෙන් කියන එක තමයි මම නම් හිතන්නෙ හොඳම පරිවර්තනය. ලොබිකරණය ලෙස නාමපදයක් බවට හරවාගන්නටත් පුළුවන්.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election