කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න


පිරිමියකු ලෙස ඉපදී ලිංගික විපර්යාස කර ගැනීමෙන් පසු පොලිසියට බැඳීම සඳහා අයදුම් කර, එය ප්‍ර‍තික්ෂේප කිරීම නිසා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සමාජභාවී අනන්‍යතාවක් වෙනුවෙන් නඩු කියා ජයගත් ප්‍රීතිකා යශිනි -
ඔබගේ හදවතට තට්ටු කර බලන්න. 

ඔබ සිරුරින් පිරිමියකු වුවත්, මනසින් ඔබ ගැහැනියක් ද?
ඔබ සිරුරින් ගැහැනියක වුවත්, මනසින් පිරිමියෙක් ද? 

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ ලිංගිකත්වය පැත්තෙන් ගත් කල සිරුරට වඩා වෙනස් මනසක් ඇති පුද්ගලයන්ටයි. ඒ අයගේ සමාජ අනන්‍යතාවට අපි සංක්‍රාන්ති සමාජභාවය යයි කියනවා.

සමාජය ගැහැනු, පිරිමි වශයෙනුත් ලිංගිකත්වයේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාර්ශනය වන විෂමලිංගික වශයෙනුත් සරළව විග්‍ර‍හ කරන්නට පුළුවන්. එහෙත්, මෙම අනන්‍යතාවන්ට අයත් නොවන පුද්ගලයනුත් අපේ සමාජයේ ඉන්නවා.  

මෙම අනන්‍යතාවන් ඇති අය ගේ, ලෙස්බියන්, පාරලිංගික, අන්තර් ලිංගික හා ලිංගිකත්වය විමසන වශයෙන් පිළිගත් විග්‍ර‍හයේදී සැලකෙනවා.  

ඔවුන් කවුරුද යන්න ගැන මෙම ලිපියෙන් කියවන්නට පුළුවන්.

පාරලිංගික හෙවත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ය කියන අයට සාමාන්‍ය ව්‍යවහාරයේදී පොන්නයා කියන එක ඉතා සුලබ තත්වයක්. 



මේ වචනය තුළ ම තිබෙන්නේ දැඩි අනවබෝධයක්. ඒ වගේ ම එය ඉතා ම අපහාසාත්මකයි. එම වචනය ව්‍යවහාර කරන පුද්ගලයා එම වචනයෙන් අනෙකා මත ලිංගික සමාජභාවය හා සම්බන්ධ ආධිපත්‍යයක් ප්‍ර‍කාශ කරන්නට උත්සාහ කරනවා. සරළව කිව්වොත් පොන්නයා කියන්නේ පිරිමියාට දෙවෙනි ලෙස සැලකෙන ගැහැනියටත් වඩා පහත් මිනිසෙක්. 

අවාසනාවකට වගේ මේ වචනය දේශපාලන ශබ්දකෝෂයේත් ඉතා සුලබව භාවිතා වෙනවා. කණගාටුදායක ම තත්වය වන්නේ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින වාමාංශිකයන් පවා අතිශය පීඩිත ජන කොට්ඨාසයක් කෙරෙහි අපහාසාත්මක වන මෙම වදන භාවිතා කරන එකයි.

කොලුකාරයා, ආප්පකාරි වැනි අපහාසාත්මක වදන් ද භාවිතා වෙනවා. මේ මොකවත් නො කිව්වත්, ඉහත වැඩසටහනේදී මැනිකේ අත්තනායක නටන රිලා නැටුම කෙතරම් අසංවේදී එකක් ද?

මේ වචන භාවිතා කරන අය දේශපාලනයේ මූලික කාරණාවක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවයේදී ඉතාම අදේශපාලනිකයි. 

ප්‍රජාතන්ත්‍ර‍වාදය, ජාතික සමානාත්මතාව ආදී කාරණා මතු කරන බොහෝ අය අතින් සමාජභාවය පිළිබඳ දේශපාලන කාරණා අතහැරෙනවා. 

වෛද්‍ය අධ්‍යාපනය ලද ජවිපෙ නායකයකු වන නලින්ද ජයතිස්ස පවා මේ ගැන දරන්නේ පසුගාමී අදහසක්. 

“I am totally against Lesbian, Gay, Bisexual and Transsexual (LGBT) rights. This is not the need of the human being. We need a future generation.

Scientific experiments reveal this kind of emotions come out due to stress. When people go through stressful periods or are in such environments, unnatural feelings come out.

For example, we do not see this behaviour when they are living in the wild. However, if they are caged, we would see this behaviour. I believe in marriage between man and woman.
Same sex marriage is unnatural. It is against the evolution of the human being.” (Daily News 2015-12-10)

ඉන්දියාවේ රජය ලංකාවේ වාමාංශිකයන්ට වඩා කෙතරම් ඉදිරියෙන් ඉන්නවා ද? 2015 අප්‍රේල් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තුන්වන සමාජ ලිංගිකභාවයක් පිළි ගත්තා. 
භූමි හරේන්ද්‍ර‍න්

ඒ විතරක් නෙමෙයි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන සංවේදී අය අතිනුත් සංක්‍රාන්ති සමාජභාවය වැනි තත්වයන් ගිලිහී යනවා.

භූමි හරේන්ද්‍ර‍න් ලංකාවේ වැදගත් චරිතයක් වන්නේ ඇය සුවිශේෂ අරගලයක පංගුකාරියක් නිසා ය.

ඇය වැනි පුද්ගලයන් කරන අරගලය වැදගත් වන්නේත්, එයට ලිබරල්වාදීන්, සමාජවාදීන්, මාක්ස්වාදීන් ආදී සියලුදෙනාගේ අනුග්‍ර‍හය ලැබිය යුත්තේත් ඇයි ද යන්න ඇයට සවන් දී තේරුම් ගන්නට උත්සාහ කරන්න. 

භූමි හරේන්ද්‍ර‍න් කවුරුද කියා දැනගන්න මේ ලිපිය කියවන්න

ඇගේ අදහස් මෙම ලිපියේත්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. භූමි හරේන්ද්‍ර‍න් පිළිබඳ විස්තර ඇති වෙබ් පිටුව හැක් කර ඇත. එනිසා විස්තර ලබා ගත නොහැක. :(

    ReplyDelete
  2. අන්න kiyanna.lk හයිජැක් කරලා .

    ReplyDelete
  3. පොන්නයෝ ගොඩාක් ඉන්න සමාජයක. ඔවුන් විශේෂයක් වෙන්න බෑ නේද?

