රෝහිතස් ඩැම්සල්ගේ දන්සැල් වන්දනාව හා දන්සැල් ලංකාව

Damsel in Dansal 
දැන් ලංකාවේ අලුත් දන්සැල් රැල්ලක් පැතිර යමින් තිබෙනු ඔබ නිරීක්ෂණය කළා ද?

හැම තැන ම දන්සැල් ය. එක එක විධියේ දන්සැල් ය. බත්, තේ, කෝපි, කොත්තමල්ලි, සිසිල් පැන්, කොස්, මයියොක්කා, රොටි, කිරිබත්, පාන්, සුප්, සව්, අයිස්ක්‍රීම් ආදී විවිධ දේ දන්සල්වල පිරිනැමේ. කණ්ඩායම් එක් වී එක්, එක් වේලාවට එක්, එක් තැන්වලදී දන්සැල් දෙනු ලැබේ. 

ඇතැමෙක් කාලසටහන් හදාගෙන දන්සැල් යති. මෙදා පාර පොසොන් පෝයට විශේෂ ආමිස හෝ ප්‍රතිපත්ති හෝ පූජා එතරම් දක්නට නො ලැබුණ මුත්, දන්සැල් නම් හැම තැන ම තිබිණි. වෙසක්, පොසොන් සැරසිලිවලට හෝ දන්සැල්වලට තරම් උනන්දුවක් දක්නට නැත. 

මේ දන්සැල් රැල්ල සෑහෙන තරමේ ආහාර අපතේ යැවීමක් ද, ලෙඩ රෝගවලට මුල් වන බඩජාරිකමක් ද ප්‍රවර්ධනය කරන බවක් පෙනේ. පෙරැත්තය නිසාත්, නිකම් දෙන නිසාත්, මිනිස්සු තමන්ට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් කුසට දමා ගනු දක්නට ලැබේ. 

මේ අලුත් තත්වය තුළ දැන් වෙසක්, පොසොන් පෝයවල කරන ප්‍රධාන වන්දනාවක් වන්නේ දන්සැල් වන්දනාවයි. මෙහෙම ගියොත් දන්සැල් වන්දනාවට ද ගාථාවක් බිහි වනු ඇත.

ලංකාවේ පන්සල්, පල්ලි, කෝවිල්වලින් ජනතාවට සුබවාදී අදහස් බෙදා දීමක් සිදු වන්නේ නැති බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒ නිසා මේ ක්‍රියාවන්ගේ නිරර්ථකභාවය ගැන අදහසක් පන්සල්වලින් නො ලැබෙන බව පැහැදිලි ය. 

කැපී පෙනෙන්නට, ප්‍රදර්ශනාත්මකව මෙවැනි දේ කරනවා වෙනුවට මහන්සි වී හරවත් දෙයක් කරන්නට සමාජය යොමු කරන්නට හැකි නම් කෙතරම් හොඳ ද? 

මේ වන විට ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ පොදු ස්ථානවල අපිරිසිදුකමයි. ලංකාවේ සමාජයේ පොදු කටයුතු කරන්නට තිබෙන උනන්දුව පොදු ස්ථානයක් පිරිසිදු කිරීම වැනි කාටත් ප්‍රයෝජනවත් වැඩකට යොදවනවා නම් කෙතරම් හොඳ ද? දන්සැල් පැවැත්විය යුත්තේ එවැනි වැඩ කරන මිනිසුන් වෙනුවෙනි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පන්සල් මෙහෙම වුනාම දන්සැල් ගැන කවර කතාද?
    "අයිඩෙන්ටිය නැතැයි උපාසක අම්මා අසපුවෙන් හරවා එවයි"
    http://www.divaina.com/2016/06/21/provin04.html

    ReplyDelete
  2. දංසැල් පැවැත්වීම පිළිබඳව මගේද කැමැත්තක් නැත. දන් දීමට අවශ්‍ය නම් තව කොතෙකුත් දේ ඇත කිරීමට. අක්ෂි කාච අවශ්‍ය පිරිසට කාච දීම, කිරි ගවයින් ලබා දීම, පිරිසිදු පානීය ජලය ලබා දීමට පිලියමක් යෙදීම ආදී කිහිපයකි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මගේ යාලුවෙක් දන්සැලකින් කාල මලා

    ReplyDelete
    Replies
    1. පින් පලදීලා වෙන්න ඇති.

      ජයවේවා!!!

      Delete
  4. මගේ තව යාළුවො රොත්තකටම පින් පල දීලා මැරුනෙ නැතත් ඉස්පිරිතාලෙ හිටියා

    ReplyDelete
  5. අද දවල් කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙලේ පාසලකින් බත් පාර්සල් දන්සලක් පවත්වන හැටි අහම්බෙන් ඒ අසලින් යද්දී දැක්කා. ඒ බත් පාර්සල් පාසල් සිසුන් විසින් ගෙදරින් හදාගෙන ආව ඒවා. එක දරුවෙකුට බත් පාර්සල් කීයක් ගේන්න කිව්වද දන්නේ නැහැ. එක පාර්සලයක්වත් ගේන්න අමාරු දරුවන් කීදෙනෙක් හිටියද දන්නේ නැහැ. විවිධ කටයුතු සඳහා නගරයට එන ජනතාව, පාරේ වාහන වල ගමන්කරන ජනතාව, පැන පැන බත් පාර්සල් ගන්නවා දැක්කා. එතන දානයක් සිදුවුනේ නැහැ. බෙදාහැරීමක් පමණයි සිදුවුණේ.

    ReplyDelete
  6. විචාරක හරි. මීට කලිනුත් කු-ගල පාසල්වල ඔය වැඩේ වෙලා තිබ්බා. එක දරුවෙක්ගේ අම්මෙක් නයට සල්ලි හොයාගෙන තමයි කෑම පාර්සල් ටික යවලා තියෙන්නේ.

    ReplyDelete
  7. අජිත් මහත්තයා දන්සලක් දෙන්න සම්බන්ධ වෙලාම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. යහපත් අරමුණු වෙනුවෙන් කාලය, ශ්‍ර‍මය, ධනය දන් දී තිබේ. පිං තකා දන් දෙන්නේ නැත.

      Delete
    2. උදව් කරපුවාම බුදුසරණයි කියන අය ඉන්නවනේ, උන්ට මම කියන්නේ ආයේ මගෙන් උදව් ඉල්ලන්න එපා බුදු හාමුදුරුවන්ටම කියලා වැඩේ කරව ගන්න කියලා. සමහර වෙලාවට මම ද අසරණ වෙලා ඉන්නේ නැත්නම් බුදු හාමුදුරුවො ද කියල අහන්නත් වෙනවා.

      Delete
  8. මල් වට්ටියක් වෙන්දේසියක් තමයි මතක් වෙන්නෙ..කියා පලක් නැත...ඇසීමට කෙනෙක් නැත...බැනීමට බොහෝ දෙනා ඇත....වෙසක්,පොසොන් සැරසිලි හා දන්සැල් යනු හුදෙක් පින් රැස් නොවනා අවිදිමත් අවැඩක් බව මා නිතරම දක්වා සිටිමි..

    තෙරුවන් සරනයි

    ReplyDelete
  9. කොටිකාවත්තේ petrol දන්සලක් ලෑස්ති කරලා තිබුනා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා