පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් පාරිභෝගිකයන් ගසා කන අන්දම


පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු.

පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි. මෙන්න අය කිරීම්.

සේවා ගාස්තුව 699.00
ජාතිය ගොඩනැගීමේ බද්ද 14.54
රජයේ වෙනත් බදු 14.54
විදුලි සංදේශ බදු 182.02
එකතු කළ අගය මත බද්ද 136.51

කම්පැණියේ ගසා කෑම
1. පසු ගෙවුම් සබදතාවක් වුවත් සේවය ලබා දී අවසන් වෙන්න පෙරම ගාස්තුව ගෙවන්නට වීම. ඒ අනුව එය පෙර ගෙවුම් සබදතාවක් ලෙසට කම්පැණිය විසින්ම නීති විරෝධීව සකස් කරගෙන. දිගින් දිගටම කළ මේ අසාධාරණය සම්බන්ධව විදුලි සන්දේශ කම්ෂන් සභාවට පිටපතක් සහිතව 2014 මැයි වල ඩයලොග් ටීවී ආයතනයට ලිඛිතව දැනුම් දුන්න. විදුලි සන්දේශ කමිෂන් සභාවෙන් මේ වනතුරුත් පිළිතුරක් නෑ. ඩලොග් ටීවී ආයතනයේ කාන්තාවක් දුරකතනයෙන් මා අමතා තමන්ගෙ වැරද්ද සාධාරණීකරණය කරන්න දිගින් දිගටම උත්සාහ දැරූවිට මා කීවේ ලිඛිතව කළ පැමිණිල්ලට ලිඛිතව උත්තරයක් එවන ලෙසයි. අද වනතුරුත් පිළිතුරක් නෑ.

2. සබදතාවේ බිද වැටීමක දී සේවාව ප්‍රකෘති කර ගැනීමට කම්පැණිය ඇමතීම ඉතාම අපහසු කරුණක්. ඒ නිසා සේවාව අලුත්වැඩියාවට එන්නේ ඉතා ප්‍රමාදවයි. එලෙස ඔවුන්ගේ ප්‍රමාද කාලයටත් සේවාව සදහා ගෙවිය යුතුයි.

රජයේ සූරාකෑම

1. විවිධ නම් වලින් බදු වර්ග හතරක් අය කරන අතර එය ඉතා ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ අනුව 50%කට ඉතා ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවිය යුතුයි. චන්ද්‍රිකා තාක්ෂණයෙන් රූපවාහිනී සේවාවක් නැරඹීම එතරම් බදු ගෙවීමට තරම් බරපතල කරුණක් ද?

2. 26.04%ක නිශ්චිත නොවන අනුපාතයකින් විදුලි සංදේශ බද්දක් ගෙවමින් විදුලි සංදේශ කමිෂන් සභාව පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් නොව විදුලි සංදේශ කම්පැණි වෙනුවෙන් හා දේශපාලකයන්ට තප්පු ලෑමටයි. ගිය ජනාධිපතිවරණයේ දී සිල් රෙදි බෙදන්නට ගත්තේ මේ බදු මුදලුයි.

3. ලෝක බදු සම්ප්‍රදාය අනුව බදු පනවන්නේ භාණ්ඩයේ/ සේවාවෙ මිලටයි. එහෙත් මෙරට විදුලි සංදේශ සේවාවේ බදු කරන්නේ සේවාවෙ හා වෙනත් බදු වල මුළු එකතුවටයි. ඒ අනුව එකතු කළ අගය මත බද්ද වන 15% අය කරන්නේ සේවාවෙ මිල වන රුපියල් 699.00ට නොව එම මුදල හා අනෙකුත් බදු මුදල වන රුපියල් 211.10 මුළු එකතුවටයි. මෙය බදුකරණයේ දී cascading effect ලෙස හදුන්වන නින්දාසහගත තත්ත්වයක්.

මේ බදු වලින් කරන්නේ කුමක්ද ඒ බදු මුදල් යන්නේ කොහේටද යන්න නිශ්චිත නෑ. කෙසේ හෝ සුඛෝපභෝගී නොවන යම් භාණ්ඩයකට හෝ සේවාවකට 50%ක තරම් ඉහළ බද්දක් අය කිරීම ලැජ්ජාවට කරුණක්. ලෝකයේ ප්‍රවනතාව වන්නේ ඝෘජු බදු අය කිරීම වුනත් 80%ක තරම් ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කරන්නේ මෙලෙසයි.

( දැන් රාජපක්ෂවාදීන් පස්වනක් චිත්තප්‍රීතියෙන් රෙදි කඩාගෙන නහයෙන් අඩමින් වෙනෂ ෂැපදැයි මගෙන් නොවිමසන්න. විදුලි සංදේශ සේවාවෙන් එකතු කළ අගය මත බද්ද අය කිරීම හැරෙන්නට මේ සියළු කුපාඩිකම් රාජපක්ෂ විසින් ද යහමින් කළේය. cascading effect සිදුවන ලෙස මුලින්ම බදු පැනවූයේ රාජපක්ෂ යුගයේ දී බව කාරුණිකව සලකන්න. එබැවින් රෙදි කඩාගෙන උඩ පැමිණීමට රාජපක්ෂවාදීන් පෙරට එන්නේ නම් වෝට්ස් 66,000 විදුලි ධාරාවන්ගෙන් පරිස්සම් වන්න)



ළඟදීම අප්පුහාමි ඉඹලා පිළිගන්නට සැරසෙන
පිලිප් ශාන්ත විසිනි  








මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපි රාජපක්සවාදීන්...

    අපි බදු ගෙවන්නේ ආඩම්බරයෙන්.. මේ රට දියුනු කොරන්න හදනා රනිල් තුමාට උදවුවක් වසයෙන්...

    ජනතාවගෙන් බදු අය කොරගන්නෙ නැතිව කොහොමද ආන්ඩුවක් පවත්වාගෙන යන්නේ?

    අපි ඔයි යහපාලනේට චන්දෙ දුන්නු දෙකයි පනහෙ ටොයියෝ වගේ බදු වැඩි කොලා කියලා ඤන්පචන් ගාන්නේ නැහැ

    ReplyDelete
  2. දෙවෙනි කරුණ මටත් අත්විදීමට සිදුවී ඇත. පාරිභෝගික සේවා අංශයේ සේවාව පිළිබදව ඇත්තේ කනගාටුවකි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. Yes thi tru. Lots of my frends tel olso they have this qestions too. Capitlism campanys blood sukin people.

    ReplyDelete
  4. මටත් ඇත්තේ 699 සම්භන්ධතාවයකි. එයට අමතරව BBC ට 49ක් ගෙවමි. පසුගිය මැයි 2දා සිට බල පැවැත්වෙන පරිදි හිඟ VAT සමඟ මේමාසේ බිල 1359.62 කි !

    ReplyDelete
  5. This guy is HOT!

    ReplyDelete
  6. ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇති ජාතික රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය නරඹන අපට ඔය බදුවලින් කිසිදු බලපෑමක් නැත.

    ReplyDelete
  7. Ai janathawa pela gahenne naththe.dialog paribogikayanva ekathukarana vidiyak nadda

    ReplyDelete
  8. මං නම් perday tv එක් ගත්තෙ. Package එකේ බිල වැඩියි

    ReplyDelete
  9. මේ මොන පෝස්ට්ද පැරා? අපිටනම් මෙව්වා ගැන කිසිම දැනුමක් නෑ. ඒකට අර ගයිඩ් පුඟුල, ඔක්කොම මං පොර ජාතකේනෙ. මේ ලඟදි ලිය ලිය හිටියා බ්‍රෙක්සිට් ගැන හරියට ආචාර්ය දයාන් ජයතිලකගෙන් උපදෙස් ගත්ත වගේ. හැබැයි උපදෙස් දීල තියෙන්නෙ අර ගමය කියන වැඩ බැරි පුඟුල. මීට කලිනුත් මොකක්ද සොෆ්ට්වෙයාර් කෑලි ටිකක් දීල ඇනෝල අල්ලන්න කියල, පව් වටේ යවනව හෝ ගාල. දැන්නම් තමන්ට ගැලපෙන තෝසෙ පෝස්ටුවක් දාල, තමන්ගෙ තත්වෙ තේරුම් ගත්ත එක හොඳයි. එක එක පුඟුලන්ගෙ ගුලි කාල වටේ යන වෙලේ 😜

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ රැකියාව අවමානයට ලක් කිරීම ලංකාවේ සමාජ දේශපාලන අර්බුදයේ ලක්ෂණයකි. එයට හේතුව මා අලුතෙන් ලියා ඇති ලිපියේ පැහැදිලි කර තිබේ. මෙය ගැන වෙනමත් ලිවිය යුතු ය.

      ලංකාවේ වාමාංශික පක්ෂ විසින් ප්‍රවර්ධනය කර තිබෙන අදහස වන්නේ කම්කරුභාවය පහත් එකක් නිසා කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ පංතියෙන් ඉහළ යාමෙන් බවයි. එය තමන්ට කරන්නට බැරි නම් තමන්ගේ දරුවා රජයේ විශ්වවිද්‍යාලයකට යවා වෛද්‍යවරයකු කරගෙන හෝ කළ යුතුව තිබේ.

      මෙය වැරදි දෘෂ්ටියකි. අවමන් කිරීම සඳහා හා අප සුළු පුද්ගලයන් බව පෙන්වීමට මට ගුරුවරයා කියා ද මාතලන්ට ගයිඩ් කියා ද කියන්නේ ඇයි? ඒ වනාහි කම්කරු ස්වරූපයේ රැකියා නිසා ය. කළ යුත්තේ එවැනි රස්සා නොව, විශ්වවිද්‍යාල ආචාර්යකම වැනි ඒවා බව මෙහි ඇති සැඟවුණු අදහසයි.

      දැන හෝ නො දැන හෝ මේ දෙසා බාන්නේ ලංකාවේ වාමාංශික ගොබිලන් ඉතිහාසයක් මුළුල්ලේ ඉගැන්වූ දේ ය.

      කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ කම්කරුවකු ම ලෙස මිස මධ්‍යම පංතියට උසස් වීමෙන් නො වේ.

      මම වනාහි එසේ පෞද්ගලිකව වෘත්තිකභාවයක් ගොඩනගා ගත් කම්කරුවෙක් මි. මාතලන් ද එසේ යයි මම සිතමි.

      මම මා ගැන ආඩම්බර ඒ නිසා ය. බොහෝ මධ්‍යම පංතිකයන්ට වඩා මා කම්කරුවෙකු ලෙස ස්ථාවර ය. ශක්තිමත් ය.

      Delete
    2. අගනා ප්‍රතිචාරයක් පැරා...

      Delete
  10. ඩයලොග් එකේ ජරා වැඩ ගැන මීට පෙර මමත් දෙවතාවක් බ්ලොග් ලිපි ලියා තිබෙනවා. තරගකාරී තවත් චන්ද්‍රිකා රූපවාහිනී සමාගම් ගෙන්වා ගතහොත් මේ ඒකාධිකාරය බිඳින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තරඟකාරී තවත් චන්ද්‍රිකා රූපවාහිනී සමාගම් ගෙන්වා ගැනීම තමයි මේකට එකම විසඳුම. ඒක මීට කලිනුත් වුනා
      විනාඩියක් එන ඇමතුම් නොමිලේ ඩයලොග් පෙර ගෙවුම් සම්බන්ධතාවයක මිල රු 2500.00 යි.
      තත්පර 30 එන ඇමතුම් නොමිලේ ඩයලොග් පෙර ගෙවුම් සම්බන්ධතාවයක මිල රු 1500.00 යි.

      ඒත් Tigo වල ආගමනයත් එක්ක දැන් තමා ඩයලොග් සිම් පාරවල් වල
      රු 100.00 ට දෙන තැනට වැටුනෙ

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා