ලංකාවේ ජනමාධ්‍ය හා අන්දරේගෙ උදැල්ල
චන්දන ගුණසිංහ විසිනි
යුද්ධය අවසන් වීමත් සමග අවාසනාවන්ත ඉරණමක් අත්වූයේ මෙරට ජනමාධ්‍යකරුවන්ටය. එනම් ප්‍රවෘත්ති හිගවීමය . (යුධ සමයේද එකම පුවත සිංහල, දෙමළ මාධ්‍ය වාර්තා කළ ආකාරය අපට මතකය) බල්ලෙකු මිනිසෙකු හපා කෑම පුවතක් නොවුවද මිනිසෙකු බල්ලෙකු හපා කෑම පුවතක් බව අසා ඇත්තෙමි. අද බල්ලෙකු දෙවරක් උඩු බිරීම වුවද විශාල පුවතක් වේ. එතරම්ම ප්‍රවෘත්ති හිගයක රට තුළ ඇත. මෙරට මාධ්‍ය ආයතනවලට ජනතාවට සත්‍ය හෙලිකිරීමටවඩා වැදගත් කටයුතු ඇත. එකක් නම් ආපදා කළමණාකරයයි. ගංවතුරක්, නියඟයක්, නායයමක් එනතෙක් මාධ්‍ය බලාසිටින්නේ ඒ නිසාවෙනි.
දැන් ප්‍රවෘත්තිවලට ඇත්තේ වාණිජ වටිනාකමකි. රූපවාහිනි ප්‍රවෘත්ති මැදට දාන, යන එන දේශපාකයෙකුගේ කතාවකට නැත්නම් ඉරිදා පුවත් පතක පිටුවක් පුරා සම්මුඛ සාකච්ඡාවකට මුදල් ගෙවිය යුතුය. පැකේජ ක්‍රමයටද මිලදී ගත හැක. මැතිවරණ කාලයේදී එම මුදල ඇදහිය නොහැකි ගණනකි.
දේශිය සංචාරකයන් වෙනුවෙන් වන නවාතැන් පොළවල් ගැන පුවත් පතකට ලියන මගේ මිතුරෙකු කීවේ ඒ වැඩේ හරි ආතල් බව ය. කොම්පැනියෙ වාහනේ. ඕනම සැපක් එක්ක දවස් දෙකක් ඒ හෝටලේ. එනකොට සාක්කුවට මොණර කොළ. ඉතින් ලියන එක මහ කජ්ජක්ද කියාය.
අපේ ගමේ ආරූඪයෙන් සාත්තර කියපු, අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළ සුදුහාමිනේව ලංකාව පුරාම මාකට් කෙරුවේද එක්තරා ඉරිදා පත්තරයකිනි. වැල නොකැඩී ඈත දුර පලාත් වලින් මිනිසුන් සුදු හාමිනේ සොයා පැමිණියේ එම ප්‍රවෘත්තියෙන් පසුවය. එවකට සිටි කැබිනට් ඇමතිවරයෙකුගේ ලේකම් වරයෙකු, විශේෂඥ වෛද්‍යවරයෙකු පවා මා අමතා ඉල්ලා සිටියේ සුදු හාමිනේ චැනල් කිරීමට නොම්මරයක් ලබාදෙන ලෙසය. ගමේ කොල්ලෙකුට තැඹිලි ගෙඩියක් හෝ විකුණා ගැනීමට තිබුනු අවස්ථාව අහිමි නොකරන්නට සුදු හාමිනේට මම එරෙහි නොවුණෙමි. දේව ආරූඪයෙන් ප්‍රතිකාර කරන සුදු හාමිනේට වඩා (ප්‍රදේශයේ රෝහලේ වෛද්‍යවරිය වන) මගේ හාමිනේ බලවත් බව මා දන්නේ සුදු හාමිනේට හා අැගේ දරුවන්ට බෙහෙත් ගන්නට එන්නේ මගේ හාමිනේ ළඟට නිසාවෙනි.
ලංකාවේ ජන(ජඬ) මාධ්‍ය කලාව ගැන කොලමක් නොව පොත් ගණනක් ලිවිය හැක. විහිළුවක් බවට පත්වු මෙරට මාධ්‍ය ගැන විහිළුවකින් සටහන අවසන් කරන්නම්.
අන්දරේ පාවිච්චි කල උදැල්ල තවමත් දකුණු පළාතේ ගෙදරක සුරක්ෂිතව ඇති බවට මාධ්‍ය ආයතනයකට තොරතුරක් ලැබිනි. වේලි , වේලි ඉන්න වාර්තාකරුවන් කැමරා ආම්පන්න පුරවාගෙන ආදාල ස්ථානය සොයා කඩිනමින් පිටත් වූයේ වෙනත් මාධ්‍ය ආයතනයක් එහි යන්නට පෙරය. නිවසේ හිමිකරුගෙන්, බිරිඳගෙන්, දරුවන්ගෙන් පමණක් නොව අසල් වාසීන්ගෙන් පවා වොයිස් කට් ගත් පසු නිවැසියාට යෝජනා කළේ උදැල්ල පොඩ්ඩක් බලමුද කියාය.
නිවස තුළට ගිය ගෙහිමියා ආපසු පැමිණියේ කිඹුලා උදළුතලයක් සහිත අලුත් උදැල්ලක් සමගය. මවිතයට පත් වාර්තාකරුවෝ ඇසුවේ අන්දරේ කොහොමද කිඹුලා උදැල්ලක් පාවිච්චි කළේ යනුවෙනි. උදැල්ලේ හිමිකරු කීවේ "මහත්තයො මේකෙ මුල් උදැල්ල අන්දරේගෙ. ඊට පස්සෙ තලයක් ගෙවුනම තලයක් දැම්ම. මිට කැඩුනම අලුත් මිටක් ගැහුව, එච්චරයි," කියාය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

තවත් ඒ වගේ උදළු ඇත...!
ReplyDeleteඑතැන ෆොටෝ එක නම් මෙතැන ෆොටෝ එකමයි. එකම උදැල්ල ද මන්දා?
Deleteඑහෙනං ඔහෙත් සද්ද විද්ද පළඟ පතිර
ReplyDeleteමගේ නමේ මුළකුරු SVPP නොවේ SPBR ය.
Deletehttp://www.bbc.com/sinhala/world-36538602?ocid=socialflow_facebook
Deleteඔය "නිසාවෙනි" වෙනුවට වෙන වචනයක් නැද්ද ලියන්න !.
ReplyDeleteමා නම් ලියන්නේ "නිසා ය" කියායි!
Deleteඋදැල්ලේ කතාව නම් පට්ටයි අප්පා... අර සාලාව බ්ලාස්ට් එක වෙලාවේ අපේ මාද්දියවේදින් මාර වැදගත් විදියට හැසිරුනා.. ඒක ජාත්තියන්තරයත් ආදරුසයක්..
ReplyDeleteඒ හමුදාවේ කාඩ් කුඩු වුන නිසානේ. අලුත්ගම වෙලාවෙදිත් ඔය වැදගත්කම තිබුන
Deleteමේ රටේ තිබුන ඝනයින්ගේ වසන්ගතෙට පස්සේ පටන්ගත්තු අලුත්ම වසංගතේ තමයි ඔය හමුදා වසංගතේ. 88/89 බලු වෙලා ඉඳල යුද්දේ දින්නට පස්සේ පටන් ගත්තු අලුත් සෙල්ලමක් ඔය.
ඉස්සර දොස්තර වසන්ගතෙකුත් තිබ්බ. දැන් ටික ටික බලු වේගෙන යනවා
අනාත්ම ස්වභාවය ගැන කියැවෙන කතාවක්.
ReplyDeleteමගේ යාලුවෙක් උදලු පාරක් කාල මලා
ReplyDeleteumba langa nohitiya eka awasanawak
Delete