    දැන් මෙතනටත් එයාලා එන්න පුළුවන්..... :)

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔය [අ] විචාරක එහෙම කෙනෙක් නේ දැන් එයි රෙදි කරට අරගෙන වරෙන් මගේ පොන්න කම පෙන්වන්න කියාගෙන

      Delete
  4. ඕකත් ඔය ආයුබෝවන් වගේ කිසිම තේරුමක් නැතිව පාවිච්චි කරන වචනයක්

    ReplyDelete
    Replies
    1. http://www.urbandictionary.com/define.php?term=ponce

      Delete
    2. දෙමළෙන් පොන් කියන්නේ ගැහැණු කියන වචනයට.
      මේක එන්න ඇත්නේ එතනින්. නමුත් පොන්නයා යනු හෙල වදනක්.

      සංක්‍රාන්ති ලිංගිකත්වයට පෞද්ගලික හේතු වලට අමතරව සමාජයෙන් වෙන බලපෑමකුත් තියෙනවා. මේක බලන්න.
      http://rp1.abs-cbnnews.com/lifestyle/07/20/08/teen-ladyboys-grapple-new-thai-rules-seeking-sex-change
      ඒවගේම කුඩාකාලයේ ලිංගික අපයෝජන වලට ලක්වුනු අයත් මෙහෙම හැසිරීමට හුරුවෙන්න පුළුවන්.
      තව වැදගත් කරුණක් තමයි ඉරානෙත් මෙහෙම අය ගොඩක් ඉන්නවා. ඒකට හේතුව ඉරාන නීතියට අනුව සමලිංගිකත්වය වරදක්. නමුත් ලිංග විපර්යාසය වරදක් නෙමෙයි.
      අනිත් අතට සිංහල බෞද්ධ සංස්කෘතිය ඕල්කට් තුමාගේ කාලෙන් පස්සේ සෑහෙන දුරට කතෝලික ආභාශය ලැබුවා. එමනිසා හින්දු අයට වඩා ලංකාවේ බෞද්ධයන් අතර GLBT විරෝධයක් තියෙනවා. ඒ නිසාම ඉන්දියාවේ, තායි ලන්තේ තරම් ලංකාවේ මේ අය නෑ. ඒ නිසාම මේ අයට අනවශ්‍ය වැදගත්කමක් දෙනඑක නිසාම මෙහෙම අය වැඩිවෙන්න පුළුවන්.

      අනිත් අතට ලංකාවේ ඉන්නේ කෝකසොයිඩ් වර්ගයට අයත් මිනිස්සු. එයාලගේ ශරීරවල ගැහැනු පිරිමි වෙනස වැඩියි. ඒ නිසාම ඔහොම විපර්යාස කරගත්විට ඔවුන් විරූපි වෙනවා.

      නමුත් සමලිංගිකත්වයනම් ලංකාවේ එතරම් තැකීමක් කරන දෙයක් නෙමෙයි නේද?
      සමලිංගිකත්වයට නීතියෙන් අවසර තියෙනවයි කියන රටවල සමාජීය වශයෙන් දැඩි සමලිංගික විරෝධයක් තියෙන්න පුළුවන්. සමලිංගික යැයි ප්‍ර‍ිසිද්ධ දේශපාලඥයින්ට චන්ද පවා ලැබෙනවා. සමලිගිකත්වයට අවසර තියෙන රටවල ඔහොම වෙනවද?

      සමලිංගික විවාහය කියන දෙයනම් තනිකරම බටහිර විවාහ සංකල්පය කරේ තබාගැනීමක්. බටහිර ක්‍ර‍මයට අනුව විවාහ වෙනවා යනු විවාහය රෙජිස්ටර් කිරීමයි. අපේ ක්‍ර‍මයට අනුව විවාහ වීම යනු වරදකාරී හැඟීමකින් තොරව ලිංගික සබඳතා පැවැත්වීම. අපට විවාහ සහතිකය යනු කුවිතාන්සියක් පමණයි. නමුත් බටහිර සංස්කෘතියට අනුව විවාහ සහතිකය ඊට එහාගිය වටිනාකමක් ඇති දෙයක්.
      සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික අය සිංහල සංස්කෘතියට එරෙහි බලවේගවල අතකොළු බවට පත්කරගත හැකියි. එහෙම අය අනුන්ගේ අතකොළු නොවීමට වගබලාගත යුතුයි.

      Delete
  5. මම හිතන්නේ ඔය පැරා කියන වෙබ් සයිට් එක තුර්කියේ හා කුර්දිස්තානයේ ක්‍රියාත්මක PKK (Partiya Karkerên Kurdistanê, The Kurdistan Workers' Party) නම් සන්නද්ධ වාමාංශික ත්‍රස්ත කන්ඩායමට සම්බන්ධ එකක්... එකේ තියෙන්නේ තුර්කි භාෂාවෙන්..

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Kurdistan_Workers%27_Party

      Delete
    2. Kiyanna බ්ලොග් එක හැක් කිරීමේ ප්‍ර‍ශ්නය දැන් විසඳලා.

      Delete
  6. ඒ උනාට මම හිතන්නේ පැරා ලංකා දේශපාලනයේ සමලිංගික උනා කියලා ජන්ද දායකයන් ඒ ගැන තැකීමක් කරන්නේ නැතැයි කියා. දේශපාලනයේ විතරක් නෙමෙයි ආගමික ක්ෂේත්‍රය තුලත් එහෙම තමයි. හාමුදුරුවරු කොච්චර ඉන්නවද සමලිංගික සේවනයේ නිරත වෙන, සාමනේර භික්ෂුන් තමුන්ගේ ලිංගික අවශ්‍යතා වලට යොදා ගන්න. ගිය සතියෙන් එහෙම දෙයක් වාර්තා උනා දකුණ පළාතේ රෝහලකින්. සාමනේර හිමි රෝහල් ගත කරා වැඩිහිටි භික්ෂුන් දෙන්නෙක්ගේ දැඩි ලිංගික අතවර නිසා. හැබැයි මාධ්‍යය, රෝහල් බලධාරීන් සිද්ධිය යට ගැහැව්වා. මිනිස්සුත් කොලුකරයා කියා දැන දැන දන් පුජා කරලා දන තියලා වදිනවා සාදුට.

    පන්සලේ විතරක් නෙමෙයි, කිතුනු පල්ලියේත් මේක තදේටම තියෙනවා. කලින් හිටපු පාප්වහන්සේ ඉල්ලා අස්උනෙත් වතිකානුවේ පුජකයන්ගේ සමලිංගික හැසිරීම් දැකලා ඒවාට කලකිරිලානේ.

    ඒ විතරක් නෙමෙයි ආයේ සමලිංගික හැසිරීම ලොකුවටම තියෙන්නේ මුස්ලිම් තරුණියන් අතරේ...

    දැන් බැලුවොත් අපේ විදේශ ඇමති මංගල සමරවීර සමලිංගිකයෙක්. හැබැයි ඔහුට මාතර දෙවැනි තැනට වැඩිම මනාප.
    ඇයි රනිල් අගමැති.
    මහින්ද සමරසිංහත් ඇමති.
    බයි සේක්ෂුවල් මර්වින් සිල්වා.
    දුමින්ද සිල්වා
    චමල් රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    ජගත් ජයසූරියට සමලිංගික චෝදනා එල්ල උනත් ඔහුව හමුදාපති කළා.

    අනික දේශපලනයේ විතරක් නෙමයි,උදාහරණයක්‌ විදියට අපි කවුරුත් දන්න බ්ලොග් අවකාශයේ කතන්දරකාරයාත් බයිසේක්ෂුවල් පොරක්. ඒත් මිනිහට කවුරුත් ගරු කරනවා. පැරකුම් ලොක්කත් ඒ කාලේ කොටියා කියලා අපි දන්නවා නොවෑ.

    ඒ නිසා පැරා බොරුවට තප්පුල්ලන්න එපා. දකුණු ආසියාවේ රටවල් වලින් ලංකාව ඉදිරියෙන් ඉන්නවා. සමහර විට කැසිනෝ වලට සමගාමිව සමලිංගික සේවනය/විවාහය සහ ගණිකා වෘත්තීය ලංකාවේ නිතීගත වෙයි.

    ReplyDelete
  7. අර නලින්ද ජයතිස්ස නම් අන්ත හොමෝෆෝබියාවකින් පෙළෙන එකෙක්.

    සිල්වාලාගේ නලින්ද ඔයිට වැඩිය ප්‍රෝග්‍රෙසිව් ඇති!

    ReplyDelete
    Replies
    1. මතුගම එකෙක්නෙ . මොලේ වැඩිලා නැහැ

      Delete
    2. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරත් මතුගම.

      දැන් ඉතින් කියපල්ලා නිදහස් අධ්‍යාපනේ නිසා තමයි මේ රටට කෙළවුණේ කියලා. එයා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නට පෞද්ගලික පාසල් තහනම් කළේ නැහැ.

      කන්නන්ගර නො හිටින්න මෙතන කමෙන්ට් කරන එවුන් වැඩි දෙනෙක් තාම අඳින්නෙ අමුඩෙ.

      Delete
  8. සංවාදශීලී ලිපියක් නිසා කියවා බැලුවා. මේ කාරනා මතුකරල විවිධ කරුනු සමග මේ සංවාදශීලී ලිපිය ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. මටනම් මෙහෙම අදහසක් තියෙනවා. ලිංගිකත්වය කියන කාරනාවෙදිත් අපේ සමාජයන් හැදිල තියෙන ආකෘති වලින් පිට සිටින ඔබ කියන ආකාරයේ පුද්ගල කණ්ඩායම් ඉන්නවා. මේ අය උපන් ආබාධිත තත්වයන්ගෙන් පෙලෙන අයත් වෙන්න පුළුව. එහෙම අයව සමාජයේ පීඩාවකට ලක්කරන එක වැරදියි. මොකද එය ඔවුන් උවමනාවෙන් කරගත්තු දේව්ල් නොවන නිසා. ඒ වගේම තව දෙයක් තියෙනවා. සමාජයේ කිසිම කායික මානසික ආබාධයකින් තොරව සාමාන්‍ය ගැහැනු හෝ පිරිමි ලෙස වගේම විසම ලිංගික ලෙස ඒ ස්වභාවික ආරය ඔස්සේ යන කිසිවෙක් ලිංගිකත්වය අනුව අවුල්සහගත මානසිකත්වයකට ඇද දාලා සමලිංගිකත්වයට යොමු කිරීම වගේ දේවලුත් වැරදියි. විශේෂයෙන් කුඩා දරුවන්. අපි උපන් අසාමාන්‍ය තත්වයන් ගැන අනුකම්පා කරන්න වගේම සාමාන්‍ය ලිංගික හැසිරීමක් ඇති කෙනෙක් බලෙන් අසාමාන්‍ය තත්වයකට ඇදදැමීම ප්‍රතික්ෂේප කිරීමත් කළ යුතුයි කියා මම හිතනවා. ඒ වගේම විරුද්ධ ලිංගිකයන් එකිනෙකා ආකර්ශනය වෙමින් බැඳීම් ඇතිකරගැනීම ගැහැනු පිරිමි ලෙස එකිනෙකාගේ විශේෂ අනන්‍යතාවයන්ට ඇළුම් කිරීම හා ඒ දේවල් ප්‍රභල කරුනු ලෙස ගෙන සමාජ නිර්මානය වී තිබීම අන් සියල්ලට වඩා ඉදිරියට එන්නේ ස්වභාවිකව නිසා ඊට දොස් කියන්නත් බෑ.

    ReplyDelete
  9. සමාජයේ හැමෝම සමලිංගික වුනොත් මොකද වෙන්නෙ?

    එහෙම වුනොත් ප්‍රජනනය නතර වෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීම නතර වෙනවා. සමස්ත මානව සංහතියේ ම පැවත්ම අර්බුදය ට යනවා.

    එම නිසා මානව සංහතියේ පැවත්ම ට උදව් කරන්නේ සම ලිංගිකයන් නොවෙයි - විෂම ලිංගිකයන්.

    එම නිසා විෂම ලිංගිකයන් ට, සම ලිංගිකයන් ට වඩා වරප්‍රසාද හිමි විය යුතුයි.

    උදාරණයක් වශයෙන් ආණ්ඩුවට පුළුවන්, සම ලිංගිකයන්ගෙන් බදු අය කරලා විශම ලිංගිකයන් ට සහන ලබා දීමට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලෝ සොබාදහමෙන්ම වැඩි අවස්ථාවන් ප්‍රමුඛත්වයන් දෙන්නේ විෂම ලිංගිකත්වයට මිස සමලිංගිකත්වයට නෙවෙයි. අපි බලන්න ඕනේ අස්වාභාවික ලිංගික හැසිරීම් වලට මනුස්සයන් පෙළඹෙන ක්‍රමවේදය්න් හා පසුබිම් ඉවත් කරන එක ගැනයි. එතකොට ඔය ප්‍රශ්න ගොඩකට විසඳුම් හොයාගන්න පුළුවන්.

      Delete
    2. සමලිංගිකත්වය හෝ ද්විලින්ගිකත්වය අස්වාභාවික හැසිරීම් ලෙස තවදුරටත් සැලකෙන්නේ නැහැ. මනෝ විද්‍යාවට අනුව බොහෝ මිනිසුන්ට, විශේෂයෙන් පිරිමින්ට සමලිංගික ආශාවන් ඇතිවෙනවා. එයින් 100% ක්ම සමලින්ගිකත්වයට නැඹුරු වන්නේ ඉතා අඩු ප්‍රතිශතයක්. ඔය නම් ප්‍රසිද්ධ කරලා තිබෙන ලිස්ට් එකේ අයට වඩා ඕනෑතරම් උදාහරණ ලංකාවේ හොයාගන්න පුළුවන්. ලෝකෙට පේන්න ඉතා සාර්ථක පවුල් ජීවිත ගතකරන, නමුත් 99% ක්ම සමලිංගික ඇසුර සොයන පිරිමි ලංකාව වගේ සන්වුර්ත සමාජවල බහුලයි.
      හැබැයි මෙතන පැරකුම් කතාකරන මාතෘකාව ටිකක් වෙනස්. ලෝකයේ දියුණු රටවල පවා මේ ගැහැණු පිරිමි වර්ගයන්ට බෙදන්න බැරි මිනිසුන් බොහෝ සමාජ අසාධාරණයන්ට ලක්වෙනවා. මේ දවස්වල ලෝක පුවත් බැලුවානම් ඇමෙරිකාවේ ඔය ප්‍රශ්නයට එක විසඳුමක් විදිහට ද්වි ලිංගික පොදු වැසිකිලි නම්කරන්න පටන් අරගෙන.

      Delete
    3. සතුන් සමග ලිංගික ක්‍රියාවේ නිරත වීම, මල මිනී සමග ලිංගික ක්‍රියාවේ නිරත වීම, ආදිය නම් තවමත්, අස්වාභාවික හැසිරීම් ලෙස සැලකෙනවා.

      ඉදිරියේ දී, මේවාත් වෙනස් වෙයි නේද?

      http://www.independent.co.uk/news/world/europe/incest-and-necrophilia-should-be-legal-youth-swedish-liberal-peoples-party-a6891476.html

      පැරා, ඉසරහට උඹට වැඩ වැඩි වෙයි වගේ?

      Delete
    4. මෙතන විහිළුවක් නැත. ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර සීමාවන් සලකුණු කර ගැනීම සමාජය විසින් හැමදාම පරිස්සමෙන් කරගෙන තිබේ. අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ දී තිබෙන්නේ ගෝත්‍රවාදයෙන් ඔද්දල් වූ පකිස්තානය වැනි පසුගාමී රටවල් පමණි.

      නූතන සමාජය සමලිංගික, සංක්‍රාන්ති ලිංගික ආදී අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂණ කරන ගමන් ම අනෙක් පැත්තෙන් ළමයකුගේ වයස පිළිබඳ ද නිර්නායක ඉදිරිපත් කරමින් අවුරුදු 16 වැනි නිශ්චිත වයසකට අඩු ළමයින් සමග ලිංගිකව එක් වීම කැමැත්තෙන් වුව ද දූෂණයක් ලෙස සලකන නීති සම්පාදනය කරගෙන ඇත.

      තමන් ඉදිරිපත් කරන අදහස අමන එකක් බව මෙම පරිකතාකරුවා දනියි. ඒ නිසා එය නමින් ඉදිරිපත් කරන්නේ නැත.

      දැන දැන මෙවැනි මුග්ධ අදහස් ඉදිරිපත් කරන අමනයෝ ලෝකයේ සිටිති. එහෙත්, ශිෂ්ට සමාජය තීරණ ගන්නේ අමනකම පදනම් කරගෙන නො වේ.

      Delete
    5. ///සමාජයේ හැමෝම සමලිංගික වුනොත් මොකද වෙන්නෙ?
      එහෙම වුනොත් ප්‍රජනනය නතර වෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීම නතර වෙනවා. සමස්ත මානව සංහතියේ ම පැවත්ම අර්බුදය ට යනවා.
      එම නිසා මානව සංහතියේ පැවත්ම ට උදව් කරන්නේ සම ලිංගිකයන් නොවෙයි - විෂම ලිංගිකයන්.
      එම නිසා විෂම ලිංගිකයන් ට, සම ලිංගිකයන් ට වඩා වරප්‍රසාද හිමි විය යුතුයි.
      උදාරණයක් වශයෙන් ආණ්ඩුවට පුළුවන්, සම ලිංගිකයන්ගෙන් බදු අය කරලා විශම ලිංගිකයන් ට සහන ලබා දීමට.///

      අයිසෙ ඇනෝ,
      බලනව දැං වෙලා තියෙන්නෙ මොකද්ද කියල,
      ලෝකයේ ජනගහනය එන්න එන්නම වැඩි වෙනව. ලංකාවෙ තත්වයත් ඒකමයි. වැඩිවන ජනගහනයට අවශ්‍ය අනේකවිධ පහසුකම් වෙනුවෙන් සියල්ල වෙන්නෙනව. වනාන්තර විනාශ වෙනව. අයිස් කඳු දියවෙනව. යුද්ධ/කැරලි කෝලාහල ඇතිවෙනව.... මොනවද නොවෙන්නෙ?

      හරි නං කලයුත්ත විශමලිංගිකයන්ගේ ළමයි පාලනය කිරීම වෙනුවෙන් වැඩපිලිවෙලක් ගෙන ඒමත් ළමයි හැදෙන්නෙ නැති, සමලිංගිකයන්‍ට ඔවුන්ගේ වැ‍ඩක් ක‍රගෙන් ඉන්න ඉඩදීමත්

      Delete
    6. ලෝක ජනගහණය අඩු වුනොත්, ඔයා ගේ තර්කය ට මොක ද වෙන්නේ?

      සමලිංගික අයිතිවාසිකම් තියෙන්නෙ, ලෝක ජනගහණය එක් මට්ටමකට වඩා වැඩි නම් විතරද? ඒ මට්ටම කීය ද?

      Delete
    7. // Ajith Perakum Jayasinghe June 9, 2016 at 7:06AM //

      අප කියන්නේ ඔබ මේ පරිස්සමින් සලකුණු කරගන්නේ යැයි කියන සීමාවන් කාලයෙන් කාලය ට වෙනස් වී ඇති බවයි.

      කාලයකට ඉහත, සමලිංගික ක්‍රියා අශිෂ්ට ලෙස සැලකිනි. දැන් එය වෙනස් වී ඇත. දැන ට අශිෂ්ට යැයි සැලකෙන ඇතැම් දේ ඉදිරියේ දී වෙනස් විය හැක.

      ඒවා වෙනස් නොවේ යැයි සහතිකයක් ඔබට තිබෙනවාදැයි මම නොදනිමු. අපට නම් නැත.

      ලෝකය පාලනය කිරීම සඳහා මාධ්‍ය අවකාශයන් පුරවා දැමීය හැකි, ලෝකය පාලනය කරන අයට තර්ජනයක් නොවන ඕනෑම මාර්තෘකාවක් ඉෂූ එකක් බවට් පත් කර ගැනීමට බටහිර බුද්ධි අංශවලට මහ කාලයක් ගත් නොවේ.

      එහිදී ඔවුන් කියන කාරණා සමාජයේ පතුරුවා හැරීමට ඊනියා සමාජ ක්‍රියාකාරිකයෝ, බ්ලොග්කාරයෝ ආදී දහසකුත් වර්ගවල කුලී ඒජන්තයෝ සැදීපැහැදී සිටිති. අපි මේ කතාව කියපු ගමන් අජිත් පැරකුම් ජයසිංහ මහත්තයා අපිට කියන්නේ එයා කුලියට ලියූවත් එයා ලියන්නේ එයා කැමති දේවල් පමණක් බවයි. (අපි මේ කතාවට මෙන්ම, අපි නිර්ණාමිකව ලියන්නේ ඇයි කියන එකට ද උත්තර දී ඇත්තෙමු. නමුත් ප්‍රශ්නය වන්නේ අපේ එම උත්තර ඇති කමෙන්ට්, අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින් මකා දැමීමයි. එම නිසා ඒවා නැවත මෙහි ලියමු. අජිත් පැරකුම් ජයසිංහ මහතා අපට යෝජනා කරන්නේ ඒ මහතා කැමති දේ කිරීමට ඉඩ ලැබෙන රස්සාවක් ඒ මහතා ට ලැබී ඇති බවයි. නමුත් මේ ලෝකයේ එවැනි රැකියා නොමැති වෙයි. බ්ලොග් ලිවිමේ රැකියාවක් නෝ වෙනත් ඕනෑම රැකියාවක් හෝ එසේ නොවන බව රැකියා කර ඇති ඕනෑම අයෙකු දනී. ගුරුවරයෙකුට තම හෘදසාක්ෂියට ගැලපෙන දේ තබා බළධාරීන් කියන දේ තම හෘදසාක්ෂියට ගැලපෙන අකාරයකින්වත් ඉගැන්වීමට හැකි නොවෙයි. පත්තරවල ලියන අය ලියන්නේ පත්තරේ අයිතිකාරයට ඕනෑ දේ ය. මේ රටේ පත්තරකාරයින් වෙළඳ දැන්වීම් සමාගමක කොපි රයිටිං වැඩ ටිකක් අල්ලා ගැනීමට පෙළඹීමට මෙය එක හේතුවක් වෙයි. එක්කෝ ඕනෑම දෙයක් ලිවිය හැකි වටිනාකම් කියා දෙයක් නැති මිනිසකු විය යුතුයි. නැතිනම් ඕනෑම වෙලාවක දොට්ට බැසීමට සූදානමින් සිටිය යුතුයි. රස්සාවට බ්ලොග් ලිවිල්ලත් මීට වඩා වෙනස් දෙයක් නෙමෙයි. අන්තිමේදී ලියැවෙන්නේ පඩි දෙන අය කියන දේම තමයි. අජිත් පැරකුම් ජයසිංහ ව, එයාට පඩි දෙන අය පත් කරලා තියෙනවා නම්, තමන් ලියන්නේ තමන් කැමති දේ තමයි කියලා හිතන තත්වයට, මම හිතන්නේ අපේ අනුකම්පාව අජිත් පැරකුම් ජයසිංහට හිමි විය යුතුයි. ඇතැම් විට අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට වහලා තම න් ව බැඳ ඇති යදම් වලට අශා කරයි කියන තත්වයට පත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ තත්වය සහ එළියකන්ද අතර සම්බන්ධය ගැන සාකච්ඡාවකට යන්න මට වෙලාවක් නෑ. මොකද මම මේවා ලියනවාට මට කිසිකෙනෙක් ගෙවන්නේ නෑ. මම නිර්ණාමිකවම ලියන්නේ මට ඇත්ත නමින් ලියන්න බැරි නිසාවත් බොරු නමකින් ලියන්න බැරි නිසාවත් නෙමෙයි. නිර්ණාමිකව ලියුවාම මම ලියන්නේ මුදලට නෙමෙයි කියන එක පේන නිසා.)

      ව්‍යාභිචාරය, ශවකාමය, ආදිය ගැන අද හිතන විදිය වෙනස් කිරීමට මාධ්‍ය අයිතිකරුවන් ට, කුලියට ලියන්නන් සඳහා ගෙවීමට මුදල් තියෙන අයට, එච්චර අමාරු දෙයක් නෙමෙයි. ධනපති මාධ්‍ය විසින් ව්‍යාජ විඥ්ඥානයන් ගොඩනගන ආකාරය ගැන අමුතුවෙන් වාද කිරීම ට දෙයක් නෑ. මේක පොඩි ළමයි පවා දන්න දෙයක්. ඉලෙට්‍රොනික මාධ්‍ය හරහා ගොඩ නගන ව්‍යාජ විඥ්ඥායන් හී ඇත්තවශයෙන් ම ගොදුරු බවට පත්වන්නේ වන්නේ 99% තමයි. 1% ඉන්නේ ඕවා ට ඉහළින්. අද මේ ලෝකය ක්‍රියාත්මක වන්නේ මේ විදියටයි. අද යූ. එන්. එක සමලිංගිකයන් ගැන සම්මුතීන් හදමින් යනවා. නමුත් න්‍යෂ්ටික ආයුධ තහනම් කරන්න යූ. එන්. එකට ඕනෑ කමක් නෑ. මොකද යූ. එන්. එක කියන්නේ මොන වෙස්මූණූ දා ගෙන හිටියත්, අන්තිමේදි බටහිර බුද්ධි අංශවල අතකොලුවක් විතරයි. "සමාජය විසින්" කියලා කිව්වාට මේවා සමාජයේ හැමෝම එක විදියට දායක වෙල කර දේ නෙමෙයි. බටහිර බුද්ධි අංශ හරහා, මාධ්‍ය හරහා මේවා සිදු වෙන විදිය බොහොම සියුම්ව මෙහයවෙනවා. ගෙවල් නැති අය, රැකියා නැති අය, ඉගෙනගන්න සල්ලි නැති අය, බේත් ගන්න සල්ලි නැති අය, ස්ට්‍යුඩන්ට් ලෝන් අරං ගෙවා ගන්න බැරි අය, බටහිර රටවල ඕනෑ තරම් ඉන්නවා. හැබැයි මේවා එකක්වත් ඉෂූස් බවට පත් කරන්නේ නෑ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය මූලික මිනිස් අයිතිවාසිකමක් බවට කරන්නේ නෑ. මිනිස්සුන් ගේ මොළ හෝදන්න, යම් දුරකට හරි අධ්‍යාපනය ගැන අවධානයක් තිබුනත්, සෞඛ්‍ය සේවා ගැන තියෙන්නේ අල්ප අවධානයක්. ඖෂද සමාගම් වල ඒකාධිකාරය බිඳ දැමීම ඉෂූ එකක් බවට පත් කරන්නේ නෑ. හැබැයි මේවා යටගහන්න ව්‍යාභිචාරය ඉෂූ එකක් කර ගන්න ඕනෙ වුනොත් ඒක කරනවා. එදාට ඒ වෙනුවෙන්, යූ එන්. එක ඕනෙ නම් සම්මුති, ප්‍රඥ්ඥප්ති හදයි. ව්‍යාභිචාරයේ යෙදන්නන් ගේ මූලික අයිතිවාසිකම් ගැන බ්ලොග් ලියන අයට පඩි ගෙවයි. ව්‍යාභිචාරය ට එරෙහි වීම පසුගාමි අදහසක් කියලා කියාවි. හැබැයි අම්මාත් එක්ක බුදියගත්තාට කමක් නෑ කියලා බ්ලොග් ලියලා ජීවත් වෙනවාට වඩා නම්, ගූ කාලා ජීවත් වෙන එකත් නම්බුකාරයි.

      Delete
  10. පොන්නයා යන වචනය නම් අපහාසාත්මක යෙදුමක් වුවත් "කොළු කාරයා" යන වචනය නම් එවැනි අපහාසාත්මක අර්ථයක් ගෙන දෙන එකක් යැයි කීමට අපහසුයි එය "බඩුකාරයා" නම් හැඳීන්වීමට සමානය.

    ReplyDelete
  11. මේවා ඕනෑම සමාජයක තියෙන ඉතාම නොවැදගත් ප්‍රශ්න.

    මේවාට වඩා බොහොම බරපතළ ප්‍රශ්න ලෝකෙ තියෙනවා.

    මේ සමලිංගික ප්‍රශ්න ඉස්මතු කරලා ගන්න හදන්නෙ ඇත්ත ප්‍රශ්න යටගහන්න.

    මේවා කුලියට ලියන අයට මිසක් වෙන කාටවත් වැඩකට ඇති ඒවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. සිරිකොතෙන් එන මුදල් නේද ඇනෝ?

      Delete
    2. සිරිකොතෙනුත් එනවා තමයි. හැබැයි සිරිකොතෙන් එනවා කියනවා ට වඩා නිවැරදි, මේවා සිරිකොතට, ඇන්. ජී. ඕ. වලට, යූ. ඇන්. එකට එන්නෙ කොහෙන් ද කියලා ම කියන එක. මේ හැමතැනකටම එන්නෙ අන්තිමේ දී බටහිර බුද්ධි අංශවලට වාර්ෂිකව වෙන් කරන ප්‍රතිපාදන.

      Delete
    3. මෙම තර්කය ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ම ඉදිරිපත් කළ හැකි ය. එසේ ඉදිරිපත් කරමින් ද තිබේ. නිදසුනක් ලෙස රැග් එක ගැන ඉදිරිපත් කරන්නේ ද ඔය තර්කය ම තමා ය.

      මම ඇතැම් ලිපි ලිවීම වෙනුවෙන් කුලියක් ලබා ගනිමි. එහෙත්, කුලියක් ගෙවන පළියට මගේ හෘදය සාක්ෂියට එකඟ නො වන කිසිවක් නො ලියමි.

      ජීවත් වීම සඳහා වැටුපක් නො ලබා, තනිකර සමාජ සේවය සඳහා ම ලියූ, තමන්ගේ පොතක්, පතක්, පළ කරන අදහසක් වෙනුවෙන් කිසිම දිනෙක සතයක්වත් ලබා නොගත් කිසිවෙක් සිටිනවා නම් කරුණාකර දැනගැනීම සඳහා නම ඉදිරිපත් කරන්න.

      Delete
  12. මම ටිකක් හොයලා බැලුවා කව්ද මේ අජිත් පැරකුම් ජයසිංහයන් විසින් උඩ දාන භූමි හරේන්ද්‍රන් කියලා.

    මේ තියෙන්නෙ එයා ගේ ෆේස්බුක් පිටුව. https://www.facebook.com/bhoomi.desilva

    මේකෙ ටිකක් පහළට යන කොට තියෙනවා මාර්තු පළවෙනිදා ශෙයර් කරලා තියෙන ලින්ක් එකක්. මේ තියෙන්නෙ ඒක. https://www.facebook.com/bhoomi.desilva/posts/1093944550658074

    මේ ලින්ක් එක (http://www.wishmithalipi.com/2016/02/this-is-why-you-should-always-keep.html) දැන් වැඩ කරන්නෙ නෑ. මම හිතන්නෙ යම් තාක්ෂණික ගැටළුවක්.

    නමුත් මේ ලින්ක් එකේ තියෙන ලිපිය, ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්, වෙන තැන් වලින් හොයා ගන්න පුළුවන්.

    මෙන්න මෙතන ඒ ලිපිය තියෙනවා. http://wishmaya.com/show-This-is-why-you-should-always-keep-under-your-bed-clean-Life-1749.html

    මම ටිකක් ඒ ලිපිය කියවලා බැලුවා, අජිත් පැරකුම් ජයසිංහයන් විසින් පොළවට පිඹිනා භූමි කලේයා කියලා උඩ දාලා තියෙන කෙනා මොන වගේ අදහස් ද සමාජයේ පතුරවන්නේ කියලා.

    ඒ ලිපියේයේ තියෙන්නෙ මෙන්න මේවා. (කොපි පේස්ට් කරන්න හැදුවාට හරි ගියේ නෑ. ගිහින් කියවලාම බලන්න.) ජ්‍යෝතිශ්‍යයයි, වාස්තු විද්‍යාවයි, තව කුණු කන්දල් ගොඩයි. හරියට නිකං සුමනදාස අබේවික්‍රම ගේ ගෙදෙට්ට ගියා වගේ.

    ඉතින් පුදුම වෙන්නත් දෙයක් ද?

    [[අවිද්‍යාවට, මිථ්‍යාවට, ආගම්වලට (මාක්ස්වාදය ද ඇතුළුව), ආගමික කල්ලිවලට (දේශපාලනික ආගම් ද ඇතුළුව) විවෘතව නැගී සිටිනවා. - අජිත් පැරකුම් ජයසිංහ - 2016-06-02 ]]

    ReplyDelete
    Replies
    1. අපි අන් අයගේ පෞද්ගලිකත්වය ට ගරු කල යුතුයි. ඒත් කිසියම් පුද්ගලයෙකු ගේ නමක් ප්‍රසිද්ධියේ සඳහන් කරලා, ඒ පුද්ගලයා කව්ද කියා දැන ගන්න කියලා ආරාධනා කරලා තියෙද්දි, ඒ පුද්ගලයා කව්ද කියලා හොයන්න මහන්සි වෙන එක වැරදියි කියලා කියන්න අමාරුයි.

      ඉතිං මමත් ගිහින් බැලුවා, කවුද බං මේ ඩෑල් එක කියලා. අම්මට සිරි, ගෑනියෙක් වෙලා ඉඳලා, පස්සෙ පිරිමියෙක් වෙච්ච කෙනෙක් ද, නැතිනම් පිරිමියෙක් වෙලා ඉඳලා පස්සෙ ගෑනියෙක් වෙච්ච කෙනෙක් ද කියලාවත් මට නම්, හිතා ගන්න බෑ. හැබැයි මොකක් නමුත් ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා නම් මටත් හිතෙනවා. ඒත් ඉතිං ඔය වෙබ් අඩවියේ ම තියෙන මෙන්න මේ ලිපිය (http://wishmaya.com/show-Here-is-a-smart-way-to-make-you-want-a-girl-baby-son-Health-1910.html) කියෙව්වා නම්, මෙයා නෙමෙයි මෙයා ගේ දෙමව්පියෝ, එහෙනම් මේ වගේ ගැටළු අඩු කරගන්න පුළුවන් වෙයි කියලා ත් මට හිතෙනවා.

      Delete
    2. අපේ සමාජය වනාහි අදහන්නට ශාස්තෘන් සොයා යමින් සිටින එකකි. අපි එක්කෝ අදහමු. නැතිනම් වෛර කරමු.

      අප මෙහිදී භූමි හරෙන්ද්‍රන් අදහන්නැයි ඔබට කියා නැත. අප කියන්නේ එවැනි මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇය කරන අරගලය ද යහපත් සමාජයක් වෙනුවෙන් වන පොදු මිනිස් අරගලයේ කොටසක් බව පමණි.

      ඔස්කා වයිල්ඩ් ගැන කතා කරන විට වැදගත් වන්නේ ඔහුගේ ලේඛන කලාව මිස ඔහු සමලිංගිකයකු ය යන කරුණ නො වේ.

      ලොව ඕනෑම පුද්ගලයකුගේ චරිතය තුළ අගතීන් තිබිය හැකි ය. එහෙත්, වැදගත් වන්නේ අඳුරු අහුමුලු අත ගා වැරදි සොයාගෙන එම පුද්ගලයා පිටමං කිරීමට ක්‍රම සෙවීම නො වේ. පුද්ගලයකුගේ යහපත් ලක්ෂණ දිරිගැන්වීමයි.

      ලංකාවේ සමාජයේ ඉන්නේ මෙවැනි අදහස් ඇති අයයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ එක් නිළියක වෙළඳසලකින් සොරකමක් කර අසු වූ විට මේ සමාජය හැසිරුණු අන්දම බලන්න. එය ඇතැම් විට උපදේශනය ලබා දිය යුතුව තිබුණු මානසික තත්වයක් වන්නට ඇත. එහෙත්, ඇගේ සියලු හොඳ අමතක කර ඇය හෙරක ලෙස නම් කිරීමට සමාජය කටයුතු කළේ ය.

      මෙවැනි අසුබවාදීන් විසින් සමාජයට කරන හොඳක් නැත.

      Delete
    3. // එය ඇතැම් විට උපදේශනය ලබා දිය යුතුව තිබුණු මානසික තත්වයක් වන්නට ඇත. එහෙත්, ඇගේ සියලු හොඳ අමතක කර ඇය හෙරක ලෙස නම් කිරීමට සමාජය කටයුතු කළේ ය. //

      අපරදේ අපි මහින්ද රාජපක්ෂ ට ත්, හෝරා කිව්වේ. උපදේශනය සඳහා හොඳ counsellor කෙනෙක් ළඟට යවන්නයි තිබුනේ.

      Delete
  13. එතකොට මේ පහල කොපි කරලා තියෙන කොමෙන්ට් දැන්මේත් , මේ ලිපිය ලිවුවෙත් එකම අජිත් ද ?
    ---------------------------------------------

    Ajith DharmaJune 7, 2016 at 1:36 PM

    අපි තමයි පොන්සි මලේ මේ රටේ හොඳට ජිවත් වෙන්නේ. ඉංග්‍රීසි ජාතිකයෝ එක්ක. ජාතිවාදී අවස්ථාවාදී පොන්සි බැටැලියන් එක සුද්දන්ට බැන බැන මෙහෙ ඉන්නේ. උන් තමයි අවස්ථාවාදී බල්ලෝ. හොඳේ පොන්සි. කොන්ද තියනවද. අතගාල බලන්න.
    AnonymousJune 7, 2016 at 1:42 PM

    අනිත් අයට පොන්සි කියලා අපහාස කරන එකත් එක විදියක ජාතිවාදයක් තමයි.බොරුවට සිරා පොරවල් කියලා පෙන්නගෙන ඉන්න අජිත්ලා වගේ අයට පොඩ්ඩක් කෙනිත්තුව ගමන් ඒ අයගේ නියම ජරා ගති ටක් ගාලා එලියට එනවා.ඒ ජාතියේ හොදම එක තමයි අර සේරම දන්න දොස්තර.
    Ajith DharmaJune 7, 2016 at 1:56 PM

    මට ඔය හැම තැනම අපහස කරන්නේ පොන්සිය කියලනේ උඹල . උඹලට කිව්වහම රිදෙනවද. හැම ඇනෝ බල්ලෙකුටම මිට පස්සේ පොන්සිය කියල තමා කියන්නේ. අපිට බනින කොට අපි කටයි පුකයි වහගෙන ද ඉන්න ඕනේ. මට ඔය නෙළුම් යාය සම්මානේ හෙට නැවතුනත් ප්‍රශ්නයක් නැහැ. අපි හැදුවේ මිනිසුන්ට හොඳක් කරන්න. තොපි මොනවා කිව්වත්. මට මුකුත් ගොඩ නගා ගන්න රෙද්ද්දකුත් නැහැ. මොකද මම චන්දෙ ඉල්ලන්න යනවය. හොඳින් කතා කරන්න නම් පොන්සි නොවී ඇත්ත නම් වලින් ඇවිත් ශීලාචාර විධිහට කතා කරපල්ල.
    ----------------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. මට ඔය නෙළුම් යාය සම්මානේ හෙට නැවතුනත් ප්‍රශ්නයක් නැහැ.......//
      ඇත්තටම මේ අජිත් පැරකුම් ද

      අපොයි නෙළුම්යාය.....ලං ..ඩොන් ....අජියා .....

      Delete
    2. 1960 දශකයේ ඉපදුණු දරුවන්ට තබන ලද ජනප්‍රියම නම්වලින් එකක් වූයේ අජිත් කියන එක ය. ඉන් පෙර ඉපදුණු ඇතැමෙකුටත් අජිත් යන නම තබා තිබේ. අජිත් සමරනායක, අජිත් තිලකසේන ආදී වශයෙනි.

      මේ නමත් හරියට 1940 දශකයේ ඉපදුණු දරුවන් අතර මහින්ද යන නම වැනි ය.

      අජිත්ලා ඕනෑ තරම් ඇත. සියලු අජිත්ලා අජිත් පැරකුම් ජයසිංහ නම් වන මා වන්නේ නැත. සමාජ මාධ්‍යවල සිටින අය හඳුනා ගැනීම සඳහා ඕනෑ තරම් මූලාශ්‍ර තිබියදීත්, ඒ පිළිබඳ පොඩ්ඩක්වත් මහන්සි වෙන්නේ නැතිව මෙවැනි අදහසක් නිර්නාමිකව ලියා දැමීම හරි පහසු ය.

      මේ ලංකාවේ සංවාදකරුවන්ගේ හැටි ය.

      Delete
  14. ඔය පොන්සිය කියල මට බැනල තුන හතර පාරක්ම දාල තිබුන. මම සමලිංගික අයට විරුද්ධ නැහැ. ඔවුන් උපන් විධිහ නිසා. ඒ වගේම ට්‍රාන්ස්ගේන්ඩර් කිසිම කෙනෙකුට අපහාස කරලත් නැහැ කරන්නෙත් නැහැ. වරක් මේ වගේ ප්‍රශ්නෙකදී හුඟක් ප්‍රගතිශීලි යාළුවෙක් පොන්සියා කියල බැන්න තව කෙනෙකුට. මම ඒ වෙලාවේ ඇහුවා ඒක වැරදි නැත්ද? සම ලින්ගික යට් බනින්න.
    එයා මට කිව්වේ මෙහෙම.
    ලංකාවේ පොන්සිය කියන්නේ හුඟක් වෙලාවට සම ලිංගික ක්‍රියා කරන අයට නෙමයි. එහෙම නම් ගොඉදක් අය එතනට වැටෙනවා. බාල දක්ෂ ව්‍යාපාරයේ, සංඝ සමාජයේ, කතෝලික සෙමිනරි වල, මුස්ලිම් සෙමිනරි වල, ලොකු විදුහල් වල නේවාසිකාගාර වල, හමුදාවේ අඩිය ඔය හැම තැනකම වෙනවා. ඒ අයට පොන්සිය කියනවා නම් ගොඩක් අයට කියන්න වෙනවා. ඔය කියන සමහර වෙලාවට කසදත් බඳිනවා.

    මේක කියන්නේ කොන්ද පණ නැති , හැංගිලා ඉඳගෙන අනිත් අයට පහර දීල දුවන අයට . සැබෑ ජීවිතයේදී ඔවුන් හරිම බියසුළුයි කියල. ඔය පොන්සි කතාව මම නම් ඇනෝ ලට කිව්වේ ඔය හේතුවෙන්.
    මගේ නමින් කෙලින්ම කතා කරන මට පොන්සිය හෙවත් කොන්ද පණ නැත්තෙක් හැටියට හංවඩු ගහන ඔවුන්ට ඒක අනිත් පැත්තට කිව්වහම හරි කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිව්වේ අනිත් අජිත්ය. මට දැන් බ්ලොග් කිහිපයකම නවක වදයට විරුද්ධව කතා කලාට සහ මාතලන්ගේ බ්ලොගයේද පොන්සියා කියා බැන වැදී තිබුණි.

      Delete
    2. දැන් අනිත් අය ඔයාට පොන්සියා කියපු නිසා ඔයත් එහෙම කියනවා.ඔයාගේ තර්කය ඒකද.ඉතින් එහෙමනම් ඔයා ජාතිවාදය අරක මේක ගැන කතා කරන්නේ මොකටද.දෙමලු අපිට ගහපු නිසා අපිත් ගැහුවා කියන කෙනෙකුගෙයි ඔයාගෙයි වෙනසක් නැහැනේද.

      Delete
  15. බ්ලොග් සයිට් වල ඇනෝ ගහන හැම එකාම දඩ පොන්නයෙක්. පොන්න අවලමෙක්. කුනුවෙච්චි බල්ලන්ට ජාතක වෙච්චි කුණු බැල්ලියෙක්ගෙන් ඉපදිච්ච එකෙක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